පැල වර්ග ලක්ෂ පහක් සිටුවීමේ ව්යා පෘතියක් යුදහමුදාව මගින් ආරම්භ කරයි
Posted on October 27th, 2018

දිනසේන රතුගමගේ

මන්නාරමේ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් මේ වසර අවසන් වීමට පෙර මන්නාරමේ පාසල් හා පොදු ස්ථාන වල පැල වර්ග ලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක් යුදහමුදාව මගින් ආරම්භ කොට තිබේ.

මන්නාරම යුද හමුදා සේනාංක විසින් ආරම්භ කොට ඇති මේ වැඩ සටහන සදහා දායකත්වය මෙන්ම නායකත්වයද යුද හමුදාව විසින් දරණ අතර පාසල් සිසුන් ඊට සහභාගි  කරවාගෙන තිබේ.

පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පාසල් සිසුන් හට අවබෝධ කරවීම සදහාත් ගස් කොළං නිසා පරිසරයට ලැබෙන ආලංකාරය ඇතුළු  ප්‍රයෝජන පිළිබදව ප්‍රායෝගිකව ඔවුන්ට දැණුමක් ලබා දීම සදහාත් මේ වැඩ සටහන ක්‍රියාත්මක කොට තිබේ.

යුද හමුදාව විසින් ආරම්භ කොට ඇති මේ ව්‍යාපෘතියට අමතරව මන්නාරම දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාද පැල සිටුවීමේ ව්‍යාපෘති කීපයක්ම ආරම්භ කොට තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress