මේ නිහඩතාවය සිදුකරමින් සිටින්නේ කුමක්ද?
Posted on October 14th, 2018

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

“ගිනි ගොඩක් තුල මහා සිසිලසක් දැනේ. සිසිලස තුල ප්‍රීති ප්‍රමෝධයෙන් දිවි ගෙවන ජනතාව, තමන් මේ කෙලි ලෝලීන් සතුටු වන්නේ සුනාමියකට පෙර ජලය ඉවත්ව ගිය මහා මුහුදට අයත් භුමි භාගයක බව වටහා ගත යුතුය. නමුත් ජනතාව, මුහුද භුමිය තමන්ට හිමිකරදී පලාගිය බව සිතමින් සතුටු වෙන බවක් මිස මහා සුනාමියක් විත් මේ ජනතාව විනාශ කර දමන බව පිලි ගැනීමට හෝ වටහා ගැනීමට සුදානම් නැත.”

වර්තමාන ශ්‍රී ලංකා දේශපාලන භුමියේ යතාර්ථය එයයි. ඉතිහාසයේ මෙවැනි තත්වයන් රාශියක් අප දැක ඇත්තෙමු. 1818 මහා කැරැල්ල තුල පැවතියේ මහා ජයග්‍රාහි ස්වරූපයකි. ඒ ජයග්‍රාහි ස්වරුපය නිර්මාණය කරන්නේ සතුරා නිවටව පලායන යලි නොඑන දුබලයෙකු නොවන බවයි. නමුත් සත්‍ය වන්නේ, බලවත්කම ඉදිරියේ, පලායාම යනු යලි ශක්තිමත්ව පහරදීමේ පළමු ක්‍රියාදාමය බවයි.

ලෝක ඉතිහාසයේ එංගලන්ත අධිරාජ්‍යට එල්ල කල දැවැන්තම ප්‍රහාරය එල්ල කල 1818 උඩරට කැරැල්ල අවාසනාවන්ත ලෙස පරාජයට බලපෑ ප්‍රධාන කරුණ වුයේද, සටනේ ජයග්‍රහණය විසින් නිර්මාණය කරන ලද මන්දගාමිත්වයයි. මේ මන්දගාමීත්වය කොතරම් හානියක් සිදුකළේද යත්, සතුරාට ඉන්දියාවෙන් හමුදාව රැගෙන විත්, ඌව වෙල්ලස්ස එකම ගිනි ජාලාවක් තුල දවා සියලුම සටන් සගයන් විනාශ කරන තත්වයක් නිර්මාණය කරදීමට තරම් බලවත් විය.

මීලගට අපි මෙවැනි තත්වයක් ප්‍රභලව දකින්නේ, 1988/89 යුගයන්හිදී, රෝහණ විජේවීරයන් ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සිදුකල අරගලයයි. දහවල් ජේ. ආර්. ජයවර්ධන පාලනය කල රට රාත්‍රී කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ පාලනය කරන තත්වයට පත්ව, පසුව මුළු රටේම දහවල් කාලයටත් ඇදිරි නිතිය බලපවත්වන තත්වයට ජනතා විමුක්ති පෙරමුණ බලවත් විය. ඉන් නොනැවතී ඉන්දීය ආක්‍රමණයට එරෙහිව රට පුරාම ඉන්දීය භාණ්ඩ ආනයනය කිරීමේ තහනම්ක්ද, එම භාණ්ඩ අලෙවි කිරීමේ තහනමක්ද පනවා මෙරට පරිපාලනයේ කටයුතුද සිදුකරන තත්වයට බලවත් විය. මේ සිදුවීම සමග ඉස්මතුවූ රාජ්‍යයේ දුබලත්වය ඉදිරියේ, ජයග්‍රාහී මානසිකත්ව සතුරා දුබලව පලායන්නෙකු සේ සිතමින් නිර්මාණය කල මන්දගාමීත්වය විසින්. සතුරාට බලවත්ව, 1818 ඌව වෙල්ලස්සේ සිදුකල දෙයට සමානම් ආකාරයට මෙරට සියලුම සටන්කාමි තරුණයන් ටයර් සෑ මත දවා හළු කරලන්නට තරම් බලවත් විය.

ඉතා මෑත භාගයේදී සිදුවූ ඉතා අවාසනාවන්තම සිදුවීම් මාලාව වුයේ 2009 මයි මස 19 වෙනිදායින් පසුවය. යුද්ධය ජයගත්හ. ප්‍රභාකරන්ද මරා දැමුහ. ලැබුවා වූ ජයග්‍රහණය විසින් සතුරා දුබලය, ඌට යලි කිසිදා නැගිටිය නොහැක යන මානසිකත්වය නිර්මාණය කොට සතුරාට එරෙහිව සටන නවතාලීම විසින් “යහාපාලනය” නිර්මාණය කොට යුධ ජයග්‍රාහණය කලවුන්ට හා රටට එරෙහි ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. අද බැට කන්නේ, යුද්ධය ජයග්‍රහණය උදෙසා සටන මෙහෙයවුවන්ය. මොවුන් සියල්ලක්ම මරා විනාශ කර දමන තුරු සතුරා සටන අත් නොහරින බව අප සැම වටහා ගත යුතුව ඇත. ලෝකයේ සෑම තැනකම සතුරා විසින් කල දේ අපට නොකරනු ඇතැයි යන මිත්‍යාවේ නොගිලි සිටීමට අප වග බලාගත යුතුය.

වර්තමාන සටන පවතින්නේ මුළු රටම පාලනය කරන කොටි සංවිධානය හා මෙරට දේශප්‍රේමී කදවුර අතර සටනයි. වෙනසකට ඇත්තේ එදා ප්‍රභාකරන් කැලෑව තුල සිට කල කි දෑ දේ අද මෛත්‍රිපාල හා රනිල් සුසංයෝගය මනාව රජගෙදර හා අරලියගහ මැදුරේ සිට සිදු කිරීමයි. මේ සටනෙද තීරණාත්මක අවධියකට අප අවතීර්ණව සිටිමු. තව දුරටත් මේ සුසංයෝගයට ඉදිරියට යා නොහැකි අර්බුදයකට රට පත්ව ඇත. අප මේ දෙස අප ජයග්‍රාහි මානසිකත්වයෙන් බලා සතුටින් සිනා සිසි සිටීමට තරම් මන්ද මානසිකත්වයකැට පත් නොවී මේ ගෙවී යන කාලය ඉතාම භයංකර කාල වකවානුව ලෙස සලකා, සතුරාට යලි නොනැගිටින ලෙස නිල බලා පහරදී විනාශ කල යුතුය. මේ කාර්යය කිරීම සදහා දිව්‍ය වරමින් නිර්මාණය කර ඇති පුද්ගලයෙක් අප අතර සිටි. ඒ මහන්ද රාජපක්ෂයන්ය.

ඔහුට හඩගා කීමට දිව්‍ය මන්තරයක්ද ඇත. ඒ,

“ජනතාවෙනි,

මේ තීරණාත්මක අවස්ථාවේදී, අප එකා වන්ව මේ පුණ්‍ය භුමිය නිදහස් කර ගැනීමට දායක විය යුතුය. එබැවින් මේ එළඹෙන නොවැම්බර් මාසය, මේ දුර්දාන්ත රජය පලවා හරින මාසය ලෙස අදිටන් කරගන්න.

ඔබ සැම එකාවන්ව මේ මාසය තුලදී ඔබ තුල ඇති ශක්තිය ලොවටම විදහා දක්වන්න සුදානම්වන්න.

  1. පිටරටවල් සිටින කිසිවෙක් කිසිදු මුදලක් මේ මාසය තුලදී මේ රටට එවන්න එපා.

2.කිසිම මනුෂයෙක් මේ මාසය තුලදී කිසිදු ලොතරැයි පතක් මිලදී ගන්න එපා.

3.කිසිම මනුෂයෙක් මේ මාස තුලදී කිසිම ගනු දෙනුවක් මේ පවතින රජය හෝ රජයට අනුබද්ධ ආයතනයක් සමග කරනු එපා.

4.කිසිම බැංකු තැන්පතුවක් සිදු කරනු එපා.

  1. ඔබ සතු මුදල් මේ මාසයට පමණක් බලපාන ආකාරයට බැංකුවලින් ඉවත් කරගන්න.

ඔබ සැමට තිසරණ සරණයි.”

මේ මන්ත්‍රය මහා බලගතුය. එතුමා නොමතුරුවොත් 1818දි මෙරට දේශප්‍රේමී ජනතාවට සිදුවූ දෙයම ඊට අවුරුදු 200කත පසුවද ඒ ආකාරයෙන්ම සිදුවිමට ඉඩ තිබේ.

 

3 Responses to “මේ නිහඩතාවය සිදුකරමින් සිටින්නේ කුමක්ද?”

  1. Hiranthe Says:

    Idea is good but I don’t think Mahinda will do it.

  2. Vaisrawana Says:

    My for one, Hiranthe, believe that Mahinda will be able to find an unfailing democratic way to topple the foreign installed yahapalana regime. It won’t be easy with traitor Ranil at the helm. All patriots in the country must forget their various disagreements and rally round one leader to pull it back from the precipice that it is teetering over. Let’s read Pandithage’s piece with Shenali Waduge’s “Professor Channa Jayasumana’s shocking revelation……”.

  3. Vaisrawana Says:

    Oh, sorry. I wanted to say “I for one…………..”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress