උතුරේ ජනතාව ඉල්ලන්නෙත් ගෝඨාභය
Posted on November 8th, 2019

අමිල අබේරත්න මව්බිම දැන්

උතුරු පළාත් ජනතාවගේ ඉල්ලීම පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පැවැසීය.

ඒ මහතා එලෙස පැවැසුවේ ඊයේ (07දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. 

උතුරු පළාතේ ජනතාව ඉල්ලා සිටියේ තමන්ට ආදරය කරන දකුණේ බෞද්ධ හමුදා නිලධාරියකු බවද ඒ කිසිවකට ආණ්ඩුව ඇහුම්කන් නොදුන් බවද, විශ්‍රාමික කර්නල්වරයා එහිදී ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම ජනතාවට සහ තමාට ආණ්ඩුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවද ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු කර දෙන ලෙස උතුරේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටි බවද ඒ පිළිබඳව කැපවෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වෙන බවද, රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress