යළි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ගෝඨාභය කියයි
Posted on November 1st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

කිසිදු අවස්ථාවක යළි මෙරට තුළ ත්‍රස්තවාදය ඇති වීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මුස්ලිම් නියෝජිතයින් පිරිසක් සමඟ කොළඹ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ තවත් ජන රැළියක් ඊයේ මොරටුව ප්‍රදේශයේදී පැවැත්වුණා.

මුස්ලිම් නියෝජිතයින් සමඟ ඊයේ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයකදී පැවති වැඩසටහන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ද එක්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress