පළමු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් 99%ක් අත් අඩංගුවට ගත්තත්දෙවැනි ප්‍රහාරය ව්‍යාර්ථ කළ බවක් ජනාධිපතිවරයා කියන්නේ නැහැ.
Posted on May 9th, 2019

අද (21) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්  

■             පාර්ලිමේන්තු මන්ත්‍රී  තාරක බාලසූරිය මහතා 

■             පාර්ලිමේන්තු මන්ත්‍රී   ඉන්දික අනුරුද්ද මහතා 

■             නිවැරදි ප්‍රවෘත්තිය මාධ්‍ය ඒසසේ විකාශනය නොවීමෙන් සිද්ධ වෙන්නේ වැරදි පුවත් සමාජගත වීමයි.

■             මද්‍රසා වැනි අන්තවාදි අදහස් පෝෂණය කරන පාසල් තහනම් විය යුතුයි.

■             මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරපු මුස්ලිම් දේශපාලන නායකයින් අනිවාර්යයෙන් අත් අඩංගුවට ගන්න වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා සෝදිසි කිරිම්වලින් හමුවෙන ආයුධ මාධ්‍ය ඔස්සේ පෙන්වන්න එපා කියලා. ජන ජිවිතය යථා තත්ත්වයට ගන්න, රටේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගන්න මාධ්‍ය ඔස්සේ මේ දේවල් වාර්තා කිරිම් තහනම් කිරීමෙන් ඵලක් නැහැ. අද ජනතාව සිටින්නේ දෙවැනි ප්‍රහාරයක්සම්බන්ධයෙන් බියෙන්. රජයත් දෙවැනි ප්‍රහාරයක් සම්බන්දයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම සුදුඇදුම් හමුවීම, ආයුධ හමුවීම, හමුදා ඇදුම් හමුවීම වැනිදේ නිසා දෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඇති සැකය තහවුරු වෙනවා. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයේදී පළවෙනි ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින්ගෙන් 99%ක් අත් අඩංගුවට අරන් තියෙන්නේ කිව්වා. නමුත් එතුමා දෙවැනි ප්‍රහාරය ව්‍යර්ථ කර තිබෙන බවක් කියන්නේ නැහැ. ඒ තර්ජනය මේ වෙද්දි සම්පූර්ණයෙන් තුරන්කර තිබෙන බවක් කියන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ආරක්ෂක අංශ. දේශපාලනඥයින් මාධ්‍ය සාකච්ඡා නොතියා ආරක්ෂක අංශ මාධ්‍ය සාකච්ඡාවලට එනවා නම් බොහොම හොදයි කියලා අපි විශාවස කරනවා. පාසල් දරුවන් පාසල් ඒමේ වර්ධනයක් අපි දකින්නෙත් නැහැ. රටේ ජනතාව ඉන්නේ විශාල බියකින්. 

මහ බැංකුවේ වාර්තාව මේ වෙද්දි නිකුත් කරලා තියෙනවා. ඒ වාර්තාවෙන් කියන විදියට මේ වෙද්දි ඒක පුද්ගල ආදායම ඩොලර් 2කින් අඩුවෙලා. හැම පැත්තෙන්ම ආර්ථිකය කඩා වැටීමකට ලක්වෙලා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට වෙන හානිය ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. සංචාරකව්‍යාපාරය වුනත් පළවෙනි කාර්තුවෙදි තිබුනේ 2.2% වර්ධනයක් තිබුනේ. ඒ පදනමත් එක්ක ත්‍රස්තවාදි ප්‍රහාරය නිසා ආර්ථිකයට විශාල හානියක් වුනා. මේ හානියෙන් ගොඩයන්න නම්  ජාතික ආරක්ෂාව තහවුරු කිරිම පළමුවෙන්ම කළ යුතුයි. 2015 ප්‍රංශයට එල්ල වුනු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ හිටපු ජනාධීපතිවරයා සංචාරකයින් ගැවසෙන ස්ථානවල ආරක්ෂක නිලධාරීන් 10000ක් ස්ථානගත කළා. මේ රජයත් ප්‍රවෘත්ති විකාශනය කරන්න එපා කියලා මිනිස්සු තුළ විශ්වාසයක් ගොඩ නගන්න උත්සාහ කරනවා වෙනුවට ආරක්ෂාව තහවුරු කළ යුතුයි. නිවැරදි ප්‍රවෘත්තිය මාධ්‍ය ඒසසේ විකාශනය නොවීමෙන් සිද්ධ වෙන්නේ වැරදි පුවත් සමාජගත වීමයි. 

මේ සිද්ධිය හේතුවෙන් මුස්ලිම් සහෝදරයින්ගේ හා නොවන අයගේ කිසියම් ඈත්විමක් වෙලා නම් ඒ සම්බන්ධතා නැවත ගොඩනගා ගත යුතුයි. බුර්කා ව තහනම් කිරීමෙන් පමණක් මෙම්ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. වෙලාවෙන් මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා.මුස්ලිම් කාන්තාවන් බුර්කාව අදින්න පටන් ගත්තේ ඔවුන්ගේ අදහස් වෙනස් විමක් නිසාද, නැත්නම් බුර්කාව ඇදපු නිසා ඒ අයගේ අදහස් වෙනස් විම නිසාද කියලා අපි දෙවරක් හිතා බලන්න ඕනේ. ජාතික ආරක්ෂාව සදහා නම් බුර්කාව තහනම් කරලා මදි. නිතී පද්ධතියක් අවශ්‍යයි. මද්‍රසා වැනි අන්තවාදි අදහස් පෝෂණය කරන පාසල් තහනම් විය යුතුයි. පකිස්තානයේ ඉම්රාන් කාන් අගමැතිවරයා මෙවැනි පාසල් 800ක් තහනම් කරලා තියෙනවා. තුර්කියේත් එවැනි පාසල් තහනම් කළා. මේවායේ අන්තවාදි අදහස් පෝෂණය කරනවා නම් තහනම් විය යුතුයි. අරණායක විල්පල කියන ගමේ පාක්ෂිකයෙක් කිව්වා එහේ මද්‍රසා පාසලක් තියෙනවා. පන්ති පටන්ගන්නේ රෑ 10ට. 10 ඉදන් පාන්දර 2 විතර වෙනකල් පන්ති පවත්වනවා. මේ වගේ පසුබිමක් තුළ ජනතාව තුළ සැකයක් ඇති වෙනවා. මේ ගැන තේරුම් අරගෙන නම්‍යශිලීව කටයුතු කරන්න කියලා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙත් ඔවුන්ගේ සියලු කටයුතු දිහා සැකයෙන් බලමින් ඔවුන්ව අන්තවාදයට යොමු කරන්න එපා කියලයි. මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරපු මුස්ලිම් දේශපාලන නායකයින් අනිවාර්යයෙන් අත් අඩංගුවට ගන්න වෙනවා. අද වෙනතුරු අපේ ඇගිල්ල දිගු වෙන සමහර මැති ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න කරලාවත් නැහැ. සමහරුන්ගේ නෑයෝ සියලු දෙනාම මේ අන්තවාදින් සමග සම්බන්ධයි. නමුත් ප්‍රශ්න කිරිමක් වෙලා නැහැ. පාර්ලිමේන්තුවෙදි සාධාරණ අදහසක් ඉදිරිපත් වුනත් අදහස් ඉදිරිපත්කිරීමට පවා බාධා කරනවා. ඒ අන්තවාදි අයගෙන් ප්‍රශ්න කළ යුතුයි. පරීක්ෂණ පැවැත්විය යුතුයි. 

■             සියලු පාර්ශවයන් ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කරනවා. 

■             9 වැනිදා සිට 13 වැනිදා දක්වා පිපිරිම් සිද්ධ වෙන්න ඉඩ තියෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමැතිවරු විශේෂ උත්සව රාත්‍රී ගමන් බිමන් පිටත් කරන්න එපාලු

■             ඒ වුනාට ජනතාවට කියනවා ළමයි පාසල් යවන්න. සේයට යන්න කියාලා. 

■             අගමැති ජනාධිපති බොරදියේ මාලු බානවා. 

■             බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇපි දුන්නේ 9 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලයේ කෙරෙනවා කියන  පිපිරවිම්වල ඉතිරි ටික එළි දක්වන්නද 

■             ආරක්ෂාව තහවුරු වෙලා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආරක්ෂක නිලධාරින් නැතිව ජනතාව අතරට යන්න. ඒ ආරක්ෂක නිලධාරින් පාසල් ආරක්ෂාවට යොදවන්න. 

■             මේ ආන්ඩුව කියන්නේ පට්ටපල් බොරු. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා 

රටේ ඇති වෙලා තියෙන ව්‍යසනය ආන්ඩුවට කරගන්න නොහැකි වූ අතපසු වූ කාරණා ඉටු කර ගැනීමට අවස්ථාවක් කර ගැනීමේ සූදානමක් තියෙන්නේ. අගමැතිවරයා කියනවා ත්‍රස්තවාදය වළක්වන්න නම් ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළයුතු බව කියනවා. නිතිපතිවරයා හමුදාවපතිවරුන් ඇතුලු මේ සම්බන්ධ විශේෂඥයින් ගෙන්වලා කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් කතාකරපු අවස්ථාවේදි ඒ කාරක සභාවේ සභාපතිවරයා කියනවා මේ ගැන හොඳ මතවාදයක් කාරක සභාවේ මන්ත්‍රීවරුන්ට හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට නැහැ කියලා. විශේෂඥයෝ තුළත් මේ සම්බන්ධයෙන් එකඟතාවයක් නැහැ. ඒක නිසයි අගමැතිවරයා කියන්නේ පොල් ගාන්නේ නැතිව පනත ගේන්න කියලා. කාරක සභාව මේ තුළ වෙනත් අවශ්‍යාතවයක් මිස ත්‍රස්තවාදය පිටු දැකීමක් නැහැ කියලා මේ පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරනවා. 

මේ අතරේ තවත් කාණ්ඩයක් මහානායක ස්වාමින් වහන්සේලා කාදිනල්තුමා ,විපක්ෂනායකවරයා පසුපස්සේ යනවා හිටපු හමුදාපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමැතිකම දෙන්න කියලා. මේවා මේ වෙලාවේ රටට අවශ්‍ය දේවල්ද? රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති විදියට වගකිම අරන් කටයුතු කරනවා නම් මේ නීතිරීති ඒ සදහා ප්‍රමාණවත් නම් එතුමාට ආරක්ෂක ඇමැතිකම දීලා මිනිස්සුන්ගේ බයට විසදුම් දෙන්න පුලුවන්ද? ආන්ඩුව මේවා පෙන්වමින් කල්මරණවා. ආන්ඩුව ගත්ත දවසේ ඉදන් අපි කිව්වා මේ ආන්ඩුව එළ හරකයි මි හරකයි වගේ කියලා. එක්කෙනෙක් ගොඩට අදිනවා. අනෙක් කෙනා මඩට අදිනවා. දැන් ඒක ත්‍රීව්ර වෙලා. අගමැති එක පාර්ශවයකට කතා කරලා කියනවා ආරක්ෂාව තහවුරුයි කියද්දි, එතුමාගේ කැබිනට් එකේ ඉන්න අය ප්‍රශ්න කරනවා කොහෙද ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ කියලා.අපි මේවා පාර්ලිමේන්තුවේදි දැක්කා. ඒ  ඇමැතිවරුම කියනවා අද (09) ඉදලා 13 වෙනිදා වෙනකල් නගර කිහිපයක පිපිරිම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවාලු. අපේ ආරක්ෂක අංශවලටත්  මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමැතිවරු විශේෂ උත්සව රාත්‍රී ගමන් බිමන් පිටත් කරන්න එපාලු. අපේ ආරක්ෂාව අපි සලසා ගත යුතුයි. මිනිස්සුන්ට කියනවා දරුවෝ පාසල් යවන්නලු. සේවයට යන්නලු. රට සාමාන්‍ය තත්ත්වයට ආවලු. එහෙම කියන ගමන් ප්‍රභූවරුන්ට කියනවා හෙට බෝම්බ ගහනවාලු. මෙහෙම වචන දෙකක් තියාගෙන හරි යනවාද?’ පාසල් වල දරුවෝ නැහැ. ගුරුවරු විතරයි. මේ අධ්‍යාපන ඇමැතිට තාම බැරිවුනා  හරි වැඩපිළීවෙලක් හදන්න. ආරක්ෂාව තහවුරු වෙනතුරු ගත යුතු අධ්‍යාපනික ක්‍රියාමාර්ග ගන්න වැඩපිළීවෙලක් නැහැ.

අගමැතිතුමාගෙන් හා ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටින්නේ බොරදියේ මාලු බාන්න සූදානම් වෙන්න එපා කියලයි.අද රට දරුණු ආගාධයකට ගිහින් ජනතාව දේශපාලනඥයෝ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රශ්නයට උත්තරය නෙයෙි දෙන්නේ වෙනත් උත්තරයක්. තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇප දුන්න විදිය අපි දැක්කා. මේ ගැන පරික්ෂණ කරන්න දෙයක් තියෙනවාද? පොලීසියට කරුණු ඉදිරිපත් කරන පොලිස් නිලධාරීන්, ස්ථානාධිපතිවරයා,කළාපය භාරව කටයුතු කරන ඩ්‍යේෂ්ට පොලිස් අධීකාරිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයා මේ රටේ මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක්ගේ කර්මාන්ත ශාලාවක බෝම්බ තිබුණා, බෝම්බ හැදුවා කියලා පිළි අරන්, ඒක ජනතාවටත් කියලා සතියක් යන්න කළින් ඇප දෙනවා. ඊට පස්සේ පරික්ෂණ කරන්න සූදානම් වෙනවා. මේවා තමයි සැකකටයුතු තැන්. දැන්වත් බුද්ධි අංශ නිලධාරින් යොදවාල මේ ගැන හොයන්න. අපි රටක් විදියට ජාතික ආර්කෂාව තහවුරු කරනවා නම් එදා වනාතවිල්ලුවේදි නියමිත ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම වුනා නම් මේ බෝම්බ පිපිරිම් වෙන්නේ නැහැ. මේ අයට ඇප දුන්නේ 9 වෙනිදා සිට 13 වෙනිදා දක්වා තියෙන වැඩපිළීවෙල ක්‍රියාත්මක කරන්න ද? ඒ පිපිරවිම්වල ඉතිරි ටික එළි දක්වන්නද ඇප දුන්නේ. අධීකරණයට ත්‍රස්තවාදී පනතෙන් ඉදිරිපත් නොකර සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ඉදිරිපත් කලේ ඇප ලබාගන්න බලාගෙන. අපිට පේනවා ජනාධීපතිවරණය දිහා බලාගෙන කදවුරු බදින බව. එල්ලුම් ගස් හදනවා ජනාධීපතිවරණය දිහා බලාගෙන. වෙනත් වෙනත් මර්ධන වැඩපිළීවෙලවල් ගෙනියනවා ජනාධීපතිවරණය දිහා බලාගෙන. චෝදනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, ඒකාබද්ධ විපක්ෂයටත් බොරදියේ මාලුබාන බවට. එජාපයේ ඡන්ද පදනම 25%ටත් වඩා අඩුවෙලා. කෑලි කෑලි පක්ෂවල අය එකතු කරගෙන ඉඩ දුන්නේනැත්නම්, 12% ක්ව තිබුණු සුලු පක්ෂ වල ඡන්ද ප්‍රතිශතය 5%ට අඩු කලේ නැත්නම් අද එජාපයක් නැහැ.

ඒ නිසා අපිට වැටෙන්න තියෙන අඹයට පොලු ගහන්න ඕනේ නැහැ. අපි දන්නවා ඊළග මැතිවරණයේදී ජනතාවගේ තීන්දුව මොකක්ද කියලා. මේ අන්තවාදි කොටස් මර්ධනය කරන්න අවශ්‍යයි. විමර්ශනවලින් සොයා ගන්න දේවල් පෙන්වන්නේ නැතිව මේවා සමාඩ ජාලාවලින්  පෙන්වන්නද? එදා යුද්ධය වලොවේ මෝටාර් සබ්මැරින් අල්ලන කොට මාධ්‍ය ගිහින් ලෝකෙට පෙන්නුවා මේ රටේ ත්‍රස්තවාදය මොනතරම් ඔඩු දුවලාදකියලා. අද කැත්තක්, උල්පිහියක් අරන් එනඅය තමයි තව අවුරුදු කිහිපයකින් මේ රටේ වෙනම අන්තවාදයක් නිර්මාණය කරන්නේ.ඒකේ මූල බීජය පෙන්වන්න ඕනේ. එක කට්ටියක් කියනවා පල්ලියේ ලිදේ තිබිලා කඩු හම්බ වෙද්දි අන්තවදී විදියට හිතන අය ඇවිත් කියන්නේ පල්ලිය පෙන්නන්න එපා කියලා. අපේ කතෝලික පල්ලියේ ඉටි පන්දමකට එහා දෙයක්, පන්සලේ හදුන්කූරකට වැඩිය දෙයක් තියෙනවා නම් පෙන්වන්න. අන්තවාදිව කටයුතු කරන පල්ලි තියෙනවා නම ්මුස්ලිම් නායකයෝ එකතු වෙන්න ඒ පල්ලි විනාශ කරන්න. ඒ පල්ලිවල උගන්වන්නේ ආගම දහම නෙවෙයි. වෛරය. මුස්ලිම් ජනතාවගේ ඡන්දය, පාර්ලිමේන්තු අසුන බලාගෙන දේශපාලන කරලා රටේ අන්තවාදය වපුරන්න එපා. ඒ ඇමැතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට යුතුකමක් තියෙනවා තනතුරුවලින් බැහැලා ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව උදා කරන්න. අපේ දරුවෝ බිලි දෙන්න පාසල් යවන්න දෙමව්පියෝ සූදානම් නැහැ.මාධ්‍ය වාරණ දාලා ඒ දර්ශන මාධ්‍යයෙන් පෙන්වන්න එපා කියලා ජනතාව රවටන්න බැහැ. බෝම්බ භිතියක් තියෙනවා කියලා දැන දැනම රට අස්ථාවර කරන්න එපා. ආරක්ෂාව තහවුරු වෙලා නම් පාර්ලිමේන්තුවේ 225 දෙනාට යන්න කියන්න ආරක්ෂකයින් නැතිව ජනතාව අතරට. ආරක්ෂක නිලධාරීන් පාසල මුර කරන්න ගන්න කියන්න. ඇමැතිවරුන්ට මහ පාරට ඇවිත් අපිට නිදහසේ ඉන්න පුලුවන්, රටේ ආරක්ෂාව තහවුරු වෙලා කියලා ජනතාවට පෙන්වන්න කියන්න. එක කාණ්ඩයකට හැංගෙන්න කියලා, කිරි සප්පයින්ව පාසල්වලට ගෙනත් අතහරින්න කිසිම දෙමව්පියෙක් කැමැති වෙන්නේ නැහැ. දරුවන්ගේ අගය දන්නේ දරුවෝ ඉන්න දෙමව්පියෝ.දරුවෝ නැති අය දරුවන්ව පාසල් යවන්න කිව්වට දෙමව්පියෝ පිළීගන්නේ නැහැ. ආන්ඩුවේ නිවේදන පිළීගන්න ජනතාව කැමැති නැහැ කියන එක 3000ක් විතර ඉන්න පාසලට දරුවේ 20ක්විතර එන එකෙන් ඔප්පු වෙන්නේ. 

අයි රටට මෙහෙම වුනේ. අද විදේශීකයෝ රටේ නැහැ.සංචාරක ව්‍යාපාරයේ ණය සම්බන්ධයෙන් රජය මැදිහත් වෙනවා කියලා පාර්ලිමේන්තුවෙදි කිව්වා. අද උදෙත් හෙටත් බැංකු කතාකරලා ණය වාරික ගෙවන්න නැත්නම් වාහනය අත් පත් කරනවාකියනවා. කංකුං මිටිය හෝටලයට ගේන මිනිහා ණයක් ගත්තත් බැංකුවෙන් ණය වාරිකය අය කර ගන්න පස්සෙන් එනවා. අපි බැංකුවට කිව්වා ණය අය කරන්න එපා කියලා කියන දෙ ්ආන්ඩුවෙන්කියද්දි බැංකුව කියනවා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. අපි ආන්ඩුවට කියනවා ඒ විදියේ එක පත්‍රිකාවක් හරි ගැහුවා නම් පෙන්වන්න කියලා. මාස කිහිපයක් ණය වාරික අය කරගන්නේ නැහැ කියලා ආණ්ඩුව චක්‍රලේඛණ නිකුත් කරලා නැහැ. පට්ටපල් බොරු මේ ආණ්ඩුව කියන්නේ. ව්‍යවසායකයින් ගත් ණය සම්බන්ධයෙන් වගේම රටේ ආරක්ෂාව තහවරු කිරිම ගැන හරි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න කියලා ආන්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මාධ්‍ය වාරණය වෙනුවට ජනතාවට සත්‍ය තොරතුරු ලබා දෙන්න කියලත් අපි ඉල්ලා සිටිනවා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress