මංගලට ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.. අයවැය ලස්සන නම් ටිකක් පමණයි.. මංගලට වාණිජ අංශයේ සුළු රස්සාවකටවත් සුදුසුකම් නෑ..- ආර්ථික වියතෙක් කියයි..
Posted on March 7th, 2019

lanka C news

2019 වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වියත්මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

අයවැය ලේඛනය අනුව, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණයබරතාවය දැන් 91% දක්වා වැඩිවෙලා. 2014 දී තිබුණේ 71% පමණි.

enterprise srilanka” යනු ණයදීමේ ක්‍රමවේදයකට ලස්සන ආකර්ෂණීය නම් ටිකක් දැමීම පමණයි. මේවා කළ යුත්තේ බැංකුවල වාණිජ් අංශයන් මිස, රටේ මුදල් ඇමැතිවරයා නොවේ.

මංගල සමරවීරට අප රටේ ආර්ථිකයේ ප්‍රශ්න පිළිබඳව කිසිම අවබෝධයක් නෑ. රුපියල බාල්දු වෙනවා. සංචිත කඩා වැටෙනවා. පොලී අනුපාතය වැඩි වෙනවා. සේවකයන් දහස් ගණනින් පාරට වැටෙනවා. බඩු මිල අහස උසට යනවා. බැංකු සහ මූල්‍ය ආයතන දැඩි පීඩනයට ලක්වෙනවා.

හැමෝගේම ණය දිනපතාම වැඩි වෙනවා. රජයේ ආයතන වල අර්බුද වැඩිවෙනවා. කිසිම ග්‍රාමීය සංවර්ධනයක් නැහැ. යටිතල පහසුකම් නඩත්තු වෙන්නෙ නැහැ. අලුත් යටිතල පහසුකම් නැහැ. පෞද්ගලික අංශය අධෛර්යමත් වෙලා. කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ. විදේශ ආයෝජකයින් තමන්ගේ සල්ලි අරගෙන යන්න යනවා. රටේ ආර්ථිකමය දිසාව පිළිබඳව කිසිම ඉඟියක් නැහැ. ජනතාවට බදු පිට බදු වැටෙනවා පමණයි වෙන්නේ. ජනතාවගේ පීඩනය ඉවසන්න බැරි තැනකට ඇවිල්ලා.

මේ ප්‍රශ්න එකකටවත් විසඳුම් නැහැ. මේවට විසඳුම් නැත්නම්, අයවැයක් ඉදිරිපත් කළාට වැඩක් නැහැ. එවැනි අයවැයකින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

වැඩබැරි කට්ටිය වැදගත් තැන් වලට පත්වුණාම මෙවැනි විපත්ති සිදුවීම පුදුමයක් නෙවෙයි. මංගල සමරවීරට මුදල් අමාත්‍යශය පිළිබඳව කිසිම දැනුමක් හෝ අත්දැකීමක් හෝ අවබොධයක් නැහැ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වාණිජ ක්ෂේත්‍රයේ කිසිම සමාගමක මූල්‍ය අංශයක ඔහුට පඩියක් ගෙවලා රැකියාවක් දෙයිද? එහෙත්, අපේ රටේ අවාසනාවට, ඔහු රටේ මුදල් ඇමැති වෙලා ඉන්නවා. ඒ හරහා මුළු රටම අගාධයට ඇදගෙන යනවා. ඒ දුක විඳින්න වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress