හම්බන්තොටට එනවා කියන ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියේ කඩයක් ලගින්.. ලියාපදිංචි කර ඇත්තේ කැබිනට් අනුමැතියටත් පසුයි…
Posted on March 27th, 2019

lanka C news

March 28, 2019 at 3:30 am | lanka C news

හම්බන්තොටට එනවා කියන ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියේ කඩයක් ලගින්.. ලියාපදිංචි කර ඇත්තේ කැබිනට් අනුමැතියටත් පසුයි…

පසුගිය දා හම්බන්තොට මිරිජ්ජවිල දී මුල්ගල් තැබූ තෙල්පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම තිබෙන්නේ ආමර් වීදිය ප්‍රදේශයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය.

හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තිබ්බා. ජාත්‍යන්තර මාධ්‍යයක් කිව්වා ඕමාන රජය ඒකට සම්බන්ධ නැහැ කියලා. BOI කියනවා ඕමාන රජයත් සමඟ තවම සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නවා කියලා. මේ මුල්ගලක් තියන්නේ සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නකොට.

සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමක් එක්ක ගනුදෙනුවක් කරනවා. ඒත් එක්කම අනෙක් පැත්තෙන්, සිල්වර්පාක් පෙට්‍රොලියම් ප්‍රයිවට් ලිමිටඩ් කියලා තව සමාගමක් ඔබ තමුන්නාන්සේලා පිහිටුවලා තියෙනවා. දැන් මේ සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් කියන සමාගම ආමර්වීදියේ කඩයක් ළඟ තියෙනවා තියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නෙ. සිල්වර්පාක් පෙට්‍රොලියම් කියන එක තිඹිරිගස්යායේ අපාර්ට්මන්ට් එකක තමයි සමාගම රෙජිස්ටර් කරලා තියෙන්නේ. යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

3 Responses to “හම්බන්තොටට එනවා කියන ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියේ කඩයක් ලගින්.. ලියාපදිංචි කර ඇත්තේ කැබිනට් අනුමැතියටත් පසුයි…”

  1. Christie Says:

    Indian Colonial Parasites’ companies from Singapore and Ceylon.

  2. Hiranthe Says:

    what a joke!!

    These yahaps are taking people for a ride.

    Remember during the Bond Scam how Run-nil behaved in the parliament..??

    He is similar now. Over the top!!!

    All his supporters are cheering…. ha ha.

    This is a wonderland of Good Governance…

  3. Randeniyage Says:

    I repeat for the 3rd time this is huge fraud.
    ආමර්වීදියේ කඩයක් ළඟ is better than the one in Serangoon, Singapore. All fake addresses just for registration.
    But let the money come in.
    You can find this out later.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress