හැකිනම් අතුරු සම්මත ගිණුම පරාජය කර බහුතරය පෙන්වන්න
Posted on October 27th, 2018

බිඟුන් මේනක ගමගේ

පාර්ලිමේන්තුව නැවත රැස් වුූ පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබන බවත් එය පරාජයට පත්කොට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කීය.

මෙම බල හුවමාරුව ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් යැයි රනිල් වික්‍රමසිංහ මහතා නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කී හෙතෙම එය තනිකරම දේශපාලන සටනක් බවත් එහි අරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුව සියතට ගැනීම බවත් අවධාරණය කළේය.

දේශපාලන ගැටුමක් නීති ප්‍රශ්නයක් හැටියට අර්ථකතනය නොකරන්නැයි ඉල්ලා සිටින බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂ විසින් කොළඹ පදනම් ආයතනයේදී අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්ෂය කළේ ජනාධිපතිවරයා පාවිච්චි කරගෙන ප්‍රතිවාදියා පරාජය කිරීම බවත් තම පාර්ශ්වය ද මෙම අවස්ථාවේ පාවිච්චි කළේ එම උපායමාර්ගයම බව ද නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය

One Response to “හැකිනම් අතුරු සම්මත ගිණුම පරාජය කර බහුතරය පෙන්වන්න”

  1. Ananda-USA Says:

    According to Vasudeva, it is merely DO UNTO as DONE UNTO politics as usual!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress