බැදුම්කර නීතිවිරෝධීව විකිණීමෙන් කෝටි 900ක පාඩුවක්
Posted on July 27th, 2018

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ උපුටා ගැන්ම Janabala

2015 වසරේ ජුනි මාසයේ සිට 2016 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සිදු කළ මහ බැංකු බැදුම්කර නිකුතුව යටතේ එහි ප්‍රාථමික අලෙවිකරුවෙකු වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එම බැදුම්කර නීතිවිරෝධී හා වංචනික ලෙස අලෙවි කිරීමෙන් රුපියල් බිලයන 9 කට අධික මූල්‍යමය පාඩුවක් රජයට සිදුකර ඇත.

එම පාඩුව එම සමාගමෙන් නැවත අය කර දෙන තීන්දුවක් ප්‍රකාශයට පත්කරන්නැයි  ඉල්ලා රාජ්‍ය ආයතන පහක් වෙනම වෙනම ගොනු කළ නඩු පහ ලබන ඔක්තෝබර් 30 , නොවැම්බර් 9 සහ 16 , හා දෙසැමබර් 11 වැනිදා යන දිනයන්හිදී විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය විසින් අද (26) නියම කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව , සේවක අර්ථසාධක අරමුදල , සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගොනු පැමිණිලි පහක් සලකා බලමින් මෙසේ විභාගයට දින නියම කරන ලදී.

මෙම පැමිණිලි පහේ වගඋත්තරකරු වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නම් කරනු ලැබ ඇත.

ගොනු කර ඇති පැමිණිලි වල මෙසේද සඳහන් වේ.

2015 වසරේ ජුනි 03 වැනිදා සිට 2016 සැප්තැම්බර් 20 කාලය දක්වා තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර බැදුම්කර නිකුතුව සිදු කළ බව පැමිණිලිකරුවන් කියා සිටී.

එහි ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙසින් වගඋත්තරකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කටයුතු කළ බවද පැමිණිලි වල සඳහන් වේ.

එම බැදුම්කර නිකුතුව මගින් අදාල වගඋත්තරකාර සමාගම එහි බැදුම්කර නීතිවිරෝධී හා වංචනික ලෙස අලෙවි කර ඇති බවත් ,එමගින් එම සමාගම බිලයන 9 කට අධික පාඩුවක් එම රාජ්‍ය ආයතනයන්ට සිදු කර ඇති බව පැමිණිලි වල සඳහන් වෙති.

එබැවින් මෙම පාඩුව නැවත අය කරගැනීම සඳහා වන තීන්දුවක් ප්‍රකාශ කරන්නැයි පැමිණිලිකරුවෝ සිය පැමිණිලි මගින් අධිකරණයෙන් ඉල්ලා සිටිති.

නීතිපති දෙපාර්තමේන්තුව මගින් මෙම රාජ්‍ය ආයතනය දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress