අද වන විට කතානායකවරයා සම්පූර්ණයෙන්ම තැපැල් පෙට්ටියක් වී ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා පවසයි.
Posted on August 7th, 2018

අද වන විට කතානායකවරයා සම්පූර්ණයෙන්ම තැපැල් පෙට්ටියක් වී ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ විරුද්ධ පක්ෂයේ නීත්‍යානුකූල අයිතිය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ කතානායකවරයාට මිස සන්ධානයේ ලේකම්වරයාට නොවන බවයි.
අද වන විට එම වගකීමෙන් කතානායකවරයා මුළුවනින්ම බැහැරව ඇතැයිද ඔහු සදහන් කලේය.
මේ අතර පසුගිය පාර්ලිමේන්තු දිනවලදී විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් රූකඩයා, පෙන්දා, හීං බබා සීයා ආදී නම් වලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද කතානාකවරයාට චෝදනා එල්ල කරනු ලැබීය.
දීර්ග දේශපාලන ඉතිහාසයක් ඇති කරු ජයසූරිය මහතා එම සම්පූර්ණ කාලයේදී උපයා ගත් කීර්ති නාමය වත්මන් කතානායක ධුර කාලයේදී බරපතල ලෙස හෑල්ලු වී ඇති බව විවිධ දේශපාලන වේදිකාවලදී කියැවෙති.

2018-08-07 විමල් කථානායකගෙන් ඉල්ලයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress