ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය මාස 5 ට සංචිත ඩොලර් මිලියන 1268 ක් රුපියල ගොඩගන්න දැනට වැයකරලා
Posted on October 5th, 2018

 ඉතා හදිසි වැදගත් පුවත්පත් නිවේදනයි කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතය 2018 අප්‍රේල් සිට සැප්තෑම්බර් දක්වා කාර්තුව තුල ඩොලර් මිලියන 1268 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2018 අප්‍රෙල් මස බැංකුව සතු සංචිත ඩොලර් මිලියන 9015 ක් වූ අතර, එය ඔක්තෝබර් 1 දින ආරම්භය වන විට ඩොලර් මිලියන 7747 දක්වා පහත වැටී ඇත.  ඒ අනුව, මෙම මාස 5 තුල පමණක් රුපියල අවප්‍ර‍මාණය වීම වලක්වා ගැනීම සදහා මහ බැංකුව සිය විදේශීය මුදල් සංචිතය ඩොලර් මිලියන 1268 කින් පහත දමා ඇත.

2018 අප්‍රේල් මස අලුත් අවුරුද්දෙන් පසුව රුපියල අවප්‍ර‍මාණය වීම ආරම්භ වූ අතර, රු. 155.75 සිට රුපියල අවප්‍ර‍මාණය වීම ඇරඹුණි. 

මෙම සතිය පුරාම අඛණ්ඩව ඩොලර් සංචිත පහත වැටීම සිදුව ඇති නමුත්, ඒ පිළිබදව නිශ්චිත සංඛ්‍යා ලේඛන මේ දක්වා ප්‍ර‍කාශයට පත්වී නොමැත.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/

කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

2018 ඔක්තෝබර් 5 සවස 6.00

One Response to “ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය මාස 5 ට සංචිත ඩොලර් මිලියන 1268 ක් රුපියල ගොඩගන්න දැනට වැයකරලා”

  1. Randeniyage Says:

    Central Bank was under Tamils under this government.
    Central Bank was not under a Sinhala Buddhist during previous government.
    ඩොලර් සංචිතය went up a bit when the government collected money by selling Hambantota, but looks like all that 1.3 billion is now in LKR and value dropping.
    By taking huge foreign loans, ඩොලර් සංචිතය can be raised sky high but what is the point ? If that money is not carefully invested to produce more money and when the pay back time comes after grace period , ඩොලර් සංචිතය will be zero and not even in rupees.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress