ලංකා පොදුජන පෙරමුණ වාර්ෂික ගිනුම් ප්‍රකාශනය පක්ෂ සාමාජිකයින් අතට
Posted on February 7th, 2019

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සිය පක්ෂයේ ආදායම් වියදම් සහිත වාර්ෂික ගිනුම් ප්‍රකාශනය පක්ෂ සාමාජිකයින් අතට පත්කිරීමේ වාර්තාව හිමිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යැයි පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දේශපාලන පක්ෂ 70ක් ලියාපදිංචි කර ඇති අතර ඒ් සියලුම දේශපාලන පක්ෂ සිය වාර්ෂික ගිනුම් ප්‍රකාශනය  මැතිවරණ නීතියට අනුව ඉදිරිපත් කළ යුතු බවත්, ඒ් මහතා සදහන් කලේය.

2018 වර්ෂයට අදාල ගිනුම් වාර්තාව මැතිවරණ කොමිෂමට ලබාදුන් පළමු පක්ෂය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යැයි ඒ මහතා අවධාරණය කලේය.

ඒ මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ල නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පක්ෂයේ පළාත්පාලන ආයතන නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකදිය.

එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින අවස්ථාවේ සිරිකොත මුලස්ථානයේ විදුලිබිල ගෙවා ගැනීමට නොහැකිව සිටි බවත් , මැතිණියගේ රජය සමයේ පක්ෂ කාර්යාලය නඩත්තු කර ගැනීමට නොහැකිව වසා දැමූ බවත් සිහිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් හා පක්ෂ සාමාජිකයින්ගේ මුදල් මගින් පක්ෂය ඉදිරියට ගෙනයන අතරේ රුපියල් මිලියන 21 ඉතිරි කිරීමක් ද කර ඇති බව ආඩම්බරෙයෙන් සදහන් කරන බව පැවසිය.

ජාතික ප්‍රතිපත්ති මාලාවක් සැකසීම සදහා පක්ෂය තිරණය කර ඇති බැවින් ඒ සදහා ගම්මට්ටමින් ජනතා අදහස් විමසා තෙරතුරු රැස්කිරීමට තිරණය කර ඇති බවද ඒහිදී බැසිල් රාජපක්ෂ මහතා ස්‍රදහන් කලේය.

පක්ෂයේ ජාතික සම්මේලනය පැවැත්විමටද තිරණය කර ඇතැයි ඒහිදී ඒ් මහතා ස්‍රදහන් කලේය. ජාතික මහා සම්මේලනය පැවැත්වෙන දිනය පක්ෂ නායකත්වය විසින් තිරණය කරනු ඇතැයිද ඒ් මහතා එහිදී සදහන් කලේය. පක්ෂ නායකත්වය විසින් දැනුම් දෙන වෙලාවක සම්මේලනය පැවැත්වීමට පක්ෂය සූදානමින් සිටිය යුතුව ඇතැයිද ඒ් මහතා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා නුවරඒළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත්පාලන ආයතන නියෝජිතයින් සහභාගි වී සිටි අතර ඒහිදී නුවර ඒළිය දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති පක්ෂයේ ශාඛා සමිති, තරැණ සමිති හා කාන්තා සමිතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිනි.

2019 – විජයග්‍රහණයට සැරසෙන්න තේමාව යටතේ පක්ෂයේ ශාඛා සමිතිවල ප්‍රගතිසමාලෝචනය කිරීමේ මෙම රැස්වීම් මාලාව පසුගිය 05 වැනිදා සිට 11 වැනිදා දක්වා  පක්ෂ කාර්යාලයේ පැවැත්වෙයි.

 

One Response to “ලංකා පොදුජන පෙරමුණ වාර්ෂික ගිනුම් ප්‍රකාශනය පක්ෂ සාමාජිකයින් අතට”

  1. ranjit Says:

    Our best wishes to pohottuwa and to it’s members in their forward march to rescue our motherland from the treacherous UNP TNA JVP western backed hypocrites and the Indian parasites. Transparency is good for the party and for the country and we should thank Basil and his team for their hard work to bring this new party pohottuwa to this stage and give our people some hope. Anyone who breaks the laws of pohottuwa and bring disgrace to the party should be severely dealt with irrespective of his or her position. It’s a must. Decent party cannot have drug lords, underworld thugs or corrupt members. We need a clean society with clean officials to work on behalf of the people. Pohottuwa will bloom and bring happiness and success to all citizens of Motherlanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress