අයි.ටී.එන්. සේවකයන්ගේ වැඩ තහනම් කිරීම හා මාධ්‍ය මර්ධනය නවතනු,
Posted on January 2nd, 2019

ලලිත් පියුම් පෙරේරා ලේකම් යුක්තියට හඬක්

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවු ආණ්ඩු පෙරළියත් සමගම රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි පාලනාධිකාරීන් විසින් සිදුකළ දුෂණ, වංචා සහ අක‍්‍රමිකතා රැුසක් අනාවරණය විය. එක්සත් ජාතික පක්ෂ නැවතත් බලයට පැමිණීමත්් සම`ගම එ.ජා.ප රජය සමයේ චෝදනාවන්ට ලක් වූ සභාපතිවරුන් ප‍්‍රමුඛ පාළනාධිකාරිය රජයේ මාධ්‍ය ආයතනවල වැඩ අරඹා තිබේ.

මේ අතරතුර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හිටපු පාළනාධිකාරිය එම මාධ්‍ය ජාලයට අයත් ස්ථාවර තැන්පතු මුදලින් රුපියල් කෝටි 64 ක් ලබා ගෙන අනවශ්‍ය ලෙස වියදම් කොට මුල්‍ය අක‍්‍රමිකතාවක් සිදු කර ඇතැයි යන චෝදනාවත් සම`ගින් සේවකයින් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට යොමුව තිබේ.
එවැනි පරිසරයක නව වසර උදාවත් සම`ග ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ දුෂණ වංචාවන්ට විරුද්ධ සේවකයන් 13 දෙනකුගේ වැඩ තහනම් කෙරිනි. තවත් සේවකයන් 40 දෙනකුට ආසන්න පිරිසක් වැඩ තහනමට ලක්කිරීමේ සූදානමක් ඇති බවද පැවසෙයි.

වැඩ තහනමට ලක් වු ස්වාධීන රූපවාහිනී සේවයේ සේවකයන් 13 දෙනා වහාම ක‍්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවන ලෙසත් සේවක මර්ධනය වහා නවතන ලෙසත් අප අවධාරණය කරමු.

එමෙන්ම ස්වාධීන රුපවාහිනී සේවයේ සිදුව ඇතැයි කියන මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද දැඩිව අවධාරණය කරමු.

ලේකම්
ලලිත් පියුම් පෙරේරා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress