ව්‍යවස්ථා මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය නතර කළ යුතුයි
Posted on January 12th, 2019

අනුරාධා හේරත් උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. ජවිපෙ නායකයා ඉරිදා “මව්බිම”ට ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා සම්මත කිරීමට වත්මන් පාර්ලිමේන්තුව තුළ ප්‍රයත්න දැරීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බවය.

ඒ අනුව වඩා සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ගෙන ආ යුතු බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේය. ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කළ මෙහෙයුම් කමිටුවේදී විධායක ජනපති ධුරය, ඡන්ද ක්‍රමය, බලය බෙදාහැරීම යන කරුණු ගැන කිසිදු පොදු එඟතාවකට ඒමට නොහැකි වී ඇති බැවින් එකී තත්ත්වය තුළ තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පවත්වාගෙන යෑම කිසිදු ඵලක් නැති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

One Response to “ව්‍යවස්ථා මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය නතර කළ යුතුයි”

  1. Dilrook Says:

    Well said.

    The 3 matters must be separated. Government should stop fooling the people by merging all 3 into one.

    Anyway most MPs are not at all interested in the proposed new constitution.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress