ආණ්ඩු පෙරළන සැලස්ම මහින්ද හෙළිකරයි- ඒක අයවැය ඡුන්ද විමසීමේදී බලාගන්න පුළුවන්
Posted on August 26th, 2018

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර උපුටා ගැන්ම දිවයින

විවාහ මංගල උත්සව කිහිපයකට සාක්ෂි අත්සන් කිරීම සඳහා, දින වෙන් කර ගැනීමට, ඔහු හමුවීමට කිහිපදෙනෙක් ඒ වන විටත් පැමිණ සිටියහ. ව්‍යායාම් නිමවා, සුපුරුදු ජවයෙන් සැරසී සිටි ඔහු, ඊළඟට සිදු කළේ, රට වටේ සිටින තම සංවිධායකයන් සමඟ සැප්තැම්බර් පස් වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන, යෝධ උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු හි නිරත වීමය. මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ අග‍්‍රගණයේ වීදි සටන්කාමියා බව සාමාන්‍ය දේශපාලන මතයයි. දැන් යළිත් ඔහු තුළින් ඒ චරිතය මතු වී තිබේ. ඔහුගේ ඊළඟ අදියර කුමක්ද…? ඒ පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.

 ප‍්‍රශ්නය – දහනව වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරණයක් සඳහා යළිත් ඉදිරිපත් වීමට ඔබට අවස්ථාවක් නැති බව මුලින් සඳහන් වුණා. එසේ වුවත් ඔබගේ පාක්ෂිකයන් දැන් පවසන්නේ, තුන්වෙනි වතාවටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඔබට හැකියාව ඇති බවයි. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාත් ඔබ ඉදිරිපත් වෙනවාද…?

mahi111
 
 පිළිතුර – මෙතැනදී මුලින්ම කියන්න ඕනේ, මේ අර්ථකතනය අවසාන වශයෙන් තීරණය කරන්නේ, අධිකරණයෙන් බව. දැනට ඒ ගැන අදහස් කිහිපයක්ම ප‍්‍රකාශ වී තිබෙනවා. අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන නිහාල් ජයවික‍්‍රම මහතා මේ සම්බන්ධයෙන් සිය මතය ප‍්‍රකාශ කර තිබුණු ආකාරයට, හිටපු ජනාධිපතිවරයකුට යළිත් ඒ සඳහා ඉදිරිපත් වීමට නෛතික බාධකයක් නැහැ. අපේ රටේ ජනාධිපතිවරු නෛතික වශයෙන් වර්ග තුනක් සිටිනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ඇති කරන ලද විධායක නොවන ජනාධිපති, 1978 ඉදිරිපත් කරන ලද දෙවන ජනරජ ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති සහ දහ නව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සිටින ජනාධිපති ලෙස ඒ තුන වර්ග කළ හැකියි. දහ නව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන්නේ නව ජනාධිපතිවරයෙක්. ඒ නිසා දෙවරකට වඩා වාර ගණනක් ජනාධිපති ලෙස පත්වීමට හැකියාවක් නැත්තේ, දහ නව වෙනි සංශෝධනයෙන් පත් වූ ජනාධිපතිවරයකුට පමණයි. ඊට පෙර සිටි ජනාධිපතිවරුන්ට මේ නීතිය බලපාන්නේ නැහැ. ඒ තර්කය තමයි, මෙතැනදී ඉදිරිපත් වෙලා තියෙන්නේ… හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඒ ගැන හොඳ විග‍්‍රහයක් කළා. ඒ වගේම නීතිය පිළිබඳ මහාචාර්ය ධුරයක් දරන ලද ජී.එල්. පීරිස් මහතාත්, මේ ගැන නෛතික විග‍්‍රහයක් ඉදිරිපත් කළා. 
 
 ප‍්‍රශ්නය – ඒ කියන්නේ මේ සූදානම, තුන්වැනි වරටත් ඔබම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමද…?
 
 පිළිතුර – අපේ අපේක්ෂකයා කවුද කියලා කියන්න, ජනාධිපතිවරණයක් කැඳවන්න ඕනෙනේ… එතකං මොකටද අපේක්ෂකයා ගැන කතා කරන්නේ… පළාත් පාලන ඡුන්දය පවත්වන්න මේ ආණ්ඩුව මොන තරම් බය වුණාද…? පළාත් සභා ඡුන්දය කල් දාගන්න මොන තරම් උප්පරවැට්ටි මේ ආණ්ඩුව යොදනවද…? ඒ තරම් මහජන මතයට මේ අය බයයි. තමන් ඉන්න තැන කොතැනද කියලා මේ අය දන්නවා. ආණ්ඩුවට අපි කියන්නේ, තිබිය යුතු පිළිවෙළට ඡුන්ද තියන්න… නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න කියලයි. නීතියේ ප‍්‍රතිපදාන අනුව ජනතාව සතු අත්හැරිය නොහැකි පරමාධිපත්‍යයේ එක් අයිතියක් වන්නේ ඡුන්ද බලයයි. ඒ ඡුන්ද බලයවත් නොදෙන ආණ්ඩුවක් රටේ තියෙන කොට, අපි මොකටද කලින්ම අපේක්ෂකයා කවුද කියලා කියන්නේ… මේ තමයි ඒකාධිපති ආණ්ඩුවක ප‍්‍රධාන ලක්ෂණය. අපිට ඒකාධිපති කිය කියා පහර ගහගෙන ගියාට, අපි කලට වේලාවට ඡුන්දය තිබ්බා. සමහර විට කලින්ම ඡුන්දය තිබ්බා. පැරදුනහම, ප‍්‍රතිපල එන්නත් ඉස්සෙල්ලා අපි ගෙදර ගියා. අපි මැතිවරණවලට මුහුණ දුන්නේ එහෙමයි. මේ යහපාලන නඩයට, ඡුන්ද කියන වචනය කියන කොට කකුල් දෙක වෙවුලනවා. ඇඟ සීතල වෙලා යනවා. දත කට වෙවුලනවා. එජාපය කියන්නේ එදා ඉඳලම ඡුන්ද තියන්න බය වෙච්ච පක්ෂයක්… රටේ ඡුන්දය නෙමෙයි, පක්ෂය ඇතුලේවත් ඡුන්දයක් තියන්න රනිල් බයයි. 
 
 ප‍්‍රශ්නය – පොහොට්ටුවේ මතු වී ඇති අභ්‍යන්තර අර්බුද නිසා, කලින් කලට මෙවැනි එක් එක් මතවාද මතු කරමින්, ඔබගේ කණ්ඩායම කටයුතු කරන බවට අජිත් පෙරේරා ඇමැතිවරයා ප‍්‍රකාශයක් කළා. ඊළඟ වතාවෙත් ඔබට තරග කරන්න පුළුවන් බවට වන මතවාදය පතුරුවන්නේ, ඒ සඳහා බවයි ඔහු ප‍්‍රකාශ කරන්නේ…
 
 පිළිතුර – මොන අභ්‍යන්තර අර්බුද ද…? එජාපයේ වගේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ කටවල් බැඳලා අපි පක්ෂ කරගෙන යන්නේ නැහැ. ඒක අපේ දේශපාලනය නෙමෙයි. විශ්වාසභංගය ආපු වෙලාවේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත එයා ගත්තේ කොහොමද කියලා කවුරුත් දන්නවා. එහෙම කරපු පක්ෂයක අය තමයි, අපේ අභ්‍යන්තර අර්බුද හොයන්නේ…
 
 ප‍්‍රශ්නය – එක කාලයකට ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ යැයි ඔබේ පැත්තෙන්ම රාවයක් පතුරනවා… තව කාලයකට, ඔබට තුන්වැනි වතාවට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා, කතා පතුරවනවා… මේ කතාවලින් ඔබේ ප‍්‍රතිවාදීන් පමණක් නෙමෙයි, පාක්ෂිකයන් පවා ‘‘මොකක්ද මේ වෙන්නේ…’’ කියා කල්පනා කරන තත්ත්වයකට පත්වෙලා තියෙනවා… 
 
 පිළිතුර – මම එදා ගෙදර ගියේ දේශපාලනය අත්හැරලා, මගේ පාඩුවේ කාලය ගත කරන්න හිතාගෙනයි. එදා ඉඳලා මේ රටේ ජනතාව මාව අත්හැරියේ නැහැ. ඔවුන් මාව බලන්න කියලා ආවේ, වන්දනා නඩ වගේ බස් පුරෝලා සෙනග එක්ක… ඒ තමයි අපේ දේශපාලනය… 
 
 ගෝඨාභයටත් එහෙම තමයි. ඔහුව ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්න කියලා අපි කිව්වේ නැහැ. ඒ ඉල්ලීම ආවේ මහජනතාව අතරින්… ගෝඨාභයට මේ රටේ ජනතාවගේ විශාල ආදරයක්, ගෞරවයක් තියෙනවා. අපි ඒ ගැනත් සලකා බලන්න ඕනේ… මට තුන්වැනි වතාවට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන මතය අපේ කට්ටිය ඉදිරිපත් කරනකොටම මම කිව්ව දේ තමයි, මේ ගැන අහන්න, උසාවි ගාණේ යන්න, මට බැහැ කියලා. එහෙම වුණත්, ඒ ගැන නෛතික පියවරක් ගන්න ඕනේ… මේකත් ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමක්… එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව, මැතිනියට කළෙත් ඔය ටිකමයි. මට දේශපාලනය කරන්න තියෙන අයිතිය නැති කරනවා පමණක් නෙමෙයි, මාව තෝරා ගැනීමට ජනතාවට අවශ්‍ය නම් ඒ ඒ සඳහා ජනතාවට තියෙන අයිතියත්, මේ අය නැති කරන්නයි හැදුවේ… ඒවාට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. 
 
 ප‍්‍රශ්නය – ඒ කියන්නේ ඔබ, මේ වැඬේ අත්හරින්නේ නෑ කියන එකද…? 
 
 පිළිතුර – අපි නෙමෙයිනේ අත්හරින්නේ නැත්තේ… ඒ අයනේ… මේ රටේ වැස්සක් වැටුණත්, වැරදිකාරයෝ අපිනේ… ඔය රතු අලි පැටියා නිදාගෙන නැගිටින්නෙත්, හැමදේටම රාජපක්ෂලාගේ නම කියගෙනනේ… මට නීතියෙන් තිබෙන අයිතියක් පැහැර ගන්න හදනවා නම්, ඒ ගැන අහක බලාගෙන ඉන්න බැහැනේ… ඒ අයිතිය වෙනුවෙන් සටන් කරන අපිද වැරදි…? අපේ අයිතිය නැති කරන්න හදන අයද වැරදි…? 
 
 ප‍්‍රශ්නය – දැන් රටේ වැඩ වර්ජන රැල්ලක් ක‍්‍රියාත්මක කරමින් තිබෙනවා… පසුගිය දා ක‍්‍රියාත්මක වූ දුම්රිය වැඩ වර්ජනය පිටුපස හිටියෙත් ඔබ ප‍්‍රමුඛ පිරිසක් බව එජාපයේ මැති ඇමැතිවරු ප‍්‍රකාශ කළා…
 
 පිළිතුර – මේ අයට ආණ්ඩුව කරන්න බැරි වෙනකොට, මේ වගේ වර්ජන ඇතිවෙන එක සාධාරණයි… අකාර්යක්ෂම ආණ්ඩුවකට එහෙම ප‍්‍රශ්නයක්වත් විසඳා ගන්න තේරෙන්නේ නැහැ. වර්ජනයක් අවසන් කර ගන්න බැරි ආණ්ඩුවක්, කොහොමද අනිත් වැඩ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නොහැකියාවට, අපි නෙමෙයි වැරදිකාරයෝ… අපි කවදාවත් පිටිපස්සේ ඉඳලා වැඩ කළේ නැහැ… පස්සෙන් ඉඳලා පිහියෙන් ඇනලා පුරුදු කාට ද කියලා මේ රටේ ජනතාව දන්නවා. අපි බෘටස්ලා නෙමෙයි. අපි කරන දෙයක් කරන්නේ, ඉස්සරහා ඉඳලා… එහෙම කරන්න අපිට කොන්ද පණ තියෙනවා. සැප්තැම්බර් පස් වැනිදාට අපි පාරට බහිනවා. ඒ තමයි, අපේ සටනේ ආරම්භය… ඒ ගමන අපි අවසන් කරන්නේ මේ ආණ්ඩුව ගෙදර යවලා.
 
 ප‍්‍රශ්නය – ”ආණ්ඩුව ගෙදර යවනවා’’ කියන එක විපක්ෂයක් සම්ප‍්‍රදායික ලෙස කියන කතාවක් විතරයි. මේ කතාව එකාබද්ධ විපක්ෂය නිතරම කියනවා අහලා, දැන් ජනතාවට ඒක නිකම්ම නිකං කතාවක් විතරක් වෙලයි තියෙන්නේ…
 
 පිළිතුර – ඒක තමයි මං කිව්වේ… සැප්තැම්බර් පස් වැනිදා, අපි ජනතාව එක්ක පාරට බහින්නේ ආපහු හැරෙන්න නෙමෙයි, කියලා. එදාට ආරම්භ වෙන වැඩපිළිවෙළ නතර වෙන්නේ, රනිල් වික‍්‍රමසිංහව ගෙදර යවලා… එයාට කොයි ගෙදරට යන්න වෙයි ද කියලා මම දන්නේ නැහැ. අගමැතිකමෙන් යන්න වෙනවා කියන එක නම් මට ස්ථිරවම කියන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය – පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ගන්න බැරි ඒකාබද්ධය, අගමැතිව ගෙදර යවනවා කියන එක, හිතා ගන්නත් බැරි කතාවක්… ඒ සැලසුම මොකක්ද…?
 
 පිළිතුර – ඒක අයවැය ඡුන්ද විමසීමේදී බලා ගන්න පුළුවන් වෙයි.
 
 ප‍්‍රශ්නය – කීත් නොයාර් පැහැරගෙන යෑම සම්බන්ධයෙන්, රහස් පොලිසිය විසින් ඔබෙන් කරන ලද ප‍්‍රශ්න කිරීමේදී ”මට මතක නැහැ…’’ යන ප‍්‍රකාශය ඔබ විසින් කර තිබුණු බව, රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළා… රටේ දැඩි ආන්දෝලනයට තුඩුදුන්න මෙවැනි කාරණයක් ඔබට මතක නැහැ කියන එක පිළිගන්න තරම් මේ රටේ ජනතාව මෝඩයන් බව ඔබ සිතනවාද…?
 
 පිළිතුර – මට මතක නැහැ කියන කතාවක් නෙමෙයි මම කිව්වේ… කීත් නොයාර් මට මුණ ගැසිලා නැහැ. ඒත් මම එයා කවුද කියලා දන්නවා. මේ සිද්ධිය වෙන කාලයේ රටේ භයානක යුද්ධයක් තිබුණු බව අමතක කරන්න එපා… දවල් ? නැතුව අපි ඒ වෙනුවෙන් කැපවුණා. ඒ වගේම රටේ නායකයකුට තමන් කරන වැඩ කටයුතු සියල්ල, මතකයේ තියාගෙන ජීවිත කාලයම ගත කරන්න බැහැ. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා අහවලා, අහවල් වෙලාවට අහවල් තැනදී හම්බු වුණා ද කියලා, කාගෙන් හරි ඇහුවොත් එයාට ඒක මතකද…? ඒක මතකයි නම්, ඊට පස්සේ පාරේ ගියේ කවුද කියලා ඇහැව්වොත් මතකද…? එහෙම දෙයක් සාමාන්‍ය කෙනෙකුට මතක නැති කොට, අවුරුදු ගාණකට ඉස්සෙල්ලා, තමන්ට ආපු දුරකතන ඇමතුමක් ගැන ජනාධිපති කෙනෙකුට මතක තියෙයිද…? එහෙම කෝල් එකක් ආවට පස්සේ, ඊළඟට කෝල් එකක් දුන්නේ කාටද කියලා අහනවා. ඕවාට උත්තර දෙන්න පුළුවන් මතකයක් සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන කෙනෙකුට තියෙනවද…? මම එතැනදී කිව්වේ, මතක නැහැ කියන එක නෙමෙයි. ඔය වගේ දුරකතන ඇමතුමක් ආවාම, මම ඒ ගැන පරීක්ෂණ කරන්න යන්නේ නැහැනේ. ජනධිපති ලේකම්ට, ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිට, හමුදාපතිට හෝ වෙනත් නිලධාරියෙකුට කතා කරලා, ඒ ගැන හොයන්න කියලා මම කියනවා. සමහර සිද්ධිවලදී, ඒ පළාතේ පොලිසියට, දිසාපතිට පවා මම කතා කරපු වෙලාවල් තියෙනවා. ඒවා ගැන විස්තර අහන කොට කොහොමද කියන්නේ…? ඊළඟ ආණ්ඩුව ආවහම ඔය වගේ පරීක්ෂණ කරන කොට, ඔය කියන අය සියල්ල මතකයෙන් කියයිනේ… එදාට බලමුකෝ ඒ අයගේ මතකය… 
 
 මේ ප‍්‍රශ්න අදින්නේ, මොකද වුණේ කියලා ඇත්තට හොයන්න නෙමෙයිනේ… දේශපාලන 
 
 පළිගැනීම් විදිහටනේ… අසූ අට – අසූ නවය කාලේ මේ අය වධකාගාර තියාගෙන තරුණයෝ මරපු හැටි, මාධ්‍යවේදීන් මරපු හැටි මේ රටේ ජනතාවට හොඳට මතකයි… ඒ අය තමයි අද, කිත් නොයාර්ට ගහපු හැටි හොයන්නේ… ඡුන්දයක් කිට්ටු වෙන්න වෙන්න, පරීක්ෂණ වැඩි කරනවා. තව ටික දවසකින් තාජුඞීන්ව ආයෙත් ගොඩ ගනියි. 
 
 ප‍්‍රශ්නය – රහස් පොලිසිය ඔබෙන් ප‍්‍රශ්න කරන ලද දවසේ, ඔබ යම් නොසන්සුන්තාවයකින් සිටි බව පෙනුණා. මාධ්‍ය ඉදිරියේ ඔබගේ ලේකම්වරයකු වන උදිත ලොකුබණ්ඩාරට පවා එදින බැණ වදින ආකාරය අපි දුටුවා…
 
 පිළිතුර – ඕවා බැණිලි ද…? බස් එකේ සීට් එකට රණ්ඩු වෙනකොට මිනිස්සු ඔයිට වඩා දේවල් කියාගන්නවනේ… මගේ පුතාලාගේ වයසේ, කෙනෙකුට එහෙම අවවාදයක් දුන්නහම, ඒක හෙණ ගහන අපරාධයක්ද…? මම ඒ වෙලාවට 
 
 කෑගැහැව්වාට, ඒවා හිතේ නැහැ කියලා, මගේ හතුරෙක් වුණත් කියයි. හොරකං හොයනවා කියලා, අවුරුදු ගාණක් හෙව්වා… ඒවා නැති තැන, මේවගේ පොඩි දෙයක් අල්ලගෙන, නටන තැනට මේ ආණ්ඩුව අද අසරණ වෙලා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. රහස් පොලිසියෙන් ප‍්‍රශ්න කරාම කලබල වෙන මිනිස්සු ද අපි…? මගේ දරුවෝ හිරගෙවල්වල දැම්මා. මගේ මන්ත‍්‍රීවරු නිලධාරීන්, පාක්ෂිකයෝ හිරේ දැම්මා. මගේ සහෝදරයා හිරේ දැම්මා… අන්තිමට කිසිම දේශපාලනයකට සම්බන්ධ නොවුණු, මගේ බිරිඳගෙන් පවා ප‍්‍රශ්න කළා. ඒවාට වැටුණේ නැති අපි, මේවට වැටෙනවද…? 
 
 ප‍්‍රශ්නය – විශේෂ මහාධිකරණයක් දැන් ආරම්භ කරලා තිබෙනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ, බරපතල මුල්‍ය අපරාධ චෝදනා දෛනිකව විභාග කිරීමයි. මේ සඳහා ආරම්භක නඩුව ලෙස ගෙන තිබෙන්නේ, ඔබ ජනාධිපති ලෙස සිටි කාලයේ, ඔබේ කාර්යය මණ්ඩල ප‍්‍රධානී ලෙස කටයුතු කරන ලද, ගාමිණී සෙනරත් මහතාට එරෙහිව ඇති චෝදනා විභාග කර බැලීමයි. මෙවැනි අධිකරණ ක‍්‍රියා මාර්ගත් ඔබ හඳුන්වන්නේ, දේශපාලන පළිගැනීම් ලෙසද…?
 
 පිළිතුර – ඇත්ත වශයෙන්ම ඔව්… මේවා දේශපාලන පළිගැනීම් විතරක් නෙමෙයි. අනාගත දේශපාලන පරාජයන් පිළිබඳව, ඒ අයට තිබෙන භීතිකාවත් මේ පළිගැනීමේ ඇතුලේ සටහන් වෙලා තියෙනවා. අපි එහෙම කියන්නේ ආවාට ගියාට නෙමෙයි. මෙවැනි විශේෂ මහාධිකරණයකින් අසන්න ඕනේ පළමු නඩුව මොකක්ද…? මේ රටේ වැඩ කරන ජනතාවට තමන්ගේ විශ‍්‍රාම කාලය සඳහා ලබාදෙන සේවක අර්ථසාධක අරමුදල හොරා කාපු නඩුව තමයි, මේ අධිකරණයේදී මුලින්ම අහන්න ඕනේ. එදා ඩිව් ගුණසේකරගේ කෝප් කමිටුවට ආපු අර්ජුන මහේන්ද්‍රන්, මේ සඳහා තමන්ට උපදෙස් දුන්නේ අගමැති රනිල් කියලා කිව්වා. කෝ ඒ ගැන පරීක්ෂණ…? බැඳුම්කර මගඩිය කියන්නේ, ලෝකයේම තිබෙන විශාලම හොරකම්වලින් එකක්… එයා අද සුදනා වෙලා, අපේ කාලයේ සිද්ධ වෙච්ච දේවල් හොයනවා. බැඳුම්කර ¥ෂණය පැත්තක තියලා, මේ වගේ වැඩක් නැති දේවල් හොයන්නේ, දේශපාලන 
 
 පලිගැනීම් සඳහා මිස වෙන දෙයකට නෙමෙයි. 
 
 ප‍්‍රශ්නය – ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථාවක් සකස් කරමින් සිටිනවා. මේ ව්‍යවස්ථාව සම්මත වුවහොත් රාජපක්ෂලාගේ දේශපාලනය සදාකාලිකවම අතුගෑවී යනු ඇතැයි සමහරු අනාවැකි පළ කරනවා… 
 
 පිළිතුර – අපේ දේශපාලනය අතුගාලා දානවා කියලා, ජනවාරි 19 වැනිදා ඉඳලා, මේ අය කිව්වනේ… කෝ දැන් අතුගාලා දාලා ද…? මේ අයට අද නින්ද යන්නේ නැහැනේ… ?ට හීනෙන් රාජපක්ෂලා දැකලා ඇහැරෙනවා… මේ ව්‍යවස්ථාව සම්මත වුණොත් අතුගෑවිලා යන්නේ ඒකීය ශ‍්‍රී ලංකාව. මේ හදන්නේ මේ රට ෆෙඩරල් කරන්නයි. මේ ව්‍යවස්ථාව සම්මත වුණොත්, එල්ටීටීඊ ඩයස්පෝරාව, ඊළම ගන්නේ, ජනාධිපතිට පෝස්ට් කාඞ් එකක් දාලයි. මේක එතරම්ම භයානක ව්‍යවස්ථාවක්… රනිල් එදා ඉඳලාම මේ වැඬේනේ කළේ… ප‍්‍රභාකරන් එක්ක 
 
 ගිවිසුම් ගහපු අයට මේ රට ෆෙඩරල් කරන එක වැඩක්ද…? රනිල්ගේ ඒ වුවමනාවට මෛත‍්‍රී ඉඩදීලා තියෙන්නේ ඇයි කියලයි අපි අහන්නේ… 
 
 ප‍්‍රශ්නය – විදේශ ආයෝජකයන්ට ඔබ විසින් එක්තරා අවස්ථාවක පැහැදිලි පණිවිඩයක් ලබා දුන්නා ”මේ රටේ ආණ්ඩුව විසින් විකුණන රාජ්‍ය දේපළ ගන්න එපා… අපි යළි බලයට පැමිණි පසු ඒ ගැන සලකා බලනවා’ කියලා. ඒ කතාව තවදුරටත් තේරුම් කර ගැනීම වැදගත්…
 
 පිළිතුර – මම ඒ කතාව කිව්වේ අපේ ප‍්‍රතිපත්තිය මත හිඳිමින්. මේ රටට රාජ්‍ය දේපළ කියන සම්පත උරුම කරලා දුන්නේ, ශ‍්‍රීලනිප ආණ්ඩු… අද රනිල් එක්ක සන්ධාන ගතවෙලා ඒවා පාවා දෙන්නේ ශ‍්‍රීලනිප නායකයා. දැන් බලන්න සිංගප්පූරු ගිවිසුම… ඒක අත්සන් කළේ කැබිනට් එකට දාලා කියලා, මලික් සමරවික‍්‍රම කියනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ගිවිසුමට අත්සන් තබන වෙලාවේ, ජනාධිපති උඩ ඉඳගෙන බලාගෙන හිටියා. මේ වගේ ගිවිසුම් එජාපය අත්සන් කරන කොට උඩ ඉඳගෙන අප්පුඩි ගහන නායකයෙක් ද අපිට ඉන්නේ…? දැන් මේ ගැන හොයන්න කොමිසමක් දාලා තියෙන එක ඇත්ත. ඒත් මලික් කියන්නේ, පසුගිය මැයි මාසයේ ඉඳලා මේ ගිවිසුම ක‍්‍රියාත්මකයි කියලා. මේ වගේ ද්‍රෝහි ගිවිසුම් අත්සන් කරනවා. අපි ගොඩනගපු ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. මේවා මිලදී ගන්න රටවලට මම කියන්නේ, ඕවාට අත තියන්න එපා… තව ටික දවසකින් අපි බලයට එනවා. ඒ ඇවිල්ලා, අපි මේ ජාතික සම්පත් ආයෙමත් ජාතිය සතු කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ ගනුදෙනුවලින් කොමිස් ගත්ත අය ගැනත් පරීක්ෂණ කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress