වවුනියාව ඇතුළු බොහෝ ප්රිදේශවල වැසියෝ රතිඤ්ඤා දල්වමින් ඔවුන්ගේ සතුට පළ කොට සිටියහ.
Posted on October 26th, 2018

දිනසේන රතුගමගේ

මහින්ද රාජපක්ෂ මහතා  අග්‍රාමාත්‍යධුරයට පත්වීමත් සමගම වවුනියාව ඇතුළු බොහෝ ප්‍රදේශවල වැසියෝ රතිඤ්ඤා දල්වමින් ඔවුන්ගේ සතුට පළ කොට සිටියහ.

නගරයට දුර බැහැර පළාත්වල වැසියෝ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් වූ බව දැන ගන්නා විට බොහෝ සෙයින් රෑ බෝවී තිබුණද ඔවුන් සිය සතුට පළ කිරීමට රතිඤ්ඤා සොයමින් නගර වෙත පැමිණෙමින් සිටිණු දක්නට ලැබුණි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පුවත දැනගැනීමත් සමගම හිස් වැසුම් පවා නොමැතිව යතුරු පැදිවලින් පෙළපාලි යාමට ගිය විශාල පිරිසක්  පොලීසිය විසින් ආපසු හරවා යවා තිබේ.

පොලීසිය සදහන් කළේ ඔවුන්ගෙන් විශාල පිරිසක් බීමතින් සිටි නිසා ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිතා මේ තීරණය ගත් බවයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන්  දිවුරුම් දීමත් සමගම වවුනියාවේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයන් වලටද විශාල පිරිසක් පැමිණ සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress