14 more political parties sign an agreement with SLPP and pledge support to Gotabhaya ගෝඨාභයට තවත් දේශපාලන පක්ෂ 14ක සහය
Posted on November 4th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂයට සහය දැක්වීම සඳහා තවත් දේශපාලන පක්ෂ 14ක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වුණා.

ඊට උතුරු – නැගෙනහිර නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක් ඇතුළත් වීම ද විශේෂත්වයක්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, ශ්‍රී ටෙලෝ සහ ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය යන ලියාපදිංචි දේශපාලන පක්ෂයි මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ.

මීට අමතරව  ජනතා සේවක පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ ඇතුලූ ලියාපදිංචි නොවූ දේශපාලන පක්ෂ 10 ක්ද අද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress