මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Posted on November 1st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට සූදානම් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී.ඇක්සා සහ සෝෆා ගිවිසුම්වලට අත්සන් තැබීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

නීතිඥ දර්ශන වේරදූවගේ විසින් ගොනුකළ පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අත්සන් කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවයි.

එමෙන්ම, රටේ ඒකීය භාවයට ද ඉන් තර්ජනයක් ඇතිවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරු එමගින් තමා ඇතුළු රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් එම ගිවිසුම්වලට එළඹීම වළක්වන ලෙස ඉල්ලා තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress