පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් පැමිණිල්ලක්
Posted on September 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් විසින් ගැබිණි මවකට සිදුකළ බව කියන අසාධාරණයක් සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික පොලිස් කොමිසමට අද පැමිණිලි කළා.

උන්වහන්සේ එහිදී සඳහන් කළේ ස්වාධීන කොමිෂන් සභාවක් මඟින් මෙම වෛද්‍යවරයා පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

2018 වර්ෂයේදී මංගලිකා ගුණසේකර නැමැති 36 හැවිරිදි ගැබිණි මවකගේ දරු ප්‍රසූතිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් විසින් නිසි ආකාරයෙන් සිදු නොකිරීම හේතුවෙන් දරුවා මියගිය බව සහ එම වෛද්‍යවරයාට එල්ල වී ඇති තවත් චෝදනා සම්බන්ධයෙන් නැවතත් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම පැමිණිල්ල සිදුකළා.

One Response to “පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් පැමිණිල්ලක්”

  1. dhane Says:

    In Sri Lanka please let us know any single investigation whether its Presidential, Parliament, Cabinet, Ministerial, Police or bribery report implemented even 2% of there recommendations or any single person put behind bars. These investigation are just wastage of time, money and paper. Finally end-up under the carpet. Therefore better we call all these reports as “under carpet reports”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress