“ඝරසර්ප” නුතනයට පුදන ආශිර්වාදය ඔබත් ලබන්න.
Posted on August 26th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අද දින මම ඝරසර්ප බැලීමට ගියේ, හිස් මනසකින් යුක්තවය. චිත්රපටය ආරම්භවිය. මම චිත්රපටියක් බලන්නෙක් නොව මේ සිදුවීම් මාලාව අතර අතරමංව මේ මොනවාද සිදුවෙන්නේ යන කුහුලින් යුක්තව සිදුවීම් අතර හිදිමින් සිදුවෙන දේ දකිමින් පසුවුයෙමි. මට තේරුනේ, කිසිදු හිස් බවක් නැති චිත්රයක් අතර මාත් සිටින්නාක මෙනි. විරාමය ලබන මොහොත වන විට මගේ මනසේ සනිටුවහන් වුනේ චිත්රපටය අවසන් වූ බවකි. තවත් මොනවාද කියන්න තියෙන්නේ යන සිතුවිල්ල මා තුල ජනිත වුනි. ඇත්තටම චිත්රපටිය බලා නිමවූ මට ඇතිවූ භක්තිය, මට ඇතිවූ ආකාරයටම චිත්රපටිය බැලීමට පැමිණි සියල්ලන් තුලම ආකාරයෙන්ම සනිටුහන්ව තිබුණි. චිත්රපටිය අවසන් වුවද කිසිවෙක් නැගිටීමට කිසිදු උවමනාවක් නැතිවුන් සේ සිය ආසන වලටම ඈලි සිටීම මා දුටු විශේෂිතම කරුණයි.

ජයන්ත කාන්තාරයේ අතරමංවූ සෑ පිපාසිතයින්ට පිරිත් පැන් කාලයකින් කල සංග්රහයක් සේ මට මෙය දිස්විය. ඇත්තටම මට ඇතිවූ හැගීම් සමුදාය මේ යයි මට කිසි ලෙසකින්වත් විස්තර කරදිය නොහැක. එය දැනෙන හැගෙන දෙයක් බැවින් මිනිසුන් තමන්ම ගොස් මේ චිත්රපටය නරබා වටිනා හැගීම් මාලාවේ රසාස්වාදය විදිය යුතුමය.

මට දැනෙන විදියට ජයන්ත එදා කරුණාසේන ජයලත් ගොළුහදවත ලියා තරුණ පරම්පරාව තුල ජනිත කල ආදරයේ උත්තරීතරභාවය ආකාරයෙන්ම ආදරය නොහදුනන වල්වැදී උන්මත්තකව දගලමින් සිටින වර්තමාන තරුණ පරම්පරාව තුල ජනිත කොට ඇත. එපමණක්ද නොව ජාතිවාදය තරුණ පරම්පරාව අයත් දෙයක් නොවන බවද සනිටුහන් කර ඇත. ඉතා වැදගත්ම සනිටුහන වන්නේ, අප හා දෙවියන්,අප හා යක්ෂයි හා අප හා විශ්වය අතර ඇති අන්තර් සම්බන්ධතාවය ඔපමට්ටම් කර පෙන්වීමයි. ඇත්ත වශයෙන්ම මේ චිත්රපටය මිනිසුන් උදෙසා නිර්මාණය කල චිත්රපටයක් වන අතර, මිනිස් කයක් හා වානර මනසක් උරුම නොදියුණු සත්වයින් සදහා නොවන බවද පැවසිය යුතුමය. ජයන්ත ඇතුළු මේ චිත්රපටයට දායක වූ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමු!

 

One Response to ““ඝරසර්ප” නුතනයට පුදන ආශිර්වාදය ඔබත් ලබන්න.”

  1. aloy Says:

    This is very nice font -easy to read. Hope all Sinhala articles will come out this way.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress