එජාප මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි නියෝග
Posted on September 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, මීට අදාළ නඩුව මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර විසින් ඔහුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා පසුගිය නඩු වාරය මෙන්ම, අද දිනයේත් අධිකරණයේ පෙනී නොසිටි අතර, මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මන්ත්‍රීවරයාගේ මව සහ පියා අධිකරණයට පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත්, විත්තිකරු කිසිදු හේතුවක් නොදන්වා වාර දෙකකදීම අධිකරණය හමුවේ පෙනී නොසිටි බව පැමිණිල්ලේ නීතිඥයා කියා සිටියා.

නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස නීතියට ගරු කළ යුතු බවත්, නීතියට අවනත නොවී වෙනත් පුද්ගලයින්ට ප්‍රසිද්ධ වේදිකාවේ ජම්පර් ඇන්දවීමට කතා කිරීම පුදුමසහගත බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව විත්තිකරුට එරෙහිව වරෙන්තු නිකුත් කර, අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඒ අනුව විනිසුරුවරිය ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයාට නියෝග කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress