ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දවසේ නිදහස ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරින්ටත් ඒ නිදහස ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
Posted on May 23rd, 2019

අද දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
■ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා

කතානායකතුමාටත් පන්සල් යන්න බැරි වෙනවා. මහානායක හාමුදුරුවෝ ඉස්සරහා සම්මාන ගත්තාට කටයුතු කරන්නේ දෙබිඩි පිළිවෙතක.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දවසේ නිදහස ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරින්ටත් ඒ නිදහස ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපි භාරදුන්න විශ්වාසභංග යෝජනාවටදිනයක් ලබා දෙන්න කියලා අපි පාර්ලිමේන්තුවේදි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. කතානායකවරයාගේ දෙබිඩි පිළිවෙත රටේ සියලු දෙනාටම දැක ගන්න පුලුවන් වුනා. එදා අපිට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාවට න්‍යායපත්‍ර ගැන නොසිතා ඒ අවස්ථාවේදීම කතානායකවරයා ඡන්දය විමසුවා. අපේ ආන්ඩුවේ සභානායක දිනේස් ගුණවර්ධන මහතා එයට විරුද්ධත්වය ප්‍රකාශ කරලා විශ්වාසභංගය නිත්‍යාණූකූලව ගේන්න. ඊට පස්සේ අපි විවාද කරමු කිව්වාම, නැහැ මම තීන්දුවක් ගන්නවා කියලා ආන්ඩුවේ අගමැති, සභානායක, සියලු තනතුරු හොබවන කෙනා වගේ කට හඩින් ඡන්දය විමසපු හැටි මුලු රටම දැක්කා. නමුත් න්‍යාය පත්‍රයට ඇතුල් කරපු රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට දිනයක් දෙන්න කිව්වාම ඒක මගේ වැඩක් නෙවෙයි. ඒක සභානායකතුමාගේ වැඩක්, ආන්ඩුවේ වැඩක් කියනවා. සභානායකතුමාත්, අගමැතිතුමාත් මේක මග හරිනවා. රිෂාඞ් බදියුදීන්ට, විපක්ෂයේ සියලු දෙනාම විරුද්ධයි. ඒ වගේම ආණ්ඩුවේ පිරිසකුත් විරුද්ධව ඉන්න බව දන්න නිසා විශ්වාසභංගය පරාජය වෙන බව ආණ්ඩුව දන්නවා. ඒ නිසා විශ්වාසභංගය විවාදයට නොගෙන කල් මැරීමටයි ආණ්ඩුව සුදානම් වුනේ. කතානායකතුමා එදා රටට කිව්වේ මම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියා කිව්වා. එදා විනාඩි 10ක් ඇතුළත කරපු වැඬේ දවස් හයක් ගිහින්ලත් කෙරුනේ නැති නිසා අද කතානායකතුමා පෙනි සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නෙවෙයි කියන එක රටම දැක්කා.
දැන් මංගල සමරවීරට පන්සල් යන්න බැහැ. රිෂ්ඩා බදියුදින්ට ඡන්දය දිලා ගමේ පන්සලට එන්න එපා කියලා හාමුදුරුවරු කියලා තියෙන්නේ. දැන් කතානායකතුමාටත් පන්සල් යන්න බැරි වෙනවා. මහානායක හාමුදුරුවෝ ඉස්සරහා සම්මාන ගත්තාට කටයුතු කරන්නේ දෙබිඩි පිළිවෙතක. රවි කරුණානායකව ඉවත් කළා වගේ ටික කාලයකට ඇමැතිකමෙන් ඉවත් කරලා සියලු සැප සම්පත් ඇතිව තියලා පස්සේ ආයෙත් ඇමැතිධූරයක් දුන්නා වගේ රිෂාඞ් බදුයිදීන්ටත් කරන්න යන බවට ආරංචි ලැබෙනවා. විජේදාස රාජපක්ෂ මහතා ආන්ඩුවේ ඉන්න සමයේදීත් මේවගේ සිද්ධියක් වුනාම ඇමැතිධූරයෙන් අයින් වෙන්න කිව්වා. තිලක් මාරපන ඇමැතිවරයාටත් ඒදේමයි කලේ. ආණ්ඩු හැම තිස්සෙම ප්‍රශ්නයක් ආවාම ඒ ප්‍රශ්නය ප්‍රශ්නයකින් යටපත් කරනවා. රිෂාඞ් බදියුදීන්ට එල්ල වෙලා තියෙන්නේ උසාවි ගිහින් පරීක්ෂණ කරලා ගේන්න පුලුවන් චෝදනා නෙවෙයි. විශ්වාසය කඩවිම නිසයා විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙනාවේ. පුලුවන්නම් මේකට ආණ්ඩුවක් විදියට මුහුණ දීලා ජයගන්න. මේ විශ්වාසභංගයට ඡන්දේ දීලා ගමේ එන්න එපා කියලා පාර්ලිමේන්තුව ඉස්සරහාම බැනරයක් ගහලා තියෙනවා.
බස්නාහිර පළාත් ආන්ඩුකාර අසාත් සාලි කියනවා ඇමරිකාවේ පෙන්ටගනයට ගැහුවා නම් ලංකාවට ගහපු එක ලොකු දෙයක් නෙවෙයිලු. එතුමාට ලොකු දෙයක් නොවුනාට මේ රටේ ගෙවල් 156ක මලගෙවල් තිබුණා. සමහර පවුල් පිටින් මැරුණා. තවමත් ලෙඩ වුනු අය ඉන්නවා. එතුමාට ලොකු දෙයක් නොවුනාට රටේ මිනිස්සුන්ට ලොකු දෙයක්. දරුවෝ තවමත් බයෙන් ඉන්නේ. පාසල්වල මුරකරන්න යන්න වෙලා. අසාත් සාලිට ලොකු දෙයක් නෙවෙයිලු. අදටත් අයි. එස්. අයි කට්ටිය අහුවෙනවා. දැන් කියනවා පාර්ලිමේන්තුවේ මේ අයගේ දෙන්නෙක් හිටපු කතාවක්. මේ ආන්ඩුකාරවරු ඉවත් කරන එක ජනාධිපතිවරයාට පැයක් යන්න කලින් කරන්න පුලුවන්. ඒ නිසා මේ වගේ බොරු කතා කියන අය රකින්නේ නැතිව අයින් කරන්නයි අපි ජනාධීපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුව වගකිම් භාරගන්නවා කිව්වාට ජනතාවට වුනු කිසිම දෙයක් නැහැ. ඉන්දියාවෙ නම් කෝඞ්ඩියක් පෙරලුනත් වගකිම භාර අරන් ඇමැතිවරයා අයින් වෙනවා. මේ ආන්ඩුව වගකිම භාරගත්තා නම්, තමන්ට ආරක්ෂාව දෙන්න බැරි වුනානම් ඉල්ලා අස්වෙන්න ඕනේ. එහෙම නැතිව වගකිම භාර ගන්නවා කියන එකේ තේරුමක් නැහැ. ත්‍රස්තවාදි ප්‍රශ්නය විසදන්න ගෙනාපු හදිසි නීතියට මුවාවෙලා දේශපාලන පලිගැනිම් කරනවා. කළඹලා කියලා ගෙවල්වල ඉන්න , පන්සල්වල ඉන්න අය ගෙනත් හිරේදානවා. 21 වැනිදා සිද්ධියට සම්බන්ධ අය අයට ඇප දෙනවා. අහිංසක මිනිස්සු අත් අඩංගුවට ගන්න එක නතර කරන්න. මුජිබර් රහුමාන් කියනවා කළඹල කරපු අයට දඩුවම් කරන්න විශේෂ මහාධිකරණයක් ගේන්න කියලා. ත්‍රස්තවාදීන් මිනිස්සු මරලා දේපල හානි කරලා රටම නැවතත් යුද්ධයකට ගෙන ගිය අයට විශේෂ මහාධිකරණ ගේන්න කියන්නේ නැහැ. එයාගේ කට්ටියට කරදර වුනා කියලා විශේෂ මහාධිකරණ හදන්නලු. මේ ප්‍රකාශ නිසා තමයි මිනිසුස් තවත් කුපිත වෙන්නේ. කාගේ හරි කඩයක් කැඩුවා නම්, ගලක් ගැහුවා නම් ඒක වැරදියි.ඒ නිසා මේ අය මොනවා කිව්වත් කළඹල වෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. ඒ වගේම ආන්ඩුව ආරක්ෂා කරගන්න අන්තවාදින්ට ඕනේ විදියට කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. අන්තවාදී අදහස් ප්‍රකාශ කරන අයව එතුමාගේ බලය භාවිතා කරලා අස්කරන්න කියලත් අපි ඉල්ලා සිටනවා.


සිහින ලෝකෙක ජනාධිපති විදියට ඔටුනු පැළඳගෙන ඉන්න කරූ ජයසුරිය කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිළි පැලඳගෙන පාර්ලිමේන්තු අර්ථ නිරූපනයන් පැත්තකට දාලා තමන්ට ඕනේ විදියට පාර්ලිමේන්තුව හසුරුවන්න අරන් තියෙන්නේ.
■ දෛනික ජිවිතය කඩා වැටුනත් ආන්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ බලයේ ඉන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා
රටේ සමස්ත ජනතාවම පාලකයින් දුක් වෙනවා. සිහින ලෝකෙක ජනාධිපති විදියට ඔටුනු පැළඳගෙන ඉන්න කරූ ජයසුරිය කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිළි පැලඳගෙන පාර්ලිමේන්තු අර්ථ නිරූපනයන් පැත්තකට දාලා තමන්ට ඕනේ විදියට පාර්ලිමේන්තුව හසුරුවන්න අරන් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා විදියටයි පහුගිය කාලයේ කටයුතු කලේ. අද වෙද්දි හැසිරෙන හැටි දිහා මුලු රටම වික්ෂීප්ත වෙලා බලන් ඉන්නේ. ඒ ප්‍රහාරයෙන් මිනිස් ජිවිත කැඹලි වුනා විතරක් නෙවෙයි, භීතිය අවිනිශ්චිතතාවය මිනිස්සුන්ගේ හිත්වලට ඇතුලුවෙලා. අපි කවුරුත් රටේ ආර්ථිකයට අවධානය යොමු කරන්නේ නැහැ. මේ සිද්ධිය වෙන කොටත් මන්දගාමීව පණ අදිමින් තිබුණු ආර්ථිකය අද ගන්න දෙයක් නැහැ. ආරක්ෂක අංශවලට පින්සිද්ද වෙන්න ප්‍රශ්නය සමනය වුනත් මේ අදුරු සෙවනැලිවලින් ආන්ඩුවට බේරෙන්න හැකියාවක් නැහැ. රටේ ජනතාව හැම තැනම විශ්වාසභංග යෝජනාවේදී රිෂාඞ් බදියුදින් වෙනුවෙන් ඡන්දය දීලා ගමට එන්න එපා කියලා දැන්වීම් ගහනවා. ත්‍රස්තවාදින් සමග සම්බන්ධකම් පවත්වපු දේශපාලනඥයින්ට දඩුවම් කරන්න කියලයි කියන්නේ. කාදිනල්තුමාගේ සමහර ප්‍රකාශවලින් දැනෙන්නේ මේ  පිටුපස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනබවයි. අපිට හිතෙන්නේ රිෂාඞ් බදියුදීන් කියලයි.1971 තරුණ නැගිටිම වෙලාවේ වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමාටත් රැදවුම්භාරයේ වසර දෙකක් ඉන්න සිද්ධ වුනා. වාසුදේව නානායක්කාර මහතා සම්බන්ධ නැති නිසා පසුව නිදහස් වුනත් මැතිණිය ඒ වෙලාවේ කළයුතු දේකරන්න පියවර ගත්තා. නොසන්සුන්තාවයක් ඇති වුනු වෙලාවේ නොබියව පියවර ගන්න සවියක් ඇයට තිබුණා. දැන් මේ ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් වත් අරන් නැහැ. හමුදාපතිවරයාට කතා කරලා සැකකරුවන් ගැන තුන්වතාවක් විමසලා තියෙනවා වුනත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. මාධ්‍ය මාෆියාව කියලයි චෝදනා කලේ. මාධ්‍ය තොරතුරු එළි නොකළා නම් අපි කිසිවක් දන්නේ නැහැ. කතානායකවරයාගේ නිත්‍යාණුකූල බලය පාවිච්චි කරලා මේ විශ්වාසභංගයට ඉඩ දෙන්න. අගමැතිතුමා, විපක්ෂනායකතුමා කියන්නේ මේ බලය තියෙන්නේ කතානායකට කියලයි. එහෙම කියද්දි එතුමා හදන්නේ සභානායකට බෝලය දාලා වැඬේ නොකෙරන තැනට වැඩ කරන එකයි. අපි හිතනවා ඉදිරි පැය කිහිපයේ විශ්වාසභංයට දින දෙයි කියලා. එහෙම නොවුනොත් ජනතාව නිසි පිළිතුරු දෙයි. මරණ තුනක් ඇති මිනිසෙක් පැණී කෑවා කියනවානේ. රටේ මොනතරම් ප්‍රශ්න තිබුණාත්, දෛනික ජිවිතය කඩා වැටුනත් ආන්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ බලයේ ඉන්නයි. ඊට ගැලපෙන විදියටයි සියල්ල හසුරුවන්නේ. අපි ජනතාවගේ පැත්තේ ඉදලා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. පහුගිය කාලයේ පාසල් දරුවන්ගේ පැමිණීම අඩු වෙලා තිබුණත් පහුගිය අගහරුවාදා ලඹයින්ගේ පැමිණිම වැඩි වෙන්න ගත්තා. ඒක හොද දෙයක් . මේකට අපි ආරක්ෂක අංශවලට ස්තූතිවන්ත වෙනවා. ආන්ඩුව මාධ්‍ය නිවේදන නිකුත් කළා මිසක් ළමයින් ගෙන්වා ගන්න පියවර ගත්තේ නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාසල් ගණනාවකට ගිහින් දෙමව්පියන්ට දරුවන්ට ශක්තියක් වුනා. අපිටත් අවශ්‍ය දෛනික ජිවිතය යථා තත්ත්වයට පත්වෙලා රට ඉදිරියට යන්නයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ලාභ ලබන ව්‍යෘපාර ටිකත් විකුණලා දාන්නයි ජාත්‍යන්තර හොරුන්ට පත්වීම් දෙන්නේ.
■ ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ජිවිත නැති වුනු දේශපාලකයින්ගේ පුත්තු පිළීකුල් සහගත විදියට ත්‍රස්තයින් වෙනුවෙන් පෙනී සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා
ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ මෙයට සම්බන්ධ, ඊට අනුබල දුන්න, සෑම සියලු පාර්ශවයක්ම එරෙහිව නීතියෙන් කටයුතු කරන්නයි කියලා ජනතාව ඉල්ලා සිටිනවා. අපේ දරුවන්ට පාසල් යන්න කිව්වට අද වෙනකල් ඇමැතිවරුන්ගේ දරුවන් පාසල් යවන්නේ නැහැ. පාරවල් වහගෙන තමන්ගේ ආරක්ෂාව පමණක් සලසා ගන්න වැඩපිළීවෙලක් තියෙන්නේ. මේ පරීක්ෂණ කඩිනම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි වුනු පවුල්වල දරුවන් සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමක් කරන්න අවශ්‍යයි. මේ අන්තවාදී කණ්ඩායම්වලට සහාය දුන්නේ රජයයි. ඒ වැඩපිළීවෙල නිසා ජාත්‍යන්තරයේ බෞද්ධ මුස්ලිම් ජනතාව අතර අන්තවාදි අරගලයක් කියලා පෙන්විමේ උත්සාහයක් තියෙනවා. මෙවැනි අවස්ථාවකයි විශ්වාසභංගය ගේන්නේ. මේ අන්තවාදී ප්‍රහාරයට සම්බන්ධ අයව තවදුරටත් ආරක්ෂා කරන්න හදන බව රටේ ජනතාව විශ්වාස කරනවා. ආන්ඩුවෙන් විශ්වාසභංගය යට ගහන්නයි අත්සාහ කරන්නේ. අපි සාක්ෂි සහිතවයි විශ්වාසභංගය ගෙනාවේ. මේ හමුදාපතිතුමාට බලපැම් කරපු ආකාරය මේ වෙද්දි හෙලි වෙලා ඉවරයි. මාවනැල්ල බුදුපිළිම කඩපු අවස්ථාවේ ඒ අන්තවාදින් නිදහස් කරගන්නත් ආන්ඩුකාරවරයෙක් කටයුතු කළා. එතැනදි නිසි පියවර නොගත්ත නිසයි මේ වගේ තත්ත්වයන් ඇති වුනේ. විශ්වාසභංග යෝජනාවට මේ අවස්ථාවේ සහාය දෙන්නයි අපි ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපක්ෂපාතිව පරීක්ෂණ කරලා මේ බදියුදින් ඇමැතිවරයාව අමාත්‍යධූරයෙන් ඉවත් කරන්නයි අපි ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයක් පෙනි පෙනි සිටින අවස්ථාවක අපිට ආන්ඩුව පෙරලන්න අවශ්‍යතාවයක් නැහැ.
පහුගිය කාලයේ මේ ආන්ඩුව පෙරලන්න අවශ්‍ය නැහැ කියපු ජවිපේ දැන් එකපාරටම ආන්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනත්. ආන්ඩුව අස්ථාවර විම වලක්වන ආන්ඩුවට කඬේ යන වැඩපිළීවෙලක් මේක. ආන්ඩුව කඩා වැටිලා ගෙදර යන්න වෙයි කියලා ආන්ඩුවේ මන්ත්‍රීවරු බියවද්දලා රනිල් වික්‍රමසිංහ රැක ගන්නයි මෙහෙම කරන්නේ. අපි දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා පක්ෂ ආගම් භේදයකින් තොරව මේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්න කියලා. ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ජිවිත නැති වුනු දේශපාලකයින්ගේ පුත්තු පිළීකුල් සහගත විදියට ත්‍රස්තයින් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ දේශපාලනඥයින් අතර ත්‍රස්තවාදීන්ගේ මුදල් හුවමාරු වෙන කාලයක්
අපි ඉදිරියේදී රිෂාඞ් බදියුදීන් වැනි ත්‍රස්තවාදින්ට පණ පොවපු අය සම්බන්ධ කරගන්නේ නැහැ. එජාපයේ පොදු අපේක්ෂක හිගාකෑම ඇරඹිලා. දැන් පොදු අපේක්ෂකයා කිව්වාම ජනතාව බියයි. පොදු අපෙක්ෂකයේ වුනොත් ජනාධීපතිවෙලා රූකඩයක් වෙන්නයි වෙන්නේ. ආර්ථික වශයෙන් රටට ශක්තියක් වුනු ධම්මික පෙරේරා මහත්තයාට ලණුව දිලා තියෙනවා. ලණුව කෑවොත් දුක් විදින්න වෙන්නේ එතුමාටමයි. ධම්මික පෙරේරා නෙවෙයි ඇලෙක්සැන්ඩර් ආවාත් මීලග ජනාධිපති බිහිවෙන්නේ පොහොට්ටුවෙන්. අද ඥාණසාර හිමි නිදහස් වෙන බව ආරංචියි.  ඥාණසාර හිමියන්ව හිරගත කලෙත් නිදහස් කරන්නෙත් මේ යහපාලන ආණ්ඩුවමයි. ඥාණසාර හිමියන් බලන්න ගිහින් එළියට ආපු අසාත් සාලි කිව්වා පෙන්ටගනයට ගැහුවා නම් මේක සුලු සිද්ධියක් කිව්වා. ඉතිහාසයේ ඇමරිකාව හැම යුද්ධයක්ම පරාජය වෙලා. ශ්‍රී ලංකාව නම් දිනලා තියෙනවා. ජනතාව මෝඩයින් විදියට ගන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු පිට යන වෙලාවක ලක්ෂ තිහක විතර වැටපකට විදේශිකයෙක්ට එහි තනතුරක් දීලා. මොහු ඇමරිකානු ජාතිකයෙක්. මොහුගේ සුදුසුකම් තියෙන අය ඕනතරම් මේ රටේ ඉන්නවා. මේ පුද්ගලයා 2006 දි සාෆි කියන ඇෆ්ගන් එයාර් සමාගම වහපු පුද්ගලයා. ඇෆ්ගනිස්ථානයේදී කාන්තාවක් සමග විවාහ වෙලා මුස්ලිම් ආගමට ඇතුලු වුනු පුද්ගලයෙක්. ජාත්‍යන්තර හොරුන්ව මේ රටට ගෙන ඒම ගැන කණගාටුයි. මේ ආයතනයේ ලාභ ලබන සේවාවන් සියල්ල විකුණන්නයි මේ පුද්ගලයා ගෙනාවේ කියලා අපි හිතනවා. කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවරක් නොගත්තොත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉතා ඉක්මනින් අවසන් වෙනවා.

One Response to “ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දවසේ නිදහස ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරින්ටත් ඒ නිදහස ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

  1. Christie Says:

    Looks like Indian Puppet Sirisena has conveyed the message from India to Nanasara to shut up.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress