අපවිත්‍ර ජලය යොදාගෙන ආහාර සැකසීමෙන් වැලකෙන ලෙස වවුනියාවේ සියළුම හෝටල් හා ආපනශාලා හිමියන්ට දැණුම් දේ
Posted on October 27th, 2018

දිනසේන රතුගමගේ

වර්ෂා කාලයේදී ආහාර පිසීමේදී සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිසීමට පියවර ගන්නා ලෙස වවුනියාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දා වවුනියාවේ සියළුම හෝටල් හා ආපනශාලා හිමියන්ට දැණුම් දී තිබේ.

අපවිත්‍ර ජලය යොදාගෙන ආහාර සකසන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු පැමිණිල්ලක් මත අදාල ආපන ශාලාව පරීක්ෂා කිරීමේදී එම ආපනශාලාවේ  ආහාර පිසීම කිසිදු අයුරකින් පිරිසිදු නොමැති බව එම නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

මේ පිළිබදව පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව අපවිත්‍ර ලෙස ආහාර පිසින ලද ආපනශාලාව වසා දැමීමට පියවර ගෙන යළි විධිමත් මුළුතැන්ගෙයක් සැකසීමෙන් පසුව ආහාර පිසීමට ඉඩ ලබා දෙන මෙන් සෞඛ්‍ය බලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැණුම් දී තිබේ.

අනතුරුව වවුනියාවේ බොහෝ හෝටල් හා ආපාන්ශාලා පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට  සිදුව ඇති අතර එම පරීක්ෂාවේදී ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ වර්ෂාව පවතින අවස්ථාවේදී පිරිසිදු තත්ත්වයෙන් ආහාර පිසීමක් බොහෝ ආපන ශාලාවල හා  හෝටල්වල සිදු නොවන බවයි.

ඇතැම් හෝටල් හිමියන් එලවලු මස් මාලු බිම දමා අපවිත්‍ර ජලයෙන් සෝදමින් සිටි බැවින්  ඔවුන් සියළු දෙනාටම දැඩි සේ අවවාද කොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ තිබේ.

යළීත් දින තුනකට පසුව මේ සියළුම හෝටල් හා ආපන ශාලා පරීක්ෂාවට ලක් කරණ බවත් එම පරීක්ෂාවේදී හෝටල් හිමියන් හා ආපාන් ශාලා හිමියන් තවදුරටත් අපිරිසිදු ලෙස ආහාර පිසින්නේ නම් ඔවුන්ට එරෙහිව නීති මගින් පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress