බදියුදීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුද කියලා රටම විමසිලිමත්ව ඉන්නේ ……………….. – මහින්ද රාජපක්ෂ –
Posted on May 24th, 2019

අද දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුව

රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (24) බත්තරමුල්ල නෙලුම්මාවතේ පැවැති පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය.

පාස්කු දිනයේ සිදුවූ ත්‍රස්තවාදි බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඇති ජන හඩට සවන් දි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇතැයිද කී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංගය මගින් විපක්ෂයට සිදුවන එකම වාසිය රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා තරහ විම පමණක් බවද අවධාරණය කලේය.

පාසලක් අසලින් අත් බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද එහිදී මාධ්‍යවේදීන් විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි අතර දැන් ”ආයෙමත් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මේ බෝම්බ කවුද පාසල අසලට ගෙනත් දැම්මේ කියනදේ සොයා බලන්න වෙනවා. පොලීසිය ආරක්ෂාව දෙනවා කිව්වාට තවම ආරක්ෂාවක් නැති බවයි මෙයින් පේන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඇරලා පාසල් වහන්න බැහැනේ. පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවර ගන්න අවශ්‍යයි” යැයිද ඒ මහතා සදහන් කලේය.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress