මාධ්‍යවේදියා කබ්රාල්ට අනින්න ඇවිත් නැව් ඩීල්, රූපවාහිනි සංඛ්‍යාත ඩීල් ගැන රෙදි ලිහාගනී..
Posted on July 11th, 2018

 lanka C news

අද වනවිට මෙරටේ රාජ්‍ය නිලධාරින් විශාල සංඛ්‍යාවක් අසරණ කොට තිබෙනවා, ඒ පසුගිය රජය සමයෙහි මහන්සියෙන් කැපවීමකින් වැඩකිරීම නිසා ඔහුන් එෆ් සී අයි ඩී ය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් නිසායි , වසර තුනහාමාරක් තිස්සේ රාජ්‍ය නිලධාරින් අසාධාරණයට ලක්ව ඇති බවත් අපිට චෝදනා කල සමහරු කෝටි ගනනාවක් වටිනා මහජන මුදල් රූපවාහිනි නාලීකා සහ මේ ආණ්ඩුවට නැව් ගෙනනා වංචා කොට ඇතැයි චෝදනා ලැබු අය බවත්, එහෙත් අපිට මහජන මුදල් කොල්ල කෑ ඇතැයි චෝදනා නොමැති බවත් රාජ්‍ය නිලධාරින් ලෙස අපිට ඇත්තේ රාජකාරි කිරීමේදි නියමිත ක්‍රීයා පරිපාටියෙන් බැහැරව එය සිදු කොට ඇත්ද යන්න විමර්ශනය කිරීම යයි හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ මාධ්‍ය ඉදිරියේදී පැවසීය.

අසාධාරණයට ලක් වු රාජ්‍ය නිලධාරින්ට සෙත සෑදීම සඳහා ” යුක්තියට හඬක්’ නැමති සංවිධානය බිහිකිරීම වෙනුවෙන් පැවති පලමු මාධ්‍ය හමුවේ දි හෙතෙම මෙසේ ප්‍රකාශ කර සිටියේ හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපහසුවට පත්කිරිමට මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවක දීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress