මේ ආන්ඩුවේ ආයුෂ ගෙවිලා, ජනතාවගේ අවස්ථාව ලැබෙනකල් රටේ කලඹලයක් නම් ඇති කරන්න එපා
Posted on May 22nd, 2019

අද දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ලොකුගේ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී සි. බි. රත්නායක මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා
■ හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී ලොකුගේ මහතා
පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ පුපුරලා මාසයක් පිරුනා. දරුවන් වැඩි පිරිසක් පාසල් ඒම සම්බන්ධයෙන් ත්‍රිවිද හමුදාව ඇතුලු හමුදාවන්ට ස්තූතිවන්ත වෙනවා. විපක්ෂයක් විදියට රට අක්‍රීය කරන්න අපිට බැහැ. ඒ නිසයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාරට බැහැලා ජනතාවගේ විශ්වාසය තහවුරු කලේ.
අපි ඒකාබද්ධ විපක්ෂය විදියට මන්ත්‍රීවරුන් 66කගේ අත්සන් සහිතව විශ්වාසභංග යෝජනාවක් භාර දුන්නා. රිෂාඞ් බදුයුදින්ට එරෙහි මෙම විශ්වාසභංග යෝජනවට දෙමල ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පවා සහාය දෙන බව කිව්වා. ඒ අතරේ ජවිපේ වෙනත් කටයුත්තකට මුල පිරුවා. කතානායකතුමා ජවිපේ පැත්ත අරන් තේරිම් කමිටු වාර්තාවෙන් පස්සේ මේ විවාදය ගන්න තීරණය කළ බව කියැවෙනවා. මේ ඇමැතතුමා සම්බන්ධයෙන් විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙද්දිත් එජාපය වක්‍රව ඔහුට උදව් කරනවා. යුද විශේෂඡයෙක් වන මහාචාර්ය ගුණරත්න මහතා කියනවා බුද්ධි අංශය විසුරුවා හැරීම,මුරපොලවල් ඉවත් කිරීම, සුලු දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටිම නිසා මේ තත්ත්වය ඇති වුන බව සදහන් කළා. අගමැති ජනාධිපති මෙයට වගකිව යුතුයි. 2015 දෙන්නාම කතා කලේ මෛත්‍රි ජනපති කරන්නත්, රනිල් අගමැති කරන්නත් තමයි. ජවපෙත් මෙයට වග කිව යුතුයි. මේ ආන්ඩුව පළාත්සභා මැතිවරණය කල් දැම්මේ ජනතාව ඉල්ලලා නෙවෙයි. උසාවිය පළාත් සභා මැතිවරණය කල් දාන්න එපා කිව්වා. අපි පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කරන්න කිව්වා. මං කතානායකතුමාගෙන් ඇහුවා කමිටුවේදි කතා නොකරපු දේවල් කොහොමද පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ කියලා. එදා කරපු දේමයි අදත් වෙන්නේ. කතානායකතුමාට තිබුණා මේ විවාදයට අවස්ථාව දෙන්න. අඩුම තරමේ මහා මැතිවරණයට ගිහින් ජනතාවට අවස්ථාව අරන් දෙන්න.
අද ශරියා පාසල් රජයට ගන්නලු. මඩකලපු විශ්ව විද්‍යාලය රජයට ගන්නලු. අවුරුදු 4ක් මොනවාද කලේ. මාවනැල්ල සිද්ධියට නිවැරදි පියවරක් ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. අද සංචාරක කර්මාන්තය කඩා වැටිලා. දෙනවා කියන සහන දෙන්නේ නැහැ. දැන් හෝටල්වල ඩිස්කවුන්ට් දෙන්නේ කරන්න දෙයක් නැතිව. සංචාරක ව්‍යාපාරය ගෙනියන්න මේ හෝටල් නඩත්තු කරගන්න වෙනවා. මේ ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවල නියුතු සියලු දෙනා අද අමාරුවේ. රට දවසින් දවස බිමට වැටෙනවා. ආන්ඩුවට ඕනේ කරන්නේ රටේ කෝලහාලයක් ඇති කරලා ජාත්‍යන්තර හමුදාවන් ගෙන්වගන්න. රාජ්‍ය නොවන සංවිධාන 15ක් මේ වන විටත් ජාත්‍යන්තර හමුදාවන් එවන්නයි ඉල්ලීම් කරනවා.
මේ ආන්ඩුවේ ආයුෂ ගෙවිලා, ජනතාවගේ අවස්ථාව ලැබෙනකල් රටේ කලඹලයක් නම් ඇති කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

දුවේ පුතේ ඔබට නිවහල් නිදහස් දේශයක් තිළිණ කරලයි තියෙන්නේ. ඔබ නිදුක් නිරෝගී උගත් බුද්ධිමතෙක් කරන වගකීම තේරි පත්වෙන ජනාධිපතිවරයාට තියෙනවා කියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිධූරයෙන් නික්මිලා ගියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සි. බි. රත්නායක මහතා
විපක්ෂයක් විදියට අපේ අරමුණ ආන්ඩු බලය ලබා ගැනීම වුනත් ජිවිත ගණනක් නැති වෙලා, මියගිය අයගේ ජිවිත මතින් අපි ආන්ඩුවක් ගන්න සූදානම් නැහැ. ඔක්තෝම්බර් මාසයේ වුනු ආන්ඩු මාරුව වෙලාවේ කටයුතු කරපු ආකාරය ගැන කියන්න අවශ්‍ය නැහැ. කතානායකගේ හැසිරීම වගේම ජවිපේ විජිත කුමාර අධීවේගයෙන් විශ්වාසභංගය භාර දුන්න හැටි මතකයි. ලංකා ඉතිහාසයේ විනාඩි 20න් ඡන්දයක් විමසන්න තිරණය කළා. තානාපතිවරු මේදිහා බලාගෙන අත් පොලසන් දුන්නා. උන්ගේ වුවමනාවට රට නටවන්නයි කටයුතු කලේ. අපි මේ දේ තේරුම් කළත් අවධානය යොමුකලේ නැහැ. අද 225ම එපා කියන දේ සමාජගත කරන්නේ ආන්ඩුවමයි. 225න් 197ක් මහජන ඡන්දයෙන් තේරී පත් වෙනවා. නිති සම්මත කර ගන්න ක්‍රියාමාර්ගය වෙන්නේ පාර්ලිමේන්තුවේ. මේ තැන්වල නොයෙක් අය ඉන්න පුලුවන්. නමුත් රටට නිවැරදි නායකත්වයක් දෙමින් ක්‍රියාකරපු පාර්ලිමේන්තු තියෙනවා. හැම ජනාධිපතිවරයෙක්ගෙම කාලයේ බෝම්බ පුපුරනවා කිව්වා. ඒ වුනාට මහින්ද රාජප්කෂ ජනාධිපතිවරයාගේ කාලයේ තමයි බෝම්බ පුපරන එක නතර කලේ. අවුරුදු 10ට පස්සෙයි මේ බෝම්බ පිපුරුවේ. දුවේ පුතේ ඔබට නිවහල් නිදහස් දේශයක් තිළිණ කරලයි තියෙන්නේ. ඔබ නිදුක් නිරෝගී උගත් බුද්ධිමතෙක් කරන වගකීම තේරි පත්වෙන ජනාධිපතිවරයාට තියෙනවා කියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිධූරයෙන් නික්මිලා ගියේ. මවුලවී කෙනෙක් කිව්වා මේ සංධානය මුස්ලිම් ප්‍රජාව පවා විනාශ කරන බව කිව්වා. මේ සම්බන්ධයෙන් පැමිණිලි පවා කරලා තියෙන වෙලාවක අවශ්‍ය පියවර නොගත්තේ ඇයි? බුද්ධි අංශය අකර්මන්‍ය කළා. ඔවුන් හිර කළා. මේ රටේ ජන ජිවිතය අඩාල කරන්න සූදානමක් තියෙන වෙලාවක කිතුණුවන්ගේ ජීවත උදුරා ගත්තා. මේක වැරදුනා නම් වෙසක් පොහොය දවසේ මේ වගේ දේවල් කරන්න ඉඩ තිබුනා. මේ වගේ සිල් සමාදන් වෙන රටක් , දන්සල් දෙන, පිං පමුණුවන රටක් නැහැ. අපිව යහමගට යැව්වේ අපේ බෞද්ධ නායකයින්. බුදුන්ගේ කාලේ දෙව්දත් හිටියා. ඒ කාලේ දෙව්දත්ට ඇදුම් මහපු අයත් හිටියා. මේ කාලයෙත් ඒ විදියටම ඇදුම් මහණ කෙනෙක් ඉන්නවා. නුතන චිංචිමානවිකාවකුත් ඉන්නවා චිවරධාරියෝ ගැන කතාකරන. සහෝදරයාට ජනතාවගේ තියෙන ආදරයෙන් පාර්ලිමේන්තුවට ආපු මේ චිංචිමානවිකාවෝ කියන දේ ජනතාව තේරුම් ගනියි. මේ සංවිධානයට ව්‍යාංගයෙන් සහාය දුන්න අය හරි ඉන්නවා නම් ඉවත් කරන්න කියලයි ජනතාව ඉල්ලන්නේ. පාර්ලිමේන්තුවේ මේ සංවිධානයේ අය ඉදියි කියලා කවුද හිතුවේ. අපි විශ්වාසභංගය ගෙනාවම කටයුතු කරන ආකාරය පේනවානේ. බොරුව සමාජගත කරලා ගත්ත බලය රැක ගන්න රට පාවා දෙන්න සූදානමක් තියෙන්නේ. දරුවෝ නැති අයට දරුවෝ ගැන කැක්කුමක් නැහැ. සිද්ධිය අවස්ථාවෙම අපි හැංගිලා හිටියොත් මිනිස්සු වැටෙනවා කියලා පාරට බැස්සා. ඒ වගේම පාසල් ලගට ගිහින් ජනතාවට ශක්තියක් දුන්නා. ඒ විතරක් නෙවෙයි. එදා හමුදා නායකයින්ගේ අදහස් අරන් යෝජනාවක් සකසලා ජනාධිපතිවරයාට භාරදුන්නා. අපි රටේ ආරක්ෂාව තහවුරු කරන්න පියවර ගත්තා මිස ආන්ඩුවක් ගන්න මෙය අවස්ථාවක් කර ගත්තේ නැහැ.
විශ්වාසභංගයක් ගෙනත් ආන්ඩුව ගෙදර යවන්න නෙවෙයි අපි සූදානම් වුනේ. තීන්දුවක් ගන්න කොන්දක් කතානායකවරයාට තිබුනේ නැහැ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාට උදවු කරනවා. ඒ වගේ තමයි තවත් විශ්වාසභංගයක් ගෙනාවේ. එජාප කණ්ඩායම් රැස්වීමේදී රිෂාඞ් බදියුදීන් එක්ක අපි කතාකරන බව කියනවලු. ඔහුත් එක්ක අත්වැල් බැදගන්න අපි සූදානම් නැහැ. ඔහු ඉන්න ආන්ඩුවක ඉන්න අපි සූදානම් නැහැ. තොප්පිය හැරෙන හැරෙන පැත්තට කතා කරන්න එපා. ත්‍රස්තවාදය ආරක්ෂා කරන්න උඩගෙඩි දුන්න අය නිතියේ රැහැනට ගේන්න ඕනේ. අපි තව මාස හයකින් අපේ ආන්ඩුව ගෙනත් වැරදිකරුවන්ට දඩුවම් දෙනවා. මිය ගිය දරුවන්ට මව්වරුන්ට පියවරුන්ට සාධාරණත්වය ඉටුවිය යුතුයි. පින්සිරි මංගල මුදල් ඇමැතිවරයා ව්‍යාපාරිකයින්ට සහනයක් දෙන්න අවශ්‍යයි.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවත් එක්ක ගිවිසුමක් ගැසුවාලු. මේ රටේ නැව්වලට තෙල් ගහන්න හැකියාව තියෙන බවසහතික කරන ගිවිසුමක් ගැහුවා මිසක් රටේ ඉඩම් දුන්නේ නැහැ. ඔවුන්ගේ නැව් නතර කරන්න අවස්ථාව දුන්නේන නැහැ. ඉන්ධන මිල වැඩිකරමින් මිනිස්සු පිටබර පැටවීමම කරන්න එපා.

ඉතිහාසයේ හිටපු කතානායකවරුන් අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිතම කතානායකවරයා වෙන්නේ වත්මන් කතානායකවරයායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා
ඉතිහාසයේ හිටපු කතානායකවරුන් අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිතම කතානායකවරයා වෙන්නේ වත්මන් කතානායකවරයායි. මෙතෙක් හිටපු කතානායකවරු රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපකිරීමක් කරමින් තීන්දු තිරණ ගත්තා. ඒ අය එක්ක බලද්දි මොහු ඉතාම දූෂිත ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයකට හිස නවනවා. ඒ නිසයි මේ විශ්වාසභංගය යට ගැහුවේ. මේ විතරක් නෙවෙයි. රවි කරුණානායකට එරෙහි විශ්වාසභංගය, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ආගිය අතක් නැහැ. මේ විශ්වාසභංගයට වෙන්නෙත් ඒකම තමයි. බලයේ ඉන්න ඕනෑම පහත් තත්ත්වයකට වැටෙන්න මේ අගමැතිවරයා සූදානම් වගේම කතානායකවරයා ඒ සියල්ලට සහාය දෙන්න සූදානම්. අපේ රටේ අනාගතය ගැන තියෙන්නේ අවාසනාවන්නත බලාපොරොත්තු. මැතිවරණයක් මගින් ජනතා අයිතිවාසිකම් දෙයි කියලා හිතන්න බැහැ. මොන උප්පරවැට්ටිය හරි කරලා මැතිවරණ නොතියා ඉන්නයි බල්නනේ. රජයේ මේ වැඩපිළීවෙලට එරෙහිව අපි කැපවීමෙන් කටයුතු කරනවා. ජවිපෙත් මේ ආන්ඩුවට අදව් කරනවා. සල්ලි තියෙනවා නම් ජවිපේ මෙහෙයවන්න පුලුවන්.ටික කාලයක් ඊබ්‍රහීම් මේ පක්ෂය මෙහෙයවූවා.දැන් එජාපේ භාණ්ඩාගාරිකවරයා තමයි මෙහෙයවන්නේ.

■ සමෘද්දි සහනය එජාප පාක්ෂිකයින්ට පමණයිද?

හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා
මේ වෙද්දි සමෘද්දි ව්‍යාපාරය ගැටලු රුසකට මුහුණ දෙනවා. පසුගිය අප්‍රියෙල් 16 වැනිදා සමෘද්දි නිලධාරීන්ගේ වැටුප් අඩු කරන්න ආන්ඩුව සූදානම් වුනා. ආන්ඩුවට එරෙහිව අපි මේ සම්බන්ධියනේ පියවර ගත්තා. සමෘද්දි ව්‍යාපාරයේ ස්වර්නමය යුගය වුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයයි. නිලධාරින්ට විශ්‍රාම වැටුප් දෙන්න, පියවර ගත්තා. යුද්ධය තිබියදිත් සහානාධාර දීලා විශාල වැඩ පිළීවෙලක් ගෙන ගියා. අපේ නිලධාරීන් විපක්ෂ නායකවරයා මුණ ගැහුණා. ඒ වෙලාවෙදි එතුමා පොරොන්දු වුනා ඉදිරි රජයකදි සමෘද්දි නිලධාරීන්ගේ ගැටලු විසදලා දෙන බව.වර්තමානයේදිත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි සාකච්ඡා කරලා සාධනීය මැදිහත් වීමක් කරන්න එතුමා පියවර ගන්න බව සදහන් කලා. මේ අතරතුර දයා ගමගේ ඇමැතිවරයා සමෘද්දි ව්‍යාපාරයේ අරමුදල් ඉදිරි ජනාධිපතිවරණයක ජයග්‍රහණය වෙුනවෙන් යොදවමින් සිටිනවා. තමන්ගේ දේශපාලන හිතවතුන්ට ණය දෙන්න සමෘද්දි මුදල් යොදා ගනිමින් සිටිනවා. සුබසාධන ප්‍රතාලාභ පනත යටතේ සමෘද්දි ධිලධාරිවරයා වරදක් කරලා තිබුනොත් වරසක් සිරදඩුවමකට යටත් කරන්නත්, සමෘද්දි ප්‍රතිලාභීයා වරදි තොරතුරු දුන්නොත් මාස හයක සිර දඩුවමක් සහ 10000ක දඩයකට යටත් කරන්න සුදානම්. එහෙම දේවල් කරන අතරේ ඇමැතිවරයා දේශපාලනික හිතවතුන්ට සහනාධාර දෙන්න සූදානම්. සහනාධාරලාභින් තෝරන්නේ එජාප ක්‍රියාකාරිකයින්ගේ මැදිහත්වීම තුලයි. නිලධාරින් මේ හරහා වරදකට බැදෙනවා. ඒ වගේම එජාප පාක්ෂිකයින්ට පමණක් සහනාධාර දෙන්න එපා. ලක්ෂ 15ට හරි කමක් නැහැ. සහනාධාරය දිය යුතු අයට සහානාධාරය දෙන්න. මේ වාගේ දේ වලදි පක්ෂ පාට බලලා තිරණ ගන්න එපා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress