අපි පළාත් පැලන මැතිවරණයට ගියේ පක්ෂයට අවුරුද්දක් පිරී පක්ෂයට ප්‍රතිපත්තියක් හෝ අනාගත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න හැකියාවක් තිබුනේ නැති අවස්ථාවක
Posted on March 13th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුනේ ගම් මට්ටමින්. අපි පළාත් පැලන මැතිවරණයට ගියේ පක්ෂයට අවුරුද්දක් පිරුණ අවස්ථාවක. ඒ වෙද්දි අපේ පක්ෂයට ප්‍රතිපත්තියක් හෝ අනාගත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න හැකියාවක් තිබුනේ නැහැ. අපි ජනතාවට පොරොන්දු වුනා නැවත ජනතාව ඉදිරියට එන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව හා අනාගතයේ පිහිටුවන රජයේ වැඩපිළිවෙලකුත් සමගයි කියලා. මෙය සකස් කළ යුත්තේ දේශපාලනඥයෝ හෝ පක්ෂයේ නායකයින් විසින් නෙවෙයි, ජනතාව අතරින් මේ වැඩපිළීවෙල සකස් කළ යුතු බව අපි තිරණය කළා. ජනමුල ප්‍රතිපත්ති සම්පාදනයක් සදහා පක්ෂය පහසුකම් සපයන්නෙක් පමණක් විය යුතුයි කියලා අපි එකගතාවයට ආවා. වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , ව්‍යාපාරික ප්‍රජාව මේ ප්‍රතිපත්ති මාලාව සම්පාදනය කරන්න එකතු කරගැනීමට අපි තීරණය කළා.

අපිට ගම් 36000ක් තියෙනවා. ජනශූන්‍ය ගම්මාන අතහැරියාම ග්‍රාම නිලධාරී වසම් 14000ටම ගිහින් ගම් 25000ජනතාව මුණ ගැහෙනවා. ඒ සදහා ගම සමග පිළිසදරක් කියලා වැඩපිළිවෙලක් සකස් කළා. එය සම්ප්‍රධායෙන් ටිකක් බැහැර වුනු වැඩපිළිවෙලක්.අපේ පක්ෂයේ ක්‍රියාකාරිකයින්ට පමණක් සීමා නොවී පක්ෂය පහසුකම් සපයන්නෙක් විදියට සිටිමින් පක්ෂභේදයෙන් තොරව ජනතා අදහස් ලබා ගැනීමයි අපේ බලාපොරොත්තුව.

අපි ජනතාව එක්ක වැව් අමුණු පවා බලන්න ගියා. ගම ඇතුලේ ජනතාවට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විමසීමක් මෙහිදි සිද්ධ වෙනවා. මෙහිදී ගමේ ජනතාව අතරින් මාර්ග සංවර්ධනය, ජල පහසුකම්, විදුලිය , පොදු පහසුකම් , ඇල වේලි අමුණු ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණය කිරිම් වගේම ගමේ ආර්ථිකය දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුනා.ගමේ ආවේණික කර්මාන්ත වැඩිදියුණු කිරීම වගේම නව කර්මාන්ත ඇති කිරීම මගින් නව රැකියා උත්පාදනයකිරිම ගැනත් ජනතාවඅතරින් අදහස් ඉදිරිපත් වුනා.ඒ විතරක් නෙවෙයි. ගමේ සංවර්ධනයට බාධාවක් වී ඇති ගංවතුර ගැලීම්, නායයෑම්, වැනි විපත්වලට විසදුමක් ලබාගැනීම, ගමේ පිහිටීමේ භූ විෂමතා අනුව පරිපාලන වහයෙන් මුහුණපෑමට සිදුව ඇති ගැටලු මෙන්ම යම් යම් පුද්ගලයින්ගෙන් සිදුවන බැධා සම්බන්ධයෙනුත් ජනතාව අදහස් දක්වමින් තිබෙනවා.  

මේ විදියට අපි හැම ගමකටම ගිහින් ආකෘති පත් තුනක් පුරවනවා. පළවැනි ආකෘති පත්‍රය ගමේ සමාජයිය ආර්ථික භූගෝලීය පසුබිම, ජාතික අදහස් වගේම ගමේ දේශපාලන පසුබිම් වාර්තාවකුත් ගන්නවා. මේ විදියට ජනතා අදහස් ගන්න අතරේ රටේ වෘත්තීය සමිති නායකයින්, විද්වතුන්, පුද්ගලික අංශයේ අයගෙන් විශේෂඥ කමිටු පිහිටුවලා අදහස් ගන්නවා.

ඉතිහාසයේ අපේ ගම  පදනම්ව පැවැති සමාජීයය තත්ත්වයත් ආර්ථික තත්ත්වයත් බ්‍රිතාන්‍යය යුගයේ සිට වෙනස් වුනා. වෙල්ලස්ස කැරැල්ලෙන් පස්සේ අපේ ආර්ථිකය විනාශ කළා. ඊට පස්සේ ඩි.එස් සේනානයක කාලයේ ජනපද,බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ ජනපද පුලුල් කිරීම, ගම්උදාව, අපේ ගම නැගුම, මේ ආණ්ඩුවේ ගම්පෙරළිය වගේ දේවල් සිදුවුනා. අපි ගම දියුණු කිරීමටත් ජනතාවගේ අදහස් ගන්නවා වගේම ඉඩම් ප්‍රශ්නය විසදන්න අවශයයි. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රශ්නත් විසදන්න තියෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් විශේෂඥ අදහස් ගන්නවා.මේ ප්‍රතිපත්තිය සැකසීමේදී අපේ පක්ෂය පහසුකම් සපයන්නා විදියට කටයුතු කරනවා වගේම පසුව අපේ ජනාධිපතිවරයෙක් හා රජයක් පිහිටුවීමෙන් පස්සේ එය ක්‍රියාත්මක කිරීමට අපේ පක්ෂය දේශපාලන නායකත්වය දෙනවා. බොහෝ මැතිවරණ ප්‍රකාශන ජනතාවට ඉදිරිපත් කළාට ආන්ඩු බිහිවීමෙන් පස්සේ මැතිවරණ ප්‍රකාශන ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ අතින් මහින්ද චින්තන වැඩපිළීවෙල සම්බන්ධයෙන් ආඩම්බර විය හැකියි. සහෝදර පක්ෂ එක්ක එකතු වෙලයි ඒක හැදුවේ. මැතිවරණයෙන් පස්සේ රටේ ප්‍රතිපත්ති මාලාව ලෙස සලකලා මහින්ද චින්තනය ක්‍රියාත්මක කළා. අපිට සමහරක් ක්‍රියාත්මක කරන්න බැරිවුනා. නමුත් ප්‍රතිශතයක් ලෙස අපි වැඩි කොටසක් ක්‍රියාත්මක කළා.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර මේ ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම අවශ්‍යයි. අපි පළවෙනි අධියර විදියට පළාත් පාලන හා පළාත් සභා මන්ත්‍රීවරු දැනුවත් කළා. ඊට පස්සේ අපේ වෘත්තීය සමිති අනු සංවිධාන දැනුම්වත් කළා. දෙවැනි වටය මේ මාසයේ 16,17,23,24,30,31 දිනවල යාපනය හා මඩකලපුව හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 20 පුරා පළාත් පාලන ආයතන 286ක අපේ ක්‍රියාකාරීන් දැනුම්වත් කරනවා. ඒකියන්නේ ග්‍රාම සේවා වසම් 12468 අපේ ක්‍රියාකාරිකයින් දැනුම්වත් කරන්න රැස්විම් 511ක් කරනවා. පළවෙනි සති අන්තයේ රැස්විම් 126ක්, දෙවැනි සති අන්තයේ රැස්විම් 195ක්, අවසන් සතියේ තවත් රැස්වීම් 134ක් පැවැත්වෙනවා. තවම දින නියම නොවුනු ස්ථාන 16කුත් තියෙනවා. අපේ ක්‍රියාදරයින් වගේම ග්‍රාමිය නායකයින් , පූජ්‍ය පක්ෂය, ගමේ ග්‍රාම නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී වගේ නිලධාරින්වත් සහභාගි කර ගන්නවා.

පුද්ගලික අංශය , වෘත්තීය අංශ, වෘත්තීයවේදීන් වැනි සියලු කොටස් මෙයට සහභාගි කර ගැනීමට අවශ්‍යයි. සිවිල් සමාජයේ විවිධ විෂයන් ගැන, පරිසරය, සත්ව ආදී ක්ෂේත්‍ර ගැන විශේෂයෙන් අවධානය යොමු විය යුතු අංශ ගැන අවධානය යොමු කරන අංශවලටත් අපි එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

මාධ්‍ය  – අයවැයට පක්ෂව ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දුන්නා. නමුත් ශ්‍රීලනීපය ඡන්දය නොදී ඉවත් වෙලා හිටියා. ශ්‍රීලනීපය හා පොදුජන පෙරමුණ එකමුත් බවයි ජනතාව හිතන්නේ. මෙතනදි සිද්ධ වුනේ පරස්පර සිද්ධියක් නේද

බැසිල් රාජපක්ෂ  – ඡන්දය නොදී හිටිය අයගෙන් මේ සම්බන්ධයෙන් අහන්න  අවශ්‍යයි. මතවාදීව එකතු විම තුළිනුයි  සමගියක් ඇති වෙන්නේ.

මාධ්‍ය – තවම එවැනි එකතු විමක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ නැද්ද

බැසිල් රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් 14 වැනිදා සාකච්ඡා අරඹනවා. ඒ සාකච්ඡා අරඹන්නේ විවෘත මනසකින්.

මාධ්‍ය  – මේ වැඩසටහන ඇයි උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ව්‍යාප්ත නොවන්නේ.

බැසිල් රාජපක්ෂ – උතුරු නැගෙනහිරට වැඩපිීලවෙල ගෙනියන්න හරිම කැමැතියි. එයයි විය යුත්තේත්. අපි අරඹන්න සතුටුයි. නමුත් අපි ඇත්ත පිලිගන්න අවශ්‍යයි. අපේ පක්ෂය රට පුරාම ව්‍යාප්ත කරන්න හිතුවත් පසුගිය මැතිවරණය බැලුවම ඒ ප්‍රදේශවලින් අපේ පක්ෂයට නිසි නියෝජනයක් ලැබිලා නැහැ. මේ විදියට වැඩපිළීවෙල ආරම්භ කරලා  ඉදිරියට ගෙන යනවා. මේ වෙද්දි මඩකලපුවට වැඩපිළීවෙල ගෙන ගිහින් තියෙනවා. ඉදිරි මාස තුනේදී උතුරු නැගෙනහිර ජනතාවගේ අදහස් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් පැවැති සියලු ආන්ඩුවලට ඒ ජනතාවගේ අදහස් ලබා ගන්න හැකි වුනේ නැහැ. අපේ පක්ෂය හැම වෙලාවෙම වැඩිදෙනෙක්ට සේවය කරනවා වෙනුවට හැම දෙනෙක්ටම සේවය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

මාධ්‍ය – මේ වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වන ඉලක්කය මොකක්ද

බැසිල් රාජපක්ෂ – මේ රටට , ජනතාවගෙන් හදපු ජනතාවගේ ප්‍රතිපත්ති මාලාවක් සකසා ගැනීමයි.

මාධ්‍ය – මොනතරම් කාලයකින්ද මේ වැඩපිීලවෙල අවසන් වෙන්නේ.

බැසිල් රාජපක්ෂ  –  ඡන්දයක් ඉක්මනින් එන නිසා ජුනි මාසය වෙද්දි මෙය සකසන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඡන්දයකට ජනතාව ඉදිරියට යන්නේ ප්‍රතිපත්තියත් එක්කයි. මැතිවරණ ප්‍රකාශයක් එළි දක්වන්නේ නම් මැතිවරණයකදියි. නමුත් අපේ ප්‍රතිපත්ති මාලාව රටේ ජාතික ප්‍රතිපත්තියක් විදියට පත්කර ගැනීමයි අවශ්‍ය.

මාධ්‍ය – ඉකිමනින් ඡන්දයක් එන බව ඔබ කිව්වාත මොන මැතිවරණයද එන්නේ

බැසිල් රාජපක්ෂ – නිත්‍යාණුකූලව නම් පළාත් සභා මැතිවරණය එන්න අවශ්‍යයි. මේ වෙද්දි පළාත් සභා පවත්වන කාලය පසුවෙලා තියෙන්නේ. දෙසැම්බර් වෙන්න කලින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය තියන්න වෙනවා. ඔක්තෝම්බර් 05 වෙද්දි මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න වෙනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණයට පස්සේ නීත්‍යාණුකූලව තියන්න තියෙන්නේ ජනාධීපතිවරණය. ඊළගට ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව අනිවාර්යයෙන්ම තුනෙන් දෙකේ යෝජනාවක් සම්මත නොවුනොත් අන්තිමට එන්නේ පාර්ලිමේන්තු මැතිවරනයයි.නිත්‍යාණුකූලව පළාත් සභා මැතිවරණය තියන්න තිබුණත් මේ අය තියයි කියලා හිතන්නේ නැහැ. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය අධීකරණය හරහා හරි ලබා ගන්න අපි උත්සාහ කරනවා. අපි හිතනවා අලුත් ජනවරමකින් පත්වෙන අපේ අලුත් ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට ජනමත විමසුම් කිහිපයක් ගෙන යයි කියලා. අපි අලුතින් පත්වෙන ජනාධිපතිවරයාගෙන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සදහා ඉල්ලීම් කිහිපයක් කරනවා. රටට ගැලපෙන ඡන්ද ක්‍රමය, පාලන ක්‍රමය, එය විධායක ජනාධීපතික්‍රමයක්ද, පාර්ලිමේන්තු විධායක ක්‍රමයක්ද, බලය බෙදීමේ කේන්ද්‍රය ගමද, දිස්ත්‍රික්කයද පළාතද වැනි ප්‍රශ්න ජනතාවට දීලා පසුව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සුදුසුබවයි අපි හිතන්නේ.

මාධ්‍ය – අනෙක් පක්ෂවලින් ලැබෙන්නේ මොන වගේ සහායක්ද

බැසිල් රාජපක්ෂ – අපි මේ වැඩපිළීවෙල කරන්නේ පක්ෂ විදියට නෙවෙයි. අපි පහසුකාරකයෙක් විදියටයි කටයුතු කරන්නේ. ගම සමග පිළිසදරක් වැඩපිළීවෙලට සියලු පක්ෂවලට ආරාධනා කරනවා. අපිත් එක්ක ඉන්න අනෙක් සහෝදර පක්ෂ සෑහෙන්න පැරණියි. ඒ පක්ෂවලට හදපු ප්‍රතිපත්ති තියෙනවා.

මාධ්‍ය – ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වියයුතු බව ඔබ හිතනවා

බැසිල් රාජපක්ෂ – ජනවරමක් තියෙන පක්ෂයකින් විය යුතුයි.

මාධ්‍ය – වත්මන් ආන්ඩුවත් ව්‍යවස්ථා සංශෝධනය සදහා සුදානම් වුනා.

බැසිල් රාජපක්ෂ -අපි කියන්නේ ජනතාවගෙන් මුලින් අහන්න අවශ්‍යයි කියලයි. ඒ ක්‍රියාවලිය ආරම්භයේ සිටම දෙපැත්තේම ජනතාව මුලාකිරීමයි වුනේ. බිත්තර නොදා කෑ ගහන කිකිළියොත් ඉන්නවානේ. ඒ වගේ කෙකර ගෑවා විතරයි.

මාධ්‍ය – එජාපය තමන්ගේ නායකයා ජනාධිපතිවරණයට එවනබව මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමන්ලාගෙන් කවුද

බැසිල් රාජපක්ෂ – අපි පක්ෂයක්  විදියට තින්දු කලේ මහින්ද රාජපක්ෂ මහතාවයි. අපිට එතුමාව පත්කර ගන්න තිබුණා නම් හොදයි. එතුමාට නිතියෙන් බාධාවක් තිබුනොත් එතුමා හොද කෙනෙක් පත්කරයි.

මාධ්‍ය – මේ වෙද්දි රාජපක්ෂවරයෙක්ගේ නාමයක් යෝජනාවෙන්නේ නැති බවට රාවයක් තියෙනවා.

බැසිල් රාජපක්ෂ – ඒත් ප්‍රශ්නයක් නැහැ. රාජපක්ෂවරු තින්දු කලොත් ඒ රාජපක්ෂ කවුද කියන එකත් එතුමා තින්දු කරලා තියෙන්නේ. රාජපක්ෂ නොවන කෙනෙක් දැම්මොත් එතුමා කියන කෙනෙක් වෙනුවෙන් අපි වැඩ කරනවා.

මාධ්‍ය – රාජපක්ෂ නොවන කෙනෙක් නම් කවුද සුදුසු

බැසිල් රාජපක්ෂ – ඒක මට තොරන්න බැහැනේ. ඒක මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා කරයි.

මාධ්‍ය – වත්මන් ජනාධිපතිතුමාට නැවත අපෙක්ෂකත්වයට එන්න බාධාවක් නැහැ නේද

බැසිල් රාජපක්ෂ – අපේ පක්ෂයේ සාමාජිකත්වය ලේසියෙන් ගන්න බැහැ. පළවෙනි වටයේ සාමාජිකත්වය බොහොම ලේසියෙන් දුන්නා. දැන් ලේසි නැහැ. අරම්භක සාමාජික පෝරමය දැන්දෙන්නේ නැහැ. දැන් දෙන්නෙක්වත් නිර්දේශ කරන්න වෙනවා. එහෙම දෙන්නෙතක් සොයා ගන්න පුලුවන් කමක් නැහැ.

මාධ්‍ය – පහුගිය කාලයේ ඔබගේ නමත් යෝජනා වුනා.

බැසිල් රාජපක්ෂ – මගේ නම කවදාවත්යෝජනා වුනේ නැහැ. නාමයොජනා පත්‍රයේ අපේක්ෂකයාගේ කැමැත්ත දෙනවා කියලා අත්සන් කරන්න තැනක් තියෙනවා.

මාධ්‍ය – ‌මේ වෙද්දි ගොඩනැගෙමින් තිබෙන සංධානය වත්මන් ජනාධිපතිවරයාව යෝජනා කලොත්

බැසිල් රාජපක්ෂ -මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වොත් හා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බලන්න අවශ්‍ය වෙන්නේ ජනතාව කියන දෙයයි. අවසානයේ අපි යන්නේ ඡන්දයකට නිසා දිනන්න පුලුවන් කෙනෙක් දාන්නත් වෙනවා.

මාධ්‍ය – ගම සමග පිළීසදරක් වැඩසටහනේදි මීළග ජනාධිපතිවරයා ගැනත් සාකච්ඡා වෙනාවද

බැසිල් රාජපක්ෂ – නැහැ. ඒක පක්ෂය සාකච්ඡා කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි සුදුස්සා. එතුමාට එන්න බැරි නම් සුදුසු කෙනො එතුමාම තීරණය කරයි. තව සහෝදර පක්ෂ තියෙනවා. අපි පළාත් පාලන මැතිවරනයට ඉල්ලුවෙත් සන්ධානයෙන්. නිල වශයෙන් පක්ෂ 29ක් අපිත් එක්ක හිටියා. විශෞෂයෙන් ලංකා සමසමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්තුවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ වගේපක්ෂත් එක්කයි අපි ඉල්ලුවේ. ඒවායේ නගරාධිපතිවරු පවා ඉන්නවා. නමුත් පොහොට්ටුවෙන් ඉල්ලුවේ.

මාධ්‍ය – සන්ධානය ගොඩනැගීමට පැවැති සාකච්ඡා සදහා ඔබතුමා සහභාගි වෙනවා අපි දැක්කේ නැහැ.

බැසිල් රාජපක්ෂ – අපේ පක්ෂය නිල වශයෙන් සාකච්ඡා අරඹන්නේ 14 වැනිදා.අපේ පරමාදර්ශී නායකයාට සාමාජිකත්වය ගන්න බැරි වුනත් දේශපාලන වශයෙන් අපි එක්ක වැඩ කරනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු නැහැ. නමුත් අපිට අදව් කරනවා.

මාධ්‍ය –

බැසිල් රාජපක්ෂ – තින්දුව අරන් ජාතික සම්මේලනයට දාලා අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතුයි. මුල් බීජය ඇති වෙන්නේ එතුමාගෙන්.

මාධ්‍ය – දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතා ගන්න තින්දුවට එකග බවයි ඔබලා කියන්නේ

බැසිල් රාජපක්ෂ – ඔව්. ජනතාව එතුමාවයි නායකත්වයට අවශ්‍ය බව කියන්නේ. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිකරලයි ජේ. ආර් ජයවර්ධන මහතා ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ. රේසි එකේ අනික් තරගකරුවා ඉවත් කරලා. ඒ නිසා අපි පිහිටුවන ආන්ඩුවක් පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමගේ නායකත්වයෙන්.ජනතාවගේ බලාපොරොත්තුව ඒකයි.

මාධ්‍ය – ඔබතුමා ඉදිරියේදි පාර්ලිමේන්තුවට එනවාද

බැසිල් රාජපක්ෂ – එන්න විදියක් නැහැනේ. 19න් මාව එළියට දැම්මානේ. 19 කියන එක ගලෙන් හතරදෙනෙක්ට ගැහුවා.

මාධ්‍ය – 2019 ජනාධිපතිවරණයෙන් ඔබ පාර්ශවය ජයගන්න නම් ශ්‍රලනිප හා පොහොට්ටුව එකතු වෙන්න අවශ්‍යද.

බැසිල් රාජපක්ෂ – මැතිවරණයකට යද්දි කිසිවෙක් දිනන් බැරි බව කියන්නේ නැහැ. ස්වාධිනයි කියපු ආයතනයක් සහ පොලීසිය කරපු සමික්ෂණයකින් පළාත් පාලන මැතිවරණයට පෙර කිව්වේ අපි දිනන් ආයතන 40ක් බවයි. ඒ වගේ ඡන්දයකියන දේ ජනතාව අතේ තියෙන්නේ. නමුත් අපි දිනන කොට්ඨාශ ගණනත් මම දින තුනකට පෙර කිව්වා. ඒ වගේ අපි විශෟවාසයෙන් කියනවා ජනතාව අපි කෙරෙහි විශ්වාසය තියයි කියලා

මාධ්‍ය – ජනාධිපතිවරණය තනිවම දිනන්න පුලුවන්ද

බැසිල් රාජපක්ෂ – දැන්ම කියන්න හොද නැහැ

මාධ්‍ය – ජනාධිපතිවරණය  නොසලකා හැරලාද ඉන්නේ

බැසිල් රාජපක්ෂ- නැහැ. නැහැ. මේක තමයි ප්‍රධාන මැතිවරණය. මේක අපි අනිවාර්යයෙන්ම දිනනවා.

මාධ්‍ය – දෙපැත්තේ අය කරන ප්‍රකාශ දිහා බැලුවාම එන්න එන්න විරසක වෙන බවයි පේන්නේ

බැසිල් රාජපක්ෂ – අපි ඈත් වෙලා වෙන වෙනමදින්නා. දැන් එන්න එන්න ළං වේගෙන යනවා වගේ මට පේන්නේ.

මාධ්‍ය – තදින් ප්‍රහාර එල්ල කරන බවක්නේ පේන්නේ.

බැසිල් රාජපක්ෂ – දැන් කපු මහත්තරු ඇවිත් කේන්දර බලලා වැඩේ යනවා. හිටපු ගමන් දෑවැද්ද මදි කියලා පොඩි පොඩි ප්‍රශ්න වෙනවා. ඒවගේ දෙයක් තමයි වුනේ

මාධ්‍ය – සතියකට කලින් ඇමරිකන් තානාපතිවරිය උතුරට ගිහින් පළාලි ගුවන් තොටුපල ගැන සමික්ෂණය කරලා සංවර්ධනය වෙන්න තියෙන සිතියම් පවා පරීක්ෂා කළා. එහෙම කරන්න ඒ අයට අයිතියක් තියෙනවාද

බැසිල් රාජපක්ෂ – මේක අද ඊයේ වුනු දෙයක් නෙවෙයි. මහින්ද ජනාධිපතිතුමා බලයට එද්දි ගිවිසුම් රාශියක් තිබුණා. සටන් විරාම ගිවිසුම කිලිනොච්චිය අල්ල ගන්නකල් අවසන් කරන්න බැරිවුනා. ඒකාලේ සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම් හිටියා. සම සභාපතිවරු හිටියා. ඔවුන්ගෙන් අහන්නේ නැතිව මොකුත් කරන්න බැරුව ගියා. රතු කුරුසේ අය හිටියා. උසාවියටවත් නැති බලතල තිබුණා. පුද්ගලික ගෙයක් වුනත් පරික්ෂා කරන්න හැකියාව තිබුණා. හමුදා කදවුරුවලට ඇතුල් වෙලා පරික්ෂා කරපු අවස්ථාත් තිබුනා. ඒ හැමදේකින්ම නිදහස් කරගෙනයි 2015 රට භාර දුන්නේ. දැන් නයෙක් දාගෙන කෑවෝ කෑවෝ කියනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress