දැන් තියෙන්නේ සුමන්තිරන්-රනිල් ආණ්ඩුවක්
Posted on January 5th, 2019

සංවාදය  අනුරාධා හේරත් උපුටාගැණීම  මව්බිම

විපක්‍ෂ නායක ධුරය සම්බන්ධ ප්‍රබල ගැටලුවක් පැනනැඟී තිබෙනවා. කවුද විපක්‍ෂ නායක?

ඇත්තටම විපක්‍ෂ නායක වෙන්න ඕනෑ වැඩිම මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් නියෝජනය කරන පක්‍ෂයේ නායකත්වය දරන පුද්ගලයා.

ඒ ඔබද?

ඔව්. ඒ මම.

පසුගිය දින 50කට අධික කාලය තුළ රටේ අගමැතිවරු දෙදෙනකු හිටියා. දැන් විපක්‍ෂ නායකවරු දෙදෙනෙක්. ආර්. සම්පන්දන් පවසන පරිදි ඔහුයි විපක්‍ෂ නායක?

සම්පන්දන් මෙහෙය වනවා සුමන්තිරන්. සම්පන්දන් ගියා. නමුත් සුමන්තිරන් තමයි ආපහු එයාව ගෙනැල්ලා නැවත තිබ්බේ. මේක එතැන කුමන්ත්‍රණයක් විතරක් නෙමේ. මේක පැහැදිලිව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් ගෙන යන ව්‍යාපාරයක්.

ඔබ කියන ආකාරයට සම්පන්දන් මහතා මෙහෙයවන ප්‍රබලයා රනිල් වික්‍රමසිංහද?

රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම සම්පන්දන්ව මෙහෙයවනවාද සම්පන්දන් රනිල්ව මෙහෙයවනවද කියලා ගැටලුවක් තියෙනවා. මොකද සුමන්තිරන් නම් රනිල් වික්‍රමසිංහ මෙහෙයවනවා කියලා අපි දන්නවා.

එ.ජා.ප.යෙ රටට අහිතකර කිසිම පනතකට ඔබ ඡන්දය දුන්නේ නැහැ. ඒ නිසා ඔබ විපක්‍ෂ නායකකමට සුදුසු චරිතයක් නොවෙයි කියලා පිරිස් චෝදනා කරනවා. මේ තර්කය ඔබට බැහැර කරන්න පුළුවන්ද?

මම වුවමනා වෙලාවට වුවමනා තැනදී වුවමනා දේ කරලා තියෙනවා.

මම ඔබට උදාහරණ කිහිපයක් කියන්නම්, සිංගප්පූරු ගිවිසුම, හම්බන්තොට වරාය ගිවිසුම්වලදී මහින්ද රාජපක්‍ෂ ඊට එරෙහිව ඡන්දය දුන්නේ නැහැ.

ඒවට එරෙහි සටන මෙහෙයවූයේ මමයි. නායකත්වයක් දෙනවා හෝ මෙහෙයවීමක් කරනවා හැර හැමදේම කරපු යුගය පැන්නා. එක්තරා කාලයක් තිබුණා මහ පාරේ ඉඳගෙන කරපු සටනක්. දැන් ඒකට අපේ පක්‍ෂයේ තරුණ මන්ත්‍රිවරු ඕනෑ තරම් ඉන්නවා.

ඔබේ පක්‍ෂය මොකක්ද?

මං ආවේ ශ්‍රීලනිපයේ සාමාජිකයෙක් වශයෙන්. ශ්‍රී ල.නි.ප ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරයෙක් පක්‍ෂයේ හිටියා නම් එයා ජීවිත කාලය පුරා අනුශාසකවරයෙක් ලෙස පත් කරනවා. මාව අස්කරනවා නම් වෙනම පිළිගන්න ඕනෑ. මාව අස්කරලා නෑනේ. එවිට මම ශ්‍රීලනිපයේ යාවජීව සාමාජිකයෙක්.

එතකොට ඔබ නියෝජනය කරන්නේ පොදුජන පෙරමුණ ද?

ශ්‍රීලනිපය එ.ජා.ප.ය සමඟ ආණ්ඩුවකට බැඳුනයින් පස්සේ අපි විපක්‍ෂය වශයෙන් ඉන්න පක්‍ෂයෙන් අවසර අරන් තියෙනවා. පක්‍ෂ සභාපතිගෙන් ඒ ගැන මන්ත්‍රිවරු ඇහුවා. ඉතින් අපි විපක්‍ෂයෙන් නායකත්වය අරන් වැඩ කරන කොට අනිවාර්යෙන්ම ඒ කණ්ඩායමට නියෝජනයට පක්‍ෂයක් හැදෙන්න ඕනෑ. ඒ අනුව පක්‍ෂයක් හැදුණා. ඒකෙ සාමාජිකත්වය අරන් නැහැ තවම.

ඔබ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් බව ප්‍රසිද්ධියේ කිව්වා. ඔබේ ඊඹඪබබඥප ගිණුමේ පවා සඳහන් වුණා. දැන් එය එසේ නෙවෙයි කියන්නේ කොහොමද?

නැහැ. ඔක්කෝම සාමාජිකත්වය ඊළඟ මැතිවරණයේදී ගන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. අපිට තරග කරන්න පක්‍ෂයක් තියෙන්න ඕනෑනේ. ඔය කාලේ ආණ්ඩුව විසුරුවා හැරියා. විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ලෑස්ති කළා. ඒකට සූදානම් වීමක් වශයෙන් තමයි අයැදුම්පත්‍රයක් පිළිබඳ කතා වුණේ. මම සාමාජිකත්වය ගන්නවා කියලා කිව්වොත් ආපහු මට එය දෙන්නත් එපායැ පක්‍ෂයෙන්.

ගහපු ගේම වැරදුණු තැන ඔබලා මෙවැනි ප්‍රකාශ කරන බවයි ප්‍රබල චෝදනාව?

අපිට ආරාධනාවක් ආවයින් පස්සේ ශ්‍රීලනිපයේ සභාපතිගෙන් ආණ්ඩුවක් පිහිටුවන්න කියලා අපි ඒක භාරගත්තා. එච්චරයි වුණේ. ඉතින් ඒක සාර්ථක හෝ අසාර්ථක වීම පිළිබඳව කරන්න දෙයක් නැහැ. යම් යම් හේතු මත ඒ අර්බුද තවම තියෙනවා.

ඔක්තෝබර් 26 වුණේ පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් බවට ලේබල් වැදී හමාරයි?

ඇත්තටම ඒක කුමන්ත්‍රණයක් නෙමෙයි. කුමන්ත්‍රණ කියන්නේ ඔහොම නෙමෙයිනේ. පක්‍ෂයක එකට ඉඳලා හවුල අයින් වුණා. හවුල අවුරුදු දෙකකට තිබුණේ. ඊට පස්සේ හිටියේ බෝනස් පීරියඩ් (Bonus Period) එකක. එවිට ඒ අය ඒ ගිවිසුමෙන් ඉවත් වුණා. ඉවත් වුණාම ජනාධිපතිවරයාට වැඩිම ඉන්න කණ්ඩායම එක්කාසු කර ගත්තා. එවිට ඒ ආරාධනාව කළා.

26 සිද්ධිය ගත්තාම එක්කෝ ඔබ මෛත්‍රිගේ ගැටයට අහුවුණාද? නැතිනම් දෙන්නම එක් වෙලා ගහපු ගැටේට දෙන්නාගේම ගෙල සිරවුණාද?

මම හිතන්නේ දෙන්නම ගැට ගැහුවේ නැහැ. මං විශ්වාස කරන්නේ ඒක ගැටයක් නෙමෙයි.

එතුමාට ඉන්න බැරිම තත්ත්වයක් ඇති වුණානේ. මොකද මෛත්‍රිපාල සිරිසේන කියන්නේ ශ්‍රීලනිපයේ හිටපු ලේකම්වරයා. මම 1970 ගණන්වල ඉඳලා අඳුරනවා. එතුමාට දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති හා රටේ දේපළ විකුණනකම් බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. නායකයා වශයෙන් ඒ මොහොතේ එතුමා ඒවා අනුමත කරන්න ඇති. ඒත් ප්‍රතිපත්තිය ඉස්මතු වුණා. මැතිවරණයකට ගියා නම් ප්‍රතිඵලය බලන්න තිබුණා.

අවාසනාවන්ත ලෙස මැතිවරණය පැවැත්වීම නීති විරෝධීයි කියලා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ගත්තා. අපි ඒක පිළිගන්නේ නැහැ. නමුත් තීන්දුව පිළිගන්න සිද්ධ වෙනවා අපිට ඒක හරියි කියලා. අපිට අභියාචනා කරන්න හැකියාවක් නැහැ.

නමුත් ශේ‍ර්ෂ්ඨාධිකරණය දීලා තියෙන්නේ ව්‍යවස්ථාව කැඩූ බවට තීන්දුවක් මිස මැතිවරණයක් ගෙන ඒමට නීති විරෝධියි කියලා නොවෙයි නේද?

ඕකේ තර්ක දෙකක් තියෙනවනේ. අපි ඉදිරිපත් කරපු මතය පිළිගත්තේ නැහැ. තීන්දුව මම සම්පූර්ණයෙන් කියෙව්වේ නැහැ. නමුත් 19 වැනි සංශෝධනය අනුව එම තීන්දුව දුන්නා කියලා තමයි තීන්දුව දීලා තියෙන්නේ. අනිත් ඒවා පිළිබඳව අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒ ගැන අපිට ප්‍රශ්න තියෙනවා.

19 වැනි සංශෝධනයට එදා සරත් වීරසේකර මහතා හැර ඔබේ කණ්ඩායම අත ඉස්සුවා. අද එය විවේචනය කරනවා?

එවිට මං ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. පක්‍ෂයක් ලෙස ගත් තීන්දුවක් එයට පැමිණ තිබෙනවා.

ඔබේ කණ්ඩායම 19 වැනි සංශෝධනය කියවන්නේ නැතිව ද එදා අත ඔසවා තිබෙන්නේ?

ඒ වෙලාවේ රටේ තිබිච්ච තත්ත්වය තමයි බලපෑවේ. මම පැරදිලා මම පක්‍ෂයෙන් අස්වී පක්‍ෂය භාර දීලා එවිට මෛත්‍රිපාල මහතා යම් තීන්දුවක් අරන් කණ්ඩායමට කිව්වම ඒ කාරණයට විරුද්ධ වෙන්න හැකියාවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒක ගැඹුරට එක්කෙනෙක්වත් කියෙව්වද කියලා මං හිතන්නේ නැහැ.

කෙසේ නමුත් ඔබලාට අනුව එදා ඔබේ පක්‍ෂයේ සිට ඔබව පාවා දීලා එළියට ආ මෛත්‍රිපාල සිරිසේන අතින් මෙවැනි වගකිව යුතු ධුරයක් භාර ගන්න තරම් ඔබට ඔහු කෙරේ තිබුණ විශ්වාසය මොකක්ද?

මම දන්නවනේ මෛත්‍රිපාල ඔය මොන වැඩ කළත් අවසානයේ එතුමා දේශපාලනයේ ගත්ත තීන්දුව පැත්තකට විසි කරන්න බෑනේ. අපිට අහක දාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ ඒ වෙලාවේ.

ඔබේ පක්‍ෂයේ ජේ‍යෂ්ඨයෙක් වන වෙල්ගම වැනි මන්ත්‍රිවරුන් මීට ප්‍රබල විවේචන එල්ල කරද්දි ඔබ ඊට ඇහුම්කම් නොදුන් එක ගැන අද පසුතැවෙනවද?

එතුමා නොයෙක් දේවල් ගැන කියනවනේ. ඒක ඉතින් එයාගේ මතය. එච්චරයි.

ඔබේ ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කළේ මාස දෙකකට අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටු වූ බව. නමුත් ඔබට අවශ්‍යව තිබුණේ අගමැතිකම තියාගෙන මහ මැතිවරණයකට යෑම නේද?

නෑ. මම භාරගන්නකොටම කිව්වා මම මේක භාරගන්නේ මැතිවරණයක් සඳහා යන්න කියලා. භාරගන්න ඉස්සරවෙලත් මම ප්‍රකාශ කළා.

ජනතාවට සහන මලු දෙන පොරොන්දු පිට ජනතාවට කප්පම් දීලා ඡන්ද ගොඩ වැඩි කරගන්න ඔබලා ලොකු උත්සාහයක යෙදුණා නේද?

ඡන්ද ගොඩ වැඩි කරන්න නෙමේ. අපි දැක්කා පුදුම විදිහට පටවා තිබ බදු බර. අපි දැක්කා තෙල් බැරලයක්. ඇ.ඩො. 28ට 29ට යද්දී තෙල්වල විශාල මිල ගණනක්නේ තිබුණේ. ඒ සහනය ජනතාව අතට දුන්නේ නැහැ. එතකොට කෝටි ගණනක්, මිලියන ගණනක් ලාබ ලබමින් අවුරුදු 3කටත් වැඩිය ගෙනිච්චා.

ඔබ තුන්වරක් තෙල් මිල අඩු කළේ එය ජනතාවගේ ප්‍රබල අවධානයට යොමු වන නිසා නේද?

නෑ. මට ඕනෑකම තිබුණා සහන දෙන්න පුළුවන් කම තියෙද්දී ජනතාවට එය දෙන්න. දැනුත් තෙල් මිල අඩු කරන්න පුළුවන්කම තිබෙනවා. මේ අය හැමදේටම බදු ගැහුවනේ. ව්‍යාපාර කඩා වැටුණා. රස්සාවලින් මිනිස්සු ‍ෙදාට්ට දැම්මා. ලක්‍ෂ හතරහමාරකට, පහකට වැඩියි. සමහර ඒවා වාර්තා වෙලත් නැහැ. ආපු ගමන් මේ අය සංවර්ධනයට ඕපඥචඬ ගැහුවා. මං හිතන්නේ ධ්ර්ජ් එක කියපු හැම කාරණයක්ම මේ අය ඉටු කළා.

දැන්වත් ජනතාවගේ පැත්ත බලන්න ඕනෑ. මේ මැතිවරණ කාලයක් නිසා ඉදිරි අය-වැය ජනතාවට පුළුවන් තරම් සහන දෙන අය-වැයක් වෙයි කියලා මං විශ්වාස කරනවා. ජනතාවට මේ අවුරුද්දේ අනිවාර්යෙන් සහන දීලා පුළුවන් නම් දිනාගත්තොත් ඊළඟ අවුරුද්දේ ඒ ටික ආයෙමත් කපන්න පුළුවන්. ඒ අයගේ මානසිකත්වය තියෙන්නේ එතැන. නමුත් ඒක වැරදියි. ජනතාව හැමදාම රවට්ටන්න පුළුවන් කියලා ඒ අය හිතනවා නම් වැරදියි ඒක.

විවිධ කඩාවැටීම්වලට මුහුණ දී තිබූ එ.ජා.ප. ප්‍රමුඛ ආණ්ඩුව අයවැය හරහා පරදවන්න හැකියාව තිබියදී 26 සිද්ධියට ආණ්ඩු පෙරළීමට යෑම අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?

නෑ. ඒ වෙලාවේ අය-වැය පරද්දන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. යම් යම් සිද්ධි නිසා අර්බුදය හරහා මේ අයගේ යම් එකතුවීමකුත් තිබුණා. නැත්තේ නැහැ.

ඒ එකතුවීම්වලට බලපෑ කරුණු මොනවාද ඔබට හැඟෙන විදිහට?

අපි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම තුළ මේ අයගේ එකතුවක් ඇති වුණා කියලයි මං හිතන්නේ. ඒක තමයි අපිට මුල් වුණේ. ආපහු අපි ශ්‍රීලනිපත් විපක්‍ෂයත් අතර නැවත එක්වීමක් වුණේ.

ඒ එකතු වීම සමඟද ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප. 16ක් විපක්‍ෂයට අරගෙන ගොඩ වැඩි කරගන්න පෙලඹුණෙත්?

යූ.එන්.පී. එකතු වීමක් වගේම ශ්‍රීලනිපයත් විපක්‍ෂයත් එකතු වුණා. ඒ ඇවිත් ශක්තිමත් පක්‍ෂයක් බවට පත් වුණා.

ඒ ශ්‍රීලනිපයෙන් ආපු 16 කණ්ඩායම ජනාධිපතිවරයාගේ හඬට ඇහුම්කන්දී පැමිණි බවයි කිව්වේ. ඔබත් එතැන මැදිහත්කරුවකුව සිටියද එදා?

නෑ. ඒ අය ඇවිත් අපි එක්ක කතා කළා. අපි ගත්තා. එහි හිටපු කට්ටිය නම් වශයෙන් සඳහන් කරන්න ඕන නෑ.

ඔබ සෘජුවම පැවැසුවා පින් අගමැතිකම් භාරගන්නේ නැහැ කියලා. අන්තිමට භාරගන්න වුණෙත් එවැනි අගමැතිකමක් නේද?

ඇත්ත වශයෙන්ම. මේක පින් අගමැතිකමක් කියන්න බෑ. අපිට තනතුරක් දෙනකොට අපි හැම වෙලාවේම සූදානම් වෙලා ඉන්නේ ආණ්ඩුව පෙරළන්න. ඒ පෙරළපු එකේ නායකත්වය දෙන්න වුණා.

ඔබ සහ කණ්ඩායම අවස්ථා කිහිපයකදී කිව්වා පෝය දෙකෙන් ආණ්ඩුව පෙරළන බව?

ඒක හරියටම කළා. තව පෝයක් ඉස්සරහට තියනවා. මං කිව්වේ වෙසක් පෝය කියලා. තව එක වෙසක් පෝයක් ඉස්සරට තියෙනවා.

ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදීත් ආණ්ඩුව පෙරළනවා කිව්වා. මෑතක ඔබම කිව්වා පෙරළිය හැකි පළමු තත්පරේදීම ආණ්ඩුව පෙරළන බව. මේ ප්‍රකාශවලින් ජනතාව අන්දවන වැඩක් නේද සිදු වෙන්නෙ?

නෑ. ඇන්දවෙන්නෙ නෑ. ජනතාවට අපි පෙන්නුවනේ. දැන් අපි කරපු ප්‍රකාශ බොරුද. පෝය දෙකෙන් පෙරළනවා කිව්වා. පෙරළුවා. තව පෝයක් තියෙනවා ඉස්සරහට.

ආණ්ඩු පෙරළන කතා මොකක් වුණත් අන්තිමට වුණේ පාර්ලිමේන්තුවෙන් විස¼දා ගන්න තිබූ ප්‍රශ්නයක් අධිකරණය හරහා ඓතිහාසික නඩු තීන්දුවක් සමඟ විස¼දා ගැනීමට සිදුවීම. ඔබට ඒ ගැන යම් අදහසක් නැති වෙන්න බැහැ.

මුලින් කිව්වා වගේ එය නඩු තීන්දුවක් ලෙස පමණක් පිළිගන්නවා. ඒකට අපිට අභියාචනා කරන්න හැකි වෙනම අධිකරණයක් තිබුණා නම් පුළුවන් ඉක්මනින් අපි එතැනට යනවා.

විශ්වාසභංගයක් හරහා ආණ්ඩුවක් පෙරළිය හැකි බව ඔබ දන්නවාද?

පෙරළන්න පුළුවන්. වෙලා තියෙන්නෙ අපි හරියට දැනගන්න ඕනෑ අපිට කොච්චර ඉන්නවාද කියලා. ඒ අවබෝධය තියාගෙන තමයි යන්න ඕන. සාමාන්‍යයෙන් විශ්වාසභංගයකින් ආණ්ඩු පෙරළෙන්නෙම නැහැ. එයින් තේරෙන්නෙ රටේ ජනතාව ආණ්ඩුව ගැන දැනුවත් කිරීමක්.

නමුත් නොවැම්බර් 13, 14 විශ්වාසභංග දෙකක් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒ මොහොතේ අගමැති ධුරයෙන් ඉවත් නොවී සිටි නිසා නේද ප්‍රශ්න උග්‍ර වුණේ?

අපිට නඩු තීන්දුව දුන්නට පස්සේ රැඳී සිටීමේ සදාචාර අයිතියක් නැහැ. එවිට මා යා යුතුයි.

පිරිසක් කියනවා රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම වැරැදියි කියලා. කොටසක් කියනවා මහින්ද රාජපක්ෂ අගමැති කළ එක වැරැදියි කියලා. ඒ ගැන අදහස මොකක්ද?

ඒකෙන් හොඳින් පැහැදිලියිනේ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවත් ඒක කියලා. ඒක ඒ අයගේ මතය. නමුත් අපි බැලිය යුත්තේ ජනතාවගේ මතය. මම ඒ ධුරය භාර නොගත්තා නම් අනාගතයේ එන අය වැයෙන්වත් මිනිස්සුන්ට සහනයක් ලැබෙන්නේ නැහැ. එදා ඒ පෙන්වපු මඟ පෙන්වීමෙන් තමයි අද මේ තත්ත්වය හරි තියෙන්නේ. බඩු මිල පහතට දාන්න ගත් පියවර හින්දා තමයි මේ අය-වැයෙනුත් ඒක එන්නෙ.

සංවර්ධනය වෙනුවෙන් ගමට සල්ලි ගියේ නෑ. දැන් ඔන්න ඒ සල්ලි යන්න පටන් ගන්නවා. මේකෙ අතුරු ප්‍රතිඵල ජනතාවට ලැබෙනවා. මොකද මේ අය ගමක් ගැනවත් හිතුවෙ නෑනේ. ඒ වෙනුවට ගමේ ඉන්න හැම මිනිහෙක්ගෙන්ම බදු අය කළා.

113 බහුතරය ඔබලාට හදාගන්න හැකියාව තිබෙද්දී ඔබේ පාර්ශ්වයේ ඇතැම් අයගෙන් ඒ දායකත්වය දුන්නෙ නෑ කියලා ඔබ කඳවුරෙන්ම විවේචන එල්ල වුණා. ඇයි එහෙම වුණේ?

නෑ ඒක වැරැදියි. ශ්‍රීලනිපයේ යම් කණ්ඩායමක් ප්‍රසිද්ධියේ කියලා තිබුණා අපි තවම මහින්ද රාජපක්ෂ එක්ක ආණ්ඩු පිහිටුවනවාද නැද්ද කියලා තීරණය කර නෑ කියලා.

කියන ගමන්ම අරලියගහ මන්දිරයේ යම් යම් සාකච්ඡා ඇතිවුණා. ඒක දැනගත්තාම ආණ්ඩු පක්ෂයේ සිට අපට එන්න හිටපු කට්ටියත් දුර්මුඛ වුණා.

එහෙම නැතිව එන්න සිටි කට්ටිය එක එක්කෙනා ගත්තෙ නෑ කියන එක නෙමෙයි. එහෙම එන්න පිරිසක් හිටියා. කට්ටියක් මක්කම ගියානේ. සමහරු මක්කම ඉඳලත් මට කතා කළා. ඒ අතරතුරදි යම් යම් සිද්ධි වගයක් වුණා. කථානායකවරයාට මන්ත්‍රිවරයෙක් ගිහින් කියලා තිබුණා විපක්ෂයට හතර දෙනෙක් එනවා පුටුව තියන්න කියලා. මේ වගේ ආරංචි මං හිතන්න ජනාධිපතිතුමාටත් ආවා. මං හිතන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හරින එක තමා වඩා හොඳ කියන තීන්දුවට ආවා.

ඒ එන්න හිටියා කියන අය කවුද?

නෑ. මං කියන්න කැමති නෑ. පිටරට ඉඳලා කතා කරපු ඒ අයත් කිව්වා ආපු ගමන් ඔබතුමා සමඟ එක්වෙනවා කියලා.

ඒ එන්න නියමිතව සිටි අය රඳවා ගන්න යම් මුදල් සංසරණයක් සිදු වුණා කියලා ඔබ හිතනවාද?

සමහර විට. මං එහෙම චෝදනාවක් ඉදිරිපත් කරන්න කැමති නෑ මන්ත්‍රිවරයකුට. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. සමහර විට එය කතාවකුත් වෙන්න පුළුවන්.

නැති අගමැතිකම් ගන්න ගිහින් අන්තිමට මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රිකමටත් තට්ටු වෙන්න යන්නෙ කියලා මතයක් තිබෙනවා?

මේකනේ. සම්පන්දන්ට විපක්ෂ නායකකම නැති වුණේ අගමැති එක්ක ආණ්ඩු පිහිටුවන්න ගිහින්නේ. සම්පන්දන්ලාගේ පිහිටෙන් ආණ්ඩුවක් පිහිටුවපු පළමු වතාව මේක. මෙතෙක් කල් එවැනි දෙයක් වෙලා තිබුණෙ නෑ. එවිට මේ ආණ්ඩුව ටී.එන්.ඒ.+යූ.එන්.පී. ආණ්ඩුවක්. දැන් දේශපාලන වශයෙන් ගත්තොත් සුමන්තිරන්-රනිල් ආණ්ඩුවක්. ඒ දෙගොල්ලන්ගෙ කුමන්ත්‍රණයක්.

දැන් නව අණ්ඩුවක් පිහිටුවා තිබුණත් ජනපති මෛත්‍රි ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ඇති චෝදනාව තවම පවතිනවා. ඔබත් නීතිඥවරයෙක්.

විධායක ජනාධිපති කෙනෙක්. ව්‍යවස්ථාව කැඩුවේ යැයි කියා ඔහුට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට යා හැකිද?

නෑ. මෛත්‍රිපාල මැතිතුමාට එරෙහිව උසාවි ගෙන යන්න බෑ ඔහු මොන ආකාරයකින්වත්. ඒක හින්දනේ නීතිපතිවරයාට විරුද්ධව නඩුව දාලා තියෙන්නේ.

පසුගිය කාලය තුළ ඔබේ කණ්ඩායම මැතිවරණවලදී හොඳ ඡන්ද පදනමක් දේශපාලන ගමනක පෙරනිමිත්තක් පෙන්නුවා. ඒක නේද මේ උස්සලා පොළොවේ ගැහුවේ?

නෑ නෑ. ඔයා බලන්නකො ඊළඟ මැතිවරණය කොහොමද කියලා. දැන් පළාත් සභා මැතිවරණයක් පුළුවන් නම් තියලා පෙන්නන්න කියන්න. එතකොට අපේ බලය අපි පෙන්නන්නම්. ඔක්කොම හිතුවේ ශ්‍රීල.නි.ප.යත් අපිත් අතර තරගයෙන් ඡන්ද කැඩෙනකොට යූ.එන්.පී.යට බොහොම වාසියි කියලා. නමුත් ඒක බොරුවක් කියල ඔප්පු වුණා. හැම ප්‍රතිඵලයක්ම තිබුණෙ ඊට වඩා වෙනස් විදියට.

ඔබේ ආණ්ඩුව පෙරළන්න බටහිර තානාපති කාර්යාලවල බලපෑම් සිදුවුණා කියලා ඔබ විශ්වාස කරනවද?

ඇත්ත වශයෙන්ම ඒක බොහොම පැහැදිලිව අපි දැක්කානේ. කථානායක ගැලරියෙ හැසිරුණු ආකාරය කොයි ආකාරයෙන්ද කියලා අපි දැක්කා. ඡන්දය විමසන වෙලාවට අත්පුඩි ගහපු හැටි, උඩ පැනපු හැටි, කැමරා අරන් ගිහින් පින්තූර ගහපු හැටි. මේ සියල්ලම සිදුවුණානේ ඒක ඇතුළෙ. ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ අය කොහෙද හිටියෙ කියලා.

ඒ කියන්නෙ බටහිර රටවල බලපෑම මෙතැනට මැදිහත් වුණා කියලද?

මැදිහත් වීමක් සිදුවුණා. මං හිතන්නෙ ඒ අය ගෙනාපු ආණ්ඩුව. මාව පරද්දන්නත් ඒ අය මැදිහත් වුණානේ. සමහර රටවල් මාව පරද්දන්න මුදල් වියදම් කළා කියලා පිළිගත්තා. කාට වියදම් කළාද කියන එක වෙනම කතාවක්. ඒ අය ප්‍රසිද්ධියේම ඒක කිව්වා. එහෙම අය මේ ආණ්ඩුව රැකගැනීමේ වගකීමකුත් තියනවා කියලා හිතන්න ඇති.

2015 ජනාධිපතිවරණයේදීත් ජාත්‍යන්තර බලපෑම සිදුවූ බව ඔබ කියනවා. ඇත්තටම සිද්ධ වුණේ වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයකට යෑම නේද ඔබට වැරදුණ තැන?

ඊට පස්සෙ මම ගියා නම් සමහර විට මට ගඩාෆිට කරපු වැඩේ මේ අය මට කරන්න තිබුණා. ඒ කුමන්ත්‍රණය ඊට වඩා දුරදිග ගිහිල්ලා මාව ඝාතනය කිරීමේ තත්ත්වයකට පවා එන්න ඉඩ තිබුණා. රට තුළ වෙනත් කුමන්ත්‍රණයක් වෙන්න ඉඩ තිබ්බා.

හොඳට හිටපු මහින්ද රාජපක්ෂ විනාශ වුණේ වටේ හිටපු කිහිපදෙනෙක් නිසා කියලා චෝදනාවක් තියෙනවා. එහි යම් සත්‍යතාවක් තිබෙනවා නේද?

නෑ නෑ. මොන පිස්සුද?

හැබැයි ඉතින් ඔය කියන කට්ටිය ගැනත් බලන්න ඕනෑ. කවුද මේ කියන්නෙ කියලා. විනාශ වෙන්නෙ කාගෙ කාගෙ උපදෙස් එක්කද කියන එක ගැන.

තිබුණු ආණ්ඩුව පෙරළුවා කියනවට වඩා එය මහින්ද – මෛත්‍රි එකතු වෙලා බලහත්කාරයෙන් පැහැර ගත්තා කියලා චෝදනාවක් කළොත්?

නෑ. විපක්ෂයේ තියෙන වගකීම මොකක්ද? විපක්ෂය බලය ලැබුණු ගමන් තියෙන ආණ්ඩුව පෙරළලා බලය ගන්න එක. ඒක තමා අපේ වගකීම. නැත්නම් විපක්ෂය වාඩිවෙලා ආණ්ඩුවට බොරුවට එළියෙ බැනලා පාර්ලිමේන්තුවේ අත උස්සලා ආණ්ඩුව රැකගන්න එක නෙවෙයිනෙ. අද විපක්ෂයේ ඉන්න සමහර දේශපාලන පක්ෂ කරන්නෙ ලොකුවට බනිනවා. වේදිකාවේ වීරයන් වෙලා. අපිටනෙ වැඩිහරියක් බනින්නෙ. හැම කතාවකම 75%ක් ඉන්නෙ රාජපක්ෂලා. හැබැයි 25%යි අනෙක් අයට බනින්නෙ. ඒ බැනලා පාර්ලිමේන්තුවට ඇවිත් ඒ අය ආරක්ෂා කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව නැවත කරළියට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා පැවසුවා බැඳුම්කරවලින් බිලියන 1,000ක පාඩුවක් සිදුව තිබෙන බව.

වත්මන් ආණ්ඩුව යටතේ සිදුවූ බැඳුම්කර පාඩුව රුපියල් බිලියන 11යි. එතකොට ඉතිරි බිලියන 989ම අයත් වෙන්නෙ ඔබේ පාලන සමයට?

නෑ තවම ගණන් හදලා නෑනේ. මහ බැංකු අධිපතිත් කියලා තිබුණේ තවම ගණන් හදලා නැහැ කියලා. අපි බලාගෙන ඉන්නවා ගණන් හදනකම්.

නමුත් මේ චෝදනාව සම්බන්ධයෙන් එවකට හිටපු මුදල් ඇමැති ලෙස ඔබ සෘජුව වගකිව යුතුයි නේද?

අපිට වගකීමක් තියෙනවා අපේ කාලේ එහෙම සිද්ධියක් වුණා නම්. එහෙම සිද්ධියක් වුණේ නෑනේ. එවැනි වංචාවක් සිදු වුණේ නෑ. අපි බොහොම පැහැදිලිව කියනවා. මං හිතන්නෙ අජිත් නිවාඩ් කබ්රාල් බොහොම පැහැදිලිව ඔය ප්‍රශ්නෙට උත්තර දීලා තියෙනවා.

පසුගියදා (1දා) අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන දෙදෙනා ඇප මත නිදහස් කරනවා. මින් පෙන්නුම් කරන්නෙ කුමන ආණ්ඩුව පැමිණියත් තමන්ගෙ අයව ආරක්ෂා කිරීමක්ද?

මගේ හැඟීම අවුරුද්දක් නඩුවක් පැවරීම සිදු කරන්නෙ නැත්නම් ඒක අසාධාරණයි. ඒ නඩුව පවරන්න තිබුණා. නඩුව පැවරීම කළා නම් රිමාන්ඩ් එකේ ඉන්න එක සාධාරණයි. නඩුව පැවරීමෙන් ඇතිවන තත්ත්වය වෙනස්.

නඩුවක් පවරන්නෙ නැත්නම් චෝදනාවක් මත අනෙක් විත්තිකරුවො ගැන ප්‍රශ්න කරන්නේ නැතිව තියනවා නම් ඒක සාධාරණද?

අර්ජුන් ඇලෝසියස් පෞද්ගලික සමාගමක හිමිකරුවෙක්. ඔහු මෙහි වංචාවකට සම්බන්ධ වූ නමුත් රටට වගකිව යුතු පාර්ශ්වය ගැන ඔබ මොකද හිතන්නේ?

අද වගකිව යුතු පාර්ශ්වයට නඩු නැහැ. මේ අය ලාභ ලබන්න බිස්නස් එකක් කළා. අනවශ්‍ය ලාභ ලැබීමක් කළා. එය වැරැදියි. ඒක වෙනම කතාවක්. නමුත් ආණ්ඩුව වුවමනාවෙන්ම ඒ අයට නඩු පැවරුවෙ නෑ. නඩු පැවරුවා නම් ඇප ලැබෙන්නෙ නෑ.

මීට සෘජුවම වගකිව යුත්තා අගමැති රනිල් වික්‍රමසිංහ බව එජාපය හැර අනෙක් වගකිවයුතු දේශපාලන පක්ෂ චෝදනා කරනවා. නමුත් බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසමේ ඔහුගෙ නම සඳහන් නැහැ.

කොහොමද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ?

මං හුඟක් වෙලාවට චෝදනා ඉදිරිපත් කරන්නෙ නැති බව ඔබත් දැකලා ඇති. අනවශ්‍ය චෝදනා මං කෙනෙක්ට එල්ල කරන්නෙ නැහැ. අපි චෝදනා කරනවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනෑ. හැබැයි සැකයේ වාසිය ඒ විත්තියට ලැබෙනවා. නමුත් මං විශ්වාස කරනවා දේශපාලනඥයෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මීට වගකියන්න ඕනෑ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට මෙතෙක් නොහැකිවෙලා. ඊට එරෙහිව නැඟූ ඔබ පාර්ශ්වයේ සටනක් දැන් අඩපණ වෙලා නේද?

බලපෑම් කිව්වට අර බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක්නේ මේ ආණ්ඩුවට මේවා කියන එක.

නමුත් විපක්ෂයේ කාර්යභාරයක් නේද එවැනි බරපතළ කාරණාවක් සම්බන්ධව මැදිහත් වීම. ඒ සටන අත්හැරලද?

නෑ. නෑ. ඒ සටන ගෙනියනවා. අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ උදාහරණ මේ ආණ්ඩුවට දාන්න පුළුවන්.

ඒ වගේම ජනාධිපති මෛත්‍රි පත්කළ බරපතළ වංචා පිළිබඳ මූල්‍ය විමර්ශන කොමිසමේ පැමිණිලි 33න් ඔබ හා ඔබේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම ඔබේ සමීපතමයන් කිහිප දෙනෙක්ට බරපතළ චෝදනා සහිත පැමිණිලි තිබෙනවා.

ඒවට ගත් ක්‍රියාමාර්ගයකුත් නෑ නේද?

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කොමිෂන් 2ක් පත් කළා. කොමිෂන් 2 පත් කළාම ඉන් එක කොමිසමක මෙතුමට වාර්තාව දෙන එක විතරයි තියෙන්නෙ. අනෙක් එක ඊට වඩා වෙනස්. බැඳුම්කර කොමිසම වෙනත් ආකාරයක්. එතකොට මේකෙදි විත්තිකාරයන්ගෙන් ප්‍රශ්න කළේවත් නැහැ. ගෙන්නුවේවත් නෑ. නිකම්. අපේ එකේදී බොහොම පැහැදිලිව අන්තිමට කිව්වා ධ්ඊව් එකෙන් මට සල්ලි ගෙවන්න ඕනෑ කියලා. මං වැරැදිකාරයා කරලා. ඔය වගේ කොමිෂන් දානවා දේශපාලන වුවමනාවන් ඉටුකර ගන්න. දේශපාලන වුවමනාවෙන් කෙනකුට පහර ගහන්න පුළුවන් නම් ඔය වගේ කොමිසමකුත් දානවා. ඒකෙන් ඒ වෙලාවෙ වුණේ දේශපාලන වුවමනාවක් ඉටුකර ගැනීම විතරයි.

ඒ කියන්නෙ මේ ජනාධිපති කොමිසම පත් කිරීම ගැන ඔබ ජනපති මෛත්‍රිට චෝදනාවක් එල්ල කරනවා?

නෑ. ඒ කොමිසම අනුව ඒ වෙලාවේ ඒක තමයි කරන්න තියෙන්නෙ. මං පිළිගන්නෙ නෑ. ඒ කොමිසමේ වාර්තාව පිළිගන්න අපි සූදානම් නැහැ. ඒ කොමිසමට නඩුකාරවරු තුන්දෙනෙක් දාලා කළේ.

ඒත් මං පැහැදිලිව කියනවා ඒ කොමිසම සාධාරණක් ඉටුකළේ නෑ කියලා.

මෑතකදී ජනාධිපතිවරයාම ප්‍රකාශ කළා පසුගිය රනිල් වික්‍රමසිංහ පුමුඛ ආණ්ඩුවේ වංචා දූෂණ හොයන්නත් කොමිසමක් පත්කරන බව. ඒකත් ඔබ ඔය කියන ආකාරයේ කොමිසමක් බවට පත්වෙයිද?

මං කියපු කොමිෂන් දෙකේ ස්වභාවයන් දෙකක්. මේකට නියම එකක් පත් කළොත් හොඳයි.

ඔබ පසුගිය කාලේ කිව්වා ඔබ වටේ වැරැදි කරපු පිරිසක් සිටියා කියලා. අදත් ඔවුන් ඔබ ළඟද?

ඒ අය අද මේ ආණ්ඩුව වටේ ඉන්නවා.

ඔබේ දේශපාලනයට සිදුවූ ප්‍රබල ගැටලු සමඟ ඔබට හිතෙන්නෙ නැද්ද මේ මේ පුද්ගලයන්ගෙන් ඉවත් විය යුතු හොඳම මොහොත එළඹිලා කියලා?

දැන් ඒ අය නෑ. ඉවත් වෙලා. පරදිනකොට ඒ අය ඉවත් වෙනවා. සාමාන්‍යයෙන් මං එය පළපුරුද්දෙන් දැකලා තියෙනවා. මං දිනලා තියෙනවා. පැරදිලා තියෙනවා. මගේ තාත්තා දිනලා තියෙනවා පැරදිලා තියෙනවා. තාත්තගේ කාලේ ඉඳන්ම ඒ අත්දැකීම මං විඳලා තියෙනවා. ඉතින් දිනුම පැරදුම මට මහා දෙයක් නොවේ. අගමැතිකමක් ලැබුණද අනෙක් දෙයක් ලැබුණද ඒක දැන් මට ලොකු දෙයක් නෙවෙයි.

ඔබ නැවතත් අගමැතිකම් ලොකු නැහැ කියන කාරණය මතු කළා. හැබැයි මෙවර නම් මහින්ද රාජපක්ෂ තමන්ගෙ අගමැතිකම රැකගන්න දන්න දහං ගැට ඔක්කොම යෙදුවා කියලා ජනතාවට ඒත්තු ගැන්නුවා නේද?

ආණඩුවක් පිහිටෙව්වාම ඒ ආණ්ඩුව රැකගැනීමේ වගකීමක් තියෙනවනේ. ඒක රැකගන්න යම් යම් දේ අපි ක්‍රියාත්මක කළා. නැත්තේ නෑ. හැබැයි මම එකම ඇමැතිවරයකුටවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකුටවත් කතා කරලා මෙහාට එන්න කියලා කියලා නැහැ. මට දුරකථනයෙන් සමහරු කතා කළා.

රට ෆෙඩරල් කරන ව්‍යවස්ථාවක් පෙබරවාරි 4ට පෙර මන්ත්‍රි සුමන්තිරන් විසින් ගෙන ඒමට නියමිත බවට ප්‍රචාරයක් යනවා.

ඔබ පරිණත දේශපාලනඥයෙක් හැටියට මම අහන්නේ එවැනි ව්‍යවස්ථාවක් සිතෙන මොහොතක පාර්ලිමේන්තුවට ගෙන ආ හැකිද?

ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ ක්‍රමවේදයක් තියෙනවානේ. ආවට ගියාට ව්‍යවස්ථාවක් සම්මත කරන්න පුළුවන්කමක් නෑ. සුමන්තිරන්ට 4 වැනිදා ඤඥචඤ තඪදඥ එකක් දීලා මේක කරන්න ඕනෑ කියලා කිව්ව පළියට රනිල් වික්‍රමසිංහ මහත්තයා කරයිද මම දන්නෙ නෑ.

නමුත් ඒක සම්පූර්ණම වැරැදි වැඩක්. මොකද මේ ව්‍යවස්ථාව මුලදි හදනකොට අවුරුදු 2ක් කොල්වින් ආර්. ද සිල්වා ව්‍යවස්ථා මණ්ඩලයක් ඇති කරලා කරපු එකක්. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන වෙනස්කම් ඇති කළේ ඒ නීති විශාරදයෝ එක්ක එකතු වෙලා. අද මේ නිකම් කට්ටිය එක්කහු වෙලා දානවා ෆෙඩරල් ක්‍රමයක් අර ක්‍රමයක් කියලා. මං දන්නෙ නෑ පිටරටින් හදනවා කියලා සමහරු චෝදනා කරනවා. මේ ව්‍යවස්ථාවේ සමහර වෙනස්කම් ඕනෑ වෙනවා. නැත්තෙ නෑ.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් තිබෙනවාද?

මං හිතනවා සංශෝධන අවශ්‍ය වෙයි කියලා. නව ව්‍යවස්ථාවක් වැඩක් නෑනේ. ඒක කරනවා නම් පිළිවෙළකට කරන්න ඕනෑ. නිකම් කාට හරි කොමිටියකට දීලා, ව්ට්ර්ණී කාරයකුට දීලා ව්ට්ර්ණී එකට ඕනෑ විදියට ව්‍යවස්ථා හදන්න ඉඩ දෙන්න බෑ.

ඔබ රටේ යුද්ධය අවසන් කළ නායකයා. නමුත් රට ෆෙඩරල් කිරීම, උතුර නැඟෙනහිර වෙන් කිරීම වැනි ප්‍රකාශ දෙමළ ජාතික සන්ධානයෙන් මෙන්ම ඔබේ පාර්ශ්වයෙනුත් මතු කරනවා.

මෙවැනි බිල්ලන් මැවීම – රටට බරපතළ අනතුරක් නේද?

සුමන්තිරන් මේවා ප්‍රසිද්ධියෙ කියනවනේ. බොරු චෝදනා නෙවේනේ මම දකින ඇත්ත තමයි මේවා. උතුරේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නෑ. දේශපාලන වුවමනාවන් තියෙන කිහිපදෙනෙක්ගේ අවශ්‍යතාවක් පමණයි. දැන් බලන්න ඊව්ඒ එක විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට සහාය දුන්නා.

දැන් විපක්ෂයේ ඉඳලා රනිල් වික්‍රමසිංහ අගමැති කරලා ආණ්ඩුව පිහිටුවීමට උදවු කළා. ඉතින් ඒකට මුළු රටක් පවාදෙන්න ඕනැද? උතුරේ ගම්වල එක සංවර්ධනයක් ඇති වුණාද? කිසිම දෙයක් කෙරුණේ නෑ. ඒ හින්දා තමයි සංවර්ධන අමත්‍යාංශ කියලා අරගෙන රනිල් වික්‍රමසිංහ මේ අයට භාර දෙන්න හදන්නේ ටික දවසකින් උඹලා උතුර සංවර්ධනය කරපල්ලා කියලා.

සම්පන්දන්් හෝ සුමන්තිරන් කුමන ප්‍රකාශයක් සිදු කළත් දැනට සිදු වෙන්නේ ව්‍යවස්ථා සම්පාදනයක් පමණයි. මෙවැනි ප්‍රකාශ කිරීම වැළැක්විය යුතු නැද්ද?

එයාලා කියන ඒවා පුවත්පත්වලින් එළියට එනවනේ. ඒ අය උතුරේ හදන්නෙ ජාතිවාදයක් අවුස්සාගෙන මේ වැඩපිළිවෙළ ගෙනියන්න තමන්ගේ දේශපාලන බල වුවමනාව මත. මං හිතන්නේ මිනිස්සු ඒක අනුමත කරන්නේ නෑ. උතුරේ මිනිස්සුන්ට ඕනෙ නෑ වෙනම රාජ්‍යයක් පිහිටුවන්න. මෙයාලට වෙන සටන් පාඨයක් නෑ. සුමන්තිරන්ලා, සම්පන්දන්ලා ජාතිවාදය වැපිරීම අද සටන් පාඨයක් කරගෙන. ඒකෙන් සමහරු යැපෙනවා.

ඩයස්පෝරාවෙන් යැපෙන පිරිසක් බවට පත් වෙලා.

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලනිපය හැදුවා කියලා ඉතිහාසගත වුණා. හැබැයි දැන් ශ්‍රී ලනිපයෙන්ම චෝදනාවක් එනවා මහින්ද රාජපක්ෂට ඕනෑ ශ්‍රී ලනිපය විනාශ කරලා පොහොට්ටුව උඩට ගන්න කියලා?

මං ඒ චෝදනාව බැහැර කරනවා. ඕක බණ්ඩාරනායකලා විතරක් නෙවේ හැදුවේ. ඩී.ඒ. රාජපක්ෂ මගේ පියා, මුලින්ම පක්ෂය අත හැරලා ආවෙත් ඒ දෙන්නා. ඒ කට්ටිය එකතු වෙලා හදපු දේශපාලන පක්ෂයනෙ ශ්‍රී ලනිපය. ඒ ඉතිහාසය අපි පිළිගන්නවා. නමුත් පක්ෂය යම් වැරැදි තීන්දුවක් ගත් වෙලාවකදී එජාපය සමඟ නැවත එක්කාසු වීම තුළ අපිට සිදුවුණා ඒකෙන් අෑත් වෙන්න. මොකද බණ්ඩාරනායක මහතා එජාපයෙන් අයින් වුණේ නැවත එජාපයට බැඳෙන්න නෙවේ නේ.

ඒ විරසකතාව තවම තියෙනවා කියලද ඔබ කියන්නේ?

දැන් අපි එක කණ්ඩායමක් වශයෙන් නැවත ඉන්නවා. ඒක කට්ටියම පිළිගත යුතුයි. සමහරු ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් ඇති ඇමැතිකම් නැති වුණා කියලා වේදනාවෙන්. ඒක එයාලගේ පෞද්ගලික ප්‍රශ්නයක්.

නාමල් කුමාර නමැති පුද්ගලයා ප්‍රභූ ඝාතන සැලසුමක් ගැන හෙළි කළ සිද්ධියෙ උණුසුම් තත්ත්වයකට පැමිණ තිබෙනවා. ප්‍රභූ ඝාතන සැලසුමකට වඩා දැන් ඉස්මතුව තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික තොරතුරු. මේක රටේ නීතිය සමඟ කරන සෙල්ලමක් බවට පත්වෙමින් නේ පවතින්නේ?

දැන් බලන්න ලස්සනම කතාව. සාමාන්‍යයෙන් පැමිණිලිකරුවෙක් පැමිණිල්ලක් දැම්මාම විත්තිකරුට විරුද්ධව සම්පූර්ණ සාක්ෂි මෙහෙයවීම් යනවා. මම රහස් පොලිසියෙ වැඩ කරන අයගෙන් දන්නවා. ඒ අය වැඩ කරන්නෙ සැකකාරයෙක් දුන්නම සැකකරයා වැරැදිකාරයා කරන්න. ලෝකෙ තියෙන පිටු ගණන් ලියනවා. ෆයිල් ගහනවා. පරීක්ෂණ කරලා සැකකාරයා හිර කරන්න තමයි හදන්නේ.

නමුත් මේකෙ වෙනසක් වෙලා තියෙනවා. මේ චෝදනාව ආවම පැමිණිලිකාරයගේ වගතුග තමයි දැන් සොයන්නේ. දැන් පැමිණිලිකාරයා විත්තිකාරයා වෙලා. නාමල් කුමාර අද විත්තිකරුවෙක් වෙලා. මෙයාගේ ඛ්පඥඤඪඡඪතඪබර එක බලන්න. ඒ නීතිඥවරයට අවස්ථාව තියෙනවා. එය පැමිණිල්ලට අදාළ නෑ. මේක මොකක් හරි වසන් කර ගැනීමට තමයි මෙවැනි දෙයක් වෙන්නේ මං හිතන හැටියට. යම්කිසි ඝාතන සැලසුමක් තිබෙනවා නම් එය හෙළිදරව් කිරීම වැළැක්වීමේ ප්‍රයත්නයක් තමයි මං මේ ආණ්ඩුවෙන් දකින්නේ.

ඔබට තිබෙන තවත් ප්‍රබලම චෝදනාවක් තමයි මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට බොහෝ තැන්වල ප්‍රබල චෝදනා එල්ල නොකරන බව. මේ මහින්ද – රනිල් ඩීල් එකේ ප්‍රතිඵලයක් ලෙසයි හඳුන්වන්නේ?

මගෙයි රනිල්ගෙයි අතර කිසිම ඩීල් එකක් නෑ. ගහන්න ඕනෑ තැන අපි හැමදාම ඔහුට ගහනවා. එහෙම නැතිව නිකම් හැම වෙලාවෙම රනිල් වික්‍රමසිංහ කිය කිය මේවා කරන්න ඕනෑ නැහැ. රනිල් කියන පුද්ගලයා එක්ක නෙවෙයි මගේ සටන තියෙන්නේ. රනිල් කියන දේශපාලන මෙහෙයවන්නා එක්ක තමයි අපේ සටන තියෙන්නේ. පුද්ගලයා නෙවේ ගැටලුව. ඔහුගේ ප්‍රතිපත්තියයි ගැටලුව.

රාජපක්ෂ පවුලේ බොහෝ නඩු ආරක්ෂා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ නිකම්මද එතකොට?

ඒ චෝදනාව සම්පූර්ණයෙන් වැරැදියි. දැන් මෛත්‍රිපාල මහතා කියන්නෙ මේ අයයි මේක ඇවිස්සුවේ කියලා.

නව අමාත්‍ය මණ්ඩලය ගැනත් විවිධ චෝදනා තිබෙනවා?

අපිට කමක් නෑ කවුරු පත් කළත්. ඒක යූ.එන්.පී. අයගේ වැඩක්. හැබැයි ඉතින් ජනතාවට වැඩක් නෑ කවුරු පත් කළත් දැන් එජාපයේම එක එක ඉදිරිපත් කරනවනේ. අපි ඒවා දිහා බලාගෙන ඉන්නවා. මං පසුගිය දිනයක දැක්කා තෙවරප්පෙරුම සහ ෆොන්සේකා මහතා අතර විවාදයක් යනවා. සමහර වෙලාවට අපිට විනෝදය, හාස්‍ය ඔක්කොම බලාගන්න පුළුවන්. විහිළු චිත්‍රපට බලන්න ඕනැ නෑ. චිත්‍රපට වගේ මේ දෙක දිහා බලාගෙන හිටියම ඇති.

නමුත් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය 35ක් කිව්වත් එය 36ක් බවට තොරතුරු හෙළි වුණා නේද?

ඔව්, 36ක් එවලා තිබුණා ජනාධිපතිවරයාට.

මෙය ජාතික ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකිද?

මේක ජාතික ආණ්ඩුවක් නෙවේ.

නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මතු කරන්න හදන කාරණයක්, මුස්ලිම් අමාත්‍යවරයෙක්ගෙන් සමන්විත නිසා මෙය ජාතික ආණ්ඩුුවක් ලෙස සැලකිය හැකි බව?

ඔක්කොම පක්ෂ නායකයන්ගේ සිට යූ.එන්.පී.යෙන් ඉල්ලලා එක ඇමැතිවරයෙක් විතරක් පිටින් ඉල්ලුවා කියලා කොහොමද ගිවිසුමක් ගහන්නේ? මං හිතන්නේ එය ව්‍යවස්ථා විරෝධීයි.

ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සම්බන්ධ මාතෘකාව නැවත උඩට මතු වී තිබෙනවා?

බොහොම පැහැදිලිව මේ ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරනවා. ඒක සැලසුම් සහගතව වන දෙයක්. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා. අද ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද සමහර මාධ්‍යවලට රජයේ වෙළෙඳ දැන්වීම් දීම නවත්වලා තියෙනවා. මේ මර්දනය පැහැදිලි ඒකාධිපති ස්වරූපයක් ගන්නවා.

නමුත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් චෝදනා කරන්නෙ රාජපක්ෂලා මාධ්‍යවේදීන් ඝාතනය කළා, පැහැරගෙන ගියා, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුවා කියන ප්‍රබල චෝදනා.

ඇත්තටම ඔබේ පාර්ශ්වයට මාධ්‍ය මර්දනය ගැන කතා කරන්න සදාචාර අයිතියක් තිබෙනවාද?

එතකොට ප්‍රේමදාස කාලේ රිචඩ් ද සොයිසා උස්සගෙන ගියෙ මමද? අරගෙන ගිහින් ප්‍රසිද්ධියේ මරලා දැම්මා. මෙයාලගෙ කැරැට්ටුව කියන්න ගියොත් ටිකක් දුරදිග යනවා. අපි කවුරුත් ඝාතනය කරන්න ගියෙ නෑ.

ඒවට වගකිව යුත්තන් අද ඒ පක්ෂයේම ඉන්නවා. ඒ ඔක්කොම දිහා බලනකොට ඒ චෝදනා ඉදිරිපත් කරපු කට්ටියම අද ඒ ආණ්ඩුවේ.

විශේෂයෙන්ම ඊළඟ මැතිවරණ ගැනන් ජනතාව අවධානයෙන් සිටිනවා. ඔබ හිතන ආකාරයට තිබෙන තත්ත්වයත් සමඟ ඊළඟට යා යුත්තේ මහ මැතිවරණයකටද? ජනාධිපතිවරණයකටද?

මං හිතන්නේ මහ මැතිවරණයකට යා යුතුයි.

ජනවාරි 08න් පසු ජනාධිපතිවරණයක් කැඳවීමට ජනපති මෛත්‍රිට හැකියාව තිබෙනවා?

එතුමා කැඳවනවා නම් එතුමා අපේක්ෂකයා විය යුතුයි.

ඔබේ ජනපති අපේක්ෂකයා මෛත්‍රිද?

නෑ, නෑ. ඒ ප්‍රශ්නය තවම ඇදිලා නෑ. අපි ඒ ප්‍රශ්නය ආවයින් පස්සේ පක්ෂ එකතු වෙලා තීන්දුවක් ගන්නවා. ජනවාරි 8න් පස්සේ ජනාධිපතිවරණයක් කැඳවනවා කියලා ඔහු තීරණය කරන්න ඕන.

ඊට පස්සේ අපේ පක්ෂයෙන් තීරණය කරන්න ඕනෑ අපි අපේක්ෂකයෙක් දානවද නැද්ද කියලා. ඒ වෙලාවට තීන්දු කරනවා. ඒක දැන්ම එන එකක් නෙවේ.

ඔබ තරග කරන්න බලාපොරොත්තු වෙන්නෙ පොදුජන පෙරමුණෙන්ද? එසේ නැතිනම් ශ්‍රී ලනිපය හා පොදුජන පෙරමුණ සන්ධානගත වීද?

අපි සන්ධානගත වීමක් ගැන දැන් කතා වෙමින් යනවා. තනියම යනවට වඩා එකතුව යන එක ශක්තිමත් කියලා අපි විශ්වාස කරනවා.

පසුගිය කාලේ කරළියෙ වීරයා වී සිටියෙ ඔබේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ. ඔහුට මොකද වුණේ?

ඒ කණ්ඩායම ප්‍රබලව ඉන්නවා. ඔය කවුරු මොනවා කිව්වත් එයත් එක දේශපාලන ප්‍රබල චරිතයක්.

වත්මන් ආණ්ඩුවට දිගු කලක් රට පාලනය කිරීමේ අයිතිය නැතැයි කියා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට ප්‍රබල මතයක් ජවිපෙන් ඉදිරිපත් වෙනවා. ඔබ සිටින්නේ ඒ මතයෙද?

ඒ මතය මුලින් කිව්වෙ අපි. පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්න කියලා.

නමුත් ජවිපෙ මතය තමයි 20 සංශෝධනය සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ කියලා?

ඒ අය අලුතෙන් ඩීල් දාගත්තම සුමන්තිරන්ලා එක්ක ඒක අවශ්‍ය ඇති. අපිට වුවමනාවක් නෑ. අපි පැහැදිලිව කියන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. ඒ වගේම ඉදිරි සැලසුම කෙටියෙන් කිව්වොත් මහ මැතිවරණයකට අපි සූදානම්.

සංවාදය
අනුරාධා හේරත්

One Response to “දැන් තියෙන්නේ සුමන්තිරන්-රනිල් ආණ්ඩුවක්”

  1. Ancient Sinhalaya Says:

    Church acolyte traitor sumanthiran wants to get the drealam which its church acolyte buddy hitler mala
    paharan couldn’t do with the bullet thanks to MR. Church acolyte knows, another church acolyte traitor chief
    die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb (to Sinhalese
    Buddhists, Buddhism and Sri Lanka only) Batalande Wa(n)dakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer
    will deliver it on a plate just like it did to hitler mala paharan in 2005 with the CFA.

    Now these traitors must be amassing funds (since CB day light robbery money is running out) to buy
    manthrihorun, amathihorun in the thieves den aka the parilaiment. With so many traitors in the thieves den, you can’t bet against these church acolytes. But what is going to happen to tamils and mussies in Colombo and outside the dralam, once these traitor foreigners dismember Mother Lanka thanks to traitor anti Sinhalese, anti Buddhist, anti Sri Lanka UNPatriotic_rats party? Are they going to leave in droves to their exclusively tamils only drealam?

    Destruction of the Sinhalese race started in 1505 with the parangi invasion who converted a lot of Sinhalese
    traitors to their religion of convenience for favours etc. Today all these followers have no allegiance to the
    Sinhalese race or Sri Lanka and hell bent on destroying the only true religion (no mythical gods in this scientific
    era) in the world. Destruction 25%.

    Then bandesis replaced parangis and brought tamils to work in tobacco plantations in the north and the east.
    Today they all are natives with 1000s of years history (no ancient tamils brick older than 500 years to
    substantiate the claim )and hell bent on destroying Sinhalese race, Buddhism and want to dismember Mother
    Lanka to create another tn where their hearts and minds are (murali and kathir are the only exception).
    Destruction 25%.

    Then british replaced the bandesis and brought tamils from tn to work in tea plantations. They don’t have histories
    of 1000s of years but aspire to have a greater drealam and none of them are fans of Sinhalese race, Buddhism
    or Mother Lanka since their hearts and minds are also in tn. Destruction 25%.

    Then traitor alugosuwa thambi mudiyanselage jr@ implemented 13, 13A to have separate governments every
    50 miles to please india, tamils, mussies, catholics and the west. Today there are more manthrihorun and amathi
    horun than ordinary citizens whose only job is to plunder, plunder, thieve, thieve, lies and lies. Then thambi
    mudiyanselage jr@ put its nephew traitor alugosuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only)
    traitor chief die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb
    (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) Batalande wa(n)dakaya pol pol r@ni_leech wickrama
    Sinhalese killer. Now Batalande wandakaya has planted fellow portuguese natioanals in judiciary, police etc.
    etc. and the destruction has gathered pace with the support from Sinhala dhrohiyas of course tamils, mussies,
    catholics, india and the west. If MY3 does anything constitutional wa(n)dakaya and co can go the judiciary get
    it turned over in their favours since wa(n)dakaya has planted fellow portuguese nationals in it. What’s more
    traitor UNPatritoic_rats have divided the Sinhalese and made the minorities king makers and Sinhalese voiceless
    in their own land. Destruction 25%

    Sum up the destruction:
    parangis 25%
    bandesis 25%
    british 25%
    traitor UNPatritoic_rats 25%
    Total 100%.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress