විපක්ෂ නායකවරයාගෙන් පොරොන්දුවක්
Posted on September 1st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ගොඩනගන ආණ්ඩුවෙන් දරු පරපුර සහ ගුරුවරුන් රැක ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද පෙරවරුවේ කොළඹදී පැවති පෙර පාසල් ගුරුවරුන්ගේ ජාතික හමුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

ජාතික පෙර පාසල් ගුරු වෘත්තීය සමිතිය සංවිධානය කළ පෙර පාසල් ගුරු ජාතික හමුව අද පෙරවරුවේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress