20 වැනිදාට ජාතික ආන්ඩු යෝජනාවක් ගෙනාවොත් අනිවාර්යයෙන්ම පරාජය කරනවා.කුඩුගහන ඇමැතිවරු හොයාගෙන ඔවුන්ම අමාත්‍ය මණ්ඩලයෙන් නෙරපා හරින එක ජනාධිපතිතුමාගේ වගකිමක්
Posted on February 15th, 2019

මාධ්‍ය සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • මේ ආන්ඩුව තමයි ඉතිහාසයේ බිහිවුනු ආන්ඩු අතරින් ජනතාවට සිවේදීබවින් අඩුම ආන්ඩුව
  • රට විනාශ කරන කිසිම යෝජනාවකට අපි සහාය දෙන්නේ නැහැ.

අද (15) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක

  • හිටපු පළාත් සභා මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක

ආණ්ඩුව පත් වෙලා වසර හතරක් ගත වුනත් අපි ලබා ගත්ත ජයග්‍රහණ සිමිතයි. නමුත් රටක් විදියට වේගයෙන් පසුපසට නම් ගියා. මහින්ද රාජපක්ෂ මහතා භාරදුන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධන වේගය සහිතවයි. අද වෙද්දි අපි ඉන්නේ අවසානයේ. මේ ප්‍රශ්න වලට අත්තර හොයනවා වෙනුවට ආණ්ඩුව උත්සාහ කරන්නේ ආණ්ඩුවේ ප්‍රශ්න බේරගන්න. මෙතුමන්ලාට අද 113 නැහැ. ඒ නිසා ජාතික ආන්ඩුවක් හදන්න උත්සාහ කරන්නේ. කිරිඇල්ල ඇමැතිතුමා කියනවා 20 වැනිදා ජාතික ආන්ඩු යෝජනාව ගේනවලු. අපි කිරිඇල්ල ඇමැතිතුමාට කියන්නේ අනිවාර්යයෙන්ම අපි එදාට ජාතික ආන්ඩු යෝජනාව පරාජය කරනවා. ඒකට අපි විපක්ෂය වශයෙන් සූදානම්. ජවිපේ, දෙමළ සන්ධානයත් අපිට ඒකට සහාය දෙනවා. එතුමන්ලාට ඉදිරි මැතිවරණයකට යන්න අවශ්‍ය නම් අපිට සහාය වෙන්න වෙනවා. මේ ආන්ඩුව තමයි ඉතිහාසයේ බිහිවුනු ආන්ඩු අතරින් ජනතාවට සංවේදීබවින් අඩුම ආන්ඩුව. අපේ කෘෂිකර්මය විනාශ වෙනවා. උපාධිධාරීන් 70000ක් රැකියා නැතිව ඉන්නවා. සේනා දළඹුවා කෘෂිකර්මාන්තය විනාශ කළත් වන්දි නැහැ. ඒවාට විසදුම් හොයනවා වෙනුවට ජාතික ආන්ඩුවක් හදාගන්න එක් ගැනයි හිතන්නේ. ඔබතුමන්ලා ඉස්සර වෙලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න. උපාධිධාරීන් 70000ට රැකියා දෙන්න යෝජනාවක් ගෙනාවොත්, සේනා දළඹුවාගෙන් හානිවුන ගොවින්ට වන්දි දෙන්න යෝජනාවක් ගෙනාවොත් අපි විපක්ෂය විදියට සහාය දෙනවා. නමුත් රට විනාශ කරන කිසිම යෝජනාවකට අපි සහාය දෙන්නේ නැහැ.

කොකේන් බොන දේශපාලකයින් ඉන්නවා.ක්‍රීඩකයින් ඉන්නවා. කැබිනට් ඇමැතිවරු ඉන්න බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඇමැතිවරැන් සම්බන්ධයෙන් කරපු හෙලිදරව්ව අපි අගය කරනවා. නමුත් ක්‍රීඩකයින් ගැන කරපු චෝදනාව නම් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔවුන් කිසියම් තරගයකට යනවා නම් ඊට පෙර පරීක්ෂණවලට බදුන් වෙනවා. නමුත් ඇමැතිවරු ගැන කරපු චෝදනාව නම් නිවැරදි වෙන්න පුලුවන්. පහුගිය කාලයේ රට වෙනුවෙන් ගත්තු යම්යම් තිරන මේ අය ගත්තේ කුඩු ගහලද කියලා අපිටත් වෙලාවකට හිතෙනවා. රටේ ජාතික සම්පත් විකුණපු විදිය, රටේ ආර්ථික විනාශය දැක්කාම එහෙම හිතෙන එක සාධාරණයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි පියවර ගනිමින් සිටිනවා. එතුමාට ආරම්භය ගන්න සුභ තැනක් දැන් හෙළිවෙලා තියෙන්නේ. කවුද කුඩුගහන ඇමැතිවරු කියලා හොයා ගෙන නෙරපා හරින අතරේ උපරිම දඩුවම් දෙන්න අවශ්‍යයි. බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල වුනත් මෙතෙක් කිසිවක් වුනේ නැහැ. අඩුම ගණනේ දැන් කුඩු ගහන අය සම්බන්ධයෙන් හරි පියවරක් ගන්න අවශයයි.

අපි දැක්කි පොලිසිය ඩුබායි සිංගප්පුරු ගියා මහින්ද රාජපක්ෂ මහතාගේ සල්ලි හොයන්න ගියා. මේ විදියට මදූෂ්ව හොයන්න, අර්ජුන මහේන්ද්‍රන්ව හොයන්න කී පාරක් රට ගියාද කියලා අපි පොලීසියෙන් අහනවා. පොලීසියේ සම්බන්ධකම් නිසයි මොවුන් ගැලවෙන්නේ කියන එක ජනතාව විශ්වාස කරනවා. නාමල් කුමාර ජනාධිපතිවරයා ඝාතනය ගැනත්, හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය ගැනත් හෙළිදරව් කරද්දි ඇමැතිවරයායි පොලිසියයි මේක විහිලුවකට ගත්තා. අද වෙද්දි මදූස්, පාතාලය, පොලිසිය අතර සම්බන්ධකම් හෙළිදරව් වෙමින් තිබෙනවා.  මේ පිටුපස හිටපු දේශපාලන නායකයෝ කවුද කියලා දැන ගන්නත් අපි කැමැතියි. කඩිනමින් පරික්ෂන කරලා මේ පිටුපස හිටපු දේශපාලන නායකයෝ හෙළි කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අද මැතිවරණ කොමසාරිස්, ජනාධිපති, විපක්ෂ නායක හාමෝම මැතිවරණයක් ඉල්ලනවා. ආන්ඩුව මැතිවරණයක් දෙන්න සූදානම්. අපි අද කෑගල්ලෙන් පටන් අරන් මුලු රට පුරාම විරෝධතාවයක් පවත්වන්න තීරණය කරලා තියෙන්නේ මැතවරනය දිනාගන්න තෙක්ම. උතුරේ තරුණයෙක් මාධ්‍යයට ආවා. ඉල්ලන්නේ අධයාපනය සංවර්ධනය. දේශපාලන විසදුමක් කියන දේ යට සැගවිලා උතුර සංවර්ධනය කරන්නේ නැහැ. උතුරට රැකියා දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ සමයේ නිතිය ස්වාධින නැහැ. පොලිසිය ස්වාධීන නැහැ කිව්වා. ඒ කට පිලිතුරු දින 51දි ලැබුනා. ඒ කාලයේ මහින්ද මහත්තයාට එරෙහි නඩු වේගයෙන් විභාග වෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මන්ත්‍රීධූරය සම්බන්ධ නඩුව විභාග වෙන්නේ නැතිව කල් යනවා. එක වසරක කාලයයි ,ධූර කාලයෙන් ඉතිරි වෙලා තියෙන්නේ. නඩුව කල් ගියොත් නඩුවෙන් ධූරය නැති වෙන්න කලින් ධූරකාලය අවසන් වෙනවා. මේ කාලයේ නිතිය පොලිසිය ස්වාධීනද.

  • පළාත් සභා ඇතිකලේ තමන් කියලා උදම් අනපු එජාපයම අද පළාත් සභා කල්දාලා.
  • ප්‍රජාතන්තුවායේ මුලික ලක්ෂණය ආරක්ෂා කරන්න එකතු වෙන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඩ නගපු අයගෙන් ඉල්ලා සිටිනවා.

පළාත් සභා මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ

පාර්ලිමේන්තු මැතිවරණය දුන්න වෙලාවේ අපේ කාලය ඉතිරි නිසා මැතිවරණයකට යාම අනවශ්‍ය බව කිව්වා. පළාත් සභා හයක කාලය අවසන් වෙලා. තවත් පළාත් සභා දෙකක කාලය ඉකුත් විමට නියමිතයි. පළාත් සභා මහජන නියෝජිතයින් රහිත ආයතන විම නිසා පළාත් සභා ක්‍රමය අඩපන වෙලා. පළාත් සභා ආරම්භ කලේ තමන් කියලා එජාපය උදව් ඇනුවත් අද පළාත් සභා කල් දමලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන්න කරන්න තියෙන්නේ පොඩි සංශෝධනයක්.

සුලු ජනතාවගේ ඡන්ද තමන්ට වාසිදායක විදියට හැසිරෙයි කියලා හිතලා ජනාධිපතිවරණයක් දක්වා මැතිවරණ කල් දාන්නයි ආන්ඩුව උත්සාහ කරන්නේ. ඒ හිතලුව වැරදි බව ජනාධිපතිවරණය තිබ්බ දවසට තේරුම් ගනියි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය ආරක්සා කරන්න එකතු වෙන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නගන අයගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ පළාත් වල ජනතාවගේ අයිතිය ලබා දෙන්න.

  • කොකේන් ගහන ඇමැතිවරු හෙළි කරන්න
  • කොකේන් ගහන ඇමැතිවරුන් ධූරයෙන් නෙරපා හරින්න
  • එහෙම කලොත් එය තරුණයින් දෙන ආදර්ශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත

තරුණයින් තිරණාත්මක අවධානම් සහගත තත්ත්වයකට මුහුණ දීලා ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ආන්ඩුවෙන් තරුණයින්ට බලාපොරොත්තු දුන්නා. දිගින් දිගටම එතුමාගේ වැඩසටහන් දියත් කරන්නේ තරුණයින් මුල් කරගෙන කියලයි එතුමා කියන්නේ. රනිල්වික්‍රමසිංහ මහතාගේ දින 100වැඩ පිලිවෙලේදි තරුණයින් වෙනුවෙන් කරන්න හිටපුවා, 2020 වැඩ සටහන, මෙගා පොලිස් වැඩපිළිවෙල අපිට මතක් වෙනවා.දැන් 2025 ක් ගැන කියනවා. අද වෙන කොට සමාජයට නොගැලපෙන තරුණයාගේ කීර්තා නාමය කඩා වැටෙන වැඩපිළිවෙලක් තමයි දියත් වෙන්නේ. උසස් පෙලට ලක්ෂ දෙකහමාරක් පමණ පෙනී හිටියා. විශ්ව විද්‍යාලයේ යන්නේ 25000ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි අයට අද වෙනතුරු වැඩපිළිවෙලක් දියත් වෙන්නේ නැහැ.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා කියනවා කොකේන් ගහන ඇමැතිවරුලු ඉන්නේ. එවැනි අය ඇමැතිවරු නම් අපේ තරුණයින්ට දෙවියන්ගේ පිහිටයි. මේ ඇමැතිවරු පස්දෙනා රටට හදුනා දීලා දේශපාලන භූමිකාවෙන් ඉවත් කරන්න අවශ්‍යයි. ‌මේ දිනවල මදූෂ් ගැන කියමින් තරුණ ප්‍රශ්න යට ගහනවා. විරැකියාව තරුණයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය. රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා රැකියා දස ලක්ෂයක් විතර නැති කරලා. වෙනස වෙනස් කරන්න බහුතරය නැහැ කියලා ජවිපේ කඩිමුඩියේ විශ්වාස භංගයක් ගෙනාවා. දැන් පාඨලී චම්පික කියනවා අපිට ඉන්නේ 103ක් කියනවා. ජවිපේ අද නිෂ්ෂබ්දයි. විශ්වාසභංග ගේන්නේත් නැහැ. කතානායකවරයා බහුතරය ගැන ප්‍රශ්න කරන්නෙත් නැහැ. බහුතරය ගැන හොයපු රාජ්‍ය නොවන සංවිධානත් නැහැ. වෙනත් රටවල තානාපතිවරැ බහුතරය හොයන්න එන්නෙත් නැහැ. මුලු රටම රවටපු ආන්ඩුවක් විදියටයි අපි දකින්නේ. ආන්ඩුව වෙනස් කරන්න ආදරණීය තරුණයිනි දැන් ඉදිරියට එන්න.මේ රටේදැවැන්ත වෙනසක් ඇති කිරීමට හැකි පිරිසක් විදියට ආන්ඩුව පලවා හැරලා තරුණ බලාපොරොත්තු ඉටු කරන්න දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress