ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව
Posted on March 11th, 2019

අද මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති , මහාචාර්ය ජි. එල් පීරිස් මහතා

අභීයාචනාධිකරණය ඉදිරියේ අපේ හිටපු මහඇමැතිවරුන් දෙදෙනෙක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් නඩු පවරලා තියෙනවා. මේ නඩුව ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට සම්බන්ධයි. මේ වෙද්දි මැතිවරණ කල් දාලා අවුරුදු එකහමාරක් වෙනවා. අප්‍රියෙල් වෙද්දි පළාත් සභා 8ක් අක්‍රීය වෙනවා වුනත් රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැහැ. පළාත් සභාවට වැදගත් විෂයන් 36ක් පැවරිලා තියෙනවා. රෝහල් , පාසල්, මාර්ග නඩත්තුව, ආදි සියලුම දේ නතර වෙලා. ජනතා ඡන්දයෙන් පත්වුනු පළාත් සභා මන්ත්‍රීවරුන්ට අද මහජන කටයුතුවල නිරත වෙන්න බැහැ. සියලුල නිලධාරීන් විසින් කිරිම නිසා ජනතාවට අගතියක් වෙලා.

තමන්ට දිනන් බැරි බව දන්න නිසා මැතිවරණ නොපැත්වීම තමයි මේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය. පාර්ලිමේන්තුවට, පළාත් සභා මැතිවරණවලදී කාන්තා නියෝජනය පිළිබද පනතක් ඉදිරිපත් කළා. කමිටු අදියරේදි පිටු 33කින් , සංශෝධන 35ක් ඉදිරිපත් කරලා පනත සම්පූර්ණයෙන් වෙනස් කළා. පනතේ අරමුණ පදනම ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් වුනා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනත නෙවෙයි අවසානයේ සම්මත වුනේ. ඉදිරිපත් කරපු පනතයි සම්මත වුනු පනතයි අතර අහසයි පොළොවයි වගේ වෙනස්. පැවැති ඡන්ද ක්‍රමය අහෝසිකළා. නමුත් ඡන්ද පවත්වන ක්‍රමවේදයක් නැහැ. චේතනාන්විතව පළාත් සභා මැතිවරනය නොපවත්වන්න  කටයුතු කළා. නිතිපතිතුමා පනත සම්මත කරගන්න තුනෙන් දෙකේ බහුතරය අවශ්‍ය බව කිව්වා. ඡන්දය ගන්න තිබුනේ 5.30ට. කතානායකතුමා පැය හතරක් ඒක ප්‍රමාදකළා. කතියින්ටකැමැති තරම් කතා කරන්න වේලාව දුන්නා. අවසානයේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගත්තේ හෙළිකොප්ටර් යවලා මන්ත්‍රීවරු ගෙන්වාගෙනයි. සිමා නීර්ණය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඇමැතිවරයා තමන්ගේ යෝජනාවටම විරුද්ධව ඡන්දය දුන්නා. මෙවැනි ක්‍රියාදාමයක් රජය අනුගමනය කලේ කුමන හෝ උප්පරවැට්ටයක් හරහා ඡන්දය නොපවත්වා ඉන්නයි.

මැතිවරණය කල් දාද්දි අපි ශේෂ්ඨාදිකරණයට ගියා. අධිකරණයේ තීන්දුව වුනේ දවසකින්වත් මැතිවරණය කල් දමන්න බැරි බවයි. රජය උසාවියේ නියෝජගය වක්‍රව ප්‍රතික්ෂේප කරන්න වැඩ පිලිවෙලක් යෙදුවා. 2017 අංක 17 දරණ පනත තමයි ඒ උපක්‍රමය.  එයින් පැවැති ඡන්ද ක්‍රමය අහෝසි කරලා නව ඡන්ද ක්‍රමයක් ඇති කරන්න සීමා නීර්ණය කමිටුවක් පත්කළා. ඒ පනතේ වගන්ති අනුව කමිටුව ඉදිරිපත් කරලා මාසයක් ඇතුළත විවාද කරලා තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කළ යුතුයි. 2018 පෙබරවාරි අවසන් සතියේ ඇමැතිවරයා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ කියන්නේ මාර්තු අවසනායේ පනත සම්මත වුය යුතුයි. නමුත් කතානායකවරයා විවාදයට වෙන් කරලා තිබුණු දින දෙකම මග ඇරලා මාස හතරකට පස්සේ, අගෝස්තු මාසයේදී විවාදයට ගත්තා. රජය තමන්ගේම යෝජනාව පරාජය කළා. පාර්ලිමේන්තුවේ සම්මත වුනේ නැත්නම් පස් දෙනෙක්ගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් කතානායකවරයා විසින්පත්කළ යුතුයි. ඒ කමිටුවවේ සභාපතිවරයා අගමැතිවරයායි. ඒ කමිටුව මාස දෙකක් ඇතුළත වාර්තාව හදලා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. එතකොටයි නව ක්‍රමය ස්ථාපිත වෙන්නේ. දැන් මාස හතරක් ගෙවිලා. තවමත් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා නැහැ. මේ අතරේ මැයි 31 ට පෙර පළාත් සභා මැතිවරන්‍ය පැවැත්විය යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළා. එදා අගමැතිවරයා සතියක කාලයක් ඉල්ලුවා. සතිය සතිදෙක තුන වුනා. දැන් අගමැති කියනවා මෙය කතානායකවරයාට යොමු කළ බව. එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. මේක කොහෙත්ම කරන්නේ නැහැ. රජයේ ඇමැතිවරැන් අපි ඡන්දය තියන්නේ නැති බව කියනවා. ඒ අතරේ පළාත් සභාවල අනාගතය ගැඹුරින් සිතා බලන්න ආචාර්ය සරත් අමුණුගම, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා, සුමන්දිරන් මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා. මේක සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක්.

පළාත් සභා සම්බන්ධයෙන් මේ කරපු දෙයම කරලා පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දාන්න ඉඩ තියෙනවා. පවතින මනාප ඡන්ද ඡන්ද ක්‍රමයේ දැඩි දෝෂ තියෙන බව කියමින් දැඩි විවේචනයට ලක්කරනවා. ඒ වෙනුවට වෙනත් ඡන්ද ක්‍රමයක් ස්ථාපිත කරනවා කියලා නව ක්‍රමය සැකසීම චේතනාන්විතව මග අරිනවා. ඉස්සෙල්ලා ක්‍රමය වලංගු නැහැ. නව ක්‍රමයකුත් නැහැ. ඒ නිසා මැතිවර නය පවත්වන්න බැහැ. පළාත් සභා ක්‍රමයට මේක වලංගු වෙනවා නම් පාර්ලිමේන්තු මැතිවරනයත් මේ ක්‍රමය මගින් නොපවත්වා හිටිය හැකියි. එජාපය සෝදාපාලුවට යන බව දන්න නිසා මැතිවරණ තියන්නේ නැහැ. රජයෙන් සහායක් නැති නිසයි අපි උසාවියේ සහාය පැතුවේ. ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම අධිකරණයේ යුතුකමක්. ඒ නිසා එස්. එම් රන්ජිත් හා මහිපාල හේරත් මහ ඇමැතිවරු අධිකරණයට ගියේ. උසාවිය මැදිහත් වෙලා වහාම මැතිවරණ පවත්වන ලෙස මැතිවරණ කොමිෂමට නියෝගයක් දෙන්න කියලා අපේ හිටපු මහ ඇමැතිවරු මේ වෙද්දි ඉල්ලීම් කරලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

යහපාලන ආන්ඩුවේ නව අයවැය ගැන දැන් ජනතා අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. මිනිස්සුන්ට ලැබෙන සහන ගැන මිනිස්සු බලාගෙන හිටියා. අපිට ඉතිහාසය අමතක කරලා වැඩ කරන්න බැහැ. 2015  දි බලයට පත් වෙන්න ජනතාව මුලා කරමින් පොඩි කාර්එකක්වත් ගන්න ආන්ඩුව වෙනස් කරන්න කියලා දැන්වීමක් රූපවාහිනියේ පළ කලා. තෙමිලා ආපු කාන්තාව පුංචි කාර් එකක් ගන්න කියලා මේ ආන්ඩුව බලයට පත් කරගත්තා. මේ වෙද්දි මිනිස්සුන්ගේ වාහනයක් ගන්න තිබුණ බලාපොරොත්තුවට මොකද වුනේ. මේ අයවැයෙන් සුඛෝපභෝගී වාහන නම් කරනවා. දැන් සුඛෝපභෝගී නොවන වාහන ගණයට අයත් වෙන්නේ වැගන් ආර්, ඇල්ටෝ , මරූටි විතරයි. මේ වෙද්දි ලංකාවේ වාහන මිල ගණන් බලන්න. මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ කාලයේ ත්‍රිවිලරයක් තිබුණ කෙනා වැන් එකක් ගත්තා. මේ ඇඩ් බලලා යහපාලනය ගෙන්න ඡන්දේ දිපු අය අද ජිප් එක විකුණලා අයෙත් තිුවිලර් එකක් ගන්නවා. එදා හොන්ඩා සිවික් රථයක් ලක්ෂ 35ත් 40ත් අතර වුනා. මේ අයවැයෙන් ඛේමාගේ කොලුවා සුබෝපභෝගි කියලා ලක්ෂ 12ක බද්දකුත්, නිෂ්පාදන කියලා ලක්ෂ 2ක බද්දකුත් ගහලා දැන් වාහනයේ මිල ලක්ෂ 75ත් 80ත් අතර වෙලා. මේ වාහනය ජපානයේ මිල ලක්ෂ 22ක් 23. ඉතිරි සියල්ල බදු. ආන්ඩුවට බදු ගෙවලයි මනුස්සයෙක් වාහනයක් එළවන්නේ. හොන්ඩා සී ආර්.වි එකට සුභෝපභෝගි බද්ද ලක්ෂ 23යි, නිෂෟපාදන බද්ද ලක්ෂ හයයි හැත්තෑපහයි ගහලා එදා ලක්ෂ 85ට තිබුණ වාහනය අද ලක්ෂ 140යි. මේ වගේ කිසිම කෙනෙකුට වාහනයක් ගන්න බැරි තත්ත්වයක්. තියෙන වාහනයක් විකුණගන්නත් බැහැ. දුම්පරීක්ෂාව කරන්න, ඉන්සුවරන්ස් එක, ඊට පස්සේ කාබන් බද්දටත් ගෙවන්න තියෙනවා. වාහනයක් ගන්නවා නම් ඒ එක්ක ලණුවකුත් ගන්න වෙනවා.  අන්තිමට බෙල්ලේ වැල දාගන්න. අපි තාම හොයනවා පුංචි කාර් නංගිව.

මහින්ද රජාපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ පරිසර හිතකාමී හොන්ඩා ලීප් රථයට දෙලක්ෂ හාරදහසක් බදු ගහලා ලක්ෂ 22ට වගේ විකුණුවා. රවි කරුණානායක ආපු ගමන් ඒ වාහනේට ලක්ෂ 27ක බද්දක් ගැහුවා. පහුගිය අයවැය හරිත අයවැයක්. ඒකෙදි කිව්ව ා2025 වෙද්දි රජයට ඉන්ධනවලින් දුවන වාහනයක් ගේන්නේ නැහැ කිව්වා. පරිසර හිතකාමී වාහන ගේනවා කියලා ලක්ෂ 35 පැනපු ගමන් සුඛෝපභෝගී බද්දට යටත් වෙනවා. වාහන ලංකාවට ආනයනය කරන දේශීය ව්‍යාපාරිකයෝ ගෙන්න ගත්තා වහන විකුණගන්න  බැරිව ඉන්නේ. අය වැය සංශෝධනය  නොකලොත් මේ අය තමන්ගේ වැහන ටික ගෙනත් ගාලු පාරේ නතර කරලා යතුරු අරන් යනවාලු.

හෝම් ස්විට් හෝම් ණයෙන් දෑවැද්ද කෝටියක් දෙනවා. රුපියල් කෝටිය වසර 25ක් ගෙවන්න තියෙනවා. වසර පහයි සහන දෙන්නේ. අලුතෙන් බදින අය මේණය ගත්තොත් රු. 70677.92ක් වාරිකය ගෙවන්න තියෙනවා. මගුල තියෙයිද. මෙහෙම වාරිකයක් ගෙවද්දි කන්නේ බොන්නේ නැත්ද. මේක ගෙවන්න ලක්ෂ දෙකක් වත් පඩි ගන්න වෙනවා.  වාර්ෂිකව ලංකාවේ විවාහ එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් විතර වෙනවා. කෝටිය ගානේ මේ සදහා අයවැය පොතේ වෙන් කරලා තියෙන්නේ කොහොද කියලා අපි ඛේමාගේ කොලුවාගෙන් අහනවා. කෝටියේ ණය ගන්න නිසා විවාහ වෙන ප්‍රමාණය වැඩි වෙනවා.

අපේ රටට විදේශ විනිමය ගේන ගෘහ සේවිකාවන්ට හා අනෙකුත් අයට සිහින මාලිගාවක් හදාදේනන සූදානම් වෙනවා. දැන් ගෘහ සේවිකාවගේ පඩිය උපරිම රු. 50000ක්. ණය ගත්තොත් වාරිකය විතරක් රු. 72280ක් වෙනවා. මේවා ගැන ප්‍රායෝගික හිතන්න වෙනවා. බැංකුවට කියපු ගමන් බැංකුව ණය දෙනවාද. බැංකුව බැංකුවේ ක්‍රමවේදයෙන් පිටයන්නේ නැහැ. මේක මිනිස්සුන්ව‌ෙ නාමග යැවීමක්. විදේශ රටවල සේවය කරන අය ගෙදරට එන මුදල් මාස තුනක් නතර කලොත් ආන්ඩුව එක තැන නතර වෙනවා.

මේ අයවැය පුරාම තියෙන්නේ ලස්සන වචන. හෝම් ස්විට් හෝම්, රිය ශක්ති රන් අස්වැන්න, මිනි ටැක්සි, දිරි සවිය, සොදුරු පියස, ගොවි නවෝදා, සිටි රයිඩ්,  මාධ්‍ය අරුණ. මේවා වචන හරඹයක් විතරයි. ජනතාව මුලා කරන අයවැයක්. මේ විදියට ජනතාව මුලා කරද්දි ජනතාව බලන් ඉන්නේ ඡන්දයක් තියනකල්. රාජ්‍ය සේවකයින්ට ජුලි මාසේ 1 වැනිදා ඉදන් රු. 2500ක් පඩියට එකතු කරනවා. බදු ගහන්නේ මාර්තු 5 වෙනිදා ඉදන්. මහින්ද මහත්තයා ගත්ත ණය පෙන්න තියෙනවා. අධීවේගී මාර්ග, පාරවල්, ස්කෝල විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපල පේන්න තියෙනවා. රාජ්‍ය සේවකයා අධිවේගි මාර්ගයෙන් නගිද්දි රු100ක් ගෙවන්න ඔ්නේ. දවසට 200 ගානේ දවස් 30ට කීයද. උඩ සාක්කුවට 2500ක්දාලා යට සාක්කුවෙන් 6000ක් ගන්නවා. රාජ්‍ය සේවකයා ණයට බඩු ගන්නේ. රාජ්‍ය සේවකයාගේ පඩිය දවස් 12න් ඉවරයි. මංගල සමරවීරගේ කිරි යෝජනාව 2017දිත් තිබුනා. දැන් කිරිවිදුරැව දෙන්නේ දරුවාගේ පෝෂණ තත්ත්වය නංගවන්න නෙවේ. කිරි සමාගම් පෝෂණය කරන්න. දරුවා මන්ද පෝෂණයටගොදුරු වුනත් මේ ආන්ඩුවට ප්‍රශ්නයක් නැහැ. කිරි පිටි වලින් රෝග 24ක් වැලදෙනවා කියලා අමාත්‍යංශය කියද්දි ඒ ආන්ඩුව දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න හදනවා.

අපි ආන්ඩුවේ අයවැයට විරුද්ධව අපේ ඡන්දය භාවිතා කරනවා. විරුද්ධයි කියනවා. අලියා ලකුණින් නැතිව වෙනත් ලකුණකින් පාර්ලිමේන්තු ආපු නැත්නම් පිනට ආපු කෙනෙක් අයවැයට අත එසවූවොත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එවන්න එපා. මේ දවස්වල ආන්ඩුව සත්ත්න්ට මිල නියම කරනවා වගේ මන්ත්‍රීවරුන්ට මිල නියම කරනවා. ගෙදර හිටියොත් මෙච්චරයි. මගදි බඩේ අමාරුවක් හැදිලා ගියොත් මෙච්චරයි වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. දෙමල ජාතික සන්ධානයටත් මේ තරම් ගාණක් දෙනවා ඡන්දය දුන්නොත් කියනවා. ඒකත් ඡන්දෙදි බලාගන්න පුලුවන්. 13 වැනිදා ජනාධිපතිගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාපයේ පසුපෙල කට්ටිය බලාගෙන ඉන්නවා. අපි කියනවා පුලුවන් නම් පරාජය කරලා පෙන්වන්න කියලා. වික්‍රමසිංහ මහත්තයා සාමන්‍යයෙන් අනින ටොක්ක වෙනුවට පොල් ටොකු දෙකක් අනලා පැත්තකට වෙලා ඉන්න කිව්වාම අත ඔසවලා ඇවිත් ඊළග දවසේ කියනවා වැරදීමක් වුනා කියයි. අපි අයවැය පරාජය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න නෙවෙයි. ඡන්දයකට යන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ආයෙත් අගමැති කරන්නේ ඡන්දයකින් විතරයි.

ප්‍රශ්න – පළමුවැනි වර පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු 54ක් ඉන්නවා. අයවැය පැරදුනොත් ඔවුන්ට විශ්‍රාම වැටුප අහිමි වෙනවා නේද

රෝහිත අබේගුණවර්ධන – විශ්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තු ආප අය ඉන්නවාද බලන්න. විශ්‍රම වැටුප නෙවේ. මන්ත්‍රීකමක් ඇමැතිකමක් කරගන්න හරි වෙනත් වරප්‍රසාදවලට හරි රතු පලස මගින් ඇවිදින අය ඉන්නවා. ජනාධිපතික්‍රමය අහෝසි කරනවාට මම අකැමැති එතැනදියි.  බැදුම්කරය වගේ මංකොල්ලයක් කරපු කෙනෙක්ට 125ක් සල්ලි වලට ගත්තා නම් ජනාධිපතිවෙන්න හැකි වෙනවා. මන්ත්‍රීවරයෙක්ගේ වගකීම විශ්‍රම වැටුප ගැන හිතන එක නෙවෙයි. සමස්ත රටේම මිනිසුන්ගේ විශ්‍රම වැටුප ගැන හිතන එකයි. ජනතාවත් එක්ක හිටියොත් ඊළග පාර ආයෙත් දිනවනවා. ඊට පස්සේ විශ්‍රාම වැටුප හදා ගන්න පුලුවන්.

මාධ්‍ය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා කිව්වා දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්. පක්ෂය කඩා ගෙන ගිහින් එස්. එල්. පී.පි කියලා එකක් හදාගත්ත අය හිතන් ඉන්නවා එවුන් තමයි විශ්ම කර්ම කියලා.

රෝහිත අබේගුණවර්ධන – එතුමා වාසිය සදහා නායකයෝ මාරුකරන බව රටම දන්නවා. වසර 10ක් ජි. එල් පිරිස් මහතාගේ ලේකම් වෙලා හිටියා. ශ්‍රීලනිප තරුණ සංගමයේ තනතුර නැති වුනා කියලා එජාපයට ගියා. වයඹ මහ ඇමැතිකම වෙනුවෙන් නැවතත් මේ පැත්තට ආවා. මහින්ද මහත්තයාට විපක්ෂ නායකකම තියෙන්නේ මේ අය නිසා කියනවා නම් ඒක ජනතාව බලාගනියි. එතුමා ජනතා ආශිර්වාදයෙන් ඉන්න නායකයෙක්. මෛත්‍රිපාල සිරිසේන මහතා එජාපයේ දීඝයෙන් ඉවත්වුනා. මේ නැවතත් එතුමාව ගැලවුනු කදවුරට හේත්තු කරන්න උත්සාහ කිරිමයි. අපි ශක්තිමත් පක්ෂයක්. අපි පළාත් පාලන ආයතනවලින් සියයට 71ක් දිනපු පක්ෂයක්. රජවාසලෙත් හිටියා නේ වන්දි භට්ටයෝ.

මාධ්‍ය – එජාපය කියනවා ඔවුන්ගේ පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා තෝරා ගෙන අවසන් බව. ඔබේ පක්ෂයේ අර්බුදය නිසයි තවමත් අපේක්ෂකයෙක් නැත්තේ කියනවා. මොකක්ද ඇත්ත.

රෝහිත අබේගුණවර්ධන – පළමුවෙන්ම කියන්න අවශ්‍යයි අපේ පක්ෂයේ අර්බුදයක් නැහැ. ලංකාවේ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන එකම පක්ෂයයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අනික් කාරණය එජාපයේ අපේක්ෂකයා ගැන එකගතාවයක් නැහැ. රනිල් වික්‍රමසිහ, කරු ජයසුරිය සජිත් ප්‍රෙමදාස, පාඨලී චම්පිත පක්ෂයේ අපේක්ෂකයා කියන අතරේ වෙනම බඩුවක් ආනයනය කරනවා කියන අයත් ඉන්නවා. අපි දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි මුලින්ම ජන මතයට ඇහුම්කන් දෙන්න වෙනවා.  

2005 දි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මියගේ ඔලුවේ තිබුනේ අනුර බන්ඩාරනායකට අගමැති අපේක්ෂකකම දෙන්න. නැත්නම් කදිරගාමර්, එහෙමත් නැත්නම් රත්නසිරි විතක්‍රමනායක මහතා. නමුත් රටේ ජනතාව ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ. වෙන කෙනෙක් දැම්මානම් වික්‍රමසිංහ මහත්තයා මේ වෙද්දි රට බෙදලා ඉවරයි. රටේ ජනතාව ඉල්ලන කෙනෙක් ඉන්නවා. රෝහිතඅ බේගුණවර්ධන දැනටමත් ඒ වෙනුවෙන් වැඩ. නම කියන්නේ අපි නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයායි මේ මම වෙනුවෙන් ඉදිරිපත් කරන කෙනා කියලා රටට කියන්නේ. අන්න ඒ අපේක්ෂකයා දිනවන්න අපි වැඩ.

මාධ්‍ය – ඒනම ඇතුලේ රාජපක්ෂවරයෙක් නැති බව කියැවෙනවා.

රෝහිත අබේගුණවර්ධන – 2015 කිව්වේ රාජපක්ෂලා ඔක්කොම හිරේ කියාලනේ. එාහම ලේසියෙන් රාජපක්ෂවරු වට්ටන්න බැහැ. රාජපක්ෂලා කියන්නේ මේ රට ආරක්ෂා කරපු පරපුරක්. වැඩකරපු අය. මහින්ද රාජපක්ෂ රටට ආදරය කරපු නායකයෙක්.ගෝඨාභය රාජපක්ෂ යුද්ධය නැති කරන්න නායකත්වය දුන්න නායකයා. බැසිල් රාජපක්ෂ ආර්ථික අතින් මේ රට නංවපු නායකයෙක්. පක්ෂයක් හදපු නායකයෙක් . චමල් රාජපක්ෂ කියන්නේ වැඩ කරපු නායකයෙක්. පුලුවන්නම් මේ දේ අනිත් අයගෙන් අහලා මැතිවරණය ඉල්මන් කරන්න.

මාධ්‍ය – දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙක්ට චෝදනාවක් එල් වෙලා තියෙනවා.

රෝහිත අබේගුණවර්ධන – ඔහුට චෝදනාවක් විතරයි එල්ල වෙලා තියෙන්නේ. ඔප්පු වුනොත් අපේ  පක්ෂයේ විනය මණ්ඩලය ඔහු සම්බන්ධයෙන් පියවරක් ගනියි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress