නිසි සොයා බැලීමකින් තොරව රුධිර ප්ල්ස්මාව මගින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන ලකුණු
Posted on October 21st, 2018

Ravi Kumudesh President – Sri Lanka Society for Medical Laboratory Science

රුධිර පරිත්‍යාගශිලින්ගෙන් ලබා ගන්නා අතිරික්ත රුධිර කොටස් අපනයනය කිරීමේදී ඒවා මිලදී ගනු ලබන ආයතන හි සදාචාරාත්මක භාවිතය පිලිබදව සොයා නොබැලීම මගින් ශ්‍රී ලංකාවේ සසුඛ්‍ය සේවාව බරපතල අපකීර්තියකට ලක්විය හැකි බව සෞඛ්‍ය වෘත්තියවෙදින්ගේ විද්වත් පර්ෂදය පෙන්වාදෙයි. එම විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් පෙන්වාදෙනු ලබන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාවේ රුධිර කොටස් මිලදී ගැනීමට ඉල්ලුම් කර ඇති සමහර ආයතන වලට  කෘතීම රුධිරය කලවම් කිරීම වැනි සදාචාරාත්මක හා නිත්‍යානුකුල නොවන භාවිතාවන් පිලිබදව ජාත්‍යන්තර පරීක්ෂණ පවතින බවයි.

කෙසේ නමුත් මේ පිලිබදව වාර්තාවීමෙන් අනතුරුව 2018.08.27. දින ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊ පිළිබද විදිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අදාල බලධාරින් දැනුවත් කර ඇති නමුත්, මේ වන විටත් ඒ සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම පර්ෂදය විසින් වැඩිදුරටත් පෙන්වාදෙන ලදී.  සෞඛ්‍ය ඇමතිවරයා විසින් නියෝග කරන ලද පරීක්ෂණය කල් දමා, රුධිරය අපතේ යාම වැලැක්වීම සදහා ගනු ලබන හදිසි තීරණයක් ලෙස පෙන්වා දෙමින්, චෝදනා සහිත ආයතනයකට රුධිර කොටස් විකිනිමේ වෑයමක් පවතින බවට තම සංගමය සැකකරන බව සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වාදෙන පරිදි, ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකයේ බොහෝ රටවල ශරීර කොටස් විකිණීම තහනම් ක්‍රියාවක් වන අතර ඒවා ලබාදිය හැකි වනුයේ පරිත්‍යාග වශයෙන් පමණි. රුධිරය යනු රොගී අවශ්‍යතාවය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන ජිවී සංගටකයක් වන බැවින් හදිසි අවශ්‍යතාවයන්හිදී පරිහරණය කිරීම සදහා පරිත්යාගශිලින්ගේ රුධිරය එකතු කර තැන්පත් කර ගැනීම සිදුවේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුල මෙලෙස එකතු කර අතිරික්ත රුධිර කොටස් අපනයනය කරැණු ලබන අතර කාලාන්තරයක් තිස්සේ ඉන්දියානු සමාගම් කිහිපයක් විසින් තරගකාරී මිලකට ඒවා මිලදී ගනු ලබයි. ඉන්දියාව වැනි රටවලින් ඉතා අඩු මුදලකට මිලදී ගනු ලබන මෙම රුධිර කොටස් මගින්, විවිධ නිෂ්පාදන සිදු කොට ඉතා වැඩි මුදලකට බටහිර රටවලට විකිණීම සිදුවේ. කෙසේ නමුත් මිනිස් රුධිරය සදහා කෘතීම නිපදවූ සංගටක හා සත්ව රුධිර කොටස් එක කිරිමී ජාවාරම් පිළබදව ලෝක අහාර හා ඖශධ අධිකාරීන්හි දැඩි අවධානය යොමු වී ඇති අතර, එවන් ව්‍යාජ නිෂ්පාදන මගින් කිසියම ජීව විද්‍යාත්මක ව්‍යසනයක් සිදුවුවහොත් ඊට අදාල රුධිරය අපනයනය කර රට චෝදනාවට ලක්වීම නොවැලැක්විය හැක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress