රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව
Posted on February 22nd, 2019

අද (21) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා

  • පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදනගමගේ මහතා

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ඇහැට වැලි ගහලා කරපු සංශෝධනයක් බව ඊයේ පැවැති විවාදයෙන් පස්සේ ජනතාවට තේරුම් ගියා. ඒ හරහා හදපු ව්‍යවස්ථාදායක සභාව මෙනතරම් පක්ෂග්‍රාහි විදියට අගමැතිවරයා වෙනුවෙන් කටයුතු කළාද කියන දේ ආන්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දැක්වූ අදහස් දැක්වීම් තුලින් පෙනුනා. ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම ඒ අතරින් සුවිශේෂී වුනා. මේ රටේ නිතියේ ආධිපත්‍ය තහවුරු කරන්නත් රාජ්‍ය යාන්ත්‍රණය විදිමත් කරන්නත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිම ඔවුන් ලැබූ අති මහත් ජයක් ලෙස පෙන්වුවත් ඒ කිසිවක් ව්‍යවස්ථාදායක සභාව හරහා සිදුවෙලා නැහැ. මේ වෙද්දි අකර්මණ්‍ය ව්‍යවස්ථාදායක සභාවක්. අගමැතිවරයා එහි පාලනය ඔහු අතට අරන් අධිකරණ ක්සෞත්‍රයට බලපෑම් කර තිබෙන බව පැහැදිලියි. මේ ව්‍යවස්ථාදායක සභාවේ අවශ්‍යතාවය අද වෙන විට රටට දැනෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සබාව පක්ෂ පාතීවීම රටට ඔප්පු වෙලා තියෙන නිසා අද වෙන විට මේ ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්විය යුතුයි. ඔවුන්ට හෘද සාක්ෂියක් තියෙනවා නම් රටේ පැවැත්ම සම්බන්ධ වගකීමක් තියෙනවා නම් ඔවුන් පැහැදිලිව ඉල්ලා අස්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආපු සියලු පනත් හරහා වෙනත් අරමුණක් ඉටු කර ගැනීමටයි උත්සාහ කලේ.

රන්ජන් රාමනායක මහතාගේ හෙළි දරව්වත් එක්ක රට බලවත් කළකිරිමට පත්වෙලා. ඔවුන්ගේ ඡන්දයෙන් පත්කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටින බව හෙලිවිම නිසා රට අපකීර්තියට පත්වෙලා. ජනතාව මේ දිහා බලන්නේ පිළිකුලෙන්. කතානායකවරයාට දුරකතනයෙන් මේ නම් සම්බන්ධයෙන් දැනුම් දුන්න බව රන්ජන් රාමනායක කියනවා. දුරකතනය හරහා නම් හෙළි දරව් කළා නම් ඒ නම් රටට හෙලි කළ යුතුයි. මෙවැනි ඇමැති මණ්ඩලයක් කොහොමද රටක් පාලනය කරන්නේ. රටයි අපකීර්තියට පත්වෙන්නේ. ඒ නම් ටික කතානායකවරයාට ලබා දිලා නැත්නම් රන්ජන් රාමනායකගේ ප්‍රකාශය ගැන පරික්ෂණකයක් කළ යුතුයි.

පහුගිය කාලයේම මේ ආන්ඩුව කටයුතු කළ ආකාරය අනුව පෙනී යන්නේ කුඩු ගහලා වගේ තමයි. කුඩු ගහලා ඊට පස්සේ හොරකම් කරන්න ගන්නවා. අපිට කුඩු ගහන පුද්ගලයා හා ආන්ඩුව අතර වෙනසක් පේන්නේ නැහැ. අම්මාගේ මගුල් මුද්ද වුනත් විකුණන්න කුඩු ගහන පුත්තු ලැහැස්තියි. ලෝක වාර්තා තිබ්බ ආන්ඩුවක්. බලයට ඇවිත් මාසයෙන් බැදුම්කර හොරකම කළා. අපි දෛනිකව මාධ්‍ය මගින් හා වෘත්තීය සමිති කරන හෙලි දරව් කිරීම් මගින් අන්ඩුවේ හොරකම් දකිනවා.

ආන්ඩුව එකින් එක ජාතික සම්පත්විකුණමින් සිටිනවා. කුඩු ගහන මනුෂ්‍යයත් ඒ වගේ තමන්ගේ දේපල විකුණනවා. අපේ සභ්‍යත්වයට සදාචාරයට පළමු පා පහර එල්ල වෙන්නේ මේ ආන්ඩුවෙන්. එජාප සාමාජිකයින්ගෙන් අපි අහනවා යහපත් ගුණ ධර්ඹ අගය කරන පුද්ගලයින්ට එජාපය වෙනුවෙන් පෙනී සිටින්න පුලුවන්ද. එජාපය කුඩු කාරයින්ගේ තැනක් බව පරික්ෂණ යට ගහන එකෙනුත් ඔප්පු වෙනවා. ඇමැතිවරු හය දෙනෙක් කුඩු ගහන බව රන්ජන් රාමනායක කියනවා. ඒ අයව හෙලිවීම වලක්වන්නත් ආන්ඩුව මේ වෙද්දි කටයුතු කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයේ සිටියදී මේ අය අරලිය ගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලා ගෙන හිටියා. රාත්‍රී කාලයට අරගිය ගහ මන්දිරය සූදු පිටියක් වුනා. මත්පැන් බිව්වා. රන්ජන් රාමනායක තමන්ගේ සගයන් ගැන තීන්දු තීරන ගන්න ඇත්තේ ඒ දවස්වල ඔවුන්ගේ හැසිරීමෙන් වෙන්න පුලුවන්. නම් දුන්නේ නැහැ කියලා කතානායකවරයාට මේ වගකීමෙන් මිදෙන්න බැහැ. ලක්ෂ්මන් කිරිඇල්ල කමිටුව ගැන විශ්වාසයක් තියන්න බැහැ. ඔහු සභාව නොමග වයන ප්‍රකාශ පාර්ලිමේන්තුවේදි නිතරම කියනවා. ඉදිරිපෙල කිහිප දෙනෙක් කොකේන් භාවිතා කරන බව කියද්දි ඉදිරි පෙල අය කරන පරික්ෂණ පිලිගන්නේ කොහොමද. අනිත් කාරනේ එජාපයේ අය පත්කරන කමිටු කොහොමත් විශෟවාස කරන්න බැහැ. කුඩා දරුවාට පවා වංචාවක් වෙලා තියෙන බව පේන්න තියෙද්දි එජාපයේ වාර්තාවෙන් කිව්වේ එහෙම දෙයක් නොවුන බවයි.

අපේ රාජ්‍ය සේවයේ අද බරපතල කඩාවැටීමක් වෙලා. ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය සමිති නායකයින් අද අසාධාරන ලෙස ස්ථාන මාරුකරලා. සී. ටී. බි එකේ තත්ත්වයත් එයයි. ඊයේ රූපවාහිනි සංස්ථාවේ කිහිප දෙනෙක්ගේ වැඩ තහනම් කරලා. අද රාජ්‍ය සේවයෙන්ම පළිගන්න තැනට ආන්ඩුව පත්වෙලා. අපේ රටේ විවිධ පක්ෂ රටේ නායකත්වය ගෙන තියෙනවා. ඒ කිසිදු අවස්ථාවක නොවුනු පළිගැනීමක් මේ ආන්ඩුවෙන් සිදුවෙනවා.

කිරිපිටි සම්බන්ධයෙන් වෛද්‍යවරු විවිධ මත ඉදිරිපත් කරද්දි රාජිත සේනාරත්න කියනවා බල්ලෝ බිරැවට ඔහුගේ ගමන නතරකරන්නේ නැහැලු. දියර කිරි වෙනුවට පිටිකිරි ප්‍රචලිත කිරීමට ආන්ඩුවපියවර ගන්නා බවයි මේ අදහසින් කියැවෙන්නේ. රාජිත සහ රජය බහුජාතික සමාගම් සමග තියෙන එකගතා කඩ නොකර ඉදිරියට ගෙනියන බවයි මේකියන්නේ. මේ ආන්ඩුව බහුජාතික සමාගම් විසින් පාලනයකරන ආන්ඩුවක්. මේ ආණ්ඩුව රඑට විනාශ කිරීමේ උපරිමයට ගිහින් තියෙන නිසයි මැතිවරණ තියන්නේ නැත්තෙත්. අපි මැතිවරණයක් ඉල්ලා අපිට ගන්න පුලුවන් සියලු පියවර ගන්නවා. නමුත් ආන්ඩුව මැතිවරණ තැබීම ප්‍රමාද කරන්න නීතිපති පක්ෂ නාටයක හමුවට කැදවන්න  හදනවා. එයින් මැතිවරණයට බැධාවක් නැහැ.මැතිවරණය පැවැත්විම රජයේ වගකීමක්. ඒ නිසා කඩිනමින් සංශෝධන ඉදිරිපත් කරලා මැතිවරණය පවත්වන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පි. හැරිසන් ඇමැතිවරයාගෙන් වි මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවාත දිස්ත්‍රික් මට්ටමින් වි මිලදි ගැනීම් සිදුවෙන නිසා මෙහි ප්‍රශ්නයක් නැති බව කිව්වා. බදුල්ලේ වි මිලදි ගැනීම් මධ්‍යස්ථාන 28ක් විවෘත වෙලා කියලා එතුමා කිව්වත් මේ වනතුරු බදුල්ලේ එවැන් ස්ථානයක් නැහැ. අපේ රජය සමයේ රට සහලින් ස්වයංපෝෂිත වුනා. මේ ආන්ඩුව ඇවිත් පොහොර සහනාදාරය පවා නැති කළා. දින ගණනාවක් අගමැතිවරයා වුනු හැටියේම මහින්ද රාජපක්ෂ මහතා ගොවීන්ට පොහොර සහනාදාරය දිම නිසා වී අස්වැන්න වැඩි වෙලා තියෙනව.

පළාත් සභාවල කාලය අවසන් වෙමින් පවතිනවා. මහින්ද රාජපක්ෂ සමයේ නිතරම මැතිවරණ කියලා කිව්වා. පහුගිය පළාත් පාලන මැතිවරණයත් වසර දෙකකට වඩා ප්‍රමාද කළා. දැන් පළාත් සභා මැතිවරණයත් නොතියා ඉන්නයි බලන්නේ. අපි කියන්නේ හැකි ඉක්මනින් මැතිවරණය තියන්න කියලයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පහුගිය කාලයේ අධීකරණයත් නිතීඥවරුත් විවේචනය කළා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවේඡනය කරනවා. එතුමා නලුවෙක් වුනාට දේශපාලන නලුවෙක් වෙන්න එපා කියලා අපි කියනවා. කතානායකවරයාට නාම ලේඛණය දුන්න බව එතුමා කිව්වත් කතානායකවරයා කියන්නේ එහෙම දෙයක්දුන්නේ නැහැ කිව්වා. පහුගිය කැබිනට් හමුවේදි අපේ දිස්ත්‍රික්කයේ හරින් ප්‍රනාන්දු ඇමැතිවරටයා රන්ජන් හිටියා නම් හොම්බට අනින බවකියා තියෙනවා. ඒ කියන්නේ ඔහුට කොකේන් සිද්ධිය සම්බන්ධයෙන් රිදිලා තියෙනවා. එතුමාගේ නමත් මේ ලිස්ට් එකේ තියෙනවාද කියලා බදුල්ල දිස්ත්‍රික්කයේ අපිතුල සැකයක් තියෙනවා. පහුගිය දවස්වල ඇමැතිවරුන්ගේ පුත්තු පස්දෙනෙකුත් කුඩු ගහන බව කිව්වා. මේ විදියට එකිනෙකාට චෝදනා නොකර නම් ටික හෙළි කරන්න.

පහුගිය කාලයේ මාකදුරේ මදූෂ් අත් අඩංගුවට ගත්තා. දැන් මදූස් යට ගිහින් කොකේන් පාර්ලිමේන්තුවට ඇවිත්. මදූෂ් අත් අඩංගුවට ගන්න වෙලේ අත් අඩංගුවට ගත්ත රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් සහිත පුද්ගලයා අමතක වෙලා යමින් සිටිනවා. ඔහුව හෙලිකළ යුතුයි. රටේ ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් බව මම නැවතත් අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

ජනාධීපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් කිව්වේ එතුමා බලාපොරොත්තු වුනු සුජාත දරුවා මේ ආන්ඩුව අනාචාරයේ යොදවා ඇති බවයි. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින පක්ෂයක්. කණ්ඩායමක් විදියට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා ගෙනාපු මේ කොමිෂන් සභාවලින් වෙලා තියෙන ව්‍යසනය නිසා ලැජ්ජාව තියෙනවා නම් ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්වෙන්න අවශ්‍යයි. ආන්ඩුවේ හිටපු විපක්ෂ නායකවරු මේක ඇතුලේ තියාගෙන කරන්නේගමේ කසිප්පු පෙරන මනුෂ්‍යාට බලපත්‍රයක් දුන්නා වගේ දෙයක්.19ට පෙර ජනාධිපතිගේ විධායක බලයෙන් පත්වුනු අගවිනිසුරු,මැතිවරණ කොමසාරිස්වරයා, ඇතුලු පිරිස් රට යම්කිසි වැඩපිළීවෙලකට ගියා. අද මේ සියල්ල කඩා වැටිලා. අද අධිකරණ විනිසුරන්ට තර්ජන පිට තර්ජන. විවාහ මංගල්‍යයකට ගියා නම්, කොටහලු මගුලකට ගියා නම්, ප්‍රියසම්බාෂණයකට ගියානම්, කඩපිලේදි හෝ මුණ ගැහුනා නම් එය තමයි අදීකරණ ක්සේත්‍රයේ ඉහළට යාමට තියෙන නුසුදුසුකම බවයි ඊයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ. ඒ අය එක්ක එකතු වෙන කට්ටිය තමයි ඉහළට යන්න සුදුස්සෝ විදියට පෙන්නන්නේ. පහුගිය දවස්වල පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය ගැන ව්‍යවස්ථාදායක සභාවට ගෙනත් ප්‍රශ්න කලාට මැතිවරණ නැති එක ගැන ප්‍රශ්න කරන්න ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා කටයුතු කළාද. කරු ජයසුරිය කියන්නේ කවුද කියන දේ මම දන්නවා. රන්ජන් මහත්තයා දුරතකනයෙන් කියපු දේවල් මිට කලින් ප්‍රකාශ කලා. මේක විතරක් ලිඛිතව දෙන්න කියලා පාර්ලිමේන්තු සතියක් වංචාවෙන් තියන් හිටියා. ඇයි ආන්ඩුවේ ඉන්න කොකේන් හරි මත්ද්‍රව්‍ය හරි ගන්න අය කතානායකවරයා හෙළී කරන්නේ නැත්තේ. අද අපිටවත් අපේ දරුවන්ටවත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. පවුලක් නැති සමජගත නොවුන පිස්සු බල්ලෙක් වගේ කෙනෙක් කියපු දෙයක් නිසා පාර්ලිමේන්තුවේ 225 අත්තර නැතිව ඉන්නවා. දැන් ඒ බෝලේ හිමින් සැරේ අපේ පැත්තට එමින් තියෙන්නේ. අපි ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා සම්බන්ධයෙන් වගකියනවා. අපි ළග කොකේන් ගහන අය නැහැ. අපේ කණ්ඩායමත් මේ 225 අතරේ ඉන්න නිසා අපිට නිදොස් වෙන්න අවශ්‍යයයි. මේ නැව ගිලෙන්න පටන් අරන්. ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ ආන්ඩුවෙම අයයි මේ චෝදනා කරන්නේ. රන්ජන් රාමනායක බුද්ධික පතිරණ කියන්නේ ආන්ඩුවේ අය. මේවා අපි කිව්වානම් මාධ්‍ය සංදර්ශන කියනවා. අද පොන්සේකා මහත්තයා කියනවා තෙවරප්පෙරුම හොරාලු. තෙවරප්පෙරුම කියනවා පොන්සේකා හොරාලු. මේ ආන්ඩුවෙම අය නේද

අද විහේෂ දවසක්. පෙබරවාරි 22. අද වගේ දවසකයි රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ට ඔප්පුවකින්ම ලියලා දුන්න දවස. අය වැය සම්මත් කර ගන්න දෙමල සන්දනායේ අවහ්‍යතාවයන් වෙනුවෙන් පෙනී හිටින්න වෙලා. පාසල්වලට රෝහල්වලට දෙනවා කිව්ව දේවල් , ගම් පෙරලිය කරන්න නම් එදා පෙබරවාරි 22 එල්. ටි.ටී,ඊ යට ඔප්පුවෙන් දුන්න දේ දෙමළ සන්ධානයට ඔප්පුවෙන් දෙන්න රනිල් සූදානම් වෙනවා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනාදිය යුතුයි .නමුත් රට කෑලි කඩන්න බැහැ. දෙමළ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවට දෙමළ නායකයින්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙනුයි මේ ආන්ඩුව පෙනී හිටින්නේ. ආන්ඩුවේ කුමන්ත්‍රණ එළියට එන්න පටන් අරන් තියෙන්නේ ඒ අයගේම මන්ත්‍රීධූර රැග ගැනීමේ අවශ්‍යතාවය නිසයි. අද බීඩි කොල, කරුංකා කන්ටේනර් පිටින් අහුවෙනවා. ඉල්ලපු කොමිස් මුදල් ලේඛණ ගත වෙලා. මත්ද්‍රව්‍ය වෙනුවෙන් පෙනී හිටපු ඇමැතිවරු එළිවෙනවා. ඉස්සර කඩන්න බැහැ. බලක් තියෙන්නේ කියපු මිනිස්සුන්ට කනේ ඇගිලි ගහගන්න වරායක් හදපු ආන්ඩුවක් තිබුනේ. එදා හැම තැනම ඇහුනේ සංවර්ධන ව්‍යාපෘති අරඹනවා.ඒවා විවෘත කරනවා කියන දේවල්. ජනතාවට දැන් අවශ්‍ය වෙලාතියෙන්නේ කඩිනමින් මැතිවරණයකට යන එකයි.

ප්‍රශ්න – ජනාධීපතිවරයා පාර්ලිමේන්තු එන්නේ සුවිශේෂි සිද්ධීයක් වුනොත් විතරයි. ඇයි දැන් නිතර නිතර එනවා පේන්නේ.

ශෙහාන් සේමසිංහ – එජාපය සමග ආන්ඩුවක් කිරීම ගැන ජනාධීපතිතුමා ඉන්නේ බරපතල කණගාටුවකින්. එජාපය කරපු විනාශය ගැන ජනාධිපතිතුමා දන්නවා. ඒ මිල කළ නොහැකි විනාශයට අගයක් දෙන්න බැහැ. බැදුම්කර සිද්ධීයේ පාඩුව ට්‍රිලියනයකට වැජඩියි. රටට ආදරය කරන හෘද සාක්ෂියක් ඇති සියලු දෙනා ආන්ඩුව වෙනස් කරන්න අවශ්‍ය බවයි පිලිගන්නේ.

මාධ්‍ය – 19 ඇහැට වැලි ගැහුවා කිව්වා. ජනතාව පත්කල ඔබතුමන්ලා ඇයි රැවටුනේ

ශෙහාන් සේමසිංහ – මේ ආන්ඩුව රැවැට්ටුවේ නැති පුද්ගලයින් කවුද.19ඉදිරිපත් කරමින් සදහන් කලේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රමවත්ව හා ස්වාධීනව වැඩ කරන්න , දේශපාලන අතපෙවිමකින් තොරව වැඩ කරන්න ස්වාධින කොමිෂන් සභා පිහිටුවන බවයි කිව්වේ. ඊට පරිබාහිරව කටයුතු කරනවා නම් එහි වරද තියෙන්නේ ඉදිරිපත් කරපු අයගේද සම්මත කරපු අයගේද. ජනාධිපතිතුමා කරන පුකාශවලින් රාජ්‍ය යාන්ත්‍රණය බරපතල විදියට කඩා වැටුන බවයි පැහැදිලි වන්නේ. ආන්ඩු පක්ෂයේ අධිකරණ විනිසුරන් විවේචනය කරන්නයි අවස්ථාව හදාගත්තේ. ඒකත් අධීකරණයට කරපු බලපෑමක්. මේ ආන්ඩුව ජනතාවට යහපතක් කලේ නැහැ. ඡන්දයෙන් දිනන්න බැරි රනිල් වික්‍රමසිංහ කුමන්ත්‍රණයෙන් බලයට එන්නයි මේ හැමදේම කරන්නේ.

මාධ්‍ය – ව්‍යවස්ථාදායක සභාවට සාමාඩිකයෝ පත්කරන්නේ කවුද

ශෙහාන් සේමසිංහ – සාමාජිකයෝ 10ක්ඉන්නවා. නිල බලයෙන් අගමැති, කතානායක විපක්ෂනායක ඉන්නවා. විපක්ෂ නායක හා අගමැති එකගතාවයෙන් පහක් හා ජනාධීපතිගෙන් නියෝජිතයෙක් හා අගමැති විපක්ෂ නායක නියෝජනය නොකරන පක්ෂවලින් තව කෙනෙක් පත්වෙනවා. විපක්ෂ නායකවරයා පත් කිරීම සදහායි රනිල් වික්‍රමසිංහ වැඩි අවධානයක් යොමු කලේ. ව්‍යවස්ථාදායක සභාව එජාප පාලනයට නතු කර ගැනීමටයි විපක්ෂ නායකගේ පත්කිරීම් යොදා ගත්තේ. විපක්ෂ නායකධූරය අහිමි වීම සම්බන්ධයෙන් එජාපය කිඹුල් කදුල් හලන්නේ ඒ නිසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීධෂූරය අහෝසිකරලා හරි හිතවතෙකුට විපක්ෂ නායකකම අරන් දෙන්න හැදුවේ ඒ නිසයි.

මාධ්‍ය – විදුලි බලාගාරය ලක්දනව් එකට නොදී චින ආයතනයකට දෙන්න තීරණය කලේ ඇයි

ශෙහාන් සේමසිංහ – මහින්ද රාජපක්ෂ මහතා සැලසුම්සහගතව රට පාලනය කලේ. අද වෙනාකට රටේ ණය බිලියන 12000ක් වෙලා. බිලියන 5000කින් ණය වැඩිවුනේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරලා නෙවේ. එල්. එන්. ජී බලාගාරය ගැන විවේඡනයක් රටේ තියෙනවා. අවම ලංසුවට දෙනවා වෙනුවට වැඩි ලංසුවක් දෙන තැනටයි ව්‍යාපෘතිය දෙන්නේත අඩුම තරමේ දේශීය කර්මාන්ත නැංවීමටවත් අවධානය යොමු කරලා නැහැ. අපේ රටේ නිෂෟපාදනය කරන විදුලිය වෙනුවෙන් විදේශ විනිමය වෙනත් රටකට යන එනකයි යෙින් වෙන්නේ. ලක්දනවි ආයතනයට නොදීම හා චිනය සමග ක්‍රියාත්මක වින්පෝස් සමාගමට ටෙන්ඩරය දිම අත යට ගනුදෙනුවක් තිබෙන බවට සැකයක් ඇති කරනවා. මේ ව්‍යාපෘතියේ ඇමැතිවරයා රවි කරුණානායක. ජර්මන් තානාපති විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් ආයෝජන සදහා නුසුදුසු රටක් බව කිව්වා. අපේ රටේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවට අතයට ගනුදෙනු වෙන බව පේනවා.ලක්දනව් ආයතනය අත් දැකීම් සහිත ආයතනයක්. මේ කරන්නේ හොරකමට අවශ්‍ය වාතාවරණයක් නැවතත් සකස් කර ගැනීම බව පැහැදිලියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress