මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ගැන නිව්යෝක් ටයිම්ස් නිවේදනය
Posted on July 5th, 2018

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඉකුත් ජුනි 25 වනදා හම්බන්තොට වරාය චීනයට නතුවීම සම්බන්ධයෙන් පලකොට තිබූ ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ඉරිදා මාධ්‍ය නිවේදනයක් මාර්ගයෙන් ප්‍රතිචාර දැක්වූ පසු, තම විමර්ශනය සිදුකිරීමට උදවු දුන් ශ්‍රී ලාංකික මාධ්‍යෙව්දීන් දෙදෙනෙකුට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තර්ජනය කළ බව කියමින් තවත් ලිපියක් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පලකොට ඇත. චයිනා හාබර් සමාගම රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ 2015 ඡන්ද ව්‍යාපාරයට විශාල මුදලක් ලබාදුන් බවත්, එයටී-ෂර්ට්  හා ඡන්ද දායකයන්ට බෙදන නොයෙක් තෑගි බෝග මිලදී ගැනීමට වියදම් කළ බවට වූ චෝදනාව මුලින්ම පල වූයේ මීට අවුරුදු තුනකට පෙර 2015 ජුලි 22 ආණ්ඩුවට අයත් ඩේලි නිවුස් පුවත්පතේය. මේ චෝදනා නැවතත් පුනරුච්චාරණය කරමින් මෙම වසරේ ජුනි 25 වෙනිදා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ලිපිය සැකසීමට රජයට අයත් සන්ඩේ ඔබ්සර්ව පුවත්පතේ ප්‍රධාන කතෘ සහභාගී වූ බව පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කිරීම,තර්ජනය කිරීමක් නොව සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීමට මේ රටේ ජනතාව අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණක් පැහැදිලි කර දීමක් පමණි.

පසුගිය සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට යැවු පිලිතුරු ලිපිය ඔවුන් පලකොට නැත. ඔවුන් අපට පිළිතුරු දීමේ අයිතිය හැටියට ලබාදී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පසුගිය ඉරිදා කල පැහැදිලි කිරීමට ‘ලින්ක් එකක්’ පමණක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මේ සම්බන්ධ නවතම ලිපියේ පෙනෙන නොපෙනන ආකාරයට පල කිරීම පමණි. අපට මෙයින් පැහැදිලි වන කාරණය වන්නේ, ඇමරිකාවේ ඔබාමා-ක්ලින්ටන් ලිබරල් කඳවුරට මතවාදී වශයෙන් බැඳී සිටින හා ඇමරිකාවේ වත්මන් ජනාධිපතිවරයාටවත් සාධාරණයක් ඉටු නොකරන පුවත්පතකින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. පසුගිය අඟහරුවාදා පලවූ දෙවෙනි ලිපියෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියා ඇති එක් කාරණයක් වන්නේ, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කරන ලද සියලුම ශක්‍යතා අධ්‍යයන නිශේධනාත්මක වූ බවට ඔවුන්ට තොරතුරු ලැබුණේ 2010 මගේ ආණ්ඩුව විසින් පලකරන ලද ප්‍රවෘත්ති නිවේදනයකින් බවයි. අද කාලයේ අන්තර්ජාලයෙන් මතුවන ලියවිල්ලක් මත කිසිවෙකුවත් වෙනත් අයෙකුට  චෝදනා නොකල යුතුය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත රාජපක්‍ෂ ආණ්ඩුවේ හිටපු මහ බැංකු අධිපතිවරයා සමඟ සම්මුක සාකච්ඡාවක් කර තිබුණු අතර, ඒ අවස්ථාවේදී ඔහුගෙන් විමසුවේ  නම් කැනඩාවේ එස්.එන්.සී. ලවලින් හා ඩෙන්මාර්කයේ රැම්බෝල් යන සමාගම් දෙක විසින් කරන ලද ශක්‍යතා වාර්තා ගැන තොරතුරු ඔවුන්ට ලබාගැනීමට හැකියාව තිබුණි. 

2015 ජනාධිපතිවරණයට චයිනා හාබර් සමාගම විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් දීම සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස සියලුම චීන සමාගම්වල වැඩ තහනම් කරනු ලැබුවේ ඔවුන්ගේ ඉංජිනේරු සුදුසුකම් හෝ ව්‍යාපෘති අත්දැකීම් ගැන සොයා බැලීමට නොවන බවයි. වත්මන් ආණ්ඩුව විමර්ශනය කලේ මේ චීන සමාගම් රාජපක්‍ෂ ආණ්ඩුවේ සාමාජිකයන් සමඟ කුමක් හෝ අයතා මූල්‍යම  සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේද යන්න පමණි. චයිනා හාබර් සමාගම ඒ විමර්ශනයෙන් නිදහස් කොට වත්මන් ආණ්ඩුව විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුලු ඔවුන් කරමින් සිටි සියලුම ව්‍යාපෘති ඔවුන්ට ආපසු ලබාදෙන ලදී. වත්මන් ආණ්ඩුවට හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා ඔවුන්ට එම වරාය චීනයට බදු දීමට සිදු වූ බවනිව්යෝක් ටයිම්ස් පුවත්පත ඔවුන්ගේ දෙවෙනි ලිපියෙන්ද නැවත වතාවක් පවසා ඇත. ලංකාව කිසිදු චීන ණය උගුලක  පැටලී නොසිටි බවට රාජපක්‍ෂ මැතිතුමා කළ සවිස්තරාත්මක පැහැදිලි කිරීම ඔවුන් පිලිගෙන ඇති බවක් පෙනෙන්නට නැත. නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ තරම් උවමනාවෙන් මේ අදහසේම එල්බගෙන සිටීමට හේතුව ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 2016 දීකළ අනාවරණයට අනුව ඔබාමා පාලනය විසින් ඩොලර් මිලියන සිය ගණනක් වැය කොට බලයට ගෙන එනු ලැබූ ආණ්ඩුව විසින්ම චීනයට මේ වරාය ලබා දීම නිසා බටහිර ලෝකයේ මුලු ලිබරල් කඳවුරටම සිදුවූ මහත් ලැජ්ජාවත් අවමානයත් වසාගැනීමට විය හැකිය.

රොහාන් වැලිවිට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ

මාධ්‍ය ලේකම්

One Response to “මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ගැන නිව්යෝක් ටයිම්ස් නිවේදනය”

  1. Christie Says:

    Thanks for your article in “Global Times Published:2018/7/4 “.
    This NYT article originates from Delhi, India.
    The main reason for this article is to dampen the recent exposure political financing of the current government of Ceylon by India and Indian Colonial Parasites.
    An Indian Parasite. Mahendran from Singapore was the major financier of the present government of Ceylon during the last presidential and parliamentary elections in the country.
    NYT is trying to kill two birds with one shot?
    But in fact it is India and Indian Parasites in USA are the ones who calling shots.
    Unfortunately the Chinese in USA are not politically active.
    Thanks agai

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress