2019 අයවැයෙන් අයාලයේ යන සුනඛයින්ට රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. 57000ට වැඩිය ඉන්න උපාධිදාරින්ට එක රුපියලක් නැහැ.
Posted on March 18th, 2019

 ශ‍්‍රී ලංකා පොදුජන උපාධිධාරී සංගමයේ සභාපති උපතිස්ස කුමාරතුංග මහතා අද දින පැවැති ශ්‍රි ලංකා ‌ෙපොදුජන උපාධිධාරින්ගේ සංගමයේ මාධ්‍ය හමුව

නිදහස් අධ්‍යාපනයේ සුවිශේෂි ප‍්‍රතිපළය වන උපාධිධාරියා මේ යහපාලන රජය විසින් දිගින් දිගටම හැල්ලූවටත් අවමානයටත් ලක්කරනවා.
57000ට වැඩි උපාධීදාරින් සිටින අවස්ථාවක රාජ්‍ය සේවයේ විතරක් 78000ක් පමණ රැුකියා පුරප්පාඩු තියෙනවා.

මේ රටේ දේශපාලන දිසානතිය අලූත් මගකට යොමු කරපු පක්ෂයක ප‍්‍රධාන අනුබද්ධ සංවිධානයක් අපි. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ සුවිශේෂි ප‍්‍රතිපළය වන උපාධිධාරියා මේ යහපාලන රජය විසින් දිගින් දිගටම හැල්ලූවටත් අවමානයටත් ලක්කරනවා. උපාධියක් ලබා ගන්නේ රත්තරන් එළපු මල් මාවතක නෙවෙයි කියන කාරණය මේ ආණ්ඩුවට මතක් කරන්න අවශ්‍යයි.

එකවර උපාධිදාරින් 60000ට වැඩි පිරිසකට රැුකියා ලබා දෙමින් ආර්ථිකයේ අලූත් නැම්මක් ඇති කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. මේ ආන්ඩුව පත්වෙලා ගෙවුනු සිව්වරසක කාලය තුල උපාධිදාරින් වෙනුවෙන් මොනවද කලේ. මේ වෙද්දි ලංකාව පුරා රැුකියා විරහිත උපාධිදාරී 57000ට වැඩියි.

මේ වෙනතුරු යහපාලන රජයට විදිමත් වැඩපිළීවෙලක් යටතේ උපාධිදාරින් බදවා ගන්නත් ඔවුන් රැුකියා ප‍්‍රශ්නය විසදන්නත්. 57000ට වැඩි උපාධීදාරින් සිටින අවස්ථාවක රාජ්‍ය සේවයේ විතරක් 78000ක් පමණ රැුකියා පුරප්පාඩු තියෙනවා. මේ ප‍්‍රමාණය පුරවා ගන්නවත් වැඩපිළීවෙලක් ආන්ඩුවට නැහැ. 2019 අයවැයෙන් අයාලයේ යන සුනඛයින්ට රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. 57000ට වැඩිය ඉන්න උපාධිදාරින්ට එක රුපියලක් නැහැ. මේකට අපේ දැඩි විරෝධය ආන්ඩුවට අපි එල්ල කරනවා.

දිගින් දිගටම උපාධිදාරියගේ ප‍්‍රශ්නය විසදන බව කිව්වත් ලංකාවේ මේ වෙද්දි ගුරු සේවයේ විතරක් පුරප්පාඩු 45000ක් මේ වෙද්දි තියෙනවා. විද්‍යාපීඨවලින් පිට වෙන ඩිප්ලෝමාධාරින්ට රැුකියා දීලත් තව ගුරුපුරප්පාඩු ඉතිරි වෙනවා. ආන්ඩුවට කිසි වැඩපිළීවෙලක් , දැක්මක් උපාධීධාරියා වෙනුවෙන් නැහැ. උපාධීධාරින්ට රැුකියා දෙනවා කියලා අරලියගහ මන්දිරයේ ලොකු උත්සවයක් තියලා 4100ට රැුකියා දුන්නා. 2017 අගෝස්තු මාසයේ ජාතික ප‍්‍රතිපත්ති අමාතයංශය 20000ක් බදවා ගන්නවා කියලූ සම්මුඛ පරීක්ෂණ තිබ්බා. ජනාධිපතිවරයා වගකියන එතුමාගේ පොලෙන්නරු දිස්ත‍්‍රික්කයේ 123ටයි රැුකියා ලැබුනේ.

මේක ලැජ්ජා සහගත කාරණයක්. බැසිල් රාජපක්ස මහතා ආර්ථික කටයුතු අමාතළුරයා අවදියේ යෝධ සංවර්ධන ව්‍යාපෘති දියත් කළා. රටේ ආර්ථීකය ප‍්‍රසාරණය වෙන්න නම් මිනිස්සු අතට සල්ලි යන වැඩපිළිවෙලක් තියෙන්න අවහයයි. මේ අන්ඩුවට තියෙන්නේ ලස්සන වැකි එක්ක යෝජනා විතරයි. පළාත් ගුරු විභාග තිබ්බාත් කිසිම පළාත් සභාවක බදවා ගැනීම් නැහැ.

ආන්ඩුව බොරු පොරෙන්දු දෙමින් දිගින් දිගටම උපාධිදාරියා හෑල්ලූ කරනවා. දේශපාලකයාගේ සප්තුවට පෑගෙන්න උපාධිධාරියා ලෑස්ති නැහැ. උපාධිධාරියා සදහා නිර්මාණහිලි වැඩපිළීවෙලක් සකස් නොකලොත් අපි ආන්ඩුවට එරෙහිව උපාධිධාරීන් පෙල ගස්සනවා. අපිට ඒකට අයිතිය තියෙනවා. අපි මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ උපාධීධාරියා වෙනුවෙනු වැඩපිීළවෙලක් ඇති කරන්නේ කොහොමද කියන දේ භාවිතයෙන් ඔප්පු කරලා පෙන්නුවා.

රටක අධ්‍යාපනය. ආර්ථිකය එකට සමපාත විය යුතුයි. අධ්‍යාපන ප‍්‍රතිපත්තියත් ආර්ථික ප‍්‍රතිපත්තියත් ඒකාබද්ධ වුනොත් තමයි රට උදිරියට යන්නේ. 2030 වෙද්දි සැම පුරවැසියෙක්ම අපාධීධාරියෙක් කරන එකයි තායිලන්තයේ අරමුණ. මේ රටට ඒ වගේ ඉලක්කයක් තියෙනවාද. උපාධිධාරියාට රැුකියාවක් දෙන්නවත් වැඩපිළිවෙලක් නැහැ. 2017 වසරේ 30500ක් උපාධීධාරීන් එළියට ආවා. ඒ වගේ ප‍්‍රමාණයක් තව විශ්ව විද්‍යාලවල ඉන්නවා. වාර්ෂිකව විශ්ව විද්‍යාලවලින් එලියට එන අය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නැති ආන්ඩවුක්. දිගින් දිගටම අකිල විරාජ් කාර්යවසම්, රනිල් වික‍්‍රමසිංහත් කරන්නේ මේකයි.

ජනාධීපතිවරයාවත් පොලොන්නරුවෙන් කිසිම ව්‍යාපෘතියක් ඇරඹුවේ නැහැ. අඩුම තරමේ ඔහුට තිබුණා පොලොන්නරුවෙන් ව්‍යාපෘති අරඹලා උපාධාධාරියාට රැුකියා දෙමින් ආදර්ශයක් දෙන්න තිබුණා. රැුකියා නිෂ්පාදනය කරන්නේ මෙහෙමයි කියලා පෙන්වන්න තිබුණා. මේ බොරුපොරොන්දු දුන්නාට යහපාලන සංකල්ප 12න් එකක්වත් ක‍්‍රියාත්මක කලේ නැහැ.

මේ රටේ තරුණ , උපාධීධාරීන් ආන්ඩුව ගෙදර යවන්න සූදානම්. ඉදිරි දින කිහිපයේ රටේ සියලූ උපාධාරීන් මහ මගට ගෙනත් ආන්ඩුවට දැඩි විරෝධයක් දක්වන්න අපි සූදානම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress