ජාතික පාසල් විදුහල්පති තනතුරු පුරප්පාඩු
Posted on March 10th, 2019
ජනමාධ්‍ය නිවේදනයය ලංකා ගුරුසේවා සංගමය. – Ceylon Teacher’s Services Union. Ctsu Lanka
2019. 03. 08
ගරු අධ්යාපන අමාත්‍ය,
අකිල විරාජ් කාරියවසම් මැතිතුමා,
අධ්යාපන අමාත්යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.
අමාත්යතුමණි,
ජාතික පාසල් විදුහල්පති තනතුරු පුරප්පාඩු සම්බන්ධවයි.
ජාතික පාසල් 354 න් 302 ක විදුහල්පති තනතුරු පුරප්පාඩුව පැවතීම සම්බන්ධව අප සංගමය විසින් දිගින් දිගටම පෙන්වා දුන් අතර ඒවා කඩිනමින් පිරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටින ලදි.
2. මෙලෙස ජාතික පාසල් වල විදුහල්පති තනතුරු පුරප්පාඩු කරමින්, තම හිතවතුන් එම පුරප්පාඩු තනතුරු වල රඳවා ගනිමින් ඔබ විසින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවට අප නැගූ චෝදනාව මේ වන විට ඉතා හොඳින් තහවුරු වී ඇත.
3. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉල්ලූම්පත් කැඳවා සම්මුඛ පරීක්‍ෂණ අවසන් කොට රාජ්‍ය සේවා කොමිසම වෙත යවන ලද ලේඛනය සම්පුර්ණයෙන්ම වැරදි සහගත එකක් බවත් එමගින් වඩාත් සුදුස්සන් තෝරනවා වෙනුවට තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අඩු සුදුසුකම් සහිත අය එම තනතුරු සඳහා තෝරා ගැනීම නිසා රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් එම ලැයිස්තුව ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ බව 2019.02.05 වන දින හා 2019.02.06 වන දින මාධ්‍ය මගින් ද වාර්තා කර තිබුණි.
4. ඒ අනුව අධ්‍යාපන පරිපාලන සේවයේ ෂ පංතියේ නිළධාරීන් සිටිය යුතු පාසල් 64 ක් සඳහා ඊට අඩු සුදුසුකම් සහිත නිලධාරීන් විදුහල්පතිවරුන් ලෙස තෝරා යැවුයේ කාගේ උවමනාවටද යන්න ඉතා හොඳින් පැහැදිලිය. අධ්‍යාපන පරිපාලන සේවයේ ෂ පංතියේ නිළධාරින් සිටියදී ඔබගේ පටු දේශපාලන උවමනාවන් මත මෙම පුරප්පාඩු සඳහා පුද්ගලයින් නම් කිරීම සිදුවී ඇති බව තව දුරටත් තහවුරු වේ.
5. එබැවින් මෙම පාසල් වල පරිපාලනය තව දුරටත් බිඳ වැටීමට ඉඩ නොතබා කඩිනමින් එම පුරප්පාඩු පිරවීමට රාජ්‍ය සේවා කොමිසන් සභාවේ උපදෙස් හා නියමයන් නිවැරදිව අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත්, පටු දේශපාලන උවමනාවන් පසෙකලා දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය ගැන සැලකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙසත් ඉතා වගකීිමෙන් යුතුව ඉල්ලා සිටිමු
ස්තූතියි.
මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ – Senaka Mahinda Jayasinghe
ප්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය. – Ceylon Teacher’s Services Union. Ctsu Lanka
පිටපත් – 01. ලේකම් – රාජ්‍ය සේවා කොමිසන් සභාව
02. ලේකම් – අධ්යාපන අමාත්යාංශය
සම්බන්ධීකරණය – 0714437205 / 0777685038
Coordinate – +94714437205/+9477768503