ජනතාව ඉන්නේ භීතියෙන්. භීතිය දුරුකරන්න තියෙන එකම ක්‍රමය විශ්වාසය ගොඩනැගීමයි.අම්මලාට දරුවෝ පාසල් එවන්න කියන ගමන් තමන්ට වෙඩි නොවදින වාහන ගන්න ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
Posted on May 13th, 2019

අද (21) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්  

■             ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති, මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා 

■             පාර්ලිමේන්තු මන්තී ඩලස් අලහප්පෙරුම මහතා 

■             පාර්ලිමේන්තු මන්ත්‍රී   රෝහිත අබේගුණවර්ධන මහතා 

■             ජනතාව ඉන්නේ භීතියෙන්. භීතිය දුරුකරන්න තියෙන එකම ක්‍රමය විශ්වාසය ගොඩනැගීමයි.

■             බුද්ධි අංශ යළි ප්‍රාණවත් කළ යුතුයි. 

■             දේශපාලන බලපෑම කෙතරම් ව්‍යාප්තවෙලාද කියන දේ වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවේ අය නිදහස් වීමෙන් පේනවා. 

■             අම්මලාට දරුවෝ පාසල් එවන්න කියන ගමන් තමන්ට වෙඩි නොවදින වාහන ගන්න ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති, මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා 

ජනතාව ඉන්නේ භීතියෙන්. මේක දුරුකරන්න හැකි එකම ක්‍රමය විශ්වාසය ගොඩනැගීමයි. රජය තානාපති කාර්යාලවලින් ඉල්ලීමක් කරනවා ඔවුන්ගේ පුරවැසියන්ට රටට එන්න කියන්න කියලා. ඒත් ලංකාවට ගමන් කිරිම සුදුසු නැති බවයි ඔවුන් පුරවැසියන්ට පවසා තිබෙන්නේ. ඒ වගේම විදේශිය මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා ආර්ථිකය නගා සිටුවන්න සහාය දෙන්න කියලා. රජය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවෝ පාසල් එවන්න කියලා. මෙවැනි ප්‍රශ්නවලට අතීතයේදිත් අපි මුහුණ දුන්නා. මේ වගේ වෙලාවක ශක්තිමත් ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි. බුද්ධි අංශ හා ආරක්ෂක අංශ අතර මනා සබදතාවයක් තිබුය යුතුයි. එවැනි යන්ත්‍රණයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරලා තිබුණා. ලැබුණු තොරතුරු විශ්ලේෂණයකිරීම යුද හමුදා බුද්ධි අංශයට බාර දීලා තිබුණා. නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරලා මෙවැනි උද්‍රවයන් වැලැක්වීමට ඉඩ දුන්නා. සංහිදියාවේ නාමයෙන් මේ රජය ඒ වැඩපිළිවෙල විනාශ කළා. ඒ දේ යළි ප්‍රාණවත් කිරීමට නම් පුහුණුවක් ඇති දක්ෂ නිලධාරින් සිටියයුතුයි. ඒ නිලධාරීන්ව එලවලා දාලා තියෙන්නේ. මේ සදහා විදේශිය නිලධාරීන් ගෙන්වන බව අගමැති කියනවා. විදේශීකයින් අවශ්‍ය නැහැ. මේ යාන්ත්‍රණය සැකසීමෙන් පස්සේ සන්නිවේදන යන්ත්‍රණයක් ඇති කළ යුතුයි. ඒ කියන්නේ මෙවැනි අවස්ථාවක රජය වෙනුවෙන් අදහස් දක්වන්නෙක් අවශ්‍යයි. රජය සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය ගත්තු පියවරයන් සියල්ල ඒ පුද්ගලයා විසින් පමණක් ප්‍රකාශ කළ යුතුයි. ඒ සදහා විශ්වාසදායක කටයුතු ඇමැතිවරයෙකුට හෝ නිලධාරියෙකු පත් කළ යුතුයි. ඒ පුද්ගලයා ශ්‍රී ලංකාවේ ජනතාවටත් මාධ්‍යයටත්, විදේශිය මාධ්‍යටත්, ව්‍යාපාරකයින්ටත්, අවශ්‍ය තොරතුරු දියයුතුයි. රජය එක හඩකින් කතා කරනවා වෙනුවට කඹ අදිමින් සිටිනවා. සභානායකවරයාගේ කාර්යාලය ජනාධිපතිවරයාට චෝදනා කරමින් ලිපි යවලා කියලා ජනාධීපතිවරයා චෝදනා කරනවා. පොලිසිය එජාපයේ ඇමැතිවරයෙක්ට දෙන්න කියලා අගමැතිවරයා කියනවා. කතානායකවරයාත් ඒ මතය ස්ථිර කරනවා. මේ අවුල් වියවුල් මැද්දේ රටේ තත්ත්වය ගැන විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නැහැ. මේක අර්ථවත් විදියට ඉදිරියට යන්න නම් සියලු දේශපාලන බලපෑම් සහමුලින්ම ඉවත් කළ යුතුයි. මේ වෙද්දි අත් අඩංගුවට අරන් තියෙන තවුහිතී ජමාත් සංවිධානයේ පුද්ගලයින් උසාවියට ඉදිරිපත් කරද්දි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි නොකරන්නේ ඇයි? ත්‍රස්තවාදය වැලැක්වීමෙම්පනත යටතේ ඉදිරිපත් කලොත් ඇප ලැබෙන්නේ නැහැ. ප්‍රබල පුද්ගලයින් පොලීසියට කැදවලා ප්‍රශ්න දෙක තුනක් අහලා ගෙදර යවනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා රටෙන් පිටවෙනවා. මේ විදියට සත්‍ය සොයා ගන්න බැහැ. සමහර ස්ථාන පුද්ගලයින් ප්‍රශ්න කරන්න පරික්ෂා කරන්න බැරිතරම් දේශපාලන හස්ත ක්‍රියාත්මක වෙනවා. ඇමැතිවරු ආන්ඩුකාරවරු, කවුරු වුනත් තරාතිරම නොසලකා ඒ පුද්ගලයින් බලයෙන් පහ කළ යුතුයි. 

වැල්ලම්පිටියේ පුද්ගලයින් නිදහස් වුනේ කොහොමද? කවුද මේවාට වග කියන්නේ. කෙතරම්දුරට දේශපාලන බලපෑම ව්‍යාප්තවෙලාද කියලා මේවායින් පැහැදිලියි. රට ගොඩගන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විතරක් බැහැ’‘ බුද්ධි අංශ සහාය අවශ්‍යයි. බුද්ධි අංශ අධෛර්යමත් කරලා හිරේ යවලා. බුද්ධි අංශවලට අවශ්‍ය තැන නැවත දිය යුතුයි. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න රජය අත්සාහ කළ යුතුයි. ඒ අතර සත්‍ය වසන් කරන්න බැහැ. සත්‍ය සගවලා ව්‍යාජ චිත්‍රයක් මැව්වට වැඩක් නැහැ. මාධ්‍ය වාරණය නිසා කටකතා පැතිරෙනවා. රජය දරුවෝ පාසල් එවන්න කිව්වට රජයේ ප්‍රබල ඇමැතිවරු අපි අමාත්‍යංශයට යන්නේ නැහැ කියන්නේ වෙඩි නොවදින වාහන පවා දිලා තියෙද්දි. මේ මොන විකාරයක්ද? 

ඒ අතරේ පාර්ලිමේන්තුවට රජයේ නායකයින් ආරක්ෂා කරන්න රුපියල් දස ලක්ෂ හත්දාහස් එකසීයක වෙඩි නොවදින වාඑන ගේන්න ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ජිවිත නැතිවුන, ආබාධිත වුනු අයට ආධාර කරන්න පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේකෙන් පේනවා ප්‍රමුඛතාවය දෙන්නේ මොනවාටද කියලා. ජනතාව වෙනුවෙන් ඉන්නේ කෙතරම් සානුකම්පිත රජයක්ද කියලා මේකෙන් පේන්වා. ඒ වගේම විනිවිදභාවයත් වැදගත්. සත්‍ය වාර්තා ඉදිරිපත් කරන්න විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රදානත්වයෙන් කමිටුවක් පත්කළා. ඒ කමිටුව වාර්තා දෙකක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. ඒවා ජනතාවට හෙළිදරව් කළ යුතුයි.ඒ අතරේ මහින්ද රාජපක්ෂ මහතාගේ යුගටෙට් ආරක්ෂක නිලධාරින් වාර්තාවක් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ගත්ත පියවරයන් මොනවාද. ඒවාට අවධානය යොමුකරලා ඒ අනුව ගන්න පියවර ජනතාවට හෙළිවිය යුතුයි. මේ පුද්ගලයින් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කිරීමේ බලය යුද අහමුදාවට දෙන්න. එතකොට දේශපාලනඥයින්ගේ මැදිහත්වීම අඩුයි. ඒවගේම තවමත් තවුහිත් ජමාත් සංවිධෘනය තහනම් කරලා ගැසට් එකක් ඉදිරිපත් කළාද? වැරදි චිත්‍රයක් මවලා හානි කරන්න එපා. වෙසක්වලට අවහ්‍ය සියලු දේවල් කරන්න කියලා ආන්ඩුව කිව්වාට බුද්ධි අංශ හා හමුදාව ආරක්ෂෘව සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න ඕනේ. 

සමාජයේ ආගමික නායකයින් ගැනයි ගරුත්වය විශ්වාසය තියෙන්නේ. ජන කොටස් අතර සුහදතාවය වර්ධනය කරන්න ඒ දේවල් යොදා ගන්නවා වෙනුවට මේසිද්ධියෙන් ප්‍රයෝජන ගන්න පනත් ඉදිරිප’ත් කිරීමයි වේනනේ. ප්‍රති ත්‍රස්ත පනත කියන්නේ විනාශයක්. නිතිවල අඩුපාඩිවක් නෙවෙයි තියෙන්නේ. නිති ක්‍රියාත්මක කිරීමේ වුවමනාවක් නැතිකමයි. නමුත් කඩු කිනිසි වැනි දේවල් ළග තබා ගැනිම සම්බන්ධයෙන් දඩ මුදල් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 

අද වෙද්දි මද්‍රසා පාසල්වල 880ක් ඇවිත් අන්තවාදයේ බීඩ වපුරමින් සිටිනවා. ඒ අයගෙන් කීදෙනෙක් දැනට ලංකාවේ ඉන්නවාද? කී දෙනෙක් පිට කළාද. යුද හමුදාපතිතුමාගේ තක්සේරුව අනුව සිද්ධියට කෙළින්ම සම්බන්ධ අය 150ත් 200ත් අතර පිරිසක් ඉන්නවාලු. එයින් 85ක් ජිවිතක්ෂයට පත්වීම හෝ අත් අඩංගුවට පත්වීම මේ වෙද්දි සිදුවෙලා තියෙන්නේ. නිලධාරින්ට වගකිම පවරලා එයින් මිදෙන්නේ නැතිව රජය වගකිම භාරඅරන් සත්‍ය තොරතුරු ජනතාවට අනාවරණය කළ යුතු බවයි අපි කියන්නේ. 

■             කාදිනල්තුමන්ගේ සෘජුපටිපන්නභාවයට ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ ගෞරවය ප්‍රකාශ කරනවා.

■             සන්නිවේදනයේ විශ්වසනීය සන්නිවේදකයා විය යුත්තේ ආණ්ඩුවයි.

■             අද රටේ ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ත්‍රස්තවාදය නෙවෙයි. ආන්ඩුවේ විසංවාදයයි.

■             ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා පාස්කු දින මියගිය අයටත් ගංවතුරින් හානිවූවන්ට දෙන වන්දිය දෙන්නයි ආණ්ඩුව පියවර අරන් 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා 

අද දවසේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ තිබෙන බව ආරක්ෂක අංශ නිල වශයෙන් අනතුරු හඟවා තිබියදිත් ජාතික යුතුකම ඉටුකිරීමට ප්‍රමුඛතාවය දෙමින් මේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගිවෙන මාධ්‍යයට අපි පළමුව ස්තූතිවන්ත වෙනවා. අද ආණ්ඩුවේ මාධ්‍ය හැර අනෙක් සියලු මාධ්‍ය අති උතුම් මැල්කම් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට මූලිකත්වයක් දී තිබෙනවා. උන් වහන්සේ කියන්නේ අප්‍රියෙල් 21 වැනිදා පාස්කු දින ප්‍රහාරයට රටේ නායකත්වයත් වගකියන්න ඕනේ. වගකිව යුතු සියලුම දෙනා බලතලවලින් පහකර දඩුවම් කළ යුතුයි කියලා. කාදිනල්තුමන්ගේ සෘජුපටිපන්නභාවයට ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ ගෞරවය ප්‍රකාශ කරනවා. අද පාසල්වල දරුවන්ගේ පැමිණීමේ තත්ත්වය කොහොමද? මාතර සුජාතා විද්‍යාලයේ දරුවෝ 4713ක් දරුවෝ හිටියත් දරුවෝ 23යි පාසල් පැමිණීයේ. කොළඹ විශාඛා විද්‍යාලයේ දරුවෝ පන්දාස් ගණනක් හිටියත් පැමිණියේ දරුවෝ 11යි. ආනන්ද විද්‍යාලයේ දරුවෝ 6000ක් හිටියත් පැමිණියේ දරුවෝ 12යි. ඒ වගේම ආරක්ෂක හමුදාවන්ගේ, පොලීසියේ, බුද්ධිඅංශවල දරුවන්ගේ පාසල වන ආරක්ෂක විද්‍යාලයේ දරුවෝ 3600ක් හිටියත් පැමිණීයේ දරුවෝ 15යි. ඇයි මෙහෙම වුනේ. අධයාපන ඇමැතිතුමා බය වෙන්න එපා එක දරුවෙකුට රුපියල් ලක්ෂයක් දෙනවා කියද්දි, බය නැතිව දරුවා පාසල් එවන්නයි ත්‍රිවිද හමුදාවන් රටෙන් ආයාචනා කරද්දි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පුන පුනා දරුවෝ පාසල් එවන්න කියද්දි, ත්‍රස්තවාදයෙන් 99%ක් අවසන් බව ජනාධිපතිවරයා ජාතිය හැමුවේ නැවත නැවත සපථ කරද්දිී, අපි ත්‍රස්තවාදය මුලුමනින්ම අවසන් කළ බව අගමැතිතුමා කියද්දී, ජාතියට පොරොන්දු සහතික නිකුත් කරද්දි අම්මලා ඇයි දරුවෝ පාසලට එව්වේ නැත්තේ. 

ගෙදර දානයක් තිබ්බත්, පිරිතක් තිබ්බත්, ගමේ අත්සවයක් තිබුණත් දරුවා පාසල් යවන්නයි අම්මලා ප්‍රමුඛතාවය දෙන්නේ. ලක්ෂ 44ක් දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට ඒ විදියටයි අපේ අම්මලා ප්‍රමුඛතාවය දුන්නේ. ඩී. එස්. විද්‍යාලයේ හොකි කණ්ඩායමේ දරුවෝ 11 දෙනෙක් කොටුවේ දුම්රිය ස්ථානයේදී එල්. ටි. ටි. ඊ ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකට ගොදුරු වුනා. ඒ වෙලාවේ මම ප්‍රවාහන ඇමැතිවරයා. සිද්ධිය වෙලා පැයකින් මම ඒ ස්ථානයට ගියා. පියෙක් විදියට මට ඒ දර්ශන දරාගන්න අසීරු වුනා. හැබැයි ඒහෙම තත්ත්වයක් ඇතිවුනත් ඊට පහුවෙනිදා ඩී. එස් විද්‍යාලය පැවැත්වුනා. ඇයි දැන් එහෙම වෙන්නේ නැත්තේ. ආන්ඩුව ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ජනාධිපතිවරයා කරන ප්‍රකාශය මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. අගමැතිවරයා කරන ප්‍රකාශ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ආන්ඩුව වෙනුවෙන් පොලීසියේ කෙනෙක් කරන ඉල්ලිීම මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. සභානායකවරයා හෝ ආන්ඩුවේ ඇමැතිවරයෙක් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශයක් කළත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. ඒ විදියේ විශ්වාසයක් ජනතාවට නැත්තේ ආණ්ඩුවේ තියෙන විසංවාදය නිසයි. ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන මතය නෙවෙයි අගමැතිවරයා දරන්නේ. ජනාධිපතිවරයා දරන මතය නෙවෙයි අගමැතිවරයා දරන්නේ. අගමැතිවරයා දරන මතය නෙවෙයි කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් දරන්නේ. ආන්ඩු පක්ෂයේ ඉන්න ෆීල්ඞ්මාෂල් දරන මතය නෙවෙයි අය දරන්නේ. සභානායකවරයා ඊට ඉදුරාම වෙනස් අදහස් දැක්වීමක් කරන්නේ. මේ මොහොතේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේකයි. සන්නිවේදනයේ විශ්වසනීය සන්නිවේදකයා වියයුත්තේ ආණ්ඩුවයි. ඉතිහාසයේ ඕනම අවස්ථාවක, ඕනෑම අර්බුදයක විශ්වාසනීය සන්නිවේදකයා වුනේ ආණ්ඩුවයි. දැන් අවිශ්වාසයෙන් පිරුණු සන්නිවේදකයා බවට පත්වෙලා තියෙන්නේ ආන්ඩුවයි. ආන්ඩුව එක මතයක ඉන්නේ නැති නිසයි එහෙම වුනේ. අද රටේ ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ත්‍රස්තවාදය නෙවෙයි. ආන්ඩුවේ විසංවාදයයි. මේ රට ගිනිගත්තු වෙලාවේ, මිනිස්සු නිදහසේ හුස්ම ගන්න අවසර ඉල්ලන වෙලාවේ ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, කැබිනට් මණ්ඩලයේ මහත්වරුනි රටට එක පණිවිඩයක් දෙන්න. එහෙම කරන්න බැරිනම් කාදිනල්තුමන් හා ආගමික නායකයින් කියන දේට යටත් වෙන්න. මේ විසංවාදය ඇතුලේ මැතිවරණ කල් දැම්මා, පාර්ලිමේන්තුව උඩුයටි කරමින් පනත් සම්මත කරගත්තා. 

ජනාධිපතිවරණයට නාම යොජනා දෙන්න තියෙන්නේ තව සති 21යි. නමුත් අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. කතා නොකරන්නේ ජනාධිපතිවරණය වැදගත් නොවන නිසා නෙවෙයි. ජනතාව මරබියෙන් ඉන්න වෙලාවක ඒ ගැන කතා කරන්න අපි කැමැති නැහැ. මිනිස්සුන්ගේ පපුව ගිනි අරන් මිනිස්සු ඉන්නේ මරබියෙන්. ඒ බිය නිසාම දරුවා පාසලට යවා ගන්න බැරුව ඉන්නේ. 

අපි ආන්ඩුවට බල කරලා කියනවා පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය ජනතාවට හරි වන්දියක් දෙන්න කියලා. දැන් දීලා තියෙන්නේ කීයද? මියගිය කෙනාට රුපියල් ලක්ෂ 10යි. බරපතල තුවාල ලැබූ කෙනාට ලක්ෂ 5යි. මේ ගංවතුරකදි වන්දි දෙන විදිය. 21 වැනිදා ප්‍රහාරයට වගකිය යුත්තේ ආණ්ඩුවයි. ආණ්ඩුවේ නොසැලකිලිමත්කම නිසයි ප්‍රහාරය සිද්ධවෙන්නේ. ප්‍රහාරයේ වගකීම ආන්ඩුව ගන්න ඕනේ. ආන්ඩුවේ නොසැලකිමත් කමින් සිදුවුන මරණ නිසා ගංවතුරට හසුවෙලා මියයන පුරවැසියෙක්ට වගේ මෙතැනදි තක්සේරු කරන්න බැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට ඒකාබද්ධ විපක්ෂය විදියට අඩුම ගණනේ මියගිය පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන්න ඕනේ කියලයි යෝජනා කරන්නේ. මේ මිනිස් ජිවිත තක්සේරු කරනවා නෙවෙයි. තුවාල ලැබූවෙක්ට අවම වශයෙන් ලක්ෂ 10ක මුදලක් ගෙවන්න. බරපතල තුවාල ලැබූවෙක් නම් ලක්ෂ 20ක්වත් ගෙවන්න. අම්මා තාත්තා නැතිවුන පවුලක දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ අනාගතයේ සියලු වගකීම් ආණ්ඩුව භාරගත යුතුයි. මේ මරණ සිද්ධවුනේ ආන්ඩුවේ වරදින්. ඒ නිසා ආන්ඩුවේ වරදට ගැපෙන වන්දිය තෝරන්න. 

ඒ වගේම මේ මොහොතේ බක්තිමත් ඉස්ලාම් ආගමිකයාත්, කුරාණයට මුවා වුනු අන්තවාදියාත් අතර හරියට ඉරක් ගහගමු. අන්තවාදීව මේ පිළීබදව විවිධ කටකතා හුවමාරු වෙන නිසා ඒ ඉර හරිම වැදගත්. සිද්ධිය වෙලා පැය තුනකින් අපි එතැනට ගියා. කටුවාපිටිය පල්ලිය දිහා බලලා අනෙක් පැත්තෙන් එදා දවසේ ලේ බැංකුව දිහා බලන්න. ලේ බැංකුවේ ලේ දෙන්න පොරයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, පොහොට්ටු, අලි, සිනූ ඔක්කොම ලේ දෙන්න පෝලිම් ගැහිලා. එදා මගේ පුතා ටවුන් හෝල් එකට එනවා කියලා තිබුණු නිසා ශාන්ත අන්තෝනි පුදබිමේ ඉදන් මම පුතාට කෝල් එකක් ගත්තා ගෙදරින් එන්න එපා කියන්න. පුතා මට කිව්වේ දැන් මම ඉන්නේ ලේ බැංකුවේ පෝලිමේ කියලයි. ඒ මේ රටේ අනාගත පරම්පරාව තීන්දු ගන්න විදිය. පැය 4ක් පෝලිමේ ඉදලා ලේ දුන්නා. අපි බලන්න ඕනේ පුංචි අන්තවාදි සමාජය දිහා නෙවෙයි. මහ අන්තවාදි සමාජය දිහායි. මහා සමාජයේ හැසිරිම දිහා බලලයි තීරණ ගන්නේ. ඒ නිසා අන්තවාදීන්ට එරෙහි ඉර නිවැරදිව ඇද ගන්න අවශ්‍යයි. දරුවා ඇකයේ තබා ගෙන ත්‍රස්තවාදියා බෝම්බය පුපුරවා ගන්නවා කියන්නේ ඉස්ලාම් දහමට මුවා වුන ම්ලේච්ඡයෙක්. කුසේ මාස ගාණක කලලය තියාගෙන බෝම්බයක් පුපුරවා ගෙන මැරෙනවා. ඒ නිසා සැබෑ ඉස්ලාම් භක්තිකයාගේ සහ අන්තවාදයේ ඉර නිවැරදිව ඇද ගත්තේ නැත්නම් අපේ මව්බිමට ඉර පායන්න ප්‍රමාද වෙයි. මේ විදියටමයි 83 කලු ජූලිය ඇති වුනේ. ජේ. ආර්. ජයවර්ධන ආන්ඩුව දමිල මිනිස්සුන්ගේ දේපළ මංකොල්ල කන්න මදාවියන්ට දවස් 4ක් අවස්තාව දුන්නා. අහිංසක දමිල මිනිස්සු මරණකල් ආන්ඩුව බලන් හිටියා. පිටකොටුවේ නාටාමිලා අමු අමුවේ භමිතෙල් දාලා මැරුවා. එතනින් ගොඩ එන්න අපිට අවුරුදු කීයක් ගතවුනාද? ආණ්ඩුවේ රහසිගත න්‍යායපත්‍රයක් තියෙන නිසා ආණ්ඩුවටත් ඕනේ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙනවා දකින්නයි. කරුණාකරලා ඒ න්‍යාය පත්‍රය පරාජය කරමින් ඒ න්‍යාය පත්‍රය අකුලගන්න අපි බලකරමු. කරුණාකරලා මේ බෙදුම් ඉර නිවැරදිව ඇද ගනිමු. මේ රටේ ආගමික පක්ෂ, දේශපාලන සංවිධාන, මහා සංඝරත්නය හා පූජකතුමන්ලා සියල්ලම නායකත්වය දිය යුත්තේ මේ උත්තම දේශපාලන ආගමික සමාජයීය කාරණාව වෙනුවෙනුයි.  

■             පාරට බැස්සාම නොනගතය වගේ 

■             සිවාජිලිංගම්ටත් රණවිරුවෝ මතක් වෙලා

■             පාස්කු ප්‍රහාරය නොලැක්වූ දේශපාලනඥයින් සම්බන්ධයෙන් අගරදගුරුතමන් කළ ප්‍රකාශය අපි අගය කරනවා.

■             ජනතාව ආරක්ෂා කරන පිරිස තෝරාගන්න ජනතාවට අවස්ථාව දෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිත අබේගුණවර්ධන මහතා 

අද දවස සිංහල අවුරුද්ද දවසේ නොනගතය වෙලාවේ වගේ. වාහන නැහැ. පාසල් දරුවෝ නැහැ. රාජ්‍ය ආයතනවල සේවකයෝ නැහැ. කර්මානතශාලාවල කවුරුත් නැහැ. වෙරළට ගියාම ධීවරයා නැහැ. ගොවියා නැහැ. ඒ තරමට අරාජික තත්ත්වයක් තියෙන්නේ. කටකතා හරි මොනකතා හරි නිසා රට මේ විදියට වැටි වැටී යන්න ගියොත් රට අවසානයේ නවතින්නේ කොතනද? අද මේ රට තියෙන තත්ත්වයට රට පත්වුනේ ආන්ඩුවේ හැසිරීම නිසයි. 2009 මැයි මාසේ 18 වැනිදායින් පස්සේ ත්‍රස්තවාදය තුරන් කරලා අපි විජයග්‍රහණයේ සැමරුමක් කළා. අස්ථාවර වුනු රට ස්ථාවර කරලා විජයග්‍රහණයේ සැමරුම කළත් මේ ආන්ඩුව බලයට පත්වුනු ගමන් විජයග්‍රහණයේ සැමරුම නැවැත්වුවේ අනෙක් අයගේ හිත රිදෙනවා කියලා. රාජ්‍ය ආරක්ෂාව කියන්නේ සියලු දෙනාගේ ආරක්ෂාව. දැන් හිත රිදෙන විදිය කොහොමද? රණ විරුවාගේ චිත්ත ධෛර්යය වට්ටපු විදිය තමයි පේන්නේ. ඒ දවස්වල රණ විරුවාගේ සිංදු නතර කරපු රජයේ මාධ්‍ය දැන් ආයෙත් ඒවා පළකරනවා. සිවාජිලිංගම්ටත් රණවිරුවෝ මතක් වෙලා උතුරට රණ විරුවාන්ගේ ආරක්ෂාව ඕනේලු. දැනුයි රණවිරුවාගේ ආරක්ෂාව රටට ඕනේ කියලා මතක් වෙලා තියෙන්නේ. රණවිරුවාව එහෙම පිටින්ම පැත්තකට විසිකරපු රජයක්. ඒ පාපකර්මය තමයි අද ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නේ. වීරෝධාර රණවිරුවාට එදාත් අපි ආදරය කළා. අදත් අපි ආදරය කරනවා. හෙටත් අපි ආදරය කිරනවා. 

අද මව්බිම පත්තරේ තියෙනවා මුදල් ඇමැතිවරයා කියපු ප්‍රකාශයක්. මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි. පිංසිරි ඇමැතිවරයා මේ කියන්නේ. ඔහු එහෙම කියද්දි අගරදගුරුතුමා කියනවා මේ රටේ ජීවනාලිය බුදුදහමයි කියලා. අගරදගුරුතුමන්ගේ දිව රටේ ජීවනාලිය බුදුදහමයි කියන්න නැමුනට මංගල සමරවීරගේ දිව නැමෙන්නේ නැහැ. මේක දේශපාලන කුහකභාවයි. මේක බෞද්ධ රටක්.එහි සියලු ජාතින් ජීවත් වෙනවා. ආගමිකයින් ජිවත් වෙනවා. ඇයි අපිට සිංහල බෞද්ධ රටක්කියන්න බැරු. මේ සිද්ධිය අස්සෙත් බොර දියේ මාලු බාන්න බලන්නේ. මේ කියන උන්දැට කවුරු රකින්නද. මොකක්ද තියෙන පැවැත්ම. එහෙම ජාතියේ බඩුනේ මේ. අද ආන්ඩුව ගෙනියන අය ගැන රටේ ජනතාව තීන්දුවක් ගත යුතුයි. පාස්කු ප්‍රහාරය නොලැක්වූ දේශපාලනඥයින් සම්බන්ධයෙන් අගරදගුරුතමන් කළ ප්‍රකාශය අපි අගය කරනවා. 

මේ අස්ථාවර වුනු රට ස්ථාවර කරන්න නම් ජනතාවට බලය දිය යුතුයි. තව ටික දවසකින් ආයෙත් කටකතාවක් යද්දි රට අස්ථාවර වෙයි. බයෙන් ජිවත් වෙන්න වෙන්නේ. විස්වාසයනැති ආණ්ඩුවක් තියෙනවාට වඩා හොදයි ජනතාවට විශ්වාසයක් තියෙන ආණ්ඩුවක් පත්කරගන්න ඉඩ දෙන එක. දැන් ඒ අස්සේ උත්සාහ කරන්නේ අයොත් සභාග ආණ්ඩුවක් අටවා ගන්න. ඒක නම් කරන්න ලෑස්ති වෙන්න එපා. ආන්ඩුවකට කොන්ද පණ තියෙන නායකයෙක් අවශ්‍යයි. එතකොටයි රාජ්‍ය ආරක්ෂාව, රණවිරුවාගේ අභීමානය චිත්ත ධෛර්යය ඇති වෙන්නේ. නැත්නම් මේ සියලු ජනතාවට සිද්ධවෙන්නේ මරබියෙන් ජිවත් වෙන්නයි. 

මේ වගේ බොරු පුහු කතා නොකියා රටේ ආරක්ෂාව ගැන තීන්දුවක් ගන්න. දැන් මාධ්‍ය වාරණයට ලෑස්තියි. මාධ්‍යය නිදහසට අත තියන්න එපා. මාධ්‍යයට දෙන තොරතුරු ජනතාවට දෙන එකෙන් ආන්ඩුවට අවාසියි කියලා මාධ්‍ය වාරණයකට සූදානම් වෙන්න එපා. දුවලා රකින්න කඩු තියන් ඉන්නවාලු. කඩු හයිය නම් ගැහැනු ළමයි හයයි. පරණ මන්නයක් තියෙන්නේ නෝනාව පරිස්සම් කරන්න. පොඩි කිනිසි කැලි තියෙන්නේ කොල්ලාව පරිස්සම් කරන්න කියයි. ඒ විදියට තමයි ජන හා සංඛයාලේඛණයට සංගණන කරන්න වෙන්නේ. රට අස්ථාවර වෙලා තියෙන්නේ. ස්ථාවර කරන්න නම් පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන්න. ජනතාව ආරක්ෂා කරන්න පුලුවන් කාටද කියලා ජනතාව තිරණය කරයි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress