ලෞකික සාමය සහා ආරක්ෂාව-අහ්මදියා මුස්ලිම් ප්‍රජාවේ කලීෆා නායක තුමා නෙදර්ලන්ත පාර්ලිමේන්තු ඝර්භයේ කළ ෙඓතිහාසික දේශනය
Posted on June 27th, 2019

By Ahmadiyya Muslim Jama’at – Sri Lanka,

පොරොන්දු වූ මෙසායාගේ පස්වැනි අනුප්‍රාප්තිකයා (කලීෆා) වන හස්රත් මිර්සා මස්රූර් අහ්මද් තුමාණන් මෙසේ පැවසුවේය.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්- මහා කාරුණිකවූද පරම දයාබරවූද අල්ලාහ්ගේ නාමයෙන්
සියලූම ආරාධිත අමුත්තනි, ඔබ සියළු දෙනාට අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය අත් වේවාæ ප්‍රථමයෙන්, අද දින මෙහි රැස්ව සිටින පිරිස ඇමතීමට මා හට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මෙම වැඩසටහනේ සංවිධායකයින්ට මාගේ අවංක කෘතඥතාවය පළ කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නෙමි. 

අද ලෝකයේ ඇතැම් ගැටලූ, නිරන්තරයෙන් අවධානයට යොමු කරවමින් එමෙන්ම එAවා මෙම යුගයේ ඉතා වැදගත් ප්‍රශ්නයන් බව ඉස්මතු කොට නම් කිරීම අද අපි දකින්නෙමු. නිදසුනක් වශයෙන් සමහරුන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ කාලගුණ විපර්යාසයෙහි භයානකත්වය අවධාරණය කරන්නෝය. 

එමෙන්ම තවත් සමහරුන් විවිධ ගැටුම් උත්සන්න වීම් හා සීඝ්‍රයෙන් වර්ධනය වන්නා වූ ලෝකයේ අවිනිශ්චිත තත්ත්වයන් පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් වන්නෝය.

අප මෙම තත්ත්වය අරමුණක් ඇතිව විශ්ලේෂණය කර බලන්නේ නම් නියතවශයෙන්ම අපේ යුගයේ වඩාත්ම තීරණාත්මක ගැටළුව වන්නේ ලෝක සාමය සහ ආරක්ෂාව බව අප අවබෝධ කර ගනු ඇත. නිසැකවම, ගෙවී යන සෑම දිනයක් පාසාම ලෝකය අස්ථාවර හා භයානක තත්ත්වයකට පත්වෙමින් තිබේ. මෙයට හේතු ගණනාවක් තිබේ. උදාහරණයක් වශයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති මූල්‍ය අර්බුද හා ආර්ථීක අස්ථාවරතා මෙයට එක් ප්‍රධාන සාධකයක් විය හැකිය. 

තවත් එක් මූලික හේතුවක් නම් ඇතැම් ලෝක නායකයින් විසින් තම ජනතාවට හා සෙසු ජනතාවට සාධාරණය ඉටු කිරීමට අපොහොසත් වීමය. ආගමික නායකයින් පොදු යහපතට වඩා තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ සඳහා මුල් තැන දීමෙන් තමන්ගේ වගකීම් නිසි ආකාරව ඉටු නොකිරීම තවදුරටත් හේතු වන කාරකයක් විය හැකිය. අන්තර්ජාතික සම්බන්ධතා අතින් දුප්පත් සහ පොහොසත් රාජ්‍යයන් අතර ඇති විෂමතාවය ගැටුම් ඇති වීම සඳහා තවත් එක් ප්‍රධාන හේතු කාරකයක් විය හැකිය.

ලෝකයේ බලවත් රාජ්‍යයන් විසින් බොහෝ විට දුප්පත් රාජ්‍යයන්ගේ ස්වාභාවික සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමත් ඔවුන්ගේම වත්කම් වලින් ඔවුන්ට සුදුසු කොටස ලබා නොදීමත් අපට පෙනෙන්නට තිඛෙන කරුණකි. එහෙයින් ලෝක සාමයට බාධා වීමට හේතු විය හැකි කාරණා දීර්ඝ ලැයිස්තුවක් තිබේ. එයින් මා සඳහන් කළේ හේතු කිහිපයක් පමණි. මෙයට හේතු කාරකය කුමක් වුවත් ලෝකයේ සාමය නොමැතිකම මෙම පරපුරෙහි වඩාත් ම අනතුරුදායක ගැටළුවක් බව මා තරයේ විශ්වාස කරමි.

මෙය ඇසීමෙන් අනතුරුව ඔබ අතුරින් බොහෝ දෙනා වැඩියෙන්ම අස්ථාවරත්වය දක්නට ලැඛෙන්නේ මුස්ලිම් රටවල් වල බවත් ලෝක සාමයේ ඌනතාවය මුස්ලිම් ලෝකයේ ඇති කැළඹිලි තත්ත්වයන් සමග මුල් බැස ඇති බවත් පිළිතුරු වශයෙන් පැවසිය හැක. 

නියතවශයෙන්ම ලෝක ව්‍යාප්ත මුස්ලිම් සංවිධානයක් වන අහ්මදිය්යා මුස්ලිම් ජමාතයේ නායකයා ලෙසින් මාත් මෙයට වගකිය යුතු බව ඔබ සිතීමට ඉඩ ඇත. අන්තවාදී කණ්ඩායම් වල ආරම්භය සහ ත්‍රස්තවාදය ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය ඉගැන්වීම් වලින් පෙළඹවූවක් බවටද ඔබ සිතීමට හැක. කෙසේවෙතත් මෙම නොසන්සුන්කාරි තත්ත්වය හා වෛරය සමඟ ඉස්ලාමය සම්බන්ධ කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ කටයුත්තකි.

මෙම අවස්ථාවේ දී ආගම්වල ඉතිහාසය පිළිබඳ විස්තරාත්මකව කතා කිරීමට අවශ්‍ය නැත. නමුත් සියලූම ආගම්වල ඉතිහාසයන් අරමුණක් ඇතිව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ, සියලූම ආගම්වල අනුගාමිකයන් කාලයත් සමඟ එම ආගම්වල සැබෑ ඉගැන්වීම් වලින් දුරස් වී ඇති බවත් එය අභ්‍යන්තර ඛෙදුම් සහ ගැටුම් ඇති වීමට හේතු වී ඇති බවත් පෙනී යන්නේය. එසේම බොහෝ මිනිසුන් ඝාතනය වී දැඩි කෘෘර හිංසනවලටද ලක් වී ඇත.

මේ අනූව බලන විට කාලයත් සමඟ මුස්ලිම්වරුන්ද ඉස්ලාමයේ සැබෑ ඉගැන්වීම්වලින් බැහැර වී ඇති බව මා මුළු හදවතින්ම පිළිගන්නෙමි. මෙය වෛරය ඇති කිරීමටත් විරෝධතාවයන් වර්ධනය වීමටත් හේතු කාරක විය. තවද මෙය නිකාය වාදය, ප්‍රචණ්ඩත්වය සහ අයුක්තිය ඇතිවීමට හේතු කාරක විය. කෙසේ වුවද සැබෑ මුස්ලිම්වරයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලීමේ දී, අද ඉස්ලාමයේ බලාපොරොත්තු සුන් වූ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් මගේ විශ්වාසයේ කිසිදු අඩු වීමක් සිදු නොවන්නේය.

මන්දයත් වසර 1400 කට පෙර ඉස්ලාමයේ නිර්මාතෘ වන ශ=ද්ධ වූ මුහම්මද් (සල්) තුමාණන්, ඉස්ලාමයේ සත්‍ය ඉගැන්වීම් ක්‍රමක්‍රමයෙන් දූෂිත වී මුස්ලිම්වරුන් සදාචාරාත්මක පරිහානියකට ලක් වන බවට අනාවැකි පළ කළ හෙයිනි. තවද එවැනි අධ්‍යාත්මික අන්ධකාරයක් ඇති කාලයක, මිනිස් සංහතිය නැවතත් ඉස්ලාමයේ සත්‍ය හා සාමකාමී ඉගැන්වීම් දෙසට මග පෙන්වීම සඳහා සර්ව බලධාරි දෙවියන් සංශෝධකවරයෙකුව පොරොන්දු වූ මෙසායා ලෙසත් ඉමාම් මහ්දි ලෙසිත් පහළ කරන බවටත් එතුමාණන් අනාවැකි පළ කළේය. 

ශ=ද්ධ වූ වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් අනාවැකි පළ කළ ආකාරයට පොරොන්දු වූ මෙසායා (අෙලෙ) තුමා ඉස්ලාමයේ සැබෑ සහ සම්පූර්ණ සාමකාමී ඉගැන්වීම් තුලින් අපට අවබෝධය ලබා දුන්නේය. එබැවින් වර්තමානයේ අහ්මදි මුස්ලිම්වරුන් වන අපි, නොසන්සුන්කාරී තත්ත්වය හා කලබලකාරී තත්ත්වය ඇති කරන්නන් හෝ එයට සහභාගී වන්නන් අතර නොවන්නෙමු. එA වෙනුවට සත්තකින්ම ලෝක සාමය පි්‍රය කරන්නන් අපිම වන්නෙමු.
තවද අපි ලෝක සාමය ඇති කිරීමට උත්සහ කරන ජනතාවක් වන්නෙමු. තවද අපි මිනිස් සංහතිය එක්සත් කිරීමට වැර දරන ජනතාව වන්නෙමු. තවද අපි සියලූම ආවේශයන් හා සතුරුකම් ආදරය හා සෙනෙහසට හැරවීමට වැර දරන ජනතාවක් වන්නෙමු. තවද අපි සත්‍ය වශයෙන්ම, ලෝක සාමය ඇති කිරීම සඳහා වූ ගත හැකි සියලූම පියවර ගන්නා ජනතාවක් වන්නෙමු. ආගමික නායකයෙක් වශයෙන්, එකිනෙකා පෙළඹවීම හා එකිනෙකාට දොස් පැවරීම වෙනුවට ලෝකයේ දීර්ඝ කාලීන සාමයක් ගොඩනැගීම කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු බව මා කීමට කැමති වන්නෙමි.

මේ සම්බන්ධයෙන් අහ්මදිය්යා මුස්ලිම් ජමාතයේ නිර්මාතෘවරයාණන් අපට ඉතාමත් වැදගත් මූලධර්මයක් කියා දී ඇත. එනම් සාමය ස්ථාපිත කිරීම සඳහා මනුෂ්‍ය වර්ගයා දෙවියන්ගේ ගුණාංග පිළිගෙන ඒවා අනුගමනය කිරීමට තමන්ගේ උපරිමයෙන් උත්සාහ කිරීම අවශ්‍ය බව එතුමාණන් පැවසුවේය. මෙය මිනිස් වර්ගයාගේ යහපැවැත්ම පවත්වා ගෙන යාම තහවුරු කිරීමට ඇති එකම මාර්ගය බවද එතුමාණන් පවසා සිටියේය. නියතවශයෙන්ම මනුෂ්‍ය වර්ගයාගේ සුබසාධනය හා සෞභාග්‍යය භෞතික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද දෙවියන්ගේ ගුණාංග පිළිපැදීම සමඟ සෘජුවම සම්බන්ධ වන බව එතුමාණන් තවදුරටත් පැහැදිලි කළේය. මන්දයත් සියලූම ආකාරයේ සාමය ඉස්මතු වන්නේ දෙවියන්ගේ ගුණාංගයන් තුලින්ම වන බැවිනි.

දෙවියන්ගේ මැවීම් කෙරෙහි ඔහුගේ ආදරය සහ කරුණාවන්තකම අසමසම සහ අද්විතීය එකකි. තවද ඔහු මහා කාරුණික සහ පරම දයාබරය. ඔහු සාමයේ උල්පත වන්නේය. එබැවින් මුස්ලිම්වරයෙකු සර්ව බලධාරි දෙවියන්ගේ ගුණාංගයන් ධාරණය කර ගැනීමට උත්සාහ ගත යුතු බව ඉස්ලාමය නියම කරද්දී, සත්‍ය මුස්ලිම් වරයෙකුට තවත් කෙනෙකුට හානි පමුණුවීම කළ නොහැක්කක්ය. ඒ වෙනුවට මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයට අනුව මිනිස් සංහතියටම ආදරය දැක්වීම හා සෑම පුද්ගලයකුටම ගෞරවයෙන් යුතුව අනුකම්පාවෙන් හා කරුණාවෙන් සැළකීම අනිවාර්්‍ය වන්නේය.

ඉස්ලාමය සාමයේ ආගමක් නම්, කුර්ආනය යුද්ධයට අවසර ලබා දෙන්නේ මන්දැයි යන්න නිතර අසන ප්‍රශ්නයක් වන්නේය. කෙසේ වුවත් එම අවසරය එහි නිවැරදි සම්බන්ධකම සමග හා මා ටිකකට පෙර පහදා දුන් කරුණු සමග තේරුම් ගත යුත්තකි. දීර්ඝ කාලීන සාමයක් පවත්වා ගෙන යාම අතිශයින්ම වැදගත් වන්නේය. එමෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී ද~ුවම් කිරීම හා අවවාද කිරීම දීර්ඝ කාලීන සාමයක් තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන්නේය.

සර්ව බලධාරි දෙවියන් විසින් යුද්ධය සඳහා අවසර ලබා දෙන කල්හි එය සාමය නැවත ස්ථාපිත කිරීමට සහ ආරක්ෂාව සැලසීම සඳහා පමණක් ලබා දුන් දෙයකි. එබැවින් ඇතැම් පිරිස්, කණ්ඩායම් වශයෙන් හෝ පුද්ගලික වශයෙන් හෝ ශ=ද්ධ වූ කුර්ආනය සහ ශ=ද්ධ වූ වක්තෘ වන මුහම්මද් (එතුමාණන්ට සාමය හා ආශිර්වාදය අත්වේවා) තුමාණන්ව ප්‍රචණ්ඩත්වය සහ කෘෘරත්වය හා සම්බන්ධ කිරීමට උත්සාහ කිරීම ඉතාමත් දරුණු අසාධාරණයකි. අප ශ=ද්ධ වූ කුර්ආනය සහ ශ=ද්ධ වූ වක්තෘ වරයාණන් වන මුහම්මද් (එතුමාණන්ට සාමය හා ආශිර්වාදය අත්වේවා) තුමාණන්ගේ ජීවිතය අපක්ෂපාතීව අධ්‍යනය කළ හොත් ඉස්ලාමය සියලූම ආකාරයේ අන්තවාදයන්ට හා ලේ වැගිරීම් වලට විරුද්ධ බව අපට පෙනී යනු ඇත. 

කාලය සීමිත නිසා මා හට දීර්ඝ වශයෙන් කතා කිරීමට නොහැකි වුවත්, ඉස්ලාමයේ මූලික ඉගැන්වීම් කිහිපයක් මා සඳහන් කරන්නම්. ඒවායින් ඉස්ලාමය සාමයේ ආගමක් බව කිසිදු සැකයකින් තොරව ඔප්පු වනු ඇත. මා කලින් සඳහන් කළ පරිදි බොහෝ විට ඉස්ලාමය වෙත එල්ල වන මූලික හා පොදු චෝදනාවක් නම් එය අන්තවාදයට සහ යුද්ධය ප්‍රවර්ධනය කරන ආගමක් බවය. කෙසේ වෙතත් එහි කිසිදු සත්‍යයතාවයක් නැත. 

2 වැනි පරිච්ඡේදයේ, 191 වන වගන්තියේ අල්ලාහ් දෙවියන් නියෝග කර සිටින්නේ, යුද්ධය සාධාරŒකරණය කළ හැකි එකම හේතුව ආරක්ෂාව සඳහා පමණක් බවය. මෙම කරුණ 22 වැනි පරිච්ඡේදයේ 40 වන වගන්තියේද යළි අවධාරණය කරන්නේ යුද්ධය සඳහා අවසර ඇත්තේ පහර දීමකට ලක් වී යුද්ධය තමන් මතට පැටවී ඇති අයට පමණක් බවය. තවද සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් මුස්ලිම් රාජ්‍යයන්හට යුද්ධය සඳහා අවසර ලබා දී ඇත්තේ නම්, එය ලබා දී ඇත්තේ ආගමික නිදහස සහ විශ්වාස කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට පම‚. එබැවින් 2 වැනි පරිච්ඡේදයේ 194 වැනි වගන්තියේ අල්ලාහ් දෙවියන් මුස්ලිම්වරුන්හට ආගමික නිදහස ඇති කිසිදු පරිසරයක යුද්ධයෙහි හෝ සටනෙහි නිරත නොවන ලෙසට නියෝග කර ඇත්තේය.

එමනිසා කිසිදු මුස්ලිම් රටකට හෝ කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට, තම රජයට හෝ එහි ජනතාවට එරෙහිව කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩත්වයක හෝ යුද්ධයක හෝ නීති විරෝධී ක්‍රියාවක හෝ නිරත වීමට කිසි අයිතියක් නැත. ඉතා සරලවම යුරෝපයේ සහ බටහිර රටවල්වල රාජ්‍යය පාලනය ආගම මුල්කරගෙන නොකරන බැවින් මුස්ලිම්වරයකුට එම රටේ නීති උල්ලංඝණය කිරීමට හෝ එම රාජ්‍යයන්ට ප්‍රචණ්ඩත්වයෙන් විරුද්ධ වීමට හෝ මොන යම් ආකාරයකින් හෝ කැරැල්ලකට පෙළඹවීමට හෝ කිසිදු අයුරකින් අයිතියක් නොමැත. 

සැබැවින්ම ඉස්ලාමයේ සත්‍ය ඉගැන්වීම්වලට අනුව යම් පුද්ගලයෙකු මුස්ලිම් නොවන රටක ජීවත්ව සිටියදී ඔහුට එහි ආගමික නිදහස නැතැයි සිතුවද, ඔහු එහි නීති විරෝධී ක්‍රියාවන්හි හෝ විරෝධතාවයන්හි නිරත නොවිය යුතුයි. ඒ වෙනුවට ඔවුන් එම රට අත්හැර ඊට වඩා හිතකර වාතාවරණයක් ඇති ස්ථානයකට සංක්‍රමණය කළ යුතුයි.   

ශ=ද්ධ වූ කුර්ආනයේ 16 වන පරිච්ඡේදයේ 127 වන වගන්තියෙහි, මුස්ලිම් රාජ්‍යයන්ට නියෝග කරනු ලබන්නේ, ඔවුන් පහර දීමකට ලක්වන කුමන අවස්ථාවකදී හෝ ඔවුන් එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ එයට සමාන මෙන්ම ආත්මාරක්ෂා කිරීමේ සීමාව තුල පමණි. එබැවින් කුර්ආනය ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ ද~ුවම සීමිත විය යුතු බවත්, අපරාධයට සමාන හා ද`ඩුවමක් විය යුතු බවත්ය. ශ=ද්ධ වූ කුර්ආනයේ 8 වන පරිච්ඡේදයේ 62 වගන්තියේ අල්ලාහ් දෙවියන් පවසා ඇත්තේ, ඔබගේ සතුරා නරක අභිප්‍රායකින් ඔබට හානි කිරීමට සැලසුම් කොට, නමුත් ඊට පසුව එයින් වැළකී නැවත සමගි වීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ අරමුණ කුමක් වුවද ඔබ ක‍ෂණිකව ඔවුන්ගේ ඉල්ලීම පිළිගෙන සාමකාමී විසඳුමකට එළඹිය යුතු බවයි.

කුර්ආනයේ මෙම ඉගැන්වීම අන්තර්ජාතික සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යාම උදෙසා මූලික ප්‍රතිපත්තියකි. අද ලෝකයේ අන්‍යයින්ගෙන් එල්ල විය හැකි එදිරිවාදිකම් හමුවේ ඉතාමත් දරුණු ක්‍රියාමාර්ග අනුගමනය කරන රටවල් පිළිබඳ නිදසුන් බොහොමයක් පෙනෙන්නට තිබේ. මෙයින් පෙනී යන්නේ, zඔවුන් අපව විනාශ කිරීමට පෙර අප ඔවුන්ව විනාශ කළ යුතුයිZ යන ප්‍රතිපත්තිය ඇතුව ඔවුන් ක්‍රියා කරන බවයි.

කෙසේ වෙතත් ඉස්ලාමය උගන්වන්නේ, සාමය සඳහා ඇති කිසිදු අවස්ථාවක් මග නොහැර, කුඩාම බලාපොරොත්තුවක් ඇති අවස්ථාවක දී වුවත් එය ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවයි. 5 වන පරිච්ඡේදයේ 9 වන වගන්තියේ සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් පවසා සිටින්නේ, වෙනත් ජාතියක් හෝ ජනතාවගේ එදිරිවාදිකම්, අපව සාධාරණත්වය හා යුක්තිගරුක නොවන අයුරින් ක්‍රියා කිරීමට නොපෙළඹ විය යුතු බවයි. ඉස්ලාමය උගන්වන්නේ සියලූම අවස්ථාවන්හිදි කොතරම් අපහසුතාවයක වුවද යුක්තිය සහ අවංක ප්‍රතිපත්ති සමඟ අපි ස්ථීරව බැඳී සිටිය යුතු බවයි. එනිසා යුධමය වාතාවරණයක වුවද යුක්තිය හා සාධාරණත්වය ඉතාමත් වැදගත් වන අතර යුද්ධයක් නිමා වූ විට ජයග්‍රාහකයා සෑමවිටම යුක්තිගරුක විය යුතු අතර කිසි විටෙකත් කෘෘරත්වයෙන් කටයුතු නොකළ යුතුයි.

කෙසේ වුවද අද ලෝකයේ අපට එතරම් ඉහළ මට්ටමේ සදාචාරාත්මක හා අවංකභාවයක් දක්නට ලැඛෙන්නේ නැත. ඒ වෙනුවට යුද්ධයක් අවසානයේ බොහෝ රටවල්, පරාජයට පත්වූ රාජ්‍යයන්ගේ දියුණුව සීමා කරන අන්දමේ සම්බාධක හා සීමා පනවා එම රාජ්‍යයන් සැබෑ නිදහස හා ස්වාධීනත්වය අත්කර ගැනීමෙන් වළක්වන්නේය. මෙවන් ක්‍රියාමාර්ග අන්තර්ජාතික සබඳතාවලට හානි පමුණුවන අතර අසහනය ඉහළ නංවන අතර සෘණාත්මක බලපෑම්ද ඇති වන්නේය. 

සත්‍යය කුමක්ද කිවහොත් සියලූම සමාජ මට්ටම්වල සාධාරණය ඇති වන තුරු තිරසාර සාමයක් ස්ථාපිත කළ නොහැක්කක් වන බවයි. ශ=ද්ධ වූ කුර්ආනයේ 8 වන පරිච්ඡේදයේ 68 වැනි වගන්තිය පරිදි ඉස්ලාමයේ තවත් එක් වැදගත් ඉගැන්වීමක් නම් යුද්ධය පවතින රාජ්‍යයෙන් පිටතට සිරකරුවන්ව රැගෙන යාමට මුස්ලිම්වරුන්හට අවසර නැති බවය. එබැවින් හේතුවක් නොමැතිව සිරකරුවන් පිටතට රැගෙන යන අන්තවාදීන් හා ත්‍රස්තවාදී කණ්ඩායම් ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම ඉස්ලාමයේ ඉගැන්වීම වලට පටහැනිවය. වාර්තාවලට අනුව ඔවුන් සිරකරුවන්ව රැගෙන යෑම පමණක් නොව, ඔවුන් කෙරෙහි ඉතා ම්ලේච්ඡ කෘෘරත්වයෙන් යුතුව කි්‍රයා කරන්නෝය.

මෙම ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියා කලාපය තරයේ හෙලා දැකිය යුතුය. අනෙක් අතට සිරකරුවන්ව සාධාරණ ආකාරයකින් රැගෙන ගියද හැකි සෑමවිටම ඔවුන්ට පිහිට වී ඔවුන් මුදා හැරීමට කටුයුතු කිරීම සුදුසු බව කුර්ආනය උගන්වන්නේය. ශ=ද්ධ වූ කුර්ආනයේ 49 වන පරිච්ඡේදයේ 10 වන වගන්තියේ සාමය ස්ථාපිත කිරීම සඳහා මහඟ= ප්‍රතිපත්තියක් සඳහන් වේ. එනම් රාජ්‍යයන් අතර හෝ කණ්ඩායම් අතර හෝ ආරවුලක් ඇති වුවහොත්, තෙවැනි පාර්ශවය මැදිහත් වී ගැටුමට සාමකාමී පිළියමක් සලසා දීමට උත්සාහ ගත යුතු බවයි.

ගිවිසුමකට එළඹුණු දෙපාර්ශවයෙන් කිසියම් හෝ එක් පාර්ශවයක් අසාධාරණ ලෙස අනෙක් පාර්ශවය සිය යටතට පත් කර ගෙන ගිවිසුම් උල්ලංඝණය කරන්නේ නම් අනෙකුත් රාජ්‍යයන් එක් වී අවශ්‍ය වුවහොත් බලය යොදා ආක්‍රමණශීලී පාර්ශවය වැළැක්වීමට පියවර ගත යුතුය. කෙසේ වෙතත් ආක්‍රමණශීලී පාර්ශවය පසු බසින විට ඔවුන් කෙරෙහි අනවශ්‍ය ලෙස සම්බාධක පැනවීම් හෝ හෑල්ලූවට ලක් කිරීම හෝ නොකළ යුතුය. ඒ වෙනුවට ඔවුන්ට නිදහස් රාජ්‍යයක් හා නිදහස් සමාජයක් ලෙසට ඉදිරියට යාමට ඉඩ දිය යුතුය. මෙම ප්‍රතිපත්තියට අනුව කි්‍රයා කිරීම අද ලෝකයේ විශිෂ්ට වැදගත්කමක් උසුලන විශේෂයෙන්ම ලෝක ප්‍රධාන බලවතුන් හා එක්සත් ජාතීන් වැනි අන්තර්ජාතික සංවිධානයන්ට වැදගත් කාර්්‍ය භාරය වන්නේය.

ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා එමෙන්ම විශ්ව ආගමික නිදහස තහවුරු කිරීම පිළිබඳව ඉතාමත් වැදගත් ප්‍රතිපත්තියක් ශ=ද්ධ වූ කුර්ආනයේ 22 වන පරිච්ඡේදයේ 44 වන වගන්තියේ සඳහන් වී ඇත. ශ=ද්ධ වූ කුර්ආනය සඳහන් කරන්නේ එවකට යුද්ධයට අවසර ලබා නොදුන්නේ නම් ඉස්ලාම් දේවස්ථානයන්ට අමතරව ක්‍රිස්තියානි පල්ලි, සිනගෝගයන්, කෝවිල්, පන්සල් සහ සියලූම ආගම්වල දේවස්ථාන බරපතල ලෙසට අනතුරට පත් වන්නට ඉඩ තිබූ බවයි. එබැවින් සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් බලය පාවිච්චි කිරීමට ඉඩ ලබා දී ඇත්තේ එය ඉස්ලාමය ආරක්ෂා කිරීමට පමණක් නොව අනෙකුත් ආගම්ද ආරක්ෂා කිරීම උදෙසාය.

ඇත්තවශයෙන්ම ඉස්ලාමය සියලූම ආගම්වල මිනිසුන්ගේ නිදහස, ස්වාධීනත්වය සහ ආරක්ෂාව තහවුරු කරන්නේය. ඉස්ලාමය පුද්ගලයෙකුට තමන් කැමති විශ්වාසයක් හෝ මාර්ගයක් අනුගමනය කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන්නේය. මා ඔබ ඉදිරියේ ගෙන හැර දැක්වූයේ ශ=ද්ධ වූ කුර්ආනයේ දැක්වෙන සමාජයේ සියලූ තලයන්හි සහ ලෝකයේ සෑම තැනකම සිටින සියළු මට්ටමෙහි ජනතාවගේ සමගිය පෝෂණය කිරීමේ මාර්ග කිහිපයකි. මේවා ශ=ද්ධ වූ කුර්ආනය මෙලොව මිනිසුන් වෙත ලබා දුන් සාමයේ මහඟ= මූලික ඉගැන්වීම වන්නේය.

මේවා ඉස්ලාමයේ ශ=ද්ධ වූ වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් සහ එතුමාණන්ගේ අනුගාමිකයින් නිසිපරිදි අනුගමනය කළ ඉගැන්වීම් වේ. එබැවින් අවසාන වශයෙන් මා නැවත වරක් කියන්නට කැමති වන්නේ ලෝකයට සාමය හා ආරක්ෂාව පිළිබඳ ඉමහත් අවශ්‍යතාවයක් තිඛෙන බවයි. තවද මෙය අපේ යුගයේ ඉතා හදිසියෙන් විසඳිය යුතු ගැටළුව වන්නේය. 

සියලූ ජාතීන් හා මිනිසුන්ගේ උන්නතිය සඳහා සියළු දෙනා එකතු වී ආගමේ නාමයෙන් හෝ වෙන මොනයම් ආකාරයකින් හෝ කෙරෙන සෑම ආකාරයේ කෘෘරත්වයන්, පීඩාවන් සහ අසාධාරණයන්  නැවැත්වීමට තමන්ට හැකි උපරිම අයුරින් උත්සාහ කළ යුතුයි. මෙහි කලකිරීමට හා අමනාපය ඇති විය හැකි විදියේ කිසියම් ආගමක් විහිළුවට ලක් කිරීම මෙන්ම අන්තවාදී කල්ලි වැරදි ආකාරයට ආගමේ නාමයෙන් සාධාරŒකරණය කිරීමට වැර දරණ ඔවුන්ගේ ද්වේශ ක්‍රියා කලාපයන් ද ඇතුළත් වේ.

තවදුරටත් අප සෑම ජාතියක් සමඟම නිහතමානී වී ඔවුන්ට උපකාර කිරීමට උත්සාහ කළ යුතුයි. එමගින් සෑම රටකටම තම හැකියාවන් හඳුනා ගෙන සමෘද්ධිමත් විය හැකියි. අප දකින ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය හුදෙක් ධන තණ්හාවේ ප්‍රතිඵලයන් වේ. මේ පිළිබඳ ශ=ද්ධ වූ කුර්ආනයේ වටිනා දේශනයක් සඳහන් වී ඇත. එනම් කෙනෙක් තවත් කෙනෙකුගේ ධනය පිළිබඳ ලෝභ කමින් ගිජු නොවිය යුතු බවයි. මෙම ඉගැන්වීම අනුගමනය කිරීමෙන් අපට ලෝක සාමය ප්‍රවර්ධනය කළ හැකි වන්නේය. 

සෑම පුද්ගලයෙකුම කුල, ආගම්, වර්ණ භේදයකින් තොරව ගෞරවාන්විත අයුරින් ඔහුට හෝ ඇයට තම දෙපයින් නැගී සිටීමට හැකියාව ලැඛෙන අයුරින් සමාජයේ සියලූ තලයකම යුක්තියේ අවශ්‍යතාවය සපිරිය යුතුයි. අද ලෝකයේ දියුණු රටවල්, දුප්පත් සහ දියුණු වෙමින් පවතින රටවල් තුල ඔවුන්ගේ ආයෝජනයන් වැඩි කරගෙන යෑම අප දකින්නෙමු.

ඔවුන් සාධාරණත්වයෙන් කටයුතු කිරීමත්, හුදෙක් තම ජාතියේ යහපත හා ලාභය උදෙසා එම රටවල්වල ස්වාභාවික සම්පත් සහ අඩු මිලට ශ්‍රමය යොදා ගැනීමත් නොකර සිටීම අත්‍යාවශ්‍ය කාර්්‍යයක් වන්නේය. තමන් ඒ රටවල් වලින් උපයා ගන්නා දෙයින් බහුතරයක් ඒ රටවල් තුලම නැවත ආයෝජනය කිරීමෙන් එම රටවල්වල ජනයාට දියුණු වීමට හා සමෘද්ධිමත් වීමට උපකාර කිරීමට එම ධනය යොදා ගත යුතුයි.

දියුණු රටවල් මේ අයුරින් ක්‍රියා කළහොත් එය දුප්පත් රාජ්‍යයන්ට පමණක් නොව දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් වනු ඇත. එමගින් විශ්වාසය සහ ප්‍රසාදය වර්ධනය වී දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අසහනකාරී තත්වයන් තුරන් වී යනු ඇත. 

මෙමගින් ධනවත් රාජ්‍යයන් තමන් ගැන පමණක් සිතන බවටත් අසාධාරණ ලෙස දුප්පත් සහ දුර්වලයින්ගේ සම්පත්වලින් ප්‍රයෝජන ගන්නා බවටත් ඇති අදහස් තුරන් වී යනු ඇත. තවද එය දේශීය ආර්ථීකය වැඩි දියුණු කිරීමටත් ඒ හරහා ලෝක ආර්ථීකයන් හා යහපත් මූල්‍ය තත්ත්වයන් නගා සිටුවීමටත් පිටුවහලක් වනු ඇත.

අනිවාර්යෙන්ම එය ගෝලීය ප්‍රජාව පිළිබඳ හැඟීම, අනුකම්පාව සහ මිනිස්කම ස්ථාපිත කිරීමට උදව් වනු ඇත. මේ සැමටම වඩා එය ලෝකයට සත්‍ය සාමය සඳහා වූ අත්තිවාරමක් සපයනු ඇත. අපි මේ ගැන අවධානය නොදක්වන්නේ නම් ලෝකයේ අද පවතින සාමයේ තත්වය පුපුරා ගොස් විනාශකාරී ලෝක යුද්ධයකට තුඩු දෙනු ඇත. එහි අතුරුඵලය ඉදිරියට එන පරම්පරා ගණනාවකට පරාවර්ථනය වී  එමෙන්ම මේ හේතුකොට ගෙන අපගේ අනාගත පරම්පරාව අපහට කිසිදු සමාවක් නොදෙනු ඇත.

මේ වචන ස්වල්පය සමඟින් මා ඔඛෙන් සමු ගන්නෙමි. අල්ලාහ් ලෝකයේ සත්‍ය සාමය ඇතිවීමට අවස්ථාව සලස්වා දෙත්වාæ

ඔබ සියළු දෙනාටම ස්තූතියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress