ඉඩම් වලින් නිදහස් කළ හැකි සියළුම ඉඩම් දෙසැම්බර් මස 31 වෙනිදාට පෙර නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන්ට බාර දීමට කටයුතු කරයි
Posted on October 16th, 2018

දිනසේන රතුගමගේ

ආරක්ෂක අංශ විසින් යාපනය දිස්ත්‍රික්කය තුළ තවමත් භාවිතයට ගෙන ඇති ඉඩම් වලින් නිදහස් කළ හැකි සියළුම ඉඩම් දෙසැම්බර් මස 31 වෙනිදාට පෙර නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන්ට බාර දීමට යාපනයේ ආරක්ෂක අංශ කැමැත්ත පලකොට තිබේ.

ආරක්ෂක අංශ හා රජයේ වෙනත් පිරිස් විසින් තවමත් ප්‍රයෝජනයට ගනිමින් සිටින යාපනයේ ඉඩම් වලින් නිදහස් කළ හැකි ඉඩම් පිළිබදව කරුණු සාකච්ඡා කිරීමට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේදී 16 දා සවස පැවති විශේෂ රැස්වීමේදී මේ තීරණය ගෙන තිබේ.

උතුරේ ජනතාවට අයත් ඉඩම් වලින් ලබා දිය හැකි සියළුම ඉඩම් ලබන දෙසැම්බර් මස 31 වෙනිදාට පෙර සොයා ඒවා බාරදීමට කටයුතු කරණ ලෙස ජනාධිපතිවරයා සිදු කොට ඇති නියෝගයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සියලුම වගකිවයුතු නිලධාරීන් වෙත ලිපියක් යවමින් මේ කටයුත්ත පිළිබදව  ප්‍රමුඛත්වය ලබා දෙන මෙන් දැණුම් දී තිබේ.

ඒ අනුව  කරුණු සාකච්ඡා කිරීමය යාපනය දිසාපති කාර්යාලයේ පැවති මෙම විශේෂ සාකච්ඡාවට යාපනයේ සියළුම දේශපාලනඥයින්ද,යුද,ගුවන්,නාවික හමුදා ප්‍රධානීන්ද යාපනයේ ආයතන ප්‍රධානීන්ද සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress