මාතර කුරුඳු පොලු ප‍්‍රහාරය එල්ල කලේ අගමැති රනිල්ගේ උවමනාවට බව අධිකරණය හමුවේ ප‍්‍රබල සාක්‍ෂියක්..
Posted on July 30th, 2018

 මාධ්‍ය ලේකම් කීර්ති දුණුවිල එක්සත් ජාතික නිදහස් පෙරමුණ 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත්විය යුතු බවට ප්‍රකාශ කරමින් මාතර දෙවිනුවර සිට පැමිණි පා ගමනට මාතර බෝධිය අසලදී කුරුඳු පොලු යොදාගෙන පහර දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනු දැනුම අනුව බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද මාතර අධිකරණයේ ඊට අදාල නඩුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

එවකට අන්ත පරාජයකට එක්සත් ජාතික පක්ෂය ඇද දමා තිබු රනිල් වික්‍රමසිංහට නායකත්වයෙන් යන්න කියලා බල කරමින් අපි දෙවිනුවර ඉඳන් ආපු පාගමනට මාතර බෝධිය ලඟදි පහර දුන්නේ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් නිසා බව අද වෙනකොට හෙළි වෙලා අවසන්,රනිල්ගේ මාධ්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මීට මාස කිහිපයකට කලින් රනිල් වික්‍රමසිංහ මහතාට ලියපු ලිපිය මගින් පැහැදිලිව මේ කතාව කියල තිබුනා.නමුත් රනිල් වික්‍රමසිංහ මෙයට ප්‍රතිචාර දක්වලා තිබුනේ නැහැ.

මාතර කුරුඳු පොලු ප‍්‍රහාරය එල්ල කලේ අගමැති රනිල්ගේ උවමනාවට බව අධිකරණය හමුවේ ප‍්‍රබල සාක්‍ෂියක්..

එවකට එජාපයේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පුෂ්පකුමාර (රත්තරන්) මන්ත්‍රීතුමා අද ප්‍රකාශයක් කරමින් කියා සිටියා මේ පහරදීම පසුපස හිටියේ රනිල් වික්‍රමසිංහ බව.නමුත් වික්‍රමසිංහ මහතා අද ඒ වගකීමෙන් මිදෙන්න හදනවා.අපි පැහැදිලිවම කියනවා වික්‍රමසිංහ මහත්තයට යටින් ගේම් ගහන්නේ නැතුව කෙලින් ඇවිත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා.

අද එජාපයේ පාක්ෂිකයන් අසරණ වෙලා,මේ නඩුවට එන මිනිස්සුන්ට තේ කෝප්පයක් අරන් දෙන්න කෙනෙක් නැහැ.මංගල සමරවීර ඇමතිවරයා නඩුවට ඇවිත් වාහනයේ නැගලා මාරු වෙනවා.ඒ නිසා අද එජාපයේ පාක්ෂිකයන්ට වගකියන්න කෙනෙක් නැහැ.අද එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මැතිතුමාත් මේ නඩුව බලන්න ආවා.එතුමත් පැහැදිලිව ප්‍රකාශ කරා මාධ්‍යට මේ නඩුව විසඳගන්න නායකයන්ට මැදිහත් වෙන්න කියලා.අද නඩුවට හැට ගානක් ඉන්නවා,කෝ මේ මිනිස්සුන්ට රැකවරණයක්,බොරුවට ජනප්‍රිය වෙන්නත් තමන්ගේ නායකත්වය රැකගන්නත් කරපු වැඩ නිසා අද එජාප පාක්ෂිකයා බිල්ලට දීලා”

තවදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා,

මේ අසරණ පාක්ෂිකයන් ගැන හිතා තමන් ඇතුළු පිරිස කටයුතු කරනවා,අපි කියනවා එක්සත් ජාතික පාක්ෂිකයන් ගැනත් ඔවුන්ගේ පවුල්වල යහපතත් සලකා යම් තීන්දුවක් ලබා ගන්න එජාපයේ නායකයට තමන්ගේ පාර්ශවයෙන් වියයුතු යුතුකම් කොටස ඉටු කරන්න කියලා.අපිත් එක්ක එදා එක්සත් ජාතික පක්ෂ ඒකාධිපති නායකයට එරෙහිව කටයුතු කල හැම කෙනෙකු වෙනුවට අපි පෙනී සිටිනවා”යැයිද ඒ මහතා පැවසිය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress