වොෂින් පවුඩර් ඇඟ ගාලා හායි හායි…
Posted on March 5th, 2019
Lanka Lead News
යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝයි සහ ලක්ස් සබන් නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා නොව වොෂින් පවුඩර් හෙවත් ඩිටර්ජන්ට් යොදාගෙන බව පසුගියදා කොළඹ වානිජ මහාධිකරණයේදී අනාවරණය විය. දේශීය සමාගමක් වූ නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගමේ වෙළඳ දැන්වීමකට එරෙහිව යුනිලීවර් සමාගම ගොනුකළ නඩුවක් පැමිනිලිකරුටම පාරාවලල්ලක් වූයේ මේ සමගිනි.
පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ අනුව ඒ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝගය අධිකරණය විසින් නිකුත් කර තිබුනේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමනක් සළකා බලමිනි. පසුව දේශීය සමාගම සියලු තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ වාරණ නියෝගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
බාල කුණු කන්දල් අපට විකුනා අපේ පරම්පරා ගණනාවක් පිළිකා, වකුගඩු වැනි රෝගවලින් වනසන මේ බහුජාතික මාෆියාවන්හි ඉහළ තනතුරැවල සේවය කරන ලාංකිකයිනි. රැකියාවට එහා ගොස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන (මම අවධාරණය කරමි- රැකියාවට එහා ගොස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන” දෙවරක් සිතන්න. ඔබේ දරුවා ද මේ ව්‍යසනයේ ගොදුරකි.
පිට ඔපයටත්, වෙළඳ දැන්වීම් හරහා පතුරන දහසක් අසත්‍යයන්ටත් රැවටී මේ දහදරාව හිස්මුදුනින් ගෙන භාවිතා කරන පාරිභෝගිකයිනි. දැන්වත් සිහිනුවනින් කටයුතු කරන්න. ඉන්දියාවේ නිලියන් පස්ස හේදීමටවත් නොගන්නා මේ රෝගකාරක විෂද්‍රව්‍ය වෙනුවට ඔබත් පරිසරයත් දේශීය ආර්ථිකයත් ආරක්ෂාවන විකල්පයන්ට වහා මාරැවන්න. (වැඩිදුර තහවුරැව සඳහා පහත දැක්වෙන අධිකරණ නියෝගයේ උපුටනයන් හොඳින් කියවන්න.)
March 5th, 2019 at 5:00 pm
ශ්රී ලංකාවේ යුනිලීවර් විසින් ශ්රී ලංකාව තුළ විකුනන සබන් වර්ග වන ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බූයි’ යන සබන් වලට ‘සෝඩියම් ඩොඩෙක්සිල්බන්සීන සල්ෆනේට්’ (SDBS) නැබති විෂ සහිත රසායනික ද්‍රව්යක් භාවිතා කරයි. කෙසේ වෙතත්, එම රසායනික යුනිලීවර් විසින් වෙනත් රටක විකුණන ලද සබන්වලට භාවිතා නොකෙරේ.
සෝඩියම් ඩොඩේක්බිල්සෙන්සන් සල්ෆනට් විෂ සංයෝගක් වන්නේ එය ඇමෙරිකාවේ DOT and EPA ලැයිස්තුවේ සඳහන් කර ඇති බැවිනි. එය එහි අණුවක බෙන්සීන් සහිත ඇරෝමැටික සංයෝගයක් වන නිසා එය පිළිකා කාරකයක් (පිළිකා ඇතිවන රසායනික) ලෙස වර්ගීකරණය කළ හැකිය.
කරුණාකර එක්සත් ජනපද අන්තරායකර ද්රව්ය කරුණු පත්රිකාව බලන්න.
https://nj.gov/health/eoh/rtkweb/documents/fs/1698.pdf
Unilever Sri Lanka uses ‘Sodium Dodecylbenzene Sulfonate’ (SDBS) in their bathing bars ‘Lux’ and ‘Lifebuoy’ in Sri Lanka, although the said chemical SDBS is not used by Unilever in their bathing bars sold in any other country.
Sodium Dodecylbenzene Sulfonate is on the Hazardous Substance List because it is cited by DOT and EPA. Because it is an aromatic compound with benzene in its molecule it can be classified as a carcinogenic (cancer causing Chemical) too.
Please see the US Hazardous substance Fact Sheet below;
https://nj.gov/health/eoh/rtkweb/documents/fs/1698.pdf
March 5th, 2019 at 8:40 pm
It is time to chase away all the multi-national mafia. We had our own “Kohomba” soap earlier but don’t know what happened to them.
Imported Milk is poisoning this nation
Health and beauty industry is poisoning this nation
Wheat floor coming from US is poisoning this nation.
Ethanol mafia is poisoning the nation
Heroin and Kerala Ganja are killing the spirit of the nation
Glyphosate is poisoning the nation
I wonder how we are still surviving?? It must be a miracle.
We need a national leader, not a politician to look into all these and save our nation.