‘‘ජාත්‍යන්තර සම්බාධක කතා බොරු..‘‘ රාජිතගේ ප්‍රකාශය පුස්සක් කරමින් විද්වත්හු කියති
Posted on October 31st, 2018

Lanka Lead News

ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම් රටවල් දැනට කරමින් සිටින මැදිහත්වීම් ශ්‍රී ලංකාවට හිතවත්ව සිදුකරන මැදිහත්වීම් බව දේශපාලන විචාරක මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතා පවසයි.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය,කැනඩාව වැනි රටවල් මේ ආකාරයේ බලපෑම් කරන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ට පාලනය කළ හැකි තත්ත්වයක තබා ගැනීම්ට බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකාවට එරෙහි මෙම අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කිසියම් යෝජනාවක් ඉදිරිපත් වුවද එවැනි යෝජනාවක් පවා සම්මත නොවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය .

ඒඅනුව සම්බාධක පිළිබඳ මතු කරන බිය ජනතාව මුලා කිරීමක් බව පැවසූ මොහාන් සමරනායක මහතා නිවැරදි විදේශ ප්‍රතිපත්ති මගින් ජාත්‍යන්තර අභියෝග ජයගත හැකි බවද කියා සිටියේය.

ආණ්ඩු පෙරළියත් සමග ශ්‍රීලංකාවේ ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තරය විසින් සම්බාධක පැනවීමට කටයුතු කරන බවට හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සමරනායක මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress