අධිවේගී විදුලි දුම්රිය අවනඩුව බාරගන්න අල්ලස් හෝ දුෂන කොමිසමේ නිලධාරීන් නෑ කිව්වලූ…. ඉතින් කොහොමද ජනාධිපති හොරුන්ට දඩුවම් කරන්නේ..?
Posted on October 6th, 2018

 Lanka Lead News

දුෂන හෝ අල්ලස් විමර්ශන කොමිසම වෙත අද දින පැමිනෙන ලෙස දන්වා එම කොමොසම විසින් ලිඛිතව සදහන් කර ලිපියක් එවා තිබු බවත් ඒ අනුව අද දින සිලොන් හයිස්පීඩ් රේල්වේස් සමාගමේ සභාපතිනී අනුෂ්කා රේණු මහත්මිය ලිපියේ සදහන් ස්ථානයට නියමිත වෙලාවට BMICH හී පිහිටි දුෂන හෝ අල්ලස් විමර්ශන කොමිසමට වාර්තා කලත් එම ස්ථානයෙන් ජාවත්තේ පිහිටි තවත් ශාකාවක් වෙත යොමු කළ බව අනුෂ්කා රේණු මහත්මිය සදහන් කරයි.

ඒ අනුව ජාවත්තේ පිහිටි එම ශාකාව වෙත ගිය අනුෂ්කා රේණු මහත්මියට එම ස්ථානයෙන් කියා ඇත්තේ අද දින එම පරික්ෂණ බාරව සිටින නිලධාරියා නොමැති බැවින් ඔක්තොම්බර් 12 වන දින නැවත පැමිණෙන ලෙසටයි.

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගෙ නීතියේ ස්වාධීනත්වය උජාරුවට කතා කරන යහපාලනය ආණ්ඩුවේ ස්වාධීනත්වය ගැන ජනතාවට අමුතුවෙන් පැහැදිලි කිරිමට අවශ්‍ය නැත.

මහින්ද රාජපක්ෂලා හොරා කෑවා කියමින් චෝදනා එල්ල කරන යමපාලුවන් වසර 03ක් ඇතුලත සියල්ල පරදවා ඉදිරියට ඇදෙමින් ඇත.එයට කදිම නිදසුන නම් පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කර තිබුනේ මලික් සමරවික්‍රමගේ ගිනුමට ලක්ෂ 5500ක් එනම් කෝටි 15.5 ක් බැර කලේ කවුරුන්ද යන්න අමාත්‍යවරයා තහවුරු කිරිමට අසමත් වීම නිසා රජය විසින් තහනම් කර ඇති බවයි.

හොරුන්ට නැවත ඇමති කම් ලබා දෙන රජයක ජනාධිපතිවරයා ගැන රටේ ජනතාව කෙසේ විශ්වාස තවන්න්ද..?ලෝකේ වටේ ගිහින් පම්පොරි දොඩවා ඇවිත්.රනිල්ගේ අතකොලුවක් ලෙස අල්ලේ නැටවේන ජනාධිපති ගොයම් යායක මැද සිටවා තබන පබයෙකුට අන්තය.

හොරුන්ව ආරක්ෂා කිරීම රටේ ජනාධිපතිගේ වගකීමද…?මහින්ද රාජපක්ෂට වැරදුනේද එම හෙතුව නිසා බව වත්මන් ජනාධිපතිවරයාටද අමතක වී ඇත.

ජනාධිපති කොහොමද හොරුන්ට දඩුම් කරන්නේ..

වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණ මාස තුනක් ගතවන්නට මත්තේන් තම සහොදරයාගේ නමින් මහරගම විද්‍යාකර මාවතේ ඓතිහාසික බොරලැස්ගමුව වැවට මායිම්ව සුවිසල් මාලිගයක් ලක්ෂ 400කට මිලදී ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුනී.

එපමනක් නොව මේ වන විට චතුරිකා සිරිසේන පවා රජයේ ප්‍රචාරන කටයුතු හරහා විශාල මුදල් ඉපයිමක් කරමින් සිටින්නේ පසුගිය රජයේ දැයට කිරුළ වැඩ සටහනින් කෝටී ප්‍රකෝටී ගනන් මුදල් වංචා කළ ප්‍රචාරන ආයතන සමග එක්වෙමිනී.

පසුගිය දා ජල ව්‍යාපෘතියක් ගැන පුරාජේරු කියවන ජනාධිපති එම ව්‍යාපෘතියේ කෙලවර නිර්මාණය කළ බුදුන්ගේ පිළිරුවෙන් පවා මුදල් ගසා ගත්තේ එම රුව නිර්මාණය කිරිමට මාස 09ක් පුරා මහන්සී වූ නිර්මාණ කරුවා එලවා දමා මිරිස්ගල් කොටන්නකු ගෙන්වා නිර්මාණය අවසන් කරමින් ලක්ෂ 126ක් ජනතා මුදල් පිල්ලි ගැසිමෙනී.

ඉතින් කොහොමද ජනාධිපති හොරුන්ට දඩුවම් කරන්නේ..?

රටේ ජනාතව් වෙනුවෙන් රටට ආදය කරන මැති ඇමති වරු දැන් නැත.සියළුම දෙනා තම බඩ ගැන පමනක් සිතන්න උන්‍ ය.

වසර 70ක් තිස්සේ ශ්‍රි ලංකාව පාලනය කර ඇත්තේ වළව් හතරක් විසින්‍ බව ඔබට අප කිව යුතුය.එම වලව් හතර සහ වත්මන් ජනාධිපතිද රටට කළ ලබ්බක් නැත.මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති පමනී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress