මාගේ නම විකුණන වංචනිකයාගෙන් ප‍්‍රවේසම් වන්න.
Posted on October 2nd, 2018

මාධ්‍ය නිවේදනයයි රොහාන් වැලිවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් 

මාගේ නමට සමාන නමක් ඇති පුද්ගලයෙකු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් අයථා කටයුතුවල නිරතවන බව මා වෙත වාර්තා වී තිබේ. මෙම පුද්ගලයා මාගේ සහ හිටපු ජනාධිපතිතුමාගේ නම භාවිතා කරමින් කප්පම් ඉල්ලීම, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීම හා විවිධ ගණුදෙනු ඇතුළුව නීතිවිරෝධී හා අයථා කටයුතුවල නියැලෙන බව දැනගන්නට ඇත.

ආසන්නතම සිද්ධිය ලෙස අනුරාධපුර ප‍්‍රදේශයේ හිමිනමකගෙන් හිටපු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යැයි පවසා කප්පම් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇත. එම සිද්ධිය සම්බන්ධව මා විසින් හෝමාගම පොලිසියේ අංක ක්‍ෂඊ :2* 359රැු98 අංකය යටතේ පැමිණිල්ලක් කර එය විභාග වෙමින් පවතී.

යම්කිසිවෙකුට තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට යැයි පවසා දුරකථන ඇමතුම් ලබාදුනහොත් හෝ හ`දුන්වාදුන හොත් මාගේ හෝ මාගේ නීතීඥ නිලන්ත විජේසිංහ මහතාගේ 0771500500 දුරකථන අංකයට කතා කොට එම වංචනකියා හ`දුනා ගැනීමට සහයෝගය දක්වන මෙන් සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිමි.
මෙයට,

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්
දු.අ. 0774054198

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress