නව නීති සම්පාදනය වෙලා විවාහය හා දික්කසාදය පොදු නිතියකට යටත් විය යුතුයි.
Posted on May 28th, 2019

අද (28) දින පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (28) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා

සමානුපාතික නියෝජන ක්‍රමය තියෙනවා නම් 12. 5 ගේන්න. නැත්නම් ආසන මට්ටමේ මැතිවරණ ක්‍රමයකට යන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ සිසේරියන් සැත්කම් සිදුවෙන්නේ. ලංකාවේ දැනට සිද්ධ වෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා අදාල භූමියේ සිටිනවා නම්, ඔහු අවසර දෙනවානම්, සුදුසුකම් තිබෙන ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙක්ට මේ සිසේරියන් සැත්කම් කිරීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්දයෙන් වෛද්‍ය සභාව නැවත වරක් අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා. ශල්‍ය කර්මයක් කරන අවස්ථාවක අදාල ශල්‍ය කර්මය හැරෙන්න වෙනත් දෙයක් කරන්න අවසර නොලැබෙන විදියේ ක්‍රමවේදයක් සකස් විය යුතුයි. ඒ වගේම සාමාන්‍ය ජනයාගෙන් හෝ රජයේ සේවකයෙක්ගෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ලැබුනොත් තමයි ඉදිරි කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ. වෛද්‍ය සභාවටම යම් වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් සැකයක් ඇති වුවාහොත් ඉදිරි පියවර ගැනීමට හැකිවන ලෙස බලතල වැඩි විය යුතුයි. ලංකාවේ ළදරු මරණ ඉතාම අඩු රටක්. එසේ තිබුයදිත් මෙවැනි වෛද්‍යවරුන් සිටිනවා කියන්නේ සෞඛ්‍ය සේවයේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා.
සෞඛ්‍ය ඇමැතිවරයා කළඹලයෙන් කෝපයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය අපි දැක්කා. මේක එතුමාට කළඹල වෙන්න දෙයක් නෙවෙයි. වෛද්‍යවරයා සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රමවේද කිහිපයක් තිනෙවා. සැම ආරෝග්‍ය ශාලාවකටම වසර 5ක් තුළ දරු ප්‍රසුතියට පැමිණ අයගේ තොරතුරු අනුව ක්‍රියාකරන්න පුලුවන්. නැත්නම් ඒ මව්වරු වෛද්‍ය පරීක්ෂණයට ලක්කරන්න. නැත්නම් අවුරුදු 5ක් ඇතුළත සැත්කම්වලට භාජනය වුනු මව්වරුන් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් කරන්නත් පුලුවන්. මේක සත්‍ය නම්, ඒ මවුවරුන්ගේ වේදනාව ඉච්ඡා භංගත්වය අපි තේරුම් ගන්න ඕනේ.  එජාපයෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක් කියලා ආණ්ඩුව කෝප වෙන්න අවශ්‍ය නැහැ. වෛද්‍ය සභාවේ නිතිරිති සංශෝධනය කරලා හරි වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න අවශ්‍යයි. මෙවැනි දෙයක් එංගලන්තයේ වුනා. තමන් හමුවට එන රෝගීන් මරා දැමූවෙක් සම්බන්ධයෙන් ක්‍රියාකරන්න වෛද්‍ය සභාවේ නිති රිති පවා එහිදී වෙනස් කළා. අපරාධයක් කරලා නම් ඒ අපරාධයට දඩුවම් කිරීමට කඩිනම් පරික්ෂණයක් කළ යුතුයි.
රටේ තිබෙන ගැටලු විසදන්න ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව අපි විශවාස කරනවා. එක් පුද්ගලයෙක් කරළියට ගෙන ඒම වෙනුවට මුලුමනින්ම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමෙම්ක්‍රමවේදයක් අවශ්‍යයි. සමහර නිති කල් පැන ගිහින්. ලංකාවේ විවාහ නිතියත් ඒ වගෙයි. මුස්ලිම් විවාහ ආඥා පනත යටතේ අවුරුදු 12ට වැඩි ඔනෑම කෙනෙකුට විවාහ වෙන්න හැකියවා තියෙනවා. කාතිවරයා පත්කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවයි. දික්කසාදයට යද්දි ස්වාමියා බිරිද තනිවම කාතිවරයා ඉදිරියට යන්න ඕනේ. පවුලේ නියෝජනයක් තියෙන්න බැහැ. එවැනි තත්ත්වයන් අපේ රටේ තියෙන්න බැහැ. ලෝකයේ මේ ප්‍රවණතාවයන් වෙනස් වෙලා තියෙන්නේ. නව නීති සම්පාදනය වෙලා විවාහය හා දික්කසාදය පොදු නිතියකට යටත් විය යුතුයි.
අද පාර්ලිමේන්තුවේ 225ම විවේඡනයට ලක්වෙනවා. සියයට දොළහමාරක්ව තිබුණු සමානුපාතික නියෝජන ක්‍රමය කිසිවෙක්ගෙන් විමසිමක් නොකර 5% දක්වා අඩු කලේ රණසිංහ ප්‍රේමදාස මහතායි. සමානුපාතික නියෝජන ක්‍රම යටතේ කිසියම් පක්ෂයක් හෝ කණ්ඩායමක් තමන්ට මන්ත්‍රීවරයෙක් පත් කරනගන්න නම් 12.5%ක ඡන්ද ප්‍රතිශතයක් තිබිය යුතු වුනා. මේකෙන් වුනේ පාර්ලිමේන්තුව විකෘතියක්විමයි. මේකෙන් කිසිම ආණ්ඩුවකට බහුතරය නිර්මාණය කර ගැනීමේ හැකියාවක් නැති වුනා. සමානුපාතික නියෝජන ක්‍රමය තියෙනවා නම් 12. 5 ගේන්න. නැත්නම් ආසන මට්ටමේ මැතිවරණ ක්‍රමයකට යන්න. එහෙම නොකර පාර්ලිමේන්තුවේ 225 බැනුම් අහන එක නතර කරන්න බැහැ.මේ ක්‍රමය තියෙන කල් පාර්ලිමේන්තුවෙන් ආවත් පිටින් ආවත් අගහරුලෝකයෙන් ගෙනාවාත් දේශපාලනඥයෙක්. මහජනයාට වගකියන ආයතනයක් බවට පත් කරගන්න, බහුතරයක් සහිත රජයක් පත් කරගන්න හැකි වෙන්නේ එහෙම කලොත් විතරයි.
අපේ රටේ පොදු නිතියට සියලු දෙනා යටත ්විය යුතුයි. වෙන්ව යන සංස්කෘතීන් සිටිය යුතු නැහැ. ඒ සදහා අපි පොදු හැගීමකින් ක්‍රියා කළ යුතුයි. සහරාන්ගේ ව්‍යාපාරය ඔස්සේ ලංකාව වහාබ්වාදයටයි ගියේ. ලංකාවේ ආන්ඩුවට යටත් නැති පාසල් අද අමාත්‍යංශයට ගන්න හදනවා. මේවායේ නිතියට විරුද්ධ අංශ සම්පූර්නයෙන් තහනම් විය යුතුයි.
නිෂ්පාදන ආර්ථිකයකට රට ගෙන යන්න කාර්මික අංශ දියුණු කළ යුතුයි. කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයකට ගෙනා යාමත් අපේ වගකීමක්.

ආණ්ඩුවට ඕනේ ඡ්නද පදනම ආරක්ෂා කර ගන්න විතරයි.
මැතිවරණයකට යන්න ගේන ඕනම යෝජනාවකට අපේ සහාය ලබාදෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
කුරුණෑගල ප්‍රශ්නය පදනම් කරගෙන ජාතික අසමගිය ඇති කර ගැනීමේ උත්සාහයක් සමහරුන්ට  තියෙනවා. අත් අඩංගුවට පත්වුනු වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වෙන්න කළින් ඔහුව නිර්දෝශී කරන්න, නිදහස් කරන්න කතා කරනවා. වරදක් කළා නම් සිංහල දෙමළ මුස්ලිම් කාට වුනත් නිතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි.වරදක් නොකළා නම් ඔහු නිදහස් වෙයි.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිද දැමීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. නිදහස නැති දවසටයි ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ඇති වෙන්නේ. තෝරා පත් කර ගන්නා නියෝජිතයින්ගේ වැරදි තියෙනවා නම් ඔවුන් වෙනස් කර ගැනීමේ හැකියාව ජනතාවට තියෙනවා. මේක විකෘති පාර්ලිමේන්තුවක්. 19 යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඕනෑම යෝජනාවකට සහාය දෙන්න අපි සූදානම්. අද පාර්ලිමේන්තුවට ඡන්ද පදනම ගැන සිතමින් තින්දු ගන්න වෙලා තියෙන්නේ.ජනතාවගේ ඔලුවට වැරදි පණිවිඩයක් යවමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දියත්වෙනවා. ඕනම රටක ඒකාධිපතිවාදයක් තියෙන අවස්ථාවකයි ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වෙන්නේ. මහජනතාවගේ  තෝරා ගැනීමේ අයිතියට අත තියන්න කිසිවෙක්ට අයිතියක් නැහැ. පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතු අය ඉන්නවා නම් ඔවුන්ව ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ නැති වෙයි. කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මන්ත්‍රීවරු පත්කර ගැනීමේ ක්‍රමයක් රටට අවශ්‍යයි.
අපි පාර්ලිමේන්තුවට ඇවිත් වසර 26යි. විශ්වාසභංග යෝජනා රැසක් අපි දැකලා තියෙනවා. මුස්ලිම් කොංග්‍රසයේ නායකයාට  ගෙනාපු විශ්වාසභංග යෝජනාවයි මෑත ඉතිහාසයේ අපි හොදින්ම සවන් දුන්න විශ්වාසභංග යෝජනාව. අනුර බණ්ඩාරනායකමහතා පැයයි විනාඩි පහක් කතා කළා.කුරානයේ ඉදිකට්ටක් හොරකම් කළත් දඩුවම තියෙනවා.නැවක් හොරකම් කලොත් මොකද කරන්නේ කියලා ඇහුවා. එතකොට අෂ්රෆ් මහතා වරාය ඇමැති. එතුමා නිෂ්ෂබ්දව අහන් ඉදලා අනුර බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කරුණුවලට සාක්ෂි ඇතිව කරුණු ඉදිරිපත් කරලා එළියට බැස්සේ ජයග්‍රාහි විලාසයෙන්.කදිරගාමර් මහත්තයාට  විශ්වාසභංගයක් ආවවාා. ඒ වෙලාවෙක් අනුර බන්ඩාරනායක මහතා කදිරගාමර් මහතාව දැඩිව විවේඡනය කළා. සාවධානව සියල්ලටම කන් දුන්න කදිරගාමර් මහතා ඊට පිළිතුරු දිලා පාර්ලිමේන්තුවෙන් එලියට ආවා. සෝම හාමුදුරුවොත් එක්ක විවාදයට ගිය අෂ්රෆ් ඇමැතිවරයා ආගමට සංඝයා වහන්සේට ගරු කරමින් ඒ විවාදය කළා. දැන් ගේන විශ්වාසභංග යෝජනාවලට මොනවා වෙනවාද දන්නැහැ. රවිකරුණානයක මහතාට රනිල් වික්‍රමසිංහට විශ්වාසභංග යෝජනා ගෙනාවා. තේරීම් කාරක සබා දැම්මේ නැහැ. අපිට තේරෙන්නේ නැත්තේ රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංග යෝජනාවට විතරක් තේරීම් කාරක සභාවක් දැම්මේ ඇයි.ඔඋනම ඇමැතිවරයෙක්ට විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුලුවන්. ඇමැතිවරු ඒවාට පිළිතුරු දෙනවා. රිෂාඞ් බදියුදීන්ට එතුමාට විරුද්ධ චෝදනාවලට කරුණු ඉදිරිපත් කරන්න පුලුවන්. 2017 දි 1500ක් අරන් එළියට බැහැලා මේ මිනිමරුවා අත් අඩංගුවට ගන්න කියලා කිව්ව බව මවුලවි වරයෙක් කියනවා. පොලිසියට , රටේනායකයින්ට ලියුම් ලිව්වා. ළගට ගිහින් කිව්වා. නමුත් කවුරු හෝ දේශපාලන මැදිහතවීමක් කරනවා. මඩකලපුවේ පොලීසිය මාරු කලේ දේශපාලන මැදිහත්වීමකින් කියලා ඒ අය කියනවා. 2017 කවුද නිතිය හා සාමය ඇමැති කවුද? 2017 දි මේ පනිවිඩය දිලා ලියුම් දීලා, පොලිස්පතිට කිව්වා නම් 1500ක් එක්ක පාරට බැස්සා නම් ඇයි මේ ගැන පරික්ෂණයක් නොකලේ. කාගෙද වරද? ඡන්ද පදනම අරක්ෂා කරගන්න ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ. රුසියානු ජනාධීපති පූටින් කිව්වා රටකට එක නිතියක් තිබුය යුතුයි. යම් කෙනෙක් ඒ නිතියට ගරු කරන්නේ නැත්නම් ඔවුන් ගරු කරන නිතිය තියෙන රටකට යා යුතුයි කියලා. මේ සිංහග දෙමළ මුස්ලිම් ජනතාව එකට ජිවත් වුනු රට. අද මුස්ලිම් සමාජයම බිය වෙලා.ඉන්දියානු මැතිවරණයේදී ජාතික ආරක්ෂාව හා ජාතිකත්වයයි තේමා වුනේ. රාහුල් ගාන්ධි ඉන්දීය රුපියල් 6000ක් එක් පුද්ගලයෙක්ට දෙනවා කිව්වා සහනාදාර විදියට. මිනිස්සු බැලුවේ ජාතික ආරක්ෂාව ගැනයි.මේ නිසා මෝධිට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වුනා. මහින්ද රාජපක්ෂ මහතා වසර තිහකින් යුද්ගය අවස්න කරලා ජාතිකත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කළා. මේ ආන්ඩුව අදත් ඡ්නද පදනම ගැන හිතනවා. ඡන්ද පදනම් ගැන කතා කරපු ඉන්දියාවේ ක්‍රියාත්ම වුනේ ජාතිකත්වය හා ජාතික ආරක්ෂාවයි. 19 වැනි ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෙෘ්ධනය කරලා වහාම මැතිවරණයකට ගිහින් මේ විකෘති පාර්ලිමේන්තුව ඉවත් කළ යුතුයි. ශක්තිමත් හොද මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් ජනතාව පත් කරයි. ආන්ඩුව කරගෙන යන්න බැරි නිසා තවත් රටේ ප්‍රශ්න ඇති කරන්නේ නැතිව කඩිනමින් මැතිවරණයකට යන්න කියලා අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
■ සිරිකොතේ ලයිට් බිල් ගෙවපු කෙනාට පැලවත්ත සිනි කර්මාන්තශාලාව දෙන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
■ කුරුණෑගල මව්වරුන්ට වුනේ පියවා ගන්න බැරි පාඩුවක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා
ශ්‍රී ලනිපය ආන්ඩුවෙන් ඉවත් වුන නිසා අපිට වැඩ කරන්න පුලුවන් කියලා එජාප ආණ්ඩුව පම්පොරි ගැහුවා. දැන් ආන්ඩුව කරන දේ පේනවානේ. අපේ කාලයේ රාජ්‍ය අංශය ශක්තිමත් කළා. පාඩු බලන ආයතන දියුණු කරන්න පනතක් ගෙනාවා. ඒ පනත යටතේ පැලවත්ත සිනි කර්මාන්තය, වාලච්චේන කඩදාසි ආයතනය වැනි දේ ලාභ ලබන ආයතන බවටපත් කළා. දැන් ආයෙත් සෙවනගල රජයේ ඇමැතිවරයෙක්ට දෙන්න යනවා. ඉස්සර සිරිකොතේ ලයිට් බිල් වතුර බිල් ගෙවන කෙනාටයි දෙන්න යන්නේ. අපි මේක කරන්න දෙන්නේ නැහැ. මේ පනත ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ගෙනත් තියෙන්නේ.මේ පුද්ගලීකරණය කරන්න පටන් ගන්නේ.තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇගේ දා ගන්න හදන මේ ආන්ඩුවට කිසිම විලිලැජ්ජාවක් නැහැ. මේ වැඬේ වුනොත් සේවකයෝ පාරට බහිනවා. අපිත් එක්ක ඉන්නෙ ජාතිවාදි පක්ෂ නෙවෙයි. ජාතිවාදය නිසයි මේ රට විනාශයෙන් විනාශයට පත්වුනේ.  ආගම්වාදයත් ඒ වගේම තමයි. ජාතිවාදයට ආගම්වාදයට මේ රටේ ඉඩ දෙන්න බැහැ. ජනාධිපතිවරණය දිනාගන්නයි මේ එකිනෙකා සතුටු කරන්නේ. රිෂාඞ් බදියුදීන් මාධ්‍යයට වැරදි කියන්නේ නැතිව තමන්ගේ වැරදි හදාගන්න ඕනේ.
කුරුණෑගල මව්වරුන්ට වුන අසාධාරනය මුදල්වලින් පියවාගන්න බැහැ. සෞඛ්‍ය ඇමැතිවරයා, වෛද්‍ය සංගම් සියලු දෙනාම මේ මව්වරුන්ට කරපු හෙන ගහන අපරාධය ගැන සොයන්න ඕනේ. මව්වරුන්ට වන්දියක් ගෙවන්න ඕනේ. එජාප ලයිස්තුවෙන් ඡන්දෙ ඉල්ලපු මේ වෛද්‍යවරයා රිෂාඞ් බදියුදින්ගේ පක්ෂයේ කෙනෙක්. එන්න එන්නම වැරදි ගොඩ ගැහෙමින් තියෙන්නේ. මේවා තේරීම් කාරක සභාවලට දාලා යට ගහලා හරියනවාද. වෙන රටක නම් ජනතාව ගහලා එලවලා. අවුරුදු හතරහමාර තුළ මොකක්ද කරපු හොදේ. කට්ටිය සතුටු කරන්න කියලා බහුතරයක් ජනතාව පිඩාවට පත්කරනවා. ගොවියන්ට මිලක් නැහැ.කළමණාකරණයක් නැහැ. තව මාස හතරක් ආණ්ඩුව තියෙනවා කියන්නේ තව තවත් විනාශයටයි රට යන්නේ. මෙ ආණ්ඩුව ගැන ලෝකයටම විශ්වාසයක් නැහැ. ආණ්ඩුව පෙරලෙනවා කියලා දන්න නිසා රාජ්‍ය නිලධාරීන් වැරදි කරන්නේත් නැහැ. කෝටි 5ක් ගමට දෙනවා කියමින් මිනිස්සු රැවටිමයි කරන්නේ. ජනතාව බලන් ඉන්නේ ආණ්ඩුව ගෙදර අරින්න. ජනතාව වෙනුවෙන් කරන්න තියෙන ලොකුම සේවාව මහමැතිවරණයකින් ජනතාවගේ ආණ්ඩුවක් පත් කර ගැනීමට ඉඩ දෙන එකයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress