ඇමැති විජයදාස රාජපක්ෂ කියන්නේ අපේ ශාසනයේ කපටි ආරක්ෂකයා
Posted on July 20th, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

බුද්ධ ශාසනයට ව්‍යාජ ආලයක් පෙන්වමින් ජාතික කාර්යභාරයෙන් භික්‍ෂුන් ඉවත් කිරීමේ කූට උප්පරවැට්ටියක් අනුව යළිත් භික්‍ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඊයේ (19දා) රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
එහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.

රජය 2015 සැප්තැම්බර් 1 වැනිදා ථෙරවාදී භික්‍ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් ගෙනාවා. එය ශාසන හානිකර ක්‍රියාවලියක් හැටියට පැහැදිලි කරල බෞද්ධ උපදේශන සභාවට ඉදිරිපත් කළා. බෞද්ධ සම්මේලනයේදී බෙල්ලන්විල විමලරතන හිමියන් ඇතුළු භික්‍ෂුන් වහන්සේ මේ පනතට එරෙහිව පෙනී සිටියා.

2017 අගෝස්තු 15 අපි එම ලිපිය ඉදිරිපත් කළා. ඒ අනුව නතරවී තිබූ පනත යළිත් වෙනත් ක්‍රමයකින් සම්මත කිරීමට කටයුතු කරමින් තිබෙනවා.
මේ පනත අනුව ඒ ඒ නිකායන් අනුගත වී තිබෙන ආකාරයට කතිකාවත් ලියාපදිංචි කිරීමට අවස්ථාව ලැබෙනවා.

සම්ප්‍රදාය කියන්නේ විනය නොවෙයි. සම්ප්‍රදාය කියන්නේ නීතියක් නොවෙයි. සම්ප්‍රදාය කියන්නේ විනයටත් පහළින් තියෙන දෙයක්. සම්ප්‍රදායන් නීතියක් බවට පත් කිරීම තමයි මේ කතිකාවත් ලියාපදිංචියෙන් කරන්නේ. සම්ප්‍රදායන් නීතියක් බවට පත්කොට දඬුවම් කිරීම දක්වා අරගෙන යෑම වැරැදි ක්‍රියාවක්.

භික්‍ෂුවකගේ වැරැදි තිබෙන බව මහ නායක හිමිවරුන්ට දැනුම් දීමෙන් පසුව මහ නායක හිමිවරුන් තීන්දුවක් නොගත්තොත් මහ නායක හිමිවරුන් උසාවි ගේන්නටත් මෙමඟින් ඉඩ සැලසෙනවා. මේක මහ නායක හිමිවරුන්ට තිබෙන ශාසනික අයිතිය අහිමිකර ගැනීමක් වන අතර භික්‍ෂුන් අනවශ්‍ය ලෙස හිර කිරීමකටත් බෙදීමකටත් ලක්කරනවා.

බුදුන් වහන්සේගේ කාලයේ සිට මේ දක්වා එකම විනයක් යටතේ කටයුතු කරන භික්‍ෂුන් බෙදෙනවා. සම්ප්‍රදාය නීතියක් බවට පත් වුණාම ඊට අවශ්‍ය කරුණු සම්පාදනය වෙනවා.

වර්තමානයේ තිබෙන්නේ බුද්ධාගමට හිතවත් පාලනයක් ක්‍රියාත්මක වන අවස්ථාවක් නොවෙයි. මෙය මහ නායක හිමිවරුන්ට පවා චීවරධාරියා ලෙස අමතමින් අපහාස කරන ආණ්ඩුවක්. ඒ නිසා ශාසනය සුරක්‍ෂිත කිරීමට මේ පනත් ගේනවා කියල විශ්වාස කරන්න බැහැ. භික්‍ෂුන්, රණවිරුවන්, සංස්කෘතිය, සභ්‍යත්වය ආදී සියල්ල මේ ආණ්ඩුවට තියෙන අභියෝගයි. ඒ නිසා භික්‍ෂුන් සිරගත කිරීම ආණ්ඩුවට තිබෙන අවශ්‍යතාවක්.

මේ කතිකා සම්මත කිරීමට මහ නායක හිමිවරුන්ගේ පොදු එකඟතාවක් අරගෙන නැහැ. මේක භික්‍ෂුන් වහන්සේ ලෙස අපගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. සම්ප්‍රදාය නීති බවට පත්කොට එම නීති උල්ලංඝනය කිරීම මඟින් වැරැදිකරුවකු බවට පත්වෙනවා නම් ඊට අපි එකඟ නැහැ.

අන්තර් කතිකාවන් අතරත් එකඟතා නැහැ. සියලුම භික්‍ෂුන්ට අවශ්‍ය ශාසන කතිකාවක් විනා සංඝ භේදය ඇති කරන කතිකාවක් නොවෙයි.

බුද්ධ නීතිය රාජ නීතිය මඟින් යටපත් කිරීමට නොහැකියි. අපේ රටේ වෙනත් ආගම්වලටත් ඔවුන්ටම ආවේණික සම්ප්‍රදායන් තියෙනවා. ඒවත් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා දැයි අපි අහනවා. ආණ්ඩුවට තියෙන ලොකුම ගැටලුව භික්‍ෂුව වූ නිසා තමයි මොවුන් භික්‍ෂුන් පාලනය කරන්න කටයුතු කරන්නේ.

භික්‍ෂුන් වහන්සේ කෙනෙක් වැරැදි කළොත් ඊට මහ නායක හිමිවරුන් විනය ක්‍රියාමාර්ගයක් ගත් පසුව එම විනය ක්‍රියාත්මක කරන්න නෛතික බලයක් ලැබෙන බවත් මොවුන් ප්‍රකාශ කරනවා. ඒත් එවැනි අවශ්‍යතාවක් නැහැ. වර්තමානයේදීත් අපරාධ නීතිය යටතේ දඬුවම් කරන්න පුළුවන්. භික්‍ෂුන් වහන්සේ කියන්නේ රටේ නීතියට පිටින් ඉන්න කෙනෙක් නොවෙයි.

මහ නායක හිමිවරුන්ට භික්‍ෂුන් පාලනය කරන්න පාර්ලිමේන්තු නීතියකට යටත්වීම කිසිසේත් අවශ්‍ය නැහැ. සංඝ සභාවෙන් භික්‍ෂුවක් නෙරපන්න දැනුත් පුළුවන්. පුද්ගලයකු චීවරයක් දරාගෙන ශාසන සම්ප්‍රදායට පිටින් කටයුතු කරනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න රටේ නීතියට පුළුවන්.

පොදු සංඝ සම්මුතියකට ඇවිත් මේ රටේ භික්‍ෂුන් එක භික්‍ෂු සංවිධානයක් ලෙස පෙනී සිටීමේ වුවමනාවක් භික්‍ෂුන්ට තිබෙනවා. එම ප්‍රවණතාව පිළිබඳ කතිකාවක් තිබෙනවා. ඒක නවතාලීමටත් බෙදීම් ස්ථාවර කිරීමටත් අණ්ඩුව කටයුතු කරනවා. ඒ නිසා සංඝ භේදය නමැති පාප කර්මයට හවුල් නොවන ලෙස අපි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිනවා.

ඒත් ව්‍යවස්ථා සංශෝධනය, විජාතිකකරණය ආදී ක්‍රියාවලියට විරුද්ධව භික්‍ෂුන් යොමුවීම නතර කිරීමටත්, භික්‍ෂුන් තමන්ට අවශ්‍ය විධියට පාලනය කිරීමත් ආණ්ඩුවේ අවශ්‍යතාව වී තිබෙනවා. මේක මහ සංඝරත්නයේ අවශ්‍යතාවක් ලෙස හුවා දැක්වුවත් එවැනි අවශ්‍යතාවක් හාමුදුරුවරුන්ට නැහැ.

හාමුදුරුවරුන් හැටියට අපි පක්‍ෂ දේශපාලනය කරන්නේ නැහැ. ඒත් මිහිඳු හාමුදුරුවන්ගේ කාලයේ සිටම ජාතික දේශපාලනයට මැදිහත්වීම වළක්වාලීමටත් ආණ්ඩුවේ උපායක්. ජාතික කාරණා දේශපාලනයට ලඝු කොට භික්‍ෂුන්ගේ කට වහන්නත් ආණ්ඩුවට අවශතාවක් තිබෙනවා.

සම්ප්‍රදායක් කැඩුවා කියලා දඬුවම් විඳින්න සිදු වනවා නම් අනාගතයේ දරුවෙක් ශාසනයට ඇතුළු කිරීමට මවුපියන් කැමැති වෙන්නේ නැහැ. එවැනි අරමුණු තමයි මේ ආණඩුවට තියෙන්නේ.

හෑගොඩ විපස්සි හිමි

මේ පනත සම්මත වුණොත් ඒ ඒ නිකායන්ට අභිමත පරිදි විනය නීති සංශෝධන කරගත හැකියි. එහෙම වුණොත් ශාසනය සීසීකඩ කැඩෙනවා. අපි 2000දි යෝජනා කළා තෛ්‍රනිකායෙන්ම එක ශාසන කතිකාවක් ගේන්න කියලා. ඒත් දැන් හැම පාර්ශ්වයකම අභිමත පරිදි කතිකාවත් හදන්න නීතියෙන් ඉඩ සලසනවා.

ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි

මේ රටේ ශාසනයේ කපටි ආරක්‍ෂකයා ලෙස පෙනී සිටිමින් විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා භික්‍ෂු කතිකාවත් පනතක් ගෙනත් මහා සංඝරත්නය පාලනය කරන්න උත්සාහ කරනවා. භික්‍ෂුන් වහන්සේලා බුද්ධ නීතියට අනුව කටයුතු කළත් මේ රටට ඉන් අයහපතක් සිදුවී නැහැ. භික්‍ෂුන් වහන්සේලා මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා මැදිහත් වී ක්‍රියා කළා.

මෙවැනි කතිකාවත් ඉදිරිපත් කරන්නේ නැහැ කියල පොරොන්දු වූ පිරිසක් යළිත් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරනවා. මේ රට දේපොළ විකුණමින්, රණවිරුවන් දඩයම් කරමින්, ව්‍යවස්ථා ඔස්සේ රට බෙදන්න පියවර ගන්නා විට භික්‍ෂුන් ඊට එරෙහි වී සිටිනවා.

භික්‍ෂුන්ගේ එකමුතුකම කුමන්ත්‍රණකාරී ලෙස වෙනතකට යොමු කිරීම මේ පනතේ අරමුණයි. ඒ නිසා සතුරා ගැන අවබෝධයෙන් මීට මුහුණදිය යුතු වෙනවා.
මේ පනත ශ්‍රී ලංකාවේ සම්මත නිකාය 3ට අදාළ වන බව කියනවා. ඒ අනුව ඒ නිකාය තුනට අයත් නැහැ කියන පිරිසක් ඇති කරන්නත් මේ තුළ අදහසක් තිබෙනවා බව පේනවා.

දෙනගම ධම්මික රණවීර

4 Responses to “ඇමැති විජයදාස රාජපක්ෂ කියන්නේ අපේ ශාසනයේ කපටි ආරක්ෂකයා”

  1. ranjit Says:

    Not only wijedasa Rajapaksa but all in Yamapalanaya are crooks and manipulators. They cheat the public all day long with their sweet talks. Their end is near let them prepare for it now itself. The worst government, the worst president, the worst prime minister, the worst speaker of the house above all the worst enemy of the motherland and that is Yamapalanaya. Good days are coming so be patient and stay calm.

  2. Ratanapala Says:

    Wijedasa Rajapakse is the man who said that Sri Lanka is not a Buddhist Country. After this comment many moons have passed and again now he is surfacing feigning to be the protector of Buddhism in Sri Lanka. He believes he knows more than all what the Sangha Community in Sri Lanka knows with respect to what is good or bad for the Buddhist Establishment of Sri Lanka.

    What is most disconcerting is the fact that all these machinations are materialising under an adminitration whose awowed intention is the destruction of the Buddhist Establishment. These things have been publicly stated by Rosy Senanayake a trusted advisor of Christian Ranil Wickramasinghe.

    Furthrmore, Wijedasa Rajapakse is harbouring wishes of becoming the Common Candidate in the eventuality of Ranil Wickramasinghe not being able to do so due to his obvious unpopularity among the Buddhist public. No wonder Wijedasa Rajapkse is aptly named the Kapati Arakshakaya. He must be exposed for who he is and for who he is trying to support and who he is aspiring to become on the back of an unsuspecting public.

    For the nation at large, this is no time to be experimenting with luck. Dana giyoth Katharagama – Nodana giyoth Ataramaga!

  3. Ratanapala Says:

    Ranjith, every word you have written is absoloutely right. We hope and must work towards ending this disastrous Jadapalanaya.

  4. Dilrook Says:

    I have lost all respect for him. He made a big hue and cry about Hambantota but silent on Mattala and Trincomalee. He also voted to save Ranil.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress