ජාතික විමුක්ති සටනේ නවතම විජයග්‍රහණය සැමරීමට සුදානම් වෙමු.
Posted on November 8th, 2019

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අප පරදේසක්කාරයින් හා සටන් වැදුනේ අදක, ඊයේක නොව, අනාදිමත් කාලයක සිටය. සටන අපට හොදට හුරුය, පුරුදුය. අප ජයගත් සටන් මෙන්ම පරාජය වූ සටන්ද ඇත. නමුත් පරාජයද ජයක් බවට පත්කර ගැනීමට තරම් ප්‍රබල පසුබිමක් අප හා බැදී තිබිණ. අපි සැම විටකම අවසාන විග්‍රහයේදී ජයගුහයකයෝම වීමු.

සුදු පරදේශක්කාරයා අපට මුණ ගැසුණේ වර්ෂ 1505දීය. එදා ඔවුන් මේ බිම වෙත එලූ ඒ ගෙරිහම් කඩේ ප්‍රමාණය හැකිලවීමට මේ වනතෙක් අපට නොහැකි වුවද, අපි පියවරින් පියවර, එම ගෙරිහම් කඩ හකුලුවමින් සිටින්නෙමු. මේ ගෙරිහම හැකිලවීමේ තැත අප ආරම්භ කලේ, එය එලූදා සිටමය. සුද්දාගේ දැඩි සුද්දයකට භාජනයවූ මේ මාතෘ භූමිය හා ජනතාව; මේ ශුද්ධ වූ භූමියට කරන ලද සාපරාදී අපරාධ කන්දරාවට වන්දිය වශයෙන් අපට ලබා ගැනීමට, ගුණවත් හෝ හරවත් යමක් ඔවුන් තුල නොතිබීම අපට සිදුවූ බරපතලම පාඩුවයි.

ඕලන්දක්කාරයාගේ පැමිණීමත් සමග පෘතුගීසිකාරයා මෙන් හිතූ හිතූ ආකාරයට මිනී නොමැරුවද රෝම ඕලන්ද නීතිය ස්ථාපනය කර මිනී මැරීම ආරම්භ කලහ. ඔවුන් ඝාතනය කල සෑම ඝාතනයක්ම නීත්‍යානු කූල මිනී මැරුම් විය. එදා ඔවුන් සාධාරණත්වය ක්‍රියාවට නැංවීමට ස්ථාපිත කල නීතිය. මෙරට සිටි සියලූම දේශප්‍රේමීන්ට එරෙහි වූවක් විය.

පසුව මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික සුද්දාද සිටගත්තේ එහා පරංගියා එලූ ගෙරිහම් කඩ මතමය. එසේ සිටගෙන එම ගෙරිහම් කඩෙන් මුලු රටම ඔතා ගන්නා විටත් මෙරට ජනතාව නිහඩව සිය සටන පවත්වාගෙන ගියහ. එසේ වුවද ඒ නිහඩතාවය දෙදරා ගියේ එදා සිංහ කොඩිය බිම හෙලන අවස්ථාවේදීය. පර සුද්දණි, අප තොපිලාට යටත් වීමට සූදානම් ජාතියක් නොවේ යන කාහල නාදය මතු කරමින් පහත හෙලන ලද සිංහ කොඩිය යලි එසවූයේ, වාරියපොල ශ්‍රී සුමංගල හිමිපානන්ය. සැබවින්ම අප කාටවත් යටත් වෙන ජාතියක් නොවේ. කා ඉදිරියේ වත් දෙදණ නමන ජාතියක්ද නොවේ. එම ගුණාංගය අපට උරුම අපේ දායාදයයි.

එදා කැප්පෙටිපොලලා සුද්දන්ට පෙන්නා සිටියේ, නුඹලාගේ ආයුධ වලින් නුඹලාට පහරදීමත් අපේ ජාතික අභිමානයට තරම් කාර්යයක් නොවන බවයි. කැප්පෙටිපොලලා, පුරං අප්පුලා, ගොන්ගාලේ ගොඩ බණ්ඩලා සටන් කලේය, මිය ගියේය. මුලු මහත් ලෝකයට දෘෂ්‍යමාන පැති කඩ එය වුවද, අදෘෂ්‍යමාන පැතිකඩ ඊට එහා ගිය මහා කාර්ය භාරයක් විදහා පායි.

අපේ විරුවනු උප්පත්තිය ලබන්නේ මරණයත් තුරුළු කරගෙනය. මවුබිම වෙනුවෙන් සටන් කර ලබන්නාවූ උත්තම මරණය තරම් ප්‍රිය කරන යමක් ඔවුනට නැත. ස්වභාවය හා බැදුන ජීවන චක්‍රය කුමක්දැයි, ඔවුන් හදුනාගෙන සිටියහ. උපත- සටන-මරණය-උපත- සටන-මරණය-උපත- සටන-මරණය-උපත- සටන- යන දාමය සම්බන්ධව ඔවුන් හා බැදුන ජීවන චක්‍රය බව ඔවුන් දැන සිටියහ. ඒ නිසා මරණය යනු උපතට පෙර සිදුවීම බව වටහාගෙන නව පුනර්භවයන් යලි යලිත් ලබමින් සටන කරගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් 2009 මැයි මස 18 වෙනිදා පර සුද්දාට එරෙහිව කරන ලද ආයුධ සන්නද්ධ අරගලයේ එක පැතිකඩක් නිමා කරන ලදී. සාටන එලෙස ජයග්‍රාහීව කෙළවර වුවද, සතුරා නැවත අප හඹාගෙන විත් යලි අපව යටහ්කොට ජය කෙහෙළි නංවා වසර 4 1/2 ගෙවී යන මේ වකවානුවේ මෙරට දේශප්‍රේමී බලවේග ඉතා දැඩිව සංවිධානයවී සතුරා පරාජය කරමින් පෙරටම ගමන් කරන මේ සටන යලි ජයග්‍රහනයෙන් කෙළවර වන්නේ, මේ මස 16 වෙනිදායි. ඒ ඔබෙත් අපෙත් චන්දය නෙලුම් පොහොට්ටුව ඉදිරියේ x සටහන් කරමින් ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කිරීම තුලිනි. මේ ජය අභිමානවත් අයුරින් සැමරීමට එකා වන්ව අත්වැල් බැද ගනිමු. මුළුමහත් දේශයම විප්ලවීය නව මාවතකට යොමුකරන හෙළයේ මාහා පුණ්‍යකර්මයට දායක වෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress