මහ බැංකු බැඳුම්කර කොල්ලයට වසර හතරයි හොරු තවමත් නිදැල්ලේ
Posted on March 1st, 2019

කමල් මහේන්ද්‍ර වීරරත්න  උපුටාගැණීම  මව්බිම

එදා මෙදාතුර මේ රට තුළ සිදුවූ “සුවිශාලතම මූල්‍ය වංචාව” හෙවත් “මහ බැංකුවේ අධිපතිවරයාගේ මෙහෙයවීමෙන් හා ආණ්ඩුවේ ප්‍රධානීන්ගේද අනුග්‍රහයෙන් හා ආශීර්වාදයෙන් කොල්ල කෑම” සිදුවී ඉකුත් 27 වැනිදාට හරියට වසර 04ක් සැපිරුණද ඊට වගකිවයුත්තන් හා සෘජුවම මැදිහත්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු අර්ජුන මහේන්ද්‍රන්ද ඇතුළු සියල්ලෝම යෙහෙන් වැජඹෙමින් සිටිති.

මේ කුප්‍රකට මහ “මහ බැංකු කොල්ලය” සිදුවන්නේ 2015 ජනවාරි 08 වැනි දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරමින් රට තුළ යහපාලනයක් ඇතිකරන්නට යැයි කියා බලයට පත්වූ ‘යහපාලන ආණ්ඩුව’ බිහිවී නොබෝ දිනකින්ම එනම්, 2015 පෙබරවාරි 27 වැනිදාය.

එය සිදුවන්නේ අපූරු ආකාරයකටය. යහපාලන ආණ්ඩුව බලයට පත්වූ නොපමාවම සිදුවූ අපූරුතම සිදුවීම වූයේ ජනවාරි 08 වැනි දින පැවැත්වූයේ ජනාධිපතිවරණයක් පමණක් වුවද එහි ප්‍රතිඵලය අනුව ජනාධිපති ධුරයේ සිටි මහින්ද රාජපක්ෂ වෙනුවට මෛත්‍රිපාල සිරිසේන දිවුරුම් දෙන මොහොතේම අලුත් අගමැතිවරයකුද දිවුරුම් දීම සිදු වීමය.

තුනෙන් දෙකක (2/3) බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් සමඟ මහජන ඡන්දයෙන් තේරී පත්වූ අගමැතිවරයා ලෙස දි.මු. ජයරත්න සිය නිලයේ සිටියදීම අගමැති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීම සිදුකෙරේ.
“දින 100ක ආණ්ඩුවක්” නමින් ඔහුගේ ප්‍රධානත්වයෙන් වූ ඇමැති මණ්ඩලයක්ද පත්වෙයි.

මේ අල්ල පනල්ලේ එදා සිදුවූ තවත් අපූරුතම සිදුවීමක් මේ “මහ බැංකු කොල්ලය” නාට්‍යයේ පළමු කොටසම මිස. අන් කවරක් හෝ වන්නේදැයි සිතෙන්නේ, මුදල් ඇමැතිවරයාගේ කාර්ය පටිපාටියට ඇතුළත් වන්නාවූ ශ්‍රී ලංකා මහ බැංකුව රනිල් වික්‍රමසිංහ විසින් සිය අගමැති ධුරයේ කාර්ය පටිපාටියට ඇතුළත් කර ගැනීමය. ඉනුත් නොනැවතී 2015 පෙබරවාරි මස 20 වැනිදා මහ බැංකු මහ කොල්ලයේ ප්‍රධාන මෙහෙයුම්කරු බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින්ද නම් කොට ඇති සිංගප්පූරු පුරවැසියකු වූ තම ගජමිතුරු අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ඔහු මහ බැංකුවේ අධිපතිවරයා කොට ඔහුට ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනය භාරදීමේ කුමන්ත්‍රණය වැටහෙන නිසාය.

ඒ අනුහසින් සිදුවූ ‘බැඳුම්කර මහා මගඩියේ” ප්‍රතිඵලයක් වශයෙන් දිනෙන් දින තවත් වසර 26ක් යනතුරුම පැටව් ගසන “මූල්‍ය පාඩුව” අද වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගණන් හිලව් අනුව රුපියල් බිලියන 1000 ද ඉක්මවා ගොස් හමාරය.

බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි මේ රටේ විගණකාධිපතිවරයා ගාමිණි විජේසිංහ මහතාගෙන් එදා කොමිසමේ සභාපතිවරයා නඟන ලද පැනයකට පිළිතුරු දෙමින් ඔහු සිදුකළ ප්‍රකාශයද මෙහිදී සඳහන් නොකරම බැරිය.

“මෙකී ‘බැඳුම්කර වංචාව’ මඟින් රටට සිදුවන අලාභය කොතෙක්දැ”යි විගණකාධිපතිවරයා වශයෙන් ඔබ ගණනය කර ඇත්දැයි කොමිසමේ සභාපති ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු කේ.ඒ. වික්‍රමසිරි මහතා විමසා සිටියේය.

“මව්බිම” ප්‍රධාන සිරස්තලයක් යටතේ සිය පාඨක ජනතාවට එදා හෙළි කළ පරිදිම ඔහුගේ පිළිතුර වූයේ “ස්වාමිනී එය ගණනය කළහොත් ලැබෙන පිළිතුරෙහි ඉලක්කම් ප්‍රමාණය ලිවීමට විනිශ්චය ශාලාව තුළ ඇති දැවැන්ත පුළුල් තිරය වුවද ප්‍රමාණවත් නොවනු ඇති” යන්නය.

මේ සා විශාල අලාභයක් රටට සිදුකළ මහ බැංකු අධිපති අගමැති ගජමිතුරු අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ අපූරුවට යෙහෙන් වැජඹෙද්දී එම කුප්‍රකට සිංගප්පූරුවා මෙරටට ගෙන්වා මහ බැංකුව ඔහුට භාරදුන් රනිල් වික්‍රමසිංහද අදටත් යෙහෙන් වැජඹෙන්නේ නිකම්ම නොව රටේ අගමැතිකමද කරමින්මය.

එදා මීට වසර 04කට පෙර 2015 පෙබරවාරි 27 වැනිදා පෙරවරු 11.00ට රුපියල් බිලියන 01ක මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් සිදුකරන බවට දැන්වීමක් පළ කළ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා බැඳුම්කර ටෙන්ඩර්පත් භාරගැනීමේ අවසාන කාලය වූ පෙරවරු 11.00 වෙද්දී නිර්ලජ්ජිත ලෙස එතෙක් මෙතෙක් කිසිදු අධිපතිවරයකු සිදු නොකළ ආකාරයට මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි සිදුකරන රහස්‍ය අංශය වෙත පැමිණෙයි.

එහිදී අංශ භාර නිලධාරිනිය ඇමතූ ඔහු ටෙන්ඩර්පත් භාරගැනීමේ කාලය තවත් මිනිත්තු 10කින් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියි.

එය එලෙස සිදුවෙද්දී ඔහුගේ දියණියගේ ස්වාමිපුරුෂයා වන අර්ජුන් ඇලෝසියස් හිමිකාරිත්වය දරන සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායකයා වන කසුන් පලිසේන අලුතින් ටෙන්ඩර් පත්‍රයක් භාර දෙමින් රුපියල් බිලියන 10ක බැඳුම්කර මිලදී ගැනීමට ඉදිරිපත් වෙයි.

ටෙන්ඩර්පත් කැඳවන ලද්දේ රුපියල් බිලියන 01කට බැවින් ඒ සඳහා අනෙකුත් ප්‍රාථමික ගැනුුම්කරුවන් තම ටෙන්ඩර්පත් ඉදිරිපත්කොට අවසන්ව තිබියදී මෙලෙස මහ බැංකු අධිපතිවරයාගේ බෑනා බිලියන 10කටත් එම සමාගම වෙනුවෙන්ම ලංකා බැංකු නියෝජිතයාද තවත් ටෙන්ඩර් පත්‍රයක් තවත් බිලියන 06කටත් ඉදිරිපත් කරන්නේ අප ඉහතින් සඳහන් කළ පරිදි අධිපතිවරයා විසින් දීර්ඝ කරවන ලද මිනිත්තු 10 ඇතුළතය.

මේ සමගම අර්ජුන මහේන්ද්‍රන් මූල්‍ය මණ්ඩලයටද දැනුම් දෙන්නේ රජයට ඉතා හදිසි අවශ්‍යතාවක් ඇති බැව් අගමැතිවරයා තමාට දැනුම්දී ඇති හෙයින් රුපියල් බිලියන 01 වෙනුවට බිලියන 20ක බැඳුම්කර අලෙවි කිරීමට පියවර ගත යුතු බවයි.

මූල්‍ය මණ්ඩලයේ බහුතරයම එයට විරුද්ධ වෙමින් එමඟින් සිදුවිය හැකි අනර්ථයත් රටේ ආර්ථිකයට එමඟින් සිදුවන බරපතළ හානියත් පෙන්වා දෙන ලද අතර ඒ අනුව බිලියන 20 ප්‍රමාණය බිලියන 10 දක්වා ආපස්සට ගැනීමට හැකිවූ බැව් කොමිසම හමුවේ හෙළි විය.

එපමණක් නොව එදා දිනයේ රටේ පැවැති පොලී අනුපාතය සියයට 9.85ක් වුවද මාමා අනුමත කළ බෑනාගේ ටෙන්ඩර් පතෙහි පොලී අනුපාතය සියයට 12.05ක් වීමද විශේෂයෙන්ම සඳහන් කළ යුතුමය.

කෙසේ වුවද අගමැතිවරයාගේ අවශ්‍යතාව බැව් පෙන්වා දෙමින් එම අනුපාතයට රුපියල් බිලියන 10ක භාණ්ඩාගාර බැඳුම්කර සිය බෑනාගේ සමාගමට අලෙවි කිරීමට අධිපති මාමාට හැකිවිය.

මේ පුවතින් රටම ගිනි ගනිද්දී අගමැතිවරයා ඊට යෙදූ පිළියම වූයේ තමන්ටම හිතවත් තිදෙනකුගෙන් සැදුම්ලත් ‘පිටිපන කමිටුව’ නමින් කමිටුවක් පත්කොට මේ ගැන කරුණු පරීක්‍ෂා කිරීමට නියම කිරීමය.

“හොරාගේ අම්මා හරියටම පේනය කීවාය.” මහ බැංකු අධිපතිවරයා කිසිදු වරදක් හෝ විෂමාචාරයක් සිදුකර නොමැති බව කමිටුව වාර්තා කළේය.

මේ වන විටත් කථානායක ධුරය දැරුවේ චමල් රාජපක්ෂ මහතාය. පාර්ලිමේන්තුව තුළ මෙම ප්‍රශ්නය උද්වේගකාරී ලෙස පැන නැඟෙද්දී ඔහු විසින් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ඛ්ර්ණීර්ථීඡ් කමිටුවට මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නියම කළේය.

සියලු පාර්ශ්ව කැඳවමින් පුළුල් විමර්ශනක් සිදුකර එම කමිටුව සිය වාර්තාව එළි දැක්වීමට දින නියම කළේ 2015 ජුනි මස 28 වැනි දිනටය.

“මහ බැංකු මහා මගඩිය” නාටකයේ ඊළඟ “එපිසෝඩය” තිරගත විය. කෝප් වාර්තාව හෙළි දැක්වීමට දෙදිනකට පෙර 2015 ජුනි මස 26 වැනි දින අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කෝප් කමිටුවත් එහි වාර්තාවත් ‘ශූන්‍ය’ කළේය.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ම වූ ආණ්ඩුවක් 2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති මැතිවරණයෙන් බලයට පත්කිරීමට තරම් රට වැස්සන් අමනෝඥ විය.

ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාගේ සභාපතිත්වයෙන් නව කෝප් කමිටුවක් පත් කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පියවර ගත්තේය.

2015 නොවැම්බර් 26 වැනි දින විමර්ශන ආරම්භ කළ හඳුන්නෙත්ති කමිටුවේ වාර්තාව සකස් වෙන්නේ 2016 ඔක්තෝබර් මාසය අවසාන භාගයේදීය.

ඒ අතරතුර අර්ජුන මහේන්ද්‍රන් මාමා සහ අර්ජුන් ඇලෝසියස් බෑනා කිසිදු බාධාවකින් තොරව සිය කටයුතු දිගටම කරගෙන ගියේ ඉතාමත්ම සැහැල්ලුවෙන්ය.

කොටින්ම කියතොත් 2016 මාර්තු 29 හා 31 දිනයන්හි පවා ඔවුන් රිසි සේ කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වෙන්දේසි පවත්වමින් මහජන මුදල් සිත් සේ සූරාකමින් යෙහෙන් වැජඹුණි. සේවක අර්ථසාධක අරමුදලේ හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් අරමුදලේ හා ශ්‍රී ලංකා මහ බැංකුව තුළ සුරක්ෂාවට තැන්පත්ව තිබූ අනෙකුත් ආයතනවල පොදු මහජනතාවගේ මුදල් කුට්ටිපිටින් කොල්ලකෑවේ කිසිදු හිරිකිතයක් හෝ බියක් සැකක් නොමැතිවය.

2017 ඔක්තෝබර් 26 වැනි දින හඳුන්නෙත්ති කෝප් කමිටුවේ වාර්තාව ඉදිරිපත් විය. කෝප් කමිටුවේ සාමාජිකයන්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කමිටු වාර්තාවට අස්සන් තබන ලද්දේ එහි අන්තර්ගත කරුණු හා නිර්දේශ සමඟ එකඟ නොවන බවට පාද සටහන් හෙවත් “ජ්ධධබ ව්ධබඥ” තබමිනි.

2017 ජනවාරි 27 වැනි දින ජනාධිපතිවරයා විසින් මෙම මහ බැංකු මගඩිය ගැන සොයන්නට ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පත් කළේ ඒ අතර තුරය.

2017 ජනවාරි 27 වැනිදා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ‘බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව, ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි හා ප්‍රසන්න ජයවර්ධනද විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වූ කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත විය.

එහි වාර්තාව 2017 දෙසැම්බර් මස 30 වැනි දින ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර එය පිටු 946ක්ද ඇමුණුම් 175 කින්ද තවත් පිටු 206ක ඇමුණුම්වලින්ද යුක්ත විය.

එහෙත් නොකියාම බැරි ඉතාමත්ම වැදගත් කරුණක් වනුයේ එම කොමිෂන් වාර්තාව ඉංග්‍රීසි බසින්ම පමණක් මුද්‍රණය කොට සීමිත පිටපත් ප්‍රමාණයක් නිකුත් කිරීම මඟින් එහි අඩංගු දේ සිංහල හෝ දෙමළ බස වහරන රටේ අති මහත් බහුතරයක් වන ජනතාවගේ ඇස නොගැටෙන්නටත් කන නොවැකෙන්නටත් වික්‍රමසිංහ රජය ඉතා දක්ෂ ලෙස ක්‍රියා කරන ලද බවය.

ඉතාමත්ම අඩු ප්‍රචාරණයක් දෙමින් නිකුත් කළ මහ බැංකු බැඳුම්කර මගඩිය විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් හෙළිදරව් කළ කරුණු අතර ප්‍රථම වෙන්දේසියේදී පමණක් ක්ෂණිකව රටට අහිමි වූ වළක්වාගත හැකිව තිබූ අලාභය රුපියල් හැට අට කෝටියකට අධික බව(රු. 68,87,62,100)කි.

කොමිසමේ අංක 21 දරන නිර්දේශය මඟින් සඳහන්ව ඇති පරිදි අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, ඔහුගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන යනාදීන් මෙන්ම මෙම මහා විනාශයට විවිධාකාරයෙන් සම්බන්ධ වී ඇති අයවලුන්ගෙන් අලාභ හා දඩ ලෙස දෙගුණයක් කොට අයකරගත යුතු බවට නිර්දේශ කොට ඇති මුදල් කන්දරාව රුපියල් කෝටි අටසිය පනස් තුනකට ආසන්න වූ (රු. 852,99,64,495යි ශත 61) මුදල මෙන් දෙගුණයකි.

එනම් රුපියල් කෝටි එක්දහස් හත්සිය හයකට ආසන්න වූ (රුපියල් 1705,99,28,991යි ශත 22ක) මුදලකි. බිලියනවලින් ගණනය කළහොත් එම මුදල රුපියල් බිලියන 17 ඉක්මවූවකි. (රු. 17,059,928,991.22කි.)
ඒ සියල්ලත් කඩදාසියේ ඉංග්‍රීසි බසින් මුද්‍රණය වූවා හැර ඉන් එපිටට ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් වසර 4ක් ගතවන අදටත් ගෙන නැත. ගන්නට සූදානමක්වත් පෙනෙනන්ටද නැත.

එපමණකුදු නොව ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් ඉතාමත්ම නිරවුල් ලෙසම පැහැදිලිවම ප්‍රකාශ කොට ඇති පරිදි, ශ්‍රී ලංකාව වසර ගණනාවකින් නොව දශක ගණනාවකින් ආපස්සට ඇද දමමින් ආර්ථික වශයෙන් අන්ත ප්‍රපාතයකට හෙළා දැමීමට ඉවහල් වූ මෙම කුප්‍රකට මහ දවල් මහ බැංකු මහ කොල්ලය පිළිබඳව සම්පූර්ණ වගකීම ආරෝපණය වනුයේ මහ බැංකුව භාරව ක්‍රියා කළ අර්ජුන මහේන්ද්‍රන්ට පමණක් නොවේ.

සැලසුම් සහිතව සිංගප්පූරුවේ සිට ඔහු කඩිමුඩියේම මෙරටට ගෙන්වාගෙන අනියම් ආකාරයෙන් තමාගේ යටතට අත්පත් කරගත් මහ බැංකුවේ අධිපති වශයෙන් ඔහු පත් කිරීමට ජනාධිපතිවරයාගේ විරෝධය මැද්දේ ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටද පමණක්ම නොවේ.

2015 පෙබරවාරි 17දා මෙම ප්‍රථම කුප්‍රකට බැංකු බැඳුම්කර මගඩිය සිදු කරන්නට දෙදිනකට පෙරාතුව හදිස්සියේම මහ බැංකුවට පැමිණ හදිසි රැස්වීමක් කැඳවා රජයට හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති බවට අමුතුම ආකාරයේ දැනුවත් කිරීමකට කටයුතු කළ මුදල් ඇමැතිවරයා වූ රවි කරුණානායකත්, මහාමාර්ග ඇමැති කබීර් හෂීම්, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිව සිටි මලික් සමරවික්‍රම හා ඇමැති රවුෆ් හකීම් යන ඇමැතිවරුන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නියෝජිතයන් වශයෙන් පෙනී සිටිමින් කළ කී දෑ අනුව ඔවුන්ද මේ කුප්‍රකට මහා මූල්‍ය වංචාවේ පූර්ව සැලසුම තුළ සිටි ප්‍රබල ක්‍රියාකාරීන් බැව් අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

ඊටද අමතරව මහ බැංකුවේ අතිශය රහස්‍ය තොරතුරු සිය බෑනා වූ අර්ජුන් ඇලෝසියස්ට ලබා දෙමින් මගඩිය සැලසුම් සහිතව ක්‍රියාත්මක කළ අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිවත්, සිය මාමණ්ඩිය වූ මහ බැංකු අධිපතිවරයාගේ එකී උදවු උපකාර ඇතිව සුප්‍රසිද්ධියේම බැඳුම්කර මගඩියේ දිගින් දිගටම යෙදෙමින් රුපියල් කෝටි ගණනින් අයුතු ලාභ ලෙස මහජන මුදල් වූ රාජ්‍ය මුදල් කොල්ලකනවා මදිවාට සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ඉහතින් සඳහන් කොට ඇති ආයතනයන්හි අරමුදල් භාරව සිටි නිලධාරීන් මිලට ගෙන, ඔවුන් හරහා එකී අරමුදල්හි වූ මහජන මුදල් කෝටි ගණනින් තමන්ගේ සාක්කුවට වැටෙන ආකාරයට කටයුතු කළ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිවත්, මහ බැංකු බැඳුම්කර මගඩි හරහා රාජ්‍ය මුදල් කොල්ල කෑමට අතහිත දීම වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් කෝටි ගණනක් වූ ගාලුමුව‍ෙදාර ඉදිරිපිට පිහිටි අති සුඛෝපභෝගී මහල් නිවාසයක් ලබා ගැනීම හා එහි පවුල පිටින් පදිචිංව සිටීමත් සම්බන්ධයෙන් කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව සිදුකළ විමර්ශනයෙන් කරුණු තහවුරු වීම නිසා වරදකරුවකු බවට තීන්දු වූ මුදල් ඇමැති රවි කරුණානායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් නීතිය ක්‍රියාත්මක කරවීමටත්, යනාදී නිර්දේශ කොමිෂන් වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කොට ඇතත්, ඒ කිසිදු පියවරක් හෝ සෙසු අයට එරෙහිව නීතිපතිවරයා හරහා ස්කන්ධ හා සුරැකුම් ආඥා පනත යටතේ අදාළ නීතිමය පියවර ගැනීමටත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ නීති ප්‍රතිපාදන ඔස්සේ පියවර ගැනීමටත් ජනාධිපති කොමිසම මඟින් කර ඇති නිර්දේශ සහ කිසිවක් වසර 4ක්ම ගතව ඇති මේ මොහොත වනතුරු ඉටුවී නැති බව සඳහන් කළ යුතුමය.

කිවයුතු හා ලිවිය යුතු තවත් පිටු 60-70ක් වුවද නිමවිය නොහැකි කරුණු මේ මහා මූල්‍ය මගඩියක් වන රජයේම අනුග්‍රහයෙන් ලොව සිදුව ඇති බවට වාර්තා වූ එකම භාණ්ඩාගාර කොල්ලය හෙවත් මහ බැංකු අධිපතිවරයා විසින්ම රටේ අගමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන්ගේද ආශීර්වාදය හා අනුග්‍රහය ඇතිව සිදුකරන ලද මහ දවල් මහ බැංකු මහ කොල්ලය ගැන අප සතුව ඇතත්, ඒ සියල්ලට තිත තබමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් මේ මහ බැංකු මහ කොල්ලයේ සිවු වන සංවත්සරය සමරමින් (2019 පෙබරවාරි 27දා) සිදුකළ අපූරු ප්‍රකාශයේ කොටසකින් ලිපිය නිමා කරමි.

“අවුරුදු 4කුත් ගත වෙලත් තවමත් මේ මහ බැංකු හොරුන් අල්ලා දඬුවම් දෙන්නට බැරි වෙලා තිබෙනවා. කොහොමද ඒක කරන්නේ ආණ්ඩුව කරන්නෙත් ඒගොල්ලම නම් ඒක වෙන්නේ නෑ. ඒක සිද්ධ වෙන්න නම් මේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕනෑ.”

 

2 Responses to “මහ බැංකු බැඳුම්කර කොල්ලයට වසර හතරයි හොරු තවමත් නිදැල්ලේ”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya walking crime bomb
    (against Buddhism, Sri Lanka and Sinhalese Buddhists only) Batalande wa(n)dakaya wolf in sheep’s clothing
    Pol Pot r@ni_leech wickrama Sinhala killer planted its catholic buddy maha horandran at the CB to rob it.

    Within a few months wa(n)dakaya’s catholic buddy got away with Rs 5585 billions. Now MY3 is scared of pathala man (pm) and nothing is going to happen. Wa(n)dakaya’s days are numbered since it has to face an election.
    Like previously, there is no jaathidhrohee vermins’ party aka jvp rebellion or traitor UNPatriotic_rats’ catholic
    buddy barrel man hitler mala paharan’s catholic tigers of tamil drealam to murder Sinhalese Buddhists and
    carry on for 10/20/30 years without elections.

    Portuguese national wa(n)dakaya has planted all its portuguese buddies to the judiciary, and obviously they
    can’t carry out murders to postpone elections. Wa(n)dkaya must be looking into tweaking
    the Constitution with its portuguese buddies to postpone elections somehow. One thing is sure, once wa(n)dakaya
    lose elections, it’s going to be a spent force and all its backers going to dump traitor low life. Then, wa(n)dakaya
    will have to jump the country or face public hanging for the robberies, murders, treacheries it has done during
    the past 40 years.

  2. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist’s anti Buddhist, anti Sri Lanka and anti Sinhalese UNPatriotic_rats
    party’s treacheries. You won’t see these in so called Buddhist (on paper) Sri Lanka where all the media are
    controlled by UNPatriotic_rats party henchmen.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress