නාගානන්දගේ ආන්දෝලනාත්මක ජනරජ ව්‍යවස්ථා සම්මතය
Posted on September 3rd, 2019

වාගිස ප්‍රනාන්දු විසිනි

මෙතෙක් කල් ලංකාවේ පැවැති මහ මැතිවරණ සහ ජනාධිපතිනරණ සදහා ඒ ඒ දේශපාලන පක්ෂ විසින් සහ ඒ  ඒ අපේක්ෂකයා විසින් රටේ ඡංදදායකයින්ට ඉදිරිපත්කලේ අදාළ මැතිවරණය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණි. මැතිවරණ ජයග්‍රහනවලින් පසුව එකී ප්‍රතිපත්ති ප්‍රකාශයන් නැවතුනේ කුණු බක්කි තුලය. ඒ, ඒවා පිලිබද දේශපාලකයින්ට මෙන්ම රටේ ජනතාවටද නිනව්වක් නැති බැවිනි.

දැන් තත්වය බොහෝ දුරට වෙනස් වෙමින් පවතී. 2015දී රටේ ජනතාව බහුතරයක් ඡංදය ප්‍රකාශ කලේ එවකට පැවැති පාලනය වෙනස් කිරීමටය.වෙනස සිදුවිය නමුත් පාලකයෝ වෙනස් වූවාට ක්‍රමයේ කිසිදු වෙනසක් ඇති නොවිනි. හොරු අල්ලනවා යැයි කියමින් පැමිණි පාලකයින් අවසානයේදී හොරුන්ගේ ග්‍රහණයට නතුවූයේ ජනතා සිතුම් පැතුම් බිද දමමිනි.

ඒ නිසා දැන් පාලකයෝ වෙනුවට පාලන ක්‍රමය වෙනස් කිරීමට ඇතැමුන් පෙළගැසී සිටිති. නාගහනන්ද කොඩිතුවක්කු එහි පෙරමුණේ සිටියි. ඹහු සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නව ආරකට තමන්ගේ ඡංද ව්‍යාපාරය කරගෙන යන බවද පෙනේ. ප්‍රතිිප්ති ප්‍රකාශණයක් වෙනුවට ජනරජ ව්‍යවස්ථාවක්, මෙතෙක් විවිධ ආකාරයෙන් කොල්ලකාගත් මුදල් තමන්ගේ ඡංද ව්‍යාපාරයට යෙදවීම වෙනුවට තම ඡංදදායකයින්ටත් හැකි පරිදි තමන්ගේ ඡංද ව්‍යාපාරයට මුදලින් දායකත්වය සැපයීම සදහා බැංකු ගිණුම් අංකයක් ඉදිරිපත් කිරීමත් මේ අතර සුවිශේෂී වේ. මේ සුවිශේෂි වෙනස්කම් නිසා  නාගානන්ද කොළඹ සහ තදාසන්න පෙදෙස්වල මධ්‍යම පාන්තික ජනතාවගේ  සැළකිය යුතු පිරිසකගේ ආකර්ශණය දැනටමත් දිනාගැනීමට සමත්ව ඇත.

තවද, මෙතෙක් තම ඡංද ව්‍යාපාරය තනිවම කල නාගානන්ද දැන් තවත් එවැනිම නිර්පාක්ෂික තරගකරුවෙකු වන රොහාන් පල්ලෙවත්ත හා තවත් එවැනිම වෘත්තිකයින් කීපදෙනෙක් සමග සංධානගතව ඔවුන් අතරින් වඩාත් සුදුසු පුද්ගලයෙකු තරගකිරීම සදහා එකගතාවයකටද පත්ව ඇත. මේ නයින් බලන විට මොවුන්ගේ සැබෑ වුවමනාව හුදෙක් තමන්ට බලය අත්පත් කරගැනීම නොව වසර 70කටත් වඩා පැරණි ජරාජීර්ණ පාලන ක්‍රමය වෙනස් කිරීම බව පැහැදිලිය.

මේ අතර, නාගානන්දට දේශපාලන පක්ෂයක් නැතත් රොහාන් පල්ලෙවත්තට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ඇති බැවින් එකි සංධානයෙන් තරගකිරීමට සුදුසු යැයි තීරණය කරන පුද්ගලයාට එම දේශපාලන පක්ෂය හරහා තරග කිරීමටද හැකියාව ඇත. පල්ලෙවත්ත හෝ එම සංධානයේ සිටින වෙනත් අයකු මේ දක්වා නාගානන්දගේ මෙන් ව්‍යවස්ථාවක් හෝ අවම තරමින් ප්‍රතිපත්ති ප්‍රකාශණයක් එළිදක්වා නැති බැවින් සහ නාගානන්ද තරම්වත් ජනතාව අතරේ ප්‍රසිද්ධියක් නැති බැවින් නාගානන්දට එම සංධානයෙන් තරග කිරීමට අවස්ථාවක් ලැබීමේ වැඩි ප්‍රවණතාවයක්ද ඇත.

එමනිසා මෙතැන් සිට නාගානන්දගේ පාලන ක්‍රමය වෙනස් කිරීමේ මතවාදයට පමණක් මේ ළිපිය ලඝු කිරීමට සිදුවනු ඇත. එහිදී ඹහුගේ ව්‍යවස්ථාවේ අන්තර්ගතය ගැනත් එය සම්මත කරන ආකාරය ගැනත් සාකාච්චා කල යුතුය. ඹහු දැනට මුද්‍රණය කර බෙදා හැර ඇති ශාරාංශගත ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රමුඛත්වය දී ඇත්තේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට, නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට වේ.

ලංකාවේ වත්මන් ව්‍යවස්ථාවේද මේ සියල්ල නාමමාත්‍රිකව ඇතත්, බලගැන්වීමේදී විවිධ අඩු පාඩු කම් ඇති බව සක්සුදක්සේ පැහැදිළිය. ලංකාව ඒකීය රටක් බවට මින් පිළිගෙන ඇතත්, බුදුදහමට වත්මන් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛස්ථානය මේ ජනරජ ව්‍යවස්ථාවේ එළෙසින්ම සදහන් නොවීම ඇතැමුන්ට බරපතල ප්‍රශ්ණයක්ව ඇත. ඒ සම්බන්ධයෙන් වරක් ඔහුගෙන් විමසූවිට කීවේ 47 ව්‍යවස්ථාවේද එවැනි සදහනක් නොමැති බවයි. කෙසේවෙතත්, 78 ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබියදීත් අද රටේ සිදුවෙන බෞද්ධ විරෝධී ඇතැම් දේ නිසා කලකිරීමට පත්වී සිටින ඇතැම් බෞද්ධයින් පවසන්නේ බුදුදහමට ව්‍යවස්ථාපිත ආරක්ෂාවක් ඇතත් නැතත් වැඩි වෙනසක් නැති බවකි.

ඒවාගේම රටේ ජාතික දිනය ලංකාව සැබෑ ලෙසටම දේශපාලණ හා ආර්ථික වශයෙන් නිදහස ලැබූ මැයි 22 වනදා ලෙස නම් කර ඇත. නාගානන්දගේ ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ සිටම රටේ මෙතෙක් පැවති විධායක ජනාධිපතිධුරය සහ පවත්නා පාර්ලිමෙන්තුවේ නිල කාලය අහෝසිවන අතර ජනාධිපතිවරණයෙන් පත්වූ ජනාධිපතිවරයා ඊළගට පත්වෙන රජයේ විධායක අගමැතිවරයා වන අතර එම පාර්ලිමෙන්තුවේ මංත්‍රී සංඛ්‍යාව 80කට සීමාවේ. මැතිවරනය කොට්ඨාශ මට්ටමින් සිදුවන අතර සෑම මංත්‍රීවරයෙකුටම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් හෝ ඒ හා සමාන අධ්‍යාපනික සුදුසුකමක් අනිවාර්ය වේ. ඇමතිමංඩලය 13කට සීමාවන අතර, නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් පාර්ලිමෙන්තුවේ අනුමැතියෙන් පත් කරනු ඇත.

මේ සියල්ල වසර 71ක් තට්ටුමාරු ක්‍රමයට ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් බැට කා තවමත් විදවන අතිමහත් බහුතරය වූ සාමාන්‍ය ජනතාවකට ඉතාමත් ආකර්ශණීය වනු ඇත. එමනිසා දැනටමත් සැළකිය යුතු පිරිසක් නාගානනද් වටා එක් රොක් වෙමින් පවතී. තවමත් ඉන් බහුතරය කොළඹ සහ තදාසන්න පෙදෙස්වලට සීමාවුවද, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම රටේ අනෙක් පලාත්වලින්ද ජනතාව මෙකී ආකර්ශණීය ව්‍යවස්ථාව ප්‍රථම වරට ඉදිරිපත්කරනු ලබන නාගානන්ද වටා එක්වීමට ඉඩ කඩ ඇත.

දැන් අපි නාගානන්දගේ ජනරජ ව්‍යවස්ථාව සම්මතවන ආකාරය ගැන බලමු.

ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අන්දමට එම ව්‍යවස්ථාව සම්මත වන්නේ රටේ ජනතාවගේ කැමැත්තෙන් මිස මෙතෙක් කල් රටේ අනෙකුත් ව්‍යවස්තාවන් සම්මත වූ ආකාරයට නොවේ. එමනිසා මීළග ජනාධිපතිවරණයේදී තමන් ඡංදය ඉල්ලා සිටින්නේ ඔහුගේ ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමට වන හෙයින් එහිදී ඔහු ජයගතහොත්, ඔහුට පක්ෂව ලැබෙන ඡංදය මෙකී නව ව්‍යවස්ථාව සම්මත කිරීමට දෙනු ලබන ඡංදයක් සේ සළකා සම්මත කිරීම ඔහුගේ ක්‍රමයයි.

මේ ආකාරයනේ නව ව්‍යවස්ථාවක් සම්මත කල හැකි වුවහොත්, මින් ඉදිරියට පත්වෙන ඕනෑම ජනාධිපතිවරයෙකුට වසර පහෙන් පහට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ හැකියාවද ලැබෙනු ඇති බව ඇතැමුන් දැනටමත් තර්ක කරති. නමුත් රටේ දැනට පවත්නා ව්‍යවස්ථාවට අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කරන්නේ නම් එය පාර්ලිමෙන්තුවේ 2/3 කින් සහ ජනමතවිචාරණයකින්ද සම්මත විට යුතුය.ඒ කෙසේ වුවද, ව්‍යවස්ථාපිත නීතියට පරිභාහිරව නව ව්‍යවස්ථාවක් සම්මත කල නොහැකියි යන මතය දරණ නීති විශාරදයින් මෙන්ම, නාගානන්දගේ ක්‍රමයට අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කල හැකි බව කියන නීති විශාරදයින් අද දක්නට ඇත.

නාගානන්දගෙන් ඇතැම් මාධ්‍ය සාකාච්චාවලදී මේ ගැන විමසුවද ඔහුගේ පිලිතුර වන්නේ ඒ සදහා පවත්නා රාමුවෙන් පිටත සිට (out of box) සිතියයුතු බව පමණි. මෙම ක්‍රමයට එරෙහිවන්නන්ගේ ප්‍රධානතම තර්කය වන්නේ නීතියේ රාමුවෙන් පිටත සිට සීතිමේ විපාක අත්වීදීමට සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී බවයි. ඔවුන් ඒ සදහා දෙනු ලබන උදාහරණය වන්නේ  ජනාධිපතිවරයා විසින් පසුගිය ඹක්තෝම්බරයේ සිදුකල පාර්ලිමෙන්තුව විසුරවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවයි.

මෙය තවමත් කතා බහකට පමණක් සීමාවී ඇති නිසා මේ සම්බන්ධයෙන් කොළඹ කේන්ද්‍ර කරගත් ඇතැම් පුද්ගලයින් අතර  සීමිත සංවාදයක් ගොඩනැගී ඇතත්, ඉන් එහා ගිය අධිකරනමය කටයුතුතකට කිසිවෙකු හෝ මුළ පුරා නැත. එමනිසා නාගානන්දගේ ක්‍රමය ව්‍යවස්ථානුකූළද නැද්ද යන්න දැන ගැනීම සදහා ඔහු ජනාධිපතිවරණයෙන් ජයගෙන නව ව්‍යස්ථාව සම්මත කරන තුරු සිටිය යුතු වේ.

නමුත් ඔහුගේ නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමගම වත්මන් පාර්ලිමෙන්තුව ඉබේම අහෝසිවීමට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරන්ගේ ධූරයන්ද හුදෙක් කුසළතාවය මත පමණක් නැවත පත්කිරීමේ සුදුසුකමට යටත්ව අහෝසිවන බවද එකී ව්‍යවස්ථාවේ සදහන් කර ඇත.

එය මෙතෙක් ලංකාවේ සිදුනොවූ දෙයකි. මෙතෙක් ලංකාවේ බිහිවූ ඒකාධිපතියෙකු ලෙස ඇතැමුන් සැළකූ ජේ.ආර්. ජයවර්ධන පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරන්ගේ ධූරයන් මෙළෙස අහෝසි කල බවක් දැනගන්නට නැත. එමනිසා, මේ සියල්ල මෙසේ සිදුවෙද්දී අපට අසන්නට ප්‍රශ්ණයක් ඇත.

එනම්, 1978දී සම්මත කරන ලද ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවද සම්මත කරන ලද්දේ එවකට පැවති 1972 ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට යටත්ව වුවද, නාගානන්දගේ නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමේදී වත්මන් වයවස්ථාවේ විධිවිධානයන් නොසළකා හැරීම ගැන තවමත් ප්‍රමාණවත් විද්වත් කතිකාවක් රට තුල නිර්මාණය වී නොමැත්තේ, පවත්නා දේශපාලන ක්‍රමය තුල නාගානන්ද වැනි දේශපාලනයට කෝඩුකාරයෙකුට ජනාධිපතිවරණයකින් ජය ගැනීම කිසිළෙසකින් හෝ පහසු නොවන බව එකී විද්වතුන් මැනවින් අවබෝධ කරගෙන ඇති නිසාද? යනුවෙනි.

6 Responses to “නාගානන්දගේ ආන්දෝලනාත්මක ජනරජ ව්‍යවස්ථා සම්මතය”

  1. Randeniyage Says:

    “එමනිසා මීළග ජනාධිපතිවරණයේදී තමන් ඡංදය ඉල්ලා සිටින්නේ ඔහුගේ ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමට වන හෙයින් එහිදී ඔහු ජයගතහොත්, ඔහුට පක්ෂව ලැබෙන ඡංදය මෙකී නව ව්‍යවස්ථාව සම්මත කිරීමට දෙනු ලබන ඡංදයක් සේ සළකා සම්මත කිරීම ඔහුගේ ක්‍රමයයි. ”

    Sounds like a referendum !
    If this is available for people to see , debate and reject or accept, I don’t any problem at all ! This is democracy at its best !
    If you don’t like a single clause in it , simply don’t vote ! As simple as that. If majority accepts it, that should be the law. No lawyers of judges are required.

  2. Dilrook Says:

    Nagananda is partly wrong. A new constitution cannot be passed just by putting it into a manifesto of a presidential election.

    However, he is right that there is absolutely no need to follow the existing constitutional provisions to replace it. The sovereign right of the nation rests with the people and the people can change the constitution any time at will. The current mess does not allow the replacement of the constitution by any means. Some changes need the consent of all provincial councils (which is an extreme federal feature)! In this case the doctrine of necessity can be used to replace the existing constitution with a new constitution. Upon it’s passage at a referendum the parliament, the court system and the president become irrelevent. A caretaker government can be put in place.

    What Nagananda will be doing if he wins is to consult the people again via a referendum if they support the new proposed constitution. If passed, we will have a new constitution without 225 crooks, 9 provincial councils, multiple personal laws, the existing corrupt system, executive presidency, etc.

    However, Sri Lanka is destined for doom and gloom and therefore Nagananda has no chance of winning. As the local saying goes the tree to grow can be estimated from the seed.

    Nagananda should plan for 2024 when the economy will be totally ruined, the nation possibly under economic sanctions and R2P, war crimes investigations, widespread riots and possibly war again. Towards that, he should run for 2019 presidential election and win over 5% of the vote, contest the parliamentary election and win 15+ seats. And wait for the inevitable collapse.

    All economic, social, legal and political indicators point to a collapse. If you don’t trust these, consider the Buddhist ‘Parabhawa Suttra” which is about personal decay which perfectly applies to political clans of the nation.

  3. Randeniyage Says:

    @Dilrook
    You said ” A new constitution cannot be passed just by putting it into a manifesto of a presidential election. ”

    No. He is not doing that. He will be distributing the new constitution to people. For the first time in history, every citizen is given a copy ! It is not the manifesto people approving by voting him. It is the full constitution.

    Let all other candidates (so called patriots) submit a constitution for people to see. A constitution which will not allow the President to sign another 13A. Which will not allow the President to sign treaties with foreign countries ( betray the country). A constitution that will not allow registering of political parties with RACIST names such as Tamil National Alliance or Muslim Congress or even containing words Tamil Eelaam.

  4. dhane Says:

    I cannot see any present head of any political party not talking a word about Nagananda, his constitution or his presidential candidate. Specially men like Wimal Weerawansa, Wijedasa Rajapaksa or anybody from JVP. Also no TV Chanel invited Naga to a open political discussion with few others. Yes there were one or two individual discussion only with Naga. Is it because thinking giving Naga unwanted publicity??

  5. Lionel Says:

    Yes, establishing the law and order is one of the top priorities for Sri Lanka. However, no country can progress without a proper economic plan. When asked about Naganada’s economic plan for the next five years in the last “Face the Nation” programme, he was lost.
    Link – http://www.infolanka.com/news/index3.html
    As Dilrook said, Nagananda should take time and build up his campaign targeting the 2025 presidential election. This time he is going to waste some valuable votes, indirectly helping the UNP.

  6. Dilrook Says:

    No one has an economic plan. But Gamini Wijesinghe the former Auditor General who is number two of Naga has one. He is the only person in politics who understands the economic crisis. Others pretend there is no crisis because they have no plan.

    Naga amust contest the 2019 presidential election so that his party becomes a household name. They can use it to win 10 to 20 seats at the parliamentary election to follow.

    Dividing Sinhala votes is a foolish allegation. Sinhala voters are not babies. It is the fault of politicians. We don’t have a candidate with a unifying policy. All patriotic policies (abrogate 13A, scrap ACSA, scrap Hambantota sale, scrap the sale of the army HQ to Shangri-la, reestablish ancient heritage sites) go begging. In this context, it is foolish for Sinhalese to unite behind one candidate.

    SLPP must field Dr Sarath Weerasekera as their presidential candidate. The only man with a plan.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress