FCID ලොක්කන්ගෙන් මහින්දානන්ද කෝටි 5ක් වන්දි ඉල්ලයි
Posted on July 2nd, 2018

උපුටාගැණීම  මව්බිම

සාධාරණ හේතුවක් නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් තමාව අත්අඩංගුවට ගැනීම තුළින් සිය කීර්තියට හා දේශපාලන දිවියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් බැගින් වන්දි ගෙවන ලෙස දන්වා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර සහ එම කොට්ඨාසයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී.පී. රණසිංහ යන අය වෙත එන්තරවාසි යවා තිබේ.

නීතිඥ තුෂාර අමරසිරි මහතා මඟින් මෙම එන්තරවාසිය යොමුකර ඇත.

මෙම එන්තරවාසි පිළිබඳව ‘මව්බිම’ට කරුණු දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටින්නේ පසුගිය රජය සමයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් දැනටමත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි.

එසේ තිබියදී එම චෝදනාව සඳහාම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉකුත් අප්‍රේල් මස 16 වැනිදා පොදු දේපළ පනත යටතේ ද්වේෂ සහගත ආකාරයෙන් තමාව අත්අඩංගුවට ගත් බව අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

මෙම චෝදනාව පොදු දේපළ පනතට අයත් නොවන බවට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරිය තීන්දු කර තිබියදී එම පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කළේ තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ චේතනාවෙන් යැයිද අලුත්ගමගේ මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මෙම ද්වේෂ සහගත ක්‍රියාකලාපය හේතුවෙන් තමාගේ කීර්තියට හා දේශපාලන දිවියට සිදුවූ හානිය වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර සහ තමාව අත්අඩංගුවට ගත් එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී.පී. රණසිංහ යන අය විසින් රුපියල් මිලියන 25ක් බැගින් වන්දි ගෙවිය යුතු බව දන්වා මෙම එන්තරවාසි යොමු කළ බවද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ගෙවීමට කටයුතු නොකරන්නේ නම් පොලිස් ආඥාපනත යටතේ ඉදිරි නීතිමය පියවර ගැනෙනු ඇතැයිද එම එන්තරවාසි තුළින් අනතුරු අඟවා තිබේ.

3 Responses to “FCID ලොක්කන්ගෙන් මහින්දානන්ද කෝටි 5ක් වන්දි ඉල්ලයි”

  1. Hiranthe Says:

    Action is good.

    The only thing is we have never seen any result of all these damage claim issues. Gota has settled with Sunday Leader on the Mig deal saying he does not need money. Now Yahaps are bringing back the same issue again.

    I can remember Gammanpila suing Ranjan for a similar issue. Don’t know what happened??

    Are they all treating us, the public, dumb?

    If you really don’t want the money, get it to a Ranawiru beneficial programme or a Children’s hospital…

    It is crazy world!!

  2. Dilrook Says:

    The special court set up to speed up corruption cases sits tomorrow. FCID evidence will be crucial. Protests, threats, court cases, etc. against FCID recently cannot change this in any way. When a few big fish are fried by these courts, these protests will go silent. It is a good thing from Sri Lanka’s point of view. Sadly we are divided into political clans and fail to look at things from the national interest point of view.

    The next government must continue with the FCID and special courts.

  3. Christie Says:

    While Sinhalese are fighting among themselves Indian Colonial Parasites are making their money as never before.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress